Another Scam

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ශ්‍රීලංකා කොඩි ස්ටිකර් අරන් නගින උන් නම් අනන්තවත් සෙට් වෙලා තියනවා.අරහේ කැම්පස් මෙහෙ කැම්පස් ලු , මොකද්ද සාහිත්‍ය උළෙලකටද කොහෙද සල්ලි එකතු කරනවලු.කොල්ලෙක් නිසාලු ඇහුවේ පොඩි ආධාරයක් කරන්නලු....උන්ව දැක්කම නම් කැම්පස් පෙනුමක් නෑ.ශෝටයි බාටයි දාලා කොන්ඩේ එහෙම විකාර විදිහට හදාගෙන ෆුල් රස්තා සින් ඒකෙ ඉන්න උන්

    එක පාරක් උන් ground එකක් හදනවා කියලා සල්ලි එකතු කරා. කඩවත Town එකෙන් නගින්නේ. උන් නම් campus නෙවේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඇයි තව සමහර හිගන්නො ඉන්නෙ බස් වල එහෙම කපල් දැක්කම ලගින් යන්නෙ නැති එවුන්
    මගේ ලගට නම් ඇවිත් දවසෙම හිටියත් සත පහක් දෙන්නෙ නැහැ

    මේ ලගදි අපේ ගෙදරට වයසක ඩයල් එකක් ඇවිත් මට පොත් සෙට් එකක් දික් කරා. මොනවත් කියන්නෙ නැතුව
    මම ඇහුවා මොකද කියලා, අංශබාගෙ කියලා කිවුවා. මං ඇහුවා පොත් මොකටද කියලා බේත් ගනිපු පොත් කියලා කිවුවා. ඊට පස්සෙ මං ඇහුවා දැං මං මොකද්ද කරන්න ඕන කියලා. මිනිහා කුටු කුටු ගගා යන්න ගියා.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මං දවසක් training හිටපු කාලෙ ඔය වගේ වැඩක් උනා. බම්බා marine drive එකේ cell tower එකක් ලග van එක නවත්තන් ඉන්න වෙලේ ඒ ලගින් ගිය ගෑනියෙක් ආව සාස්තර කියන්න. අපේ driver කාරයා හා කියන්න කියල කිවුවා. අහන්න කලින් බුවා ඇහුවා ගාන කියද කියල. ඒ ගෑනු කෙනා කිවුවා මහත්තයට කැමති ගානක් දෙන්න කියල. අරුත් ඉතින් හා කියල ඔන්න අත දුන්නා සාස්තරේ කියන්න. හිත හොදයි විශ්වාසවන්තයි මේ අවුරුද්දේ කසාදෙ හරියනවා ඔන්න බයිලා ටික කියල ඉවරවුනා. අරු ඉතින් රු.100ක් දුන්නා. මේන් මේ ගෑනි කියපි මහත්තයා රු 300ක් දෙන්න නැතිනම් දෙයියෝ තරහා වෙනවා. දෙයියේ තරහා වුනොත් ආයෙ රස්සාව කරගන්න බැරිවේවිලු සාස්තරේ කියන්න දෙවියෝ උදව් දෙන්නේ නැහැලු ඊ‍ට පස්සේ. දෙවියන් කියන ගාන දෙන්නලු. අයියෝ ඉතින් අරූට නහුතෙට මල පැනලා 300ක් දුන්නා ඉතින් :lol::lol:

    :lol::lol::lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මෙහෙටත් සිංහලයෙක් ඇවිල්ල කියනව කෙල්ල ලොකු ලමයෙක් වුනාට පස්සෙ මොකද්ද සාපයක් වැදුනද මොන පූජාවක්ද තියන්න ඕන කියල. ඒකට පුලුවන් තරම් අය සම්මාදම් කරගෙන සල්ලි එකතු කරන්න ඕන ලු. අච්චර දේවල් ගන්න ඕන මෙච්චර දේවල් ගන්න ඕන කියල සල්ලි එකතු කරනව. පොර එක පාරක් ආව මම 200ක් ද 500ක් ද දුන්නා ඇත්ත වෙන්න ඇති කියලා හිතලා. මෙන්න මේ යකා ආයෙ පාරක් ආව මාස 6කින් 8කින් විතර. පූජාව වතාවල් කීපයක් කරන්න ඕන අරකයි මේකයි. 100ක් දුන්නා. ආයෙ ආවොත් ලොකු වුනාට පස්සෙ නෙ සේරම අවුල්, කෙල්ලව පොඩි ලමයෙක් කරල දෙන්නම් එක්ක එන්න කියන්න ඕන.

