ගිය දේ ගියා! දැන්වත් සත්‍යයට තැන දෙන්න?
ලෝකයේම අනාගතය 2021වන විට සම්පූර්ණයෙන්ම දැන් තියන තත්වයට වඩා වෙනස් වෙනවා! ලෝකයේ ආර්ථිකව වැටීම, ලංකාවේ අපට තාම දැණී නෑ! ලෝකයම කඩා වැටෙනවා, ලංකාව එයට මුහුණ දෙන විදිහ හිතා ගන්නවත් බෑ! ලංකාවට විදේශ ආධායම ගෙනා විදේශ සංචාරක වියාපාර කඩා වැටේවි! හෝටල් කෙසේ පවත්වා ගෙන යාද? එහි රැකියාවල නියුතු අයට??? ඊට අමතරව විදේශ රටවල රක්ශාවල යේදී සිටින අය ලංකාවට එව්වොත්? එවිට ලාංකාවේ ප්‍රධාන ආධායම? අපේ ගුවන් ගමන් සේවය? ඩොලරයේ අගය අනිවාර්‍යයෙන්ම ඉහල යනවා! මේ වසර අගවන විට දැන් යන වේගය හා සසදන විට ඩොලරයේ අගය රු. 250/= වත් වේවි! අද, ඩොලරය රු.200/= යේ එළි පත්තේ! ඔහොම යන විට රුපි.10000/=නෝට්ටුවත් එළි දකීවි! උද්ධමනය හිතා ගන්නවත් බෑ! කොටින්ම අපි අද පුරුදු වී ඇති සුපර් මාකට් සංකල්පය අනුව එම සැළකට ගිය විට නා නා විධ භාන්ඩ ඉස්සර මිළ දී ගත්තත් දැන් මිළදී ගන්න වෙන්නේ ජිවත් වීමට අත්‍යාවශ්‍යම බඩු පමණයි!මොකද ඔබට අද වාගේ එදාට වියදම් කරන්න අතේ සල්ලි මදි? කොටින්ම ජන සමාජය! භේදා ගෙන කන්න පුරුදු වේවී! බාටා සිස්ටම්! එනම් එකිනෙකාට අවශ්‍ය භාන්ඩ හුවමාරු කර ගෙන ජිවිතය ගෙන යාමට පුරුදු වේවි! අපේ රටේ ආධායමෙන් වැඩිපුරම යන්නේ, පිටරටින් අහාර ගෙන ඒමට? දේශීයව ආහාර වැවීමට නැවත යා යුතුව ඇත! 1977 දී 63 ලක්ශයකට ආසන්නව චන්දය දුන් ජනතාවගෙන් 32 ලක්ශයකට ආසන්න ජනතාවගේ මථය වුයේ අපි විවුර්ථ ආර්ථකයකට යා යුතු බවයි! එදා තිබු දේශිය කර්මාන්ථ මුලුමනින්ම නැතුව ගියා! දේශිය වගාව ඒ අන්දමින්ම ඉදිරියට යාම නතර වූවා!
අද වන විට එහි විපාක අප ඇස් ඉදිරියේම? විවුර්ථ වීම, යම්කිසි සිමාවනට යටත්ව කළ හැකි වුවා නම්?
3 විලර්! සැලොන් රැකියා හා ඒ අනුවම අන් රැකියාවලටත්, ලක්ශ 500, වෙඩි නොවදින ලක්ශ 3000 රථ වලටත් අශුභ කාළයකි ඉදිරියට? දේශිය ආර්ථික වගාවන් තම වාසියට කාඹසීණීයා කළ අයටත් දැන් තේරේවි!
කොටින්ම රට කරවන හා රට කෙරවූ දේශපාලුවන්ගේ රෙදි ගැලවේවි!
72 වසරක් පැවති මේ තුච්ච,මගඩි,කොමිස්, පගා,මජර දේශපාලනය දැන්වත් නතර වේද?
එය නතර කරීමට එම දේශපාලුවන් හා ඔවුනගේ වන්දි භට්ටයන් සූදානම් නොවුවහොත් ඉදිරියට තවත් ස්වාභාවික වියසන නතර නොවනු ඇත!
ජනතාවනි! අවධි වන්න!
"ස්වයංජාත වියවස්ථාව" දැන් ඔබට ඉදිරිපත් කර ඇත! එය කියවන්න! ඔබට උවමනා සියලු දේ එහි සදහන්ව ඇත! මේ තුච්ච ක්‍රමයෙන් මිදී! සැමට සාධාරණ සමාජයක්, සාධාරණ නීතියක්! සධාරණ රටක් ගොඩ නැගීමට ඒකායන මාර්ගය එයයි!
සාධරණව රට ගොඩ ගැණීම ඔබට භාරයි!
එකට ගොඩ යමුද?
එකට වැලලෙමුද?