Anonymous Says Facebook is next,on Jan 28

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    මේ මස 28 එනම් (2012 ජනවාරි 28) වෙනිදා රාත්‍රී 12.00 ට

    (12 A.M) Face Book වෙබ් අඩවිය ඇනෝනිමස් හැකර් කණ්ඩායම මගින් සයිබර් ප්‍රහාරයකට ලක්කොට අක්‍රීය කොට දැමීමට ක්‍රියා කරන බව දැක්වෙන යු ටියුබ් විඩියෝවක් උදේ පාන්දරම යුටියුබ් එකේ දැක්කා... :shocked::shocked:

    facebooo.png


    මම හිතන්නේ බොහෝ දෙනා දකින්නත් ඇති...:)

    මෙහෙයුමේ නම නම්

    #OpGlobalBlackout FACEBOOK ATTACK

    :baffled::baffled::baffled:
    මේ තියෙන්නේ ඒ වි‍ඩියෝව :eek:



    SOPA හා PIPA නැමැති පනත් දෙකක් ඇමරිකානු සෙනෙට් සභාවෙන් හා ඇමරිකානු ක්‍රොංග්‍රසය සම්මත කිරිමට සැරසීමත් එක්කම අන්තර්ජාලය තුල යුද්ධයක සිරියක් දකින්නට තියෙනවා... :)

    ඒ වසා දැමෙන්නා වු අඩවි වලට එරෙහිව සයිබර් ප්‍රතිප්‍රහාර එල්ල කරන ඇනෝනිමස් හැකර් කණ්ඩායම, සාමාන්‍ය ජනයා වගේම ඇමරිකානු ආණ්ඩුවත් මේ යුද්ධය අතර සිටිනවා... :)


    මේ විඩියෝව හරහා ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනුයේ 60,000 ක් පමණ වන සර්වර් මැෂීන් (Servers’) බිද දැමීමට ඇති බවත් එය බිද දැමීමට හැකියාව ඇති බවත් ඒ සඳහා තමන්ගේ මෙම මෙහෙයුමට සහය දක්වන ලෙසත් මෙම විඩියෝව හරහා ලොව පුරා ජනතාවගෙන් ඇනෝනිමස් හැකර් කණ්ඩායම ඉල්ලා සිටින බවයි..
    :eek::eek::eek:

    ඒ සඳහා සහය දැක්වීමට කැමති පුද්ගලයන්ට මේ ප්‍රකාශකයා පවසන්නේ ඔවු‍න්ගේ
    LOIC (Low Orbit Lon Canon) මෘදුකාංගය
    618px-Low_Orbit_Ion_Cannon.png

    නැතිනම් පරිගණක වැඩසටහන බා ‍ගත කො‍ට ගෙන එහි Url නැමැති ස්ථා‍නයේ ප්‍රහාරයට අදාල අන්තර්ජාල ලිපිනය සටහන් කරමින් Lock On නැමැති ස්ථානයේ ක්ලික් කල යුතු බවත්ය.

    එය 28 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 වන වි‍ට එකවරම ලොව පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් තවදුරටත් පවසයි. ඊට පෙර ක්ලික් කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවද පවසනවා...

    :shocked:
    :shocked::shocked::shocked:

    ඔවුන්ගේ එම ප්‍රකාශයේ මෙවැන්නක් ද දක්වනවා...:eek:
    “බිය නොවන්න... ඔවුන්ට ඔබව අල්ලා ගැනීමට කිසිදු මාර්ගයක් නැත.සිය දහස් ගණනක් වු පුද්ගලයන් හා හැකර්කරුවන් මෙයට සහභාගී වනවා ඇත. එවැනි විශාල පිරිසක් අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වේ.. මේ ඔබේ අවස්ථාවයි. මේ අපේ අවස්ථාවයි..” යන්නයි.. :cool::cool:

    කොහෝම වුනත් මෙවැනිම ආකාරයේ Face Book වෙබ් අඩවිය සඳහා සයිබර් ප්‍රහාරයක් පසුගිය වසරේ නොවැම්බර් මස 05 වනදා එල්ල කරනවායි පැවසුවත් මේ දක්වා එවැනි ප්‍රහාරයක් නම් එල්ල වුයේ නැත..එය “Operation Face book” නම් වුනා..
    :lol::lol::lol::lol:

    මේ කරුණු මෙසේ වෙද්දී ටිවිටර් වෙබ් අඩවියේ ඔවු‍න්ගේ
    AnnOps පිටුවේ දැක්වෙන්නේ “ එය නැවතත් මාධ්‍ය මුලා කරන ලොකු බොරුවක් බවයි” :shocked:

    anonymous_facebook_attack_january_28_2012.png


    කොහෝම වුනත් මේක වෙනවද නැද්ද බලන්න නම් ඉතින් අද ඉදලා සෙනසුරාදා වෙනකන්ම බලන් ඉන්න වෙනවා... :)


    ඒ අතරෙත් එක එක දේ සිද්ධ වේවි කියලා හිතෙනවා....:eek:


    මේ පිළිබඳ අදහස් දක්වා තිබු Face Book අඩවි‍යට සම්බන්ධ ප්‍රකාශකයකු නිල නොවන අයුරින් කියා ඇත්තේ ....
    “ඇනෝනිමස් හැකර් කණ්ඩායම පමණක් නොව වෙනත් ඕනෑම සයිබර් ප්‍රහාරයකට මුහුණ දීමට තම අඩවියේ ආරක්ෂා පුළුල් කර ඇති බවත්ය.”

    :cool::cool::cool:


    04-3.jpg


    We are Anonymous.
    We are Legion.
    We do not Forgive.
    We do not Forget.
    Expect Us.
    ඒ ඇනෝනිමස් කණ්ඩායමේ ශිර්ෂ පාඨයයි.


    මේ කොහේද ඉදලා ආපු SOPA හා PIPA හින්දා අපේ අයටත් සෙනසුරාදා ඉදලා Status Update නොකර ඉන්න වේවි ද දන්නෑ නේද?? :lol::lol::lol:


    උපුටා ගත්තේ...මෙතනින්!! :cool::cool:
    Www.chamikawp.blogspot.com





     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    I thought FB oppose SOPA/PIPA..anyway whatever awulak na.FB ain karal godak kal kohomat :P SLT karayata nam mara fun athi me dawaswala net eke wena dewal walata :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැන් තියෙන්නෙත් FB විතරයි, මුන් මඟුල් නටලා ඒකත් නැතිවුනොත් ඩොන්ගල් එක ගඟේ දානවා

    me seen eka boru kiyala twitter eke dala thiyenne,annon la ge twitter updates ne legit :P aparade dongle eka :rolleyes: :lol: