Arduino board එකේ Pin හදුනාගැනීම – Arduino Basics

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
Arduino board එකේ Pin හදුනාගැනීම – Arduino Basics

Arduino uno Board එකක් ගත්තාම හුගක් pin ගහන්න තැන් තියෙනවා.ඒත් ඒවායෙන් හරියට වැඩ ගන්න දන්නේ නැත්තං ඉතින් පොඩි ළමයෙක්ට ගෙයක් හදන්න කොන්ත්‍රාත්තුවක් දුන්නා වගේ තමා.මොකද Arduino board එකේ pin කිහිපයකට සීමා උනාට ඔය pin වලින් කරන්න පුලුවන් දේවල් අසීමිතