prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම ලෙස ලිපියක් මීට පැය කිහිපයකට පෙර අප ඔබට ගෙන ආවා.

    කොලඹ අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන නවෝද් නිලංග සිසුවා විසින් පසුගිය ජූනි මාසයේ "මම ආසයි යාලු වෙන්න" ගීතය ලියා එළිදැක්වූ බවයි එම ලිපියෙන් හා වීඩියෝ වලින් කියවුනේ.

    නමුත් මෙම නිර්මාණය සෑබෑවටම නවෝද් නිලංග ලියූවක් නොවන බවත්, මීට අවුරුදු 6කට පමණ පෙර වෙනත් අයෙකු විසින් ලියු නිසදැසක් නිලංග විසින් සුළු වෙනස්කමක් කොට තමන්ගේ මෙන් ලියා ඇති බවයි අප කල විමසුමකදී හෙළි වුනේ.

    කුඩා පූස් පැටවෙකුගේ පිතූරයක් මත ලියන ලද එය ඊමේල්, ෆේස්බුක්, හා වෙබ් අඩවි හරහා හුවමාරු වීම පටන්ගන තිබුනේ මීට වසර 6කට පමණ පෙර 2006 වසරේ සිටයි.

    "මම ආසයි යාලු වෙන්න" යන වචන හතර ගූගල් සෙවීම මඟින් හෝ පහත ජායාරූපය ගූගල් ඉමේජ් වෙත ඇතුලත් කර සෙවීමෙන් වෙබ් අඩ්වි විශාල ප්‍රමාණයක මෙම නිසඳැස සහිත එම ජායාරූපය අඩංගු බවත් 2006 වසරේ සිට පවා එම පින්තූරය වෙබ් අඩවි තුල ඇතුලත් බව සොයාගත හැකිය.

    එම පින්තූරය පහතින්.

    Mama%2Baasai.jpg
    :shocked: