නැති උනාට යාලුවන්ගෙ ෆෝන් එහෙම අතපත ගාන්න හම්බෙනවනේ.
මාරම පාරක් තමා ඇන්ඩ්රොයිඩ්.Use කරන්න කරන්න ආස හිතෙනවා. 
ආස්ස්යි නේහ්හ්?


ඒ නිසා ඇන්ඩ්රොයිඩ් වල වර්තමාන තත්වෙ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා.කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි.ලොවෙත් නෑනෙ.2007 දීනෙ ඔය ගූගල් ගැන්සිය එහෙම සෙට් වෙලානෙ මේක පට්ටාන් ගන්නෙ.ඒ දවස් වල මුන් හෙන කබ්බොනෙ.ඇප්ස් එහෙම නෑ වැඩිය.බලු බල්ලෙක් ගනන් ගන්නෙ නෑනෙ.
ඒ දව්ස් වල සිම්බියන් කාරයොනෙ හෙන ලොකු එකෙන් හිටියෙ.(තාමත් ලොකු එකෙන් තමා ඉන්නෙ
) 2007 දී සිම්බියන් ලෝකෙ වැඩිම දෙනෙක් use කරපු එකලු. 63%ක්.
නොකියා ෆෝන්ස් වල තමා සිම්බියන් ගොඩක්ම භාවිතා උනේ. මතකනෙ N70 , N73 එහෙම.රට හොල්ලන් හිටියෙ.
ඒත් කාලෙත් එක්ක මේක වෙනස් වෙන්න ගන්නවා.2007 අර කවුරුත් ගනන් ගත්තෙ නැති ඇන්ඩ්රොයිඩ් 2010 වෙද්දි 22% ක ප්රතිශතයක් අල්ලගන්නවා මාකට් එකේ.
ඒත් සිම්බියන් බයවෙන්නෙ නෑ.එයාලා ඒ වෙනකොට 37% අල්ලගෙන හිටියෙ.
හැබැයි 2011 මුල වෙද්දි.සිම්බියන් 37% තිබුන එක 27% කට වැටෙනවා

අනාතයිනෙ.ඒත් එක්කම 22% හිටපු ඇන්ඩ්රොයිඩ් 36% අල්ලගන්නවා මාකට් එකේ.

දැන් සිම්බියන් කස්ටිය සහ ජාතික ෆෝන් නිශපාදක
නොකියා එකේ සෙට් එක ඩිම් වෙනවා!
එහෙම බය උන සිම්බියන් සෙට් එක සිම්බියන් එකම වෙනස් කර කර අලුත් වර්ශන් දාන්න ගන්නවා.Symbian Anna , Symbian Belle වගේ එක එක අයිටම්.ඒත් ඒව ඇන්ඩ්රොයිඩ් තරම්ම නැගලා එන්නෙ නෑ.
කෝම හරි 2011 මැද බාගෙ පහු වෙද්දි සිම්බියන් අම්බානකට බහිනවා. 2007 දී 63% අල්ලපු අය මේ වෙද්දි 16% කට වැටෙනවා.අනේ අෆොයි.
අර කබ්බො වගේ හිටපු ඇන්ඩ්රොයිඩ් 52% ක් අල්ලගන්නවා. කෝමද වැඩේ
ඉස්සරහට මේක තව තව වැඩි වෙනවා කියලා තමා ආරංචිය!

දැන් ඉතින් අංක
1ක ඇන්ඩ්රොයිඩ්
2ක සිම්බියන්

3න iOS
4 RIM නොහොත් බ්ලැක්බෙරි මාමලා
ආයෙ ඉතින් අලුතෙන් ෆෝන් එකක් ගන්නවානම් හිතලා බලන්න අපි යන්න ඕන මොන OS එකටද කියලා
දැන දැන අමාරුවේ වැටෙන්න ඕන නෑනෙ
ඔය පහල තියෙන චාට් එකෙන් තමා තොරතුරු ඉස්සුවේ.ඒකත් බලන්නකො

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.ස්තුතියි.
Last edited:
