ඔව් විස්ටාස් එක 2018, 19 කාලේ පඩි ගෙව්වෙ හොඳටම පරක්කු වෙලා, මගෙ යාලුවා මාස 2, 3 හිටියා සැලරි වැටෙනකල්. මම හිතන්නෙ ඕකෙ අයිති පකිස්ථාන් එකා සල්ලි අරන් පැන්නකොහෙද.
දැන් නම් කටාරි අයම තමා පාලනය කරන්නෙ.
වෝඩා අයට දෙන්නෙ 5000යි, සේල්ස් උන්ට 6000යි, හැබැයි සේල්ස් උන්ට දෙන ටාර්ගට් එක ලොවෙත් ගහන්න බෑ, මුන් මාස 6ක් විතර අරූව මරලා මරලා වැඩ අරන් , බැරිම උනොත් අයින් කරනව එක දවසින්, හැබැයි තවමාසෙක පඩි දීලා. කොයි වෙලෙත් අලුත් උන්වම ගන්නව ලේසියට.
කටාරි ලා පාලනය කරනවානම් සිරා .
විස්ටාස් එකෙ අයිති එකා මලබාරි නෙමෙද ? පක්කෙක්ද
මන් දන්න කම්පැනි එකක් තිබ්බා රැෆ්කො කටාර් කියලා .
කටාරි අයිති කාරයා සේරම වැඩ බැලුවෙ.
පඩි ගෙවනවා වෙලාවට ,වැකෙෂන් වෙලාවට, අකමන්ඩෙෂන් ෆ්රී සුපිරි .
බයිසිකල් ඩිලිවරි ඩ්රයිවර් කෙනෙක්ටත් 2500 රියාල් දුන්නා අකමන්ඩෙෂන් ,කෑම සෙරම ෆ්රී දීලා.
ඩිලිවරි කරන උන්ට දවසට ඩිලිවරි දෙකයි තුනයි වගෙ සෙට් වෙන්නෙත් .
ඔකෙ එකෙක් වැඩ කරා ලංකාවෙ. කටාරි අයිතිකාරයාගෙ හොබි එක ද්රොන් යානා යැවීම.
ඉතිං ඒකට වෙනම කම්පැණි එකක් ඌ දැම්මා.
අර ලංකාවෙ පොරට හම්බ උනා එකෙ වැඩ ඉගෙන ගන්න .ඌ දැන් ද්රොන් හදන්නත් දන්නවා.ලංකාවෙන් යද්දි මෙලො දෙයක් දන්න එකෙක් නෙමෙ.
අන්න එහෙම චාන්ස් හිටං වදිනවා.
කටාර් එයාර්වෙස් නම් තෙරුමක් නැහැ ලොකු පොසිෂන් එකකට නෙමෙ නම් .
අර බ්ලොකෙඩ් එක නිසා කටාර් වැටුණා පට්ටෙටම . කම්පැණි පවා වැහුවා.
සමහරක් විට ඔය හෙතුත් බලපාන්න ඇති .
කොවිඩ් සීන් එකෙන් තවත් වැටුණා.
මොනවා උනත් ඩුබායි තමා හොඳම මිඩ්ලීස්ට් යනවානම් .