Mar 20, 2013
246
27
0
Bar
පාදඩ බල්ලො ටිකක් පුතාට ගහලා… චණ්ඩි ඉන්නවනම් මට කියාපියවු
Mervin Silva speaks on "assault on Malaka Silva"
තම පුත් මාලක සිල්වාට පාදඩ බල්ලන් ටිකක් වටකරගෙන පහර දී ඇති බවත් පුළුවන් චණ්ඩියෙක් ඉන්නේ නම් තමන්ට දැනුම් දෙන ලෙසත් අමාත්‍ය මර්වින් සිල්වා ප‍්‍රසිද්ධ අභියෝගයක් කරයි.

මාලක් සිල්වා මහතාට ඊයේ පස්වරුවේ කුරුඳුවත්ත ඔඩෙල් රෙදිපිලි වෙළඳසැලේ රථ ගාලේදී කිසියම් කණ්ඩායමක් විසින් පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කියා සිටී.

‘බියගුළු පාදඩ බල්ලො ටිකක් පුතා තනියම ගියාම ඔඩෙල් එකට වටකරල ගහල. උන්ට මං අභියෝග කරනව පුළුවන් චණ්ඩියෙක් ඉන්නව නම් මට දැනුම් දෙන්න. ඒක මම බේරගන්නම් මට පොලීසියක් ඕන නෑ.

මම මේ ගෙදර ෂෝටක් ගහගෙන හිටියේ. ඉන්න කොට පුතා කතා කරල කිවුව තාත්තෙ මං ඔඩෙල් එකට තේ බොන්න ගියා. ඉතිං එයා තනියම යන්නෙ. මම කිවුව මීට පස්සෙ කවුරුවත් ගෙනියන්න එපා අපේ රජයට හොඳ නෑ ඕක කියල මම ඇඞ්වයිස් කලා. මගේ වරද.

තනියම ගියාම ඔහු ෆලෝ කරල දොලහක් එක්ක විතර ඇවිල්ල ඔයාද මාලක සිල්වා කියල. ඔවු මම මාලක සිල්ව කිවුව හැටියෙ මුං ඇදගෙන යන්න හදල. ඇවිල්ල තියෙන්න කළුපාට මොන්ටෙරෝ එකක් වාහනේට දාගෙන යන්න. පුතා උං එක්ක පොරබදල අතෑරවගෙන ඉස්සරහට ආව. ඒ පාර උං බෝතල්වලින් වටකරල ගැහුව. පුතාට හීරීම් අරව මේව තියෙනව.

පුතා කිවුව තාත්තෙ කලබල වෙන්න එපා මම මෙහෙමම යනව වාහනේ අරගෙන නවලෝකෙට කියල. ඒ පාර මම ටක් ගාල එහෙමම ආව. වාහනයක් ඩ‍්‍රයිව් කරගෙන යන්න බෑනෙ කරදරයක් නම්. ඒ පාර ඉතින් ඇවිල්ල ඔහු බලල අනේ ලොකු අමාරුවක් නෑ.

මේ වගේ වැඩ කරන උදවියට දෙවියන්ගෙන් දඬුවම් හම්බවෙයි. මං සොයනව කවුද මේ පින්වන්තයො කියල. පින්වන්තයො පවුකාරයො බවට පත්වෙයි අනාගතයෙදි. එච්චරයි ඉතින්’

lokkata jaya wewa