පිස්සුද බන්. දල දේශිය නිශ්පාදනය කියන්නේ, යම් රටක එක වර්ශයක හෝ යම් කාල සීමාවකට අයත්, සියලූම අවසන් නිශ්පාදන හා සේවාවන්ගේ වෙලදපල වටිනාකම.
ඒ කියන්නේ ඒ කාලයට පමනක් (බොහෝ විට වසරක්)අදාලව රට තුල නිශ්පාදනය කර අවසන් වූ භාන්ඩ සහ ලබා දුන් සේවාවන්ගේ වෙලදපල වටිනකම. මේ මගින් රටේ භුමියේ වටිනාකම, ස්වභාවික සම්පත්හි වටිනාකම, පිහිටීම, යටිතල පහසුකම් ආදී වූ වෙනත් කිසිම සාදකයක් සැලකීමට නොගැනේ.
තවද රටේ අනාගත අදායම, ණය ප්රමානය අදියද මේ සදහා සැලකිල්ලට නොගැනේ.
එම නිසා මෙය මගින් රටක වටිනකම තීරනය කරන්න බැහැ.
එය හරියට ඔබගේ වැටුප වර්ශිකව රු 100,000ක් නම් ඔබව එම මිලට මිලදී ගැනීම හා සමානයි.
තවත් සරලව කියනවානම් ඔබට අයත් කඩයකින් වාර්ශිකව ඔබ රු 100,000ක කුලියක් ලබනවානම් එම මුදලට වෙනත් අයකු කඩය මිලට ගැනීමට විමසුවා හා සමානයි.