Another Story About Sai Baba

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මේ කතාව ඇත්තද බොරුද කියන්න මම දන්නෙ නෑ.ඒත් කියවන්න වටිනව:yes:





ලන්ඩන් හෑගොඩයාගේ කොලම
පාර වැරැදී සායි බාබාතුමන්ගේ නිවසට ගිය ගමනක්‌!



ලන්ඩනයේ ජීවත් වන අපට ලංකාව හරහා ගොස්‌ ඉන්දියාවේ බැංගලෝර්හි පුට්‌ටාපති ග්‍රාමයෙහිදී සත්‍ය ශ්‍රී සායි බාබා බැහැදැකීමට ගිය ආකාරය මගේ සිතට නැඟෙයි. අපි කොළඹට පැමිණ බැංගලෝරය කරා ගොස්‌ පුට්‌ටාපති යැම සඳහා කුලී රියකට ගොඩවීමු. අපි ආශ්චර්යමත් නගරයකට පිවිසුනෙමු. එවැනි අතිදුෂ්කර ප්‍රදේශයක්‌ එවන් සුවිශාල නගරයකට පරිවර්තන කිරීම වුව සායි බාබා පුදනට කාරණයක්‌ වන්නේ ය යන සිතිවිල්ල මුලින්ම මා තුළ පැනනැඟුණේ ඒ ගමනේදීමය.

එදින රාත්‍රි එම පුදබිමට ආසන්න හෝටලයක ලැඟුම් ගත් අපි පසුවදා හිමිදිරි පාන්දරම පූජාව සඳහා ලක ලැහැස්‌ති වී පිටත් වුණෙමු. දර්ශන් හෙවත් එතුමා දැකීම වුව භාග්‍යයක්‌ සේ සැලකෙන එම පූජාවට මා සහභාගි වූයේ මගේ සුපුරුදු වීඩියෝ කැමරාව එක්‌ අතකින්ද අනෙක්‌ අතින් වැඩිමහල් දියණිය ද කරපින්නාගෙනය. බිරිඳ හා කාන්තා පක්‍ෂය අසුන්ගෙන සිටියේ කාන්තා කොටසෙහිය. සායි බාබා අප සිටි ශාලාව කෙළවර පෙනී සිටියේය. භක්‌ති ගීතයන්ගෙන් ශාලාව රැව් දෙයි. මම වීඩියෝ කැමරාව ගෙන එතුමා දෙස එල්ල කොට පටිගත කිරීමට බොත්තම තද කළෙමි. කැමරාව තුළින් බලන මට එතුමා ඉතා හොඳින් පෙනේ. මා ළඟම සිටියවුන් මා දෙස විමතියෙන් මෙන් බලා උන්හ. He will not like it යන වදන් මට පැහැදිලිව ඇසුණි.

"ඔය වැඩේ ගැන එතුමා කැමැති වෙන එකක්‌ නෑ" යනුවෙන් මා අසලම සිටි පුද්ගලයා ද පැවසීය. එහෙත් මා වැන්නෙකුට ලැබුණු මේ විරල අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත යුතු නිසා ඔවුන්ගේ කීම කනකටවත් නොගත්තෙමි. විනාඩි දෙකකින් පමණ මගේ දියණිය හඬන්නට පටන් ගත්තාය. කොතෙක්‌ උත්සාහ කළද ඇය නැළවුණේ නැත. වටපිටාවේ සිටි අයට කරදර නොකිරීමට මා ඇයත් සමග එම ශාලාවෙන් එළියට ආවෙමි. අනතුරුව ඒ වටා තිබූ තාප්පයට නැඟගතිමි. මගේ දියණිය එතැන සිටි පුද්ගලයකු අතට දුනිමි. නැවත වීඩියෝ කැමරාව අටවා පටිගත කිරීමේ යෙදුනෙමි. සායි බාබාතුමා පටිගත කරන දර්ශනයම නොකඩවා ගෙන කැමරාව හරවා මගේ දියණියද පටිගත කළෙමි. පූජාව අවසන අප සියලුදෙනාම නැවත එකතු වීමු. මා පටිගත කරන ලද දර්ශන රිවයින්ඩ් කර බැලුවෙමි. පුදුමයකි, එහි කිසිම රූපයක්‌ නැත.

ඇත්තේ භජන් ගායනා ශබ්දය පමණි. මුළු රූප රාමුවම කලුවෙන් වැසී ගොස්‌ ය. මා එළියට විත් තාප්පය මත සිට පටිගත කළ දර්ශන ඉතා හොඳින් ඇත. ඒ ගැන වෙන යමක්‌ කීමට මට හැකියාවක්‌ නැත. මා වීඩියෝ කැමරාවේ ලෙන්ස්‌ කැප් එක දමා පටිගත කරන්නට ඇති බව මගේ සමහර මිතුරන් පැවසුවත් එම කැමරාවේ ලෙන්ස්‌ කවරය දැමුවහොත් ඇස තබා රූප බලන්නට හැකිවන්නේ නැත. මා පටිගත කළේ කැමරාව තුළින් දුටු සායි බාබාතුමා බව මට හොඳටම විශ්වාසය.

අනතුරුව අපි එහි පිහිටි විශාල ආපන ශාලාවෙන් දහවල් ආහාරය ගතිමු. පසුව ගසක සෙවනේ සිටිමින් විඩා නිවා ගතිමු. එක්‌වරම මට වටපිටාවේ ඇවිදීමේ ආශාවක්‌ ඇතිවිණි. ඒ පිළිබඳව බිරිඳට හා අනෙක්‌ අයට පවසා වටපිට බලමින් ඇවිදින්නට ගතිමි. මා ඉදිරියේ ඇරී තිබූ ගේට්‌ටු දෙකක්‌ විය. එයින් කුඩා වත්තකට පිවිසියෙමි. අඩි කීපයක්‌ නුදුරින් තනි තට්‌ටුවේ නිවහනක්‌ විය. මා එම නිවස තුළට පිවිසියෙමි. කිසිවකුත් නැත. නිවැසියන්ගේ හෝඩුවාවක්‌ ද නැත. වායුසමීකරණය කළාක්‌ මෙන් ඒ තුළ සුවදායක සිසිලසක්‌ විය. සාලයේ ඉතා විශාල පින්තූර දෙකකි. පළමුවැන්න සායිබාබාගේ පෙර ආත්මය හෙවත් සෘධිබාබාගේ ය. අනෙක සායි බාබාගේය. මා ඒ රූප නරඹමින් ගෙතුළ සිසිලත් විඳිමින් එහි විනාඩි කීපයක්‌ ගත කළෙමි. එක්‌වරම කවරෙක්‌දෝ මගේ කර මතට තට්‌ටු කරනු දැනුනි. මාහැරී බැලූ විට මා අබියස සුදු දිගු රැවුලකින් සහ සික්‌ ජාතිකයකු මෙන් තලප්පාවක්‌ බැඳගත් අරෝහ පරිනාහ දේහයෙන් යුක්‌ත වූ පුද්ගලයෙක්‌ විය. ඔහු සිනාසෙමින් මට මඳක්‌ එහාට වන්නැයි අතින් සංඥවක්‌ කළේය. මම වහා අවනත වුණෙමි. මගේ දෑස්‌ අදහාගත නොහැකි විය. ඔහු පසු පස සිටියේ සායි බාබාතුමාය. ඔහුගේත් පසුපස නිල ඇඳුමින් යුත් පොලිස්‌ නිලධාරියෙක්‌ විය. මට කිසිවක්‌ ගැන නිනව්වක්‌ නොවීය. මා බිම වැටී වැඳිය යුතුද යන්න වත් මගේ සිහියට ආවේ නැත. මා කර ඇත්තේ ඔවුන්ගේ ගමන්මඟ අහුරමින් සාලයේ සිටීමය. මගේ දෙස මුහුණ හරවාගත් වනම මා පසුකොට ගිය සායිබාබාතුමාගේ මුහුණේ හැඟීම් මට පෙනුණේ නැත. ඔවුන් තිදෙනා ගෙයින් එළියට බැස මඳක්‌ ඔබ්බෙහි නවතා තිබූ බෙන්ස්‌ වර්ගයේ මෝටර් රථයක්‌ වෙත පා නඟමින් සිටියහ. මම ද හතරවැන්නා ලෙස ඔවුන් පසුපස ගියෙමි. පොලිස්‌ නිලධාරියා විසින් රියෙහි දොර අරිනු ලදුව පසුපස ආසනයට සායි බාබා ගොඩ විය. අනෙක්‌ පුද්ගලයා අනෙක්‌ පසින්ද පොලිස්‌ නිලධාරියා ඉදිරිපසින්ද, රථයට ගොඩ වූහ. මා වාහනය අබියස දෑත් එක්‌කොට ගෙන ගෞරවපූර්වකව සිටියෙමි. වාහනය පිටත්වීමට පෙර මදෙස හිස හරවා බැලූ සායි බාබාතුමාගේ මුවඟ මදහසක්‌ විය. මා නොදැන ගොඩවී ඇත්තේ එතුමාගේ නිවහන වූ ප්‍රශාන්ති නිලයම් ආශ්‍රමයට බව පසුව දැන ගතිමි. එකල එහි එකඳු ආරක්‍ෂකයකු වත් සිටියේ නැත.

ඊට පසු වාරවලදී එතුමා බැංගලෝරයේ පුට්‌ටාපතියේදී නැවත වරක්‌ද, වයිට්‌ ෆීල්ඩ්හිදී වරක්‌ද මදුරාසියේ කොඩික්‌කනෙයි ග්‍රාමයේදී වරක්‌ ද එතුමා බැහැ දැක්‌කෙමි. එහෙත් ඒ එක වරකදීවත් එතුමා මා දුටුවා දැයි මම නොදනිමි.

භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා නැවත වරක්‌ ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ මන්ධ්‍යා නගරයේ ප්‍රේම සායි නමින් උපතක්‌ ලැබීමට නියමිතව ඇතැයි කියති. මගේ ජීවිත කාලයෙහි එය සිදුවුවහොත් එතුමා බැලීමට අපට භාග්‍යය උදාවේවා යෑයි ප්‍රාර්ථනා කරමි. මම හදවතින් නමස්‌කාර කරමින් එතුමන්ගේ දෙපා මුළ වැඳ වැටෙමි. හදෙහි මතුවන කඳුළු මල් ගෙන ඒ පාමුල තබනු හැර මට කළ හැකි දෙයක්‌ ද නැත.





divaina
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
"ඔය වැඩේ ගැන එතුමා කැමැති වෙන එකක්‌ නෑ" යනුවෙන් මා අසලම සිටි පුද්ගලයා ද පැවසීය. එහෙත් මා වැන්නෙකුට ලැබුණු මේ විරල අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත යුතු නිසා ඔවුන්ගේ කීම කනකටවත් නොගත්තෙමි.

muu maara k**yek ne. I do not believe in sai baba, but if i was him and if i was in this specific situation, i would immediately stop recording. No matter whether you believe him or not, you have to respect another person. So how can we trust those words coming from him? specially when such a person is a journalist and he is speaking? :)

අඩි කීපයක්‌ නුදුරින් තනි තට්‌ටුවේ නිවහනක්‌ විය. මා එම නිවස තුළට පිවිසියෙමි. කිසිවකුත් නැත. නිවැසියන්ගේ හෝඩුවාවක්‌ ද නැත.

මා නොදැන ගොඩවී ඇත්තේ එතුමාගේ නිවහන වූ ප්‍රශාන්ති නිලයම් ආශ්‍රමයට බව පසුව දැන ගතිමි.

nodanna paththakata visit ekak dammama, eliyata behela poddak wate ewidina eka nam shape. mamath e wede karanawa. eth anunge gewal walata ringanne ne danne nethuwa!!!!!

බෙන්ස්‌ වර්ගයේ මෝටර් රථයක්‌ වෙත පා නඟමින් සිටියහ

Ela ;) ape parliament giya hamuduruwan tath thiyena eke sai baba benz walin giyama moko.. neda ? :D

අනතුරුව ඒ වටා තිබූ තාප්පයට නැඟගතිමි. මගේ දියණිය එතැන සිටි පුද්ගලයකු අතට දුනිමි.

muu maara thaththa kenek ne?
 
Last edited:

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
sai borukarayek. ilaga athme diwath minissu rawattane nathiwa hoda minik wage sathyen jiwath wena porak wenne kiyala prarthana karanewa.