Arduino සිංහලෙන් ඉගෙන ගන්න

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Arduino සිංහලෙන් ඉගෙන ගන්න

    Arduino_Logo.svg_.png


    කෝඩින් සිංහලෙන් හි මේ අලුත් පාඩම් මාලාව මම පොඩි කියමනකින්ම පටන් ගන්නම්,


    "Creativity is just connecting things." - Steve Jobs


    අපේ මේ පාඩම් මාලාවට මේ කියමන හරි අපූරුවට ගැලපෙනව, ඒ මේ මගින් ඔබේ Electronic හෝ Computer Programming පිළිබඳව ඇති දැනුම හෝ වෙනයම් එවැනි කරුණුමත පදනම් නොවී ඔබේ නිර්මාණශීලීතාවට ඉඩක් ලබා දීමට ඇති හැකියාව නිසයි. Arduino ගැන දැනටමත් දන්න අයට හෝ යම් කිසි අදහසක් තියෙන අයට මම අදහස් කල දේ දැනටමත් තේරුම් ඒන්න ඇති. එ්ත් මේ අතරේ Arduino අලුතෙන්ම ඉගෙන ගන්න ආපු අයටනම් පොඩ්ඩකක් අන්ඩර දෙමළ වගේ ඇති. :D පොදුවේ මේ හැම දෙනාටම මෙම හැඳින්වීමේ ලිපියේදී හොඳ අවබෝධයක් ලබා දෙන්නයි අපේ බලාපොරොත්තුව.

    Arduino ගැන එයාලගෙම වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ මෙහෙමයි,

    "Arduino is an open-source prototyping platform based on easy-to-use hardware and software."


    Arduino උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ electronics හෝ programming පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පරේෂණ කිරීමට හැකි පහසු platform එකක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. Arduino වල හදවත වන්නේ micro controller එකක් සහිත board එකකි. (පහත රූපයේ දැක්වෙන්නේ Arduino Uno නැමැති board එකයි)


    CN-arduino-uno-fig1-enlarge.jpg



    Arduino වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම Board එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. එම නිසා මෙම තාක්ෂණය අපිට රිසි සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් Aduino board වල ක්ලෝන (Clones) සාදා විකුණනු ලබනවා. Original Arduino board එකක් හා සංසන්ඳනය කිරීෙම්දී මේ ක්ලෝන ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනව. ඒකත් අපි රටේ මේ තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුවක්.

    Arduino වලින් ප්‍රයෝජනයක් ගන්න මේ board එක විතරක් තිබිල මදි. මේ board වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනව. එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

    දැන් ඔබ කල්පනා කරනවා ඇති Arduino හා programming සම්බන්ධ වන්නේ කොහොමද කියන දේ, ඒක තමයි Arduino හි සුවිශේෂීත්වය, ඒ අපිට මේ board සඳහා program එකක් ඇළුලත් කර ගැනීමේ හැකියාවයි. මේ සඳහා අපි යොදා ගන්නේ "The Arduino Software" නැමැති IDE (Integrated Development Environment) එකයි. (පහත රූපය බලන්න)


    codesort001.jpg



    ඒවගේම මේ board වල හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමට අපිට Arduino විසින්ම විවිධ වූ expansion boards හඳුන්වා දී තිබෙනවා. ඔවුන් ඒවා හඳුන් වන්නේ Shields කියායි. මේ Shields වල සුවිශේෂීත්වය තමයි ප්‍රධාන board එක මත මේ shields ඉතා පහසුවෙන් සවිකර භාවිතයට ගැනීමේ හැකියාවයි. (පහත රූපය බලන්න, මෙහිදී Arduino Uno board එකට Shileds දෙකක් සවි කර තිබෙනව)


    arduino-web-server2.jpg



    දැන් ඔබට මම මුළින් උපුටා දක්වපු වැකියේ අදහස වඩාත් පැහැදිලි ලෙස අවබෝධ වනවා ඇති. මේ විදිහට Arduino යොදාගෙන අපිට කරන්න පුළුවන් නිර්මාණ ඉතා විශාලයි එය ඔබේ නිර්මාණශීලීත්වය හා අවශ්‍යතාවය මත රදා පවතිනු ඇත.

    අපි Arduino ගැන තවත් විස්තර රැගත් තව ලිපියකින් ලගදීම හමු වෙමු. ඔබට ඇති ගැටළු හා අදහස් මෙහි comment කරල යන්න අමතක කරන්න එපා ඒක අපිට ඊලග ලිපිට සඳහා දිරිමත් කිරීමක් වනු අැති.



    References

    https://en.wikipedia.org/wiki/Arduino
    https://www.arduino.cc/
     
    Last edited:

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    BUMP need threads like this !!! well done keep it up!!!


    මම බෙනා;18845444 said:
    වෑඩේනම් පට්ට මචෝ..දිගටම කරගෙන යමු හෑබයි හොඳද..මගදි නතර කරන්ඩනම් එපා,රෙප් :)






    keep it up

    patta.
    digatama karagena yanda saho..

    Bump
    Digatama krpn mchn

    බම්ප්
    ටී.එෆ්.එස්.
    රෙප් +

    Thank you hemotama. :D:D:D:D:D
     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    bump

    ගොඩක් හොද වැඩක්
    දිගටම කරගෙන යමු මචං