Angelo Mathews ළදරු කැප්ටන්
ඇන්ජෙලෝ මැතිව්ස්ගෙ ළදරු කැප්ටන්සි එක
'Spirit of Cricket' සම්මාන දිනපු ශ්රී ලංකා ක්රිකට්
කණ්ඩායමේ ස්පිරිට් එක කොහෙ ගිහින්ද කියල හිතුන අද මැච් එක බලං ඉඳල.
ටෙස්ට් මැච් එක පටන් ගත්ත දවසෙ ඉඳන් ගැහුවෙ ඇල් මැරුණු විදියට. මැච් එක ඩ්රෝ කර ගන්න ඔය තරම් චාටර් වෙන්න ඕනිද?
රංගන හේරත් ගෙ මෙලෝ රහක් නැති බෝලිං, කට්ටියගෙ බොරු ටයිම් වේස්ට්, බොරු ඇපීල් වගේම ඇන්ජෙලෝ මැතිව්ස්ගෙ ළදරු කැප්ටන්සි එකත් අද දවස පුරාම ලෝකෙට පෙන්නුව.
පිටිය මැද්දෙ අම්පයර්ස් ලාගෙන් බැණුම් අහගෙන බලන එවුන්ගෙන් හූ අහගෙන ගහන ක්රිකට් වැඩක් තියෙනවද? ඉන්දියන් ටීම් එක ලෝකෙටම එපා වුනේ ඔය වගේ ගොන් පාට් හින්ද නේද..?
මෙහෙම ක්රිකට් නම් අපිට එපා. ශ්රී ලංකා කණඩායම කියන්නෙ පැරදුනත් විචාරකයිගෙ ප්රේක්ෂකයින්ගෙ ගෞරවය ආදරය දිනාගත්ත කණඩායමක්. බාල බොළඳ වංචා කරල ටෙස්ට් මැච් ඩ්රෝ කර ගන්න බැහැ. පාකිස්ථානෙන් අද ඉගෙන ගත්ත පාඩම ජීවිතේ පුරාම රඳව ගන්න එක හොඳයි මැතිව් මහත්තය.
නැත්නම් ඔහෙලගෙ 'ස්පිරිට්' එක 'ස්ප්රයිට්' වෙලා රටේ නම චාටර් වෙන එක වළක්වන්න ඔහෙල කාටවත් බැරි වෙනව.
කැප්ටන් වෙනස් වුනාට ටීම් එකේ ඔළු මාරු වුනාට රටේ නම වෙනස් වෙන්නෙ නැහැ. ඒ හින්ද රටේ නම රැක ගෙන හොඳ ක්රිකට් ගහමු. මහත් වරුන්ගෙ ක්රීඩාවෙ අපේ තියෙන හොඳ නම රැකගෙන ඉදිරියට යමු.
එහෙම නොවුනොත් හැමදාම හිස් පුටු වලට තමා ඕගොල්ලන්ගෙ ක්රිකට් පෙන්නන්න වෙන්නෙ.
මේ වගත් එසේම,
සුදේශ් කරුණාතිලක
2014 ජනවාරි 20 වෙනි දා
ඇන්ජෙලෝ මැතිව්ස්ගෙ ළදරු කැප්ටන්සි එක
'Spirit of Cricket' සම්මාන දිනපු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ස්පිරිට් එක කොහෙ ගිහින්ද කියල හිතුන අද මැච් එක බලං ඉඳල.
ටෙස්ට් මැච් එක පටන් ගත්ත දවසෙ ඉඳන් ගැහුවෙ ඇල් මැරුණු විදියට. මැච් එක ඩ්රෝ කර ගන්න ඔය තරම් චාටර් වෙන්න ඕනිද?
රංගන හේරත් ගෙ මෙලෝ රහක් නැති බෝලිං, කට්ටියගෙ බොරු ටයිම් වේස්ට්, බොරු ඇපීල් වගේම ඇන්ජෙලෝ මැතිව්ස්ගෙ ළදරු කැප්ටන්සි එකත් අද දවස පුරාම ලෝකෙට පෙන්නුව.
පිටිය මැද්දෙ අම්පයර්ස් ලාගෙන් බැණුම් අහගෙන බලන එවුන්ගෙන් හූ අහගෙන ගහන ක්රිකට් වැඩක් තියෙනවද? ඉන්දියන් ටීම් එක ලෝකෙටම එපා වුනේ ඔය වගේ ගොන් පාට් හින්ද නේද..?
මෙහෙම ක්රිකට් නම් අපිට එපා. ශ්රී ලංකා කණඩායම කියන්නෙ පැරදුනත් විචාරකයිගෙ ප්රේක්ෂකයින්ගෙ ගෞරවය ආදරය දිනාගත්ත කණඩායමක්. බාල බොළඳ වංචා කරල ටෙස්ට් මැච් ඩ්රෝ කර ගන්න බැහැ. පාකිස්ථානෙන් අද ඉගෙන ගත්ත පාඩම ජීවිතේ පුරාම රඳව ගන්න එක හොඳයි මැතිව් මහත්තය.
නැත්නම් ඔහෙලගෙ 'ස්පිරිට්' එක 'ස්ප්රයිට්' වෙලා රටේ නම චාටර් වෙන එක වළක්වන්න ඔහෙල කාටවත් බැරි වෙනව.
කැප්ටන් වෙනස් වුනාට ටීම් එකේ ඔළු මාරු වුනාට රටේ නම වෙනස් වෙන්නෙ නැහැ. ඒ හින්ද රටේ නම රැක ගෙන හොඳ ක්රිකට් ගහමු. මහත් වරුන්ගෙ ක්රීඩාවෙ අපේ තියෙන හොඳ නම රැකගෙන ඉදිරියට යමු.
එහෙම නොවුනොත් හැමදාම හිස් පුටු වලට තමා ඕගොල්ලන්ගෙ ක්රිකට් පෙන්නන්න වෙන්නෙ.
මේ වගත් එසේම,
සුදේශ් කරුණාතිලක
2014 ජනවාරි 20 වෙනි දා
Last edited:

.අනික කෝච්ලටවත් තිබුනනෙ ඔහොම කරන්න එපා කියන්න
.