මාගේ හිතවත් රට වැසියනි!!!මාගේ හිතවත් සසල හද විල් තෙර ශ්රාවක රසික සත් ජනයෙනි,
මාගේ ලැප් බැටරිය ඊයේ රාත්රී 10ට පමණ අප ගේ නිල පරිගනක අනුග්රාහක යුරාජ් සහෝදරයා විසින් මා වෙත ලබා දෙන්නට යෙදුනු බව සතුටින් දන්වමි.
ලංකාවේ සොයා ගැනීමට නොහැකි වූ (ඒ කාලේ කිව්වේ නං ටොෂිබ රොක්ස් කියල හැබැයි!) බැටරිය විදෙස් රටකට යනු පුගුලෙකු ලවා ගෙන්වා දීම ගැන ඒ මහතා හට මාගේ නොවක් තුති පුද කරමි.
ගිය කිවිදින ඔබට ගෙන ඒමට නොහැකි වූ සසල හද විල් තෙර මෙම සිකුරාදා දින ගෙන ඒමට කටයුතු සංවිධානය කොට ඇති බව මෙසේ බඩා මාමාට පුණ්යානුමෝදනාපූර්වක ව දන්වමි!
සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්ය විරෝධි මතවාද ප්රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.
ස්තූතියි!
) බැටරිය විදෙස් රටකට යනු පුගුලෙකු ලවා ගෙන්වා දීම ගැන ඒ මහතා හට මාගේ නොවක් තුති පුද කරමි.