    බොරු කරනව හොයන්නත් බෑ ඇත්ත හොයන්නත් බෑ. ඔහොම වංචා කරන උන් ලබන ආත්මෙත් ඉතින් ඔයිටත් අන්ත හිඟන තත්වෙට වැටෙයි.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,060
    113
    ජොනී බට්ට;23496313 said:
    ඉස්සර හිටිය එකෙක් මරදානේ ටෙක් එක ලගින් නගිනව දුර බස් වලට. කකුලේ පත බැන්ඩේජ් එකක් බැඳගෙන එන්නේ. උ කියනවා හෙට කකුලේ ඔපරේසන් එකලු, ලක්ෂ 10ක් යනවලු. තාම හොයාගත්තේ 9 ලක්ෂ 50නස් දාහයිලු. අම්මට සිරි වෙන්න මිනිස්සු සල්ලි දෙන්නේ උට. :lol::lol: නියම මොළ කාරය හැබැයි :rofl::rofl::rofl:
    ඔය තියරිය ගොඩක් පරණයි ඒත් තාම අහු වෙන හාවෝ ඉන්නවා. සල්ලි මෙච්චරක් ඕන, ජනාධිපති අරමුදලෙන් ලක්ෂ පහක් හම්බ උනා, කට්ටිය උදව් කරලා ලක්ෂ හතරයි අනූ දාහක් හම්බ උනා, ඉතුරු දහදාහ අද දවසේ කොහොම හරි හොයාගන්න ඕන කියල කියන්නේ. දන්නවද එතකොට හම්බ වෙන්නේ ලොකු ලොකු ගණන් වලින් මොකද මූ මේ ඉතුරු එකනේ හොයන්න බලන්නේ දවසයි නේ තියෙන්නේ කියල. ඕක එක එක විදිහට මොඩිෆයි කරලා කියනවා ඉතින්.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    තව සීන් එකක් මතක් උනා. නුවර ස්ටේෂන් එකේ මේක උනේ. මමයි කෙල්ලයි ඉන්නවා ටිකට් අරගෙන එලියට වෙලා. ඉස්සෙලම් ආවා වයසක ආච්චි කෙනෙක්. පවනේ කියල සල්ලි දුන්න. විනාඩි 5කින් වගේ තව ආච්චි කෙනෙක්. එයාටත් දුන්න. මෙන්න බොලේ ටිකකින් තව ආච්චි කෙනෙක්. බලන් ගියාම ආච්චිලා ගැන්සියක් ඉන්නවා. එතන ඉදලා හරියන්නේ නැති නිසා අපි දෙන්නා ගියා ටිකට් පෙන්නලා ඇතුලට.

    Menna jasata kellek innwalu 😂
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දවසක් කවුරුහරි ගෙදර බෙල් එක ගැහුවා. ගිහින් බලනකොට කොල්ලො සෙට් එකක් දන්සලකට ආධාර ඉල්ලනව. මම කිව්ව මට උදව්වක් විදිහට වත්තෙ තණකොල ටිකක් ගලවල දෙන්න කියල. මුන් බැන බැන යන්න ගියා. මට උදව් කරන්න කවුරුත් නෑනෙ බන්:(

    තව දවසක් මහරගම ෆුඩ්සිටිය ගාව එකෙක් කියනව දවස් දෙකකින් හරියට කාල නෑ කියල. මම කිව්ව කෑම එකක් අරන් දෙන්නම් විනාඩි 5ක් එතන දණගහගෙන ඉන්නව නම් කියල. ඌත් බැන බැන යන්න ගියා :(



    :angry::lol::P:frown:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් ඕන තරම් හම්බවෙලා තියෙනවා,
    ඉඩ තියෙන වෙලාවක ලියන්නම්
    ගිය සතියෙ කොටුවෙ මල්වත්ත පාරෙදි පොරක් ඇවිල්ලා කියනවා ගෑනි මහ ඉස්පිරිතාලෙ කියලා,
    ලොකු කතාවක් කියාගෙන එද්දිම මම කිව්වා සීරියස් පිට ඔයා මට ඕක ඊයෙත් කිව්වා කියලා,
    මම ඌව දැකලා තිබ්බෙත් නැහැ,
    ඌ මාරු ක්ෂනිකව,
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මට දවසක් එකෙක් set වුනා කුරුණෑගලදී. පොර කියනවා එයාගේ car එක petrol ඉවර වෙලා නවතුනලු. රු 100 ක් දෙන්නලු petrol පොඩ්ඩක් ගහගෙන යන්න. වයසත් 20-22 ක වගේ එකෙක්. රු 100 නේ කියලා දුන්නා. මේකා එකත් අරගෙන car එකේ door එකකුත් ඇරගෙන ඇතුලට ගියා.
    මූ ඇත්තක්ද කලේ බොරුවක්ද කලේ කියන්න තාම දන්නේ නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැම්පස් නෙවේ බන් මුන් එකනම් ෂුවර්....අනික කැම්පස් උන් නගිනවා නම් ගොඩක් වෙලාවට කැම්පස් ඒකෙ ෂර්ට් එකක් හරි ගහගෙන ඉන්නේ.එහෙම නැතත් ඉස්සෙල්ලම ඉස්සරහට ගිහින් ලොකු දේශනයක් තියලා ඊට පස්සේ තමා සල්ලි එකතු කරන්න එන්නේ :lol:
    මුන් එහෙම නෑ.පස්සේ දොරෙන් නැගලා පස්සේ සිට ඒකෙ ඉදන් ඒක එකා ලගට ගිහින් ටෝක් කරන්නේ..

    :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    උට්ටෝ , ඇයි ශෙයා / ලයික් හිඟන්නෝ FB ඉන්නේ