අපේ ඉතිහාසය මහා වීර කාව්‍යයක්...............
මේ රට රැක ගන්න අපේ හෙළයන් කොතරම් දුක්-කම්කටොළු වළදලා තියනව ද කියන එක හිතද්දිත් ඇගේ හිරිගඩු පිපෙනවා.....
ඒ ඉතිහාසය, වීර කාව්‍යන් විදියට ප්‍රතිනිර්මාණය කරලා, දැන් ඉන්න පරම්පරාව ඥාණනය කිරීම මහා පින්කමක්.
ගාමණිඅබා (වලගම්බා) රජ වසර ගනනක් තිස්සේ අනේක දුක් කම්කටොළු මැද්දේ ගෙන ගිය ඒ දේශප්‍රේමී සටන් ව්‍යාපාරය නැත්තම් අපි මේ වන විට චෝල මණ්ඩලම් කියන මහා චෝල අධිරාජ්‍යෙය් කොටසක්.
මේ සිංහල රට එදා බේරා ගත් මහා විරයා ඔහුයි. ඒ පමණක් නොවෙයි ඔහු තමන් ගේ සටන් ව්‍යාපාරයට තමා කුඩා කල සිට ම උදව් කල දණ්ඩනායක බුදල්නා කියන ප්‍රාෙද්ශීය පාලකයා ගැන ලියල තියන පණාකඩුව තඹ සන්නසේ තියන ඔහු ගේ ම වචන වලින්, මේ රජු කොතරම් සංවේදී හදක් ඇති පාලකයෙක් වී ද කියන එක පෙන්වනවා.
අවසාන විග්‍රහයේ දී, මේ පින් බිම හැර අපට වෙන පින් බිමක් නෑ. මේ පින් බිම මෙසේ අපට-හෙළයන්ට අයත්ව පවතින්නේ ඔය ගාමණිඅබා රජු නිසායි.