උබ එහෙම කිව්වට ඒක හැදිච්ච මිනිහෙක්ට ඕක ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ බන්
ඔය වගේ අයට උපදෙස් දෙද්දී ගොඩක් පරිස්සම් වෙයන්
එකෙන් ඒ අයව තව මානසිකව වැටෙනවා
ඌව අවතක්සේරු කරලා නෙමේ බන් මම කථා කලේ.. මම කිව්වේ මට ඔහොම තිබිලා මම හදා ගත්තු විදිය..
මටත් තිබ්බා ඔය සීන් එක වගේ.. පපුව ගැහෙන එක.. තොල කට වේලෙන එක.. බය වීම.. කකුල් වෙව්ලනවා... පිරිසක් ඉදිරියේ කතා කරන්න බෑ.. නෝන්ඩි වෙයිද.. කොන් වෙයිද.. ඔහොම ඔහොම..
මට 2009 වලදි යාළුවෙක් හම්බුනා.. ඌ සෑහෙන සමාජේ බැහැපු පොරක් උගේ රැකියාවත් එක්ක.අදටත් සහෝදරයෙක් වගේ ඉන්නවා... ඌ හරහා මට හම්බුන මුණ ගැහුන හඳුන ගත්ත ගොඩක් පිරිසකුත් ඉන්නවා.. ඉතින් ඌ සමාජයත් එක්ක ඩීල් කරන විදියෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා උගෙත් එක්ක ඉඳලා.. ඒ කියන්නේ එක එක මට්ටම් වල ඉන්න අයට කොහොමද හරියට කථා කරන්නේ වගේ.. ඒ අය එක්ක ගණු දෙණු කරන්නේ කොහොමද... බය නැතුව කලබල නැතුව ලෙන්ගතුව ජෙනුයින් කථා කරන්නේ කොහොමද.. අවට සමාජේ හැසිරෙන්නේ කොහොමද.. සමාජ සම්බන්ධතා ගොඩ නගා ගන්නේ කොහොමද වගේ.. ඉතින් කාලෙත් එක්ක මට ඒ තිබ්බ අපහසුතා නැති වෙලා ගියා...
ඉතින් මම දෙන උපදෙස තමයි කෙනෙක් තනි උනාම ඔය තත්වේ තියෙන්න පුළුවන්.. මම කලේ සමාජයේ හැම තැනම ආශ්‍රය කලා.. ජීවත් උනා.. වැඩිය ඔළුවට ගන්න එපා මට මෙහෙමයි කියලා.. අවශ්‍යම නම් වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා බේත් ගන්න..