Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

Palihawadana1990

Well-known member
  • මචං මගේ වාහනේ කර් සෙටප් එකක් තියෙනවා (Roadmark Android Player fy6307 ) . ඇන්ඩ්‍රොයිඩ්. ඒකට මම ගූගල් මැප් එකයි, හියර් මැප් එකයි දැම්මා. ඊත් කරන්ට් ලොකේශන් එක පෙන්නන්නේ ඕමාන් වල එකක්. සෙට් එකේ ලොකේශන් ඔන් කරහමත් එහෙමයි වෙන්නේ. මොකද්ද සහෝ ඒකට හේතුව.



     

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    මචං මගේ වාහනේ කර් සෙටප් එකක් තියෙනවා (Roadmark Android Player fy6307 ) . ඇන්ඩ්‍රොයිඩ්. ඒකට මම ගූගල් මැප් එකයි, හියර් මැප් එකයි දැම්මා. ඊත් කරන්ට් ලොකේශන් එක පෙන්නන්නේ ඕමාන් වල එකක්. සෙට් එකේ ලොකේශන් ඔන් කරහමත් එහෙමයි වෙන්නේ. මොකද්ද සහෝ ඒකට හේතුව.




    GPS Antenna eka hariyata wada da kiyala baluwada car settings app eken?
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Maat meyin ekak ganna inne celerio ekakata. Kal tiyenadawa machan case natuwa?
    Kalin thibba nissan car ekata mamath ebay eken ekak order karala use kala awurudu 7 katath wadiya use kala. car eka wikunaddith hodata wada reset karala dunna. Dan aluth car eketh android car setup ekak aliexpress eken gaththa (6GB ram 128GB rom) performance hodai display sound ehema hodai. Lankawe market eke 1GB - 2GB ram thiyena android setup thiyenawa ewa ganna epa aduma 4 GB ram ekak gannawanam hodai moko dan android os ekata ena apps wala 2GB ram eka madi nisa. Google map eka run weddi slow mama eka yaluwekge car ekaka dakka mulin 1GB ekak aran thibbe mama kiwwa maru karanna kiyala. itapasse 2GB model ekak genath ekath slow.

    https://www.aliexpress.com/item/4001031412495.html?spm=a2g0s.9042311.0.0.2bef4c4dNHdKFS
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

    මගේ කලින් Android කාර් සෙටප් එකට කෙලවුනාට පස්සේ ආයෙත් Chinese ඒවට නොයා Kenwood එකකට යන්න කියලා බොහෝ දෙනෙක් කිව්වා.
    ඒත් ඉතිං ආයෙත් ඇන්ඩ්‍රොයිඩ් එකකටම යන්න කියලා හිතුවා.
    ඒ මොකද Android වල තියන ඔප්ෂන් කෙන්වුඩ් වල නැති නිසා.

    විශේෂයෙන්ම මට ඕනේ වුණේ Analog TV හා ඉස්සරහා කැමරාවේ රෙකෝඩ් වෙන MOV ෆයිල්ස් ප්ලේ වීම.
    ඔය දෙකම තිය තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල විතරක් නිසා එහෙම එකක් Aliexpress හෙව්වා.
    අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් තියන සෙටප් සේරගේම තියෙන්නේ Digital TV.

    ටොයෝටා වලට හරියන 200x100mm ප්‍රමාණයේ, ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තියන ඇනලොග් TV තියන සෙටප් හොයලා හොයලා අන්තිමට මට හරියන එකම එකයි තිබුනේ.
    ඒක තමයි මේ
    http://www.aliexpress.com/item/6-95...-Player-For-Toyota-universal/32449613823.html

    Brand එක IOKONE
    http://www.iokone.com

    9GHGMgu.png


    6JLvYzm.png


    සෙටප් එකට - $338
    Shipping (EMS)- $89
    කස්ටම් ටැක්ස්- රු. 868
    සේරම වියදම රු. 64,152/-ක් ගියා. හැබැයි EMS වලින් දවස් 5න් නුවරමට ආවා.

    බැංකුවට කථා කරලා සෙටප් එකට ගිය වියදම මාස 6කින් interest free installment විදිහට කැපෙන්න හදාගත්තා.

    සාමාන්‍යයෙන් සෙටප් එකත් එක්ක රිවර්ස් කැමරාවක් තමයි නොමිලේ දෙන්නේ.
    මම ඒක එපා කියලා ඒ වෙනුවට USB කැමරාවක් එවන්න කිව්වා.
    මේ USB කැමරාව තමයි ආවේ
    http://www.ebay.com/itm/Mini-USB-Po...RK3066-CPU-Car-DVD-Radio-Player-/191695390965

    Pin hole Lens එකක් තියන මීට වඩා පොඩි මෙන්න මේ USB කැමරාව ගේන්න ඉන්නේ
    http://www.ebay.com/itm/172112511964
    එතකම් ආව කැමරාව මේ ෆොටෝ වල පේන විදිහට තාවකාලිකව ඒක වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩම හයි කළා.

    මෙන්න මේවා තමා අලුත් සෙටප් එකේ තියෙන්නේ...
    1) Android 4.4.4 version
    2) Wi-fi & 3G Dongle Connectivity
    3) 7" screen with 800*480 Resolution
    4) Analog TV
    5) GPS navigation (Google Map, Navitel)
    6) Bluetooth
    7) Steering wheel control
    8) DVR with USB camera
    9) 16GB Internal memory
    10) 1GB RAM
    11) 2 SD card slots
    12) 3 USB ports (one for 3G Dongle/ USB camera)
    13) 2 video in
    14) 2 video out
    15) Mobile phone mirror option
    16) DVD, ipod (මේ දෙකම මට වැඩක් නෑ)
    17) Radio

    සෙටප් එකත් එක්ක පවර් කේබල් වලට අමතරව මෙන්න මේවා ලැබුණා
    1. USB Camera for DVR
    2. 8G SD card
    3. Analog TV Antenna
    4. GPS Antenna
    5. External Mic Cable
    6. USB car charger
    7. USB cable extension

    කස්ටම් එකෙන් බොක්ස් එක ඇරපු ගමන් තිබුණ වයර් කෑලි දැකලා මගෙන් මොකක්ද ඇහුවම මම කාර් සෙටප් එකක් කිව්වා. ඊට පස්සේ එතනින් එහාට බැලුවේ වත් නෑ රු. 8,000ක වටිනාකමක් දාලා ඒකට 7.5%ක ටැක්ස් එකක් (රු. 600/-ක්) ගැහුවා.

    කලින් සෙටප් එකේ තිබුන TV Tuner එකට වඩා මේකේ TV Tuner එක Powerful කියලා තේරෙනවා. මොකද ඒ ඇන්ටනාවම දාලා තියෙද්දී කලින් එකට වඩා චැනල් පැහැදිලියි.

    ගෙදරයි, ඔෆිස් එකෙයි දෙකේම Wi-Fi තියන නිසා වත්තට වාහනේ ඇතුල් වෙද්දියි, ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි "ටං" ගාලා අලුතෙන් ඇවිත් තියන Emails පෙන්නනවා. :D

    කෝකටත් කලින් සෙටප් එක වගේ මාසෙකට විතර සැරයක් හිරවුණොත් කියලා මෙමරි ලයින් එක කැබින් එකට ගෙනත් On/Off ස්විච් එකකුත් දාගත්තා.

    මෙහෙම තමයි පෙනුම

    p1FpU4o.png


    V3tOLxk.png


    Phone Mirror option

    c6CCsJJ.jpg


    4vUroLh.jpg


    File Manager වලින් SD Card-2 , USB-2, Flash ටික පෙන්නේ මෙහෙමයි

    B368Q63.png


    Radio පෙන්නේ මෙහෙමයි.
    චැනල් 18ක් සේව් කරලා තියන්නත් Multi Function වලින් චැනල් මාරු කරන්නත් පුළුවන් මේ වගේ

    goAJjNP.png


    Mp3 පෙන්නේ මෙහෙමයි

    cYcBBBv.png


    USB කැමරාවෙන් රෙකෝඩ් වෙද්දී

    jtnM9pS.png


    VyyGPqy.png


    USB Cam Play back with GPS Coordinates & Vehicle speed

    jsk4jll.png


    USB කැමරාව තාවකාලිකව හයි කරලා බැලුවේ මෙහෙම

    1qPr6Vi.jpg


    eF356Fi.jpg


    Google

    Oyykpr9.png


    Google map

    i6dSzOA.png


    Google Street view

    6yccExg.png


    Navitel මැප් එක පෙන්නන්නේ මෙහෙමයි

    Navitel මැප් එක ගැන කලින් දාපු තෙඩ් මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1695633
    http://www.elakiri.com/forum/showthread.php?t=1696697
    කීයක් උනාද බං. අලි එකේ ලිංක් 1ක වැඩ නෑ