American Chopper

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
මේ ගැන මීට කලින් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබුනද කියලනං මට මතක නැහැ. ඒත් මේක ගොඩක් දෙනා ආසකරන දෙයක් නිසා කට්ටිය බලයි කියල හිතනවා..:)

American Chopper කිව්වම ගොඩක් අය දන්නවත් ඇති. මේක Discovery Turbo නාලිකාවෙ යන වැඩසටහනක්. මමත් හරිම ආසාවෙන් බලන එකක්.:yes: ඉතින් මේක ගැන වැඩිය විස්තර දන්නෙ නැති අයට දැනගන්න මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවා. බයික් පිස්සුව තියෙන හැමකෙනෙක්ම මේක එකපාරක් බැලුවොත් දිගටම බලනව කියන එක හොඳටම ෂුවර්...:yes:

මේ වැඩසටහනෙන් පෙන්වන්නෙ Orange County Choppers කියන ඇමරිකාවෙ තියෙන බයික් හදන සමාගමක් ගැන. සමාගමක් කිව්වට මේක එක පවුලක බිස්නස් එකක්. මේකෙ අයිතිකාරය තමා Paul Senior කියන්නෙ. මෙයාගෙ පුතාල දෙන්නත් මේකෙ වැඩකරනවා.. ඒ දෙන්න තමයි Paul Junior සහ Mikey. මේ ඉන්නෙ ඔය කියපු තුන්දෙනා තමයි.. වම් පැත්තෙ tattoos ගහල ඉන්න හෙන රැවුලක් තියෙනෙ පොර තමයි Paul Senior. මැද ඉන්නෙ Mikey. කැප් එක දාල ඉන්නෙ Paul Junior.

american-chopper-orange-county-choppers-paul-sr-paul-jr-court-635x423.jpg


Mikey කියන්නෙ ටිකක් සෙල්ලක්කාර චරිතයක්. පොඩි ළමයෙක් වගේ.. ඒත් Paul Junior මේකෙ බයික් ඩිසයින(ර්) කෙනෙක්.. නියම දක්ෂතාවයක් තියෙන කෙනෙක්.. එයාගෙ ඩිසයින්ස් හරිම අමුතුයි.. මේ නිසාම ගොඩක් වෙලාවට තාත්තයි පුතයි රණ්ඩුත් වෙනවා... :P

එකපාරක් මේ රණ්ඩු දුරදිග ගිහින් Paul Jr මේකෙන් අයින් වෙලා එයාගෙම කියල ඩිසයින් කම්පැනි එකක් පටන් ගන්නවා.. ඒකෙ නම තමයි Paul Junior Designs. එයත් ඊටපස්සෙ නියම ඩිසයින් වගයක් කරනවා...

මෙයාලගෙ විශේෂම දේ තමයි මෙයාල හදන්නෙ Custom Bikes විතරයි. ඒ කියන්නෙ විශේෂ ඇණවුම් වලට අවශ්‍යතාවය අනුව හදන බයික්. ඒ නිසාම මෙයාල එක බයික් එකක් හැදුවම ඒ විදියෙ බයික් එකක් මුලු ලෝකෙටම තියෙන්නෙ එකයි. (පස්සෙ කවුරුහරි ඒක කොපි කරේ නැත්තන්..) ඒ නිසා ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ සමාගම් එයාලගෙ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් (Promotion) වලට එයාලගෙ සමාගමේ theme එකට අනුකූලව මෙයාලට කියලා බයික් හදාගෙන තියෙනවා.. ඒ වගේම ප්‍රසිද්ධ පුද්ගලයො, නලු නිලියො, ගායක ගායිකාවො එයාලගෙ හිතවතුන්ට තෑගි කරන්නත් මෙයාලට කියල බයික් හදාගත්තු අවස්ථා තියෙනවා... :yes:

දැන්නම් විස්තර වැඩියි වගේ.. ඒ නිසා මෙයාල කරල තියෙන ඩිසයින් ටිකක් බලමු.. ෆොටොස් ගොඩාක් මගෙ ලඟ තියෙනවා.. පුලුවන් විදියට මේකෙ දාන්නම්.. ෆොටොස් සේරම මෙයාලගෙ වෙබ් සයිට් එකෙන් ගත්ත ඒවා..

gto_lg4.jpg


190790_10150401175550032_143694155031_17398957_5883993_n.jpg


190382_10150401175635032_143694155031_17398960_2987281_n.jpg


01-OCC-cadillac-625x450.jpg


whitetransam_lg9.jpg


IMG_9336.jpg


police_lg7.jpg


deadliestcatch_lg41.jpg


napadrag_lg1.jpg




එක එක theme වලට හදපු බයික් පල්ලෙහා පෝස්ට් වල වෙන වෙනම දාන්නම්.. කට්ටියට බලන්න ලේසි වෙන්න...:D

බලලා කමෙන්ට් එකක් දාල යන්න අනිත් අයටත් බලන්න...