Anonymous Hackers යනුවෙන් තමන් හඳුන්වාගත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවෙහි වත්මන් තත්වය සහා ඒ වෙනුවෙන් ඔවුන් ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තුවන දෑ පිළිබඳව විස්තර අඩංගු Video කිහිපයක් මේ වන විට Youtube හරහා Publish කර ඇති ආකාරය දක්නට ලැබෙනවා..
පෞද්ගලිකව මේ පිලිබඳව මා කල විශ්ලේෂණයන්ට අනුව පහත කරුණු අනාවරණය කරගැනීමට හැකිවුණා...
_________________________________________
01) මේ ඉන්නෙ ඇත්ත Anonymous team එක නෙමෙයි.
02) මේක ලංකාවෙ මිනිස්සු රැවටීමට හදපු හදපු අලුත් channel එකක්.
03) මේක තවත් Views හිඟාකන Channel එකක් විතරයි.
04) Real Anonymous Team එක තමන් කරන වැඩ කිය කියා පුරසාරම් නොදොඩා ඒ වෙනුවට වැඩේ සිදුකර අවසන් වූ පසුව Video මුදාහරින පුද්ගලයන් පිරිසක් වන අතර මොවුන් ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරනු ලබයි.
05) රටේ බහුතරයක් වූ ජනතාව මෙම අවස්තාවෙන් අයුතු ප්‍රයෝජන ලබා ගන්නා පුද්ගලයන්ට රැවටෙමින් පවතින අතර ඔවුන්ට ස්තූතිය පුදකරමින් සිටී..
06) මීලඟ පියවර ලෙස මොවුන් කුමන ක්‍රියාවක් සිදුකරත් එය ඔවුන්ගේ යහපතට මිස රටේ ජනතාව වෙනුවෙන් සිදු කරන යමක් වීමේ හැකියාව ඉතා සීමිතය.
එම නිසා ඒකාකාරී අරමුණකින් බුද්ධිමත්ව සිතා බලා කටයුතු කරනමෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
නිර්පාක්ශික ජනතා අරගලයට ජය වේවා