‘අම්මට අත උස්සන්න අාවොත් ගහනවා ඒක තමයි විදිහ ...‘
- බන්ධනාගාර බසයේ යනගමන් චිලී කියයි
- බන්ධනාගාර බසයේ යනගමන් චිලී කියයි
බත්තරමුල්ල පැලවත්තේ තමන් වාසය කරන ප්‍රදේශයේම අසල්වැසි වැඩිහිටි පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකින් පසු සැඟව සිට අද දින තලංගම පොලිසියට භාරවූ ගායක චිලී තිලංක අද දිනයේම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.ඔහුට එම දඩුවම ලැබී බන්ධනාගාර බස් රථයේ යද්දී ඔහු වෙත රූපවාහිනී කැමරා යොමුවූ විට ඔහු කියා සිටියේ
“මිනියක් මරල නෑ..කාටවත් වරදක් කරල නෑ..අම්මට අතඋස්සන්න ආවොත් ගහනවා ඒක තමයි විදිය..“ යනුවෙනි.
ඔහු ඉන් පෙර පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය වූ දවසේ තමන් මව සමග ගමන් කරමින් සිටියදී පාරේ පුද්ගලයෙකු සමග කථාබහක් ඇතිවී පසුව ඔහු පහරදෙන්නට පැමිණ තම මවටද ගහන්නට උත්සාහ කළ නිසා ගැහුවා.. ලෙසිනි.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පහරකා ලේ පෙරාගෙන රෝහල් ගතවී දිවේ මැහුම් දාගත් 57 හැවිරිදි වැඩිහිටි පුද්ගලයා පොලිසියට කියා තිබුනේ මීට පරස්පර කතාවකි. තමා පාරේ ඉඩදුන්නේ නැති නිසා වාහනයෙන් බැස ආ උස පුද්ගලයෙකු තමාට පහරදුන් බව ඔහු කියා තිබුණි.වාහනයේ වෙනත් අය සිටි කතාවක් ඔහු කියා තිබුනේ නැත.
සිද්ධිය අවස්ථාවේදී තුවාලකරු බේරාගන්නට පිරිස් පැමිණෙද්දී එතැනින් පළාගොස් සිටි චිලී පසුව දින දෙකක් තිස්සේ සැඟව සිටි අතර ඔහු පැමිණ භාර වන තුරු පොලිසියට හසු වූයේද නැත.


u nikan assume kara witharai, ehema deyak aththatama unada nadda kiyala uba danne nane