Amaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක් තියා ගත්තා, මිනිහා බැටරි ඇසිඩ් අලුතින් දාලා චාර්ජ් කරලා, මීටරයකින් මැනලා බලලා කියනවා බැටරිය හොඳයිලු, බැටරිය ගෙදර ගෙනැල්ලා දින 2 කට පස්සේ මල්ටිමීටරයකින් වෝල්ටේජ් මැන්නාම 10V තියෙන්නේ, , නැවත ගිහින් කීවාම බැටරිය කොම්පැනි අරින්නම්ලු, මිනිහා warranty දෙන්නේ නැතිව මග හරින්නයි හදන්නේ, Amaron බැටරිය ලංකාවට ගෙන්වන්නේ Samudhi Trading Company කියලා සමාගමක්, ඒකේ FB පිටුවේ Reviews බැලුවාම customer service අන්තිම සවුත්තුයි, Amaron බැටරි ගැනත් තියෙන්නේ හොඳ Reviews නෙමෙයි. Amaron බැටරි ගන්නවා නම් පරිස්සමින්, Warranty ගැන විශ්වාසය තියලා නම් ගන්න එපා.