උබ හිටිය කම්පැනි එක මොකද්ද මචන්. මමත් ඔය පාරේ විලාජියෝ එකේ හැම තැනම කරක් ගැහුවා. කුබුස් එක රියාල් 1 උයන්න කම්මැලිනම් ගත්තා කෑවා. කෑම ජාති වාහන පට්ට අඩුයි බන් ලංකාව එක්ක ගත්තාම. 2018 දී මිසරියෝ ගොඩක් ආපිට යැව්වා. බංගලියොත් යැව්වා සනයියා පැත්තේ ගොඩාක්.අපිට ගොඩක් උන් කැමති .අපෙ උන්ගෙ අවුල බීලා ගහගන්න එක විතරයි . අපි පැලපදියම් වෙන්න යන්නෙ නැහැ නෙ ඒ රටෙ ? මලබාරි එහෙම නෙමෙ. උන් එන්නෙ එහෙ මැරෙනකන්ම ඉන්න බලාගෙන. අපෙ උන් පිරිසිදුයි ,වැඩ දන්නවා අවුල ඉතිං මල පනිනවා ගහගනන් යනවා .
අනික අපෙ උන් අපෙ එකෙක්ට තැනක් දෙන්නෙ නැහැ ලේසියෙන් .මලබාරියා උන්ගෙ එකෙක් පැනගත්තොත් ඉතුරු සෙරම උන්ගෙ උන්වම ඔබා ගන්නවා .
මලබාරින්ව පෙන්නන්න බැහැ කාටවත් ,උන්ගෙයි අපෙයි පෙනුම එක වගෙ නිසා
උන්ට තියෙන අකමැත්ත අපෙ පිටිනුත් යන අවස්ථා එනවා .
මට එක පාරක් ඊජිප්ට් කාරයෙක් කෑ ගහගෙන ආවා සී වී එක දාන්න ගිය වෙලාවෙ .
මට තෙරුණා වැඩෙ .
මන් කිව්වා "අයි ඇම් ශ්‍රි ලංකන් " කියලා.
ඌ පස්සෙ සොරි කියලත් කිව්වා . ඌ හිතලා තියෙන්නෙ මලබාරි කියලා .
අල් මන්නයි කියන්නෙ සල්වා රොඩ් එකෙ එක නෙ ?
ඔව් ඒකත් සිරා .
හොලිඩෙ විලා කියන්නෙ අර තඩි සුදු බිල්ඩින් එක නෙ ?
අම්මො සී රින්ග් රොඩ් එකෙ ඇවිදලා ඇති ඒ කොනෙ ඉඳන් මෙ කොනට හිසෙ කෙස් ගානට.
එන් ඕ සී කතන්දර නිසා තමා බන් ගොඩක්ම අවුල් .
එව්වා ටික ටික වෙනස් වෙවි .
හම්බෙ කුබුස්, ජාතික ආහාරය .
එත් මට සෙට් උනෙ අර වලෙ රොටිය .පටානිලා කන්නෙ.
මන් හිටිය හරියෙ බෙකරියක් තිබ්බා .සයිදා බෙකරි කියලා.
මන් ඔකෙන් ගන්නවා අර පාන් ගෙනියක් .එක එළුමස් හොදි එක්ක නියමෙට සෙට් වෙනවා .
මතාර් කදීම් .
කෙයිෆ් හලක් මුදීර් ?
හොඳම වැඩේ කියන්නේ Asian market එක පිටි පස්සේ ඉන්නවා ලකී අයියා කියලා ඩයල් එකක්. ඌට ඉන්නවා කෙන්නියන් කාරයෝ 5ක් විතර bodyguards ලා කසිප්පු දෙන්නේ මේසයක් උඩ තියලා. කිසිම බයක් නැහැ ඌට පොලිසිය ගැන. එතන නැති දෙයක් නැහැ බන්.
කටාර් වල භයානකම තැන තමයි Asia market එකේ පිටි පස්ස.

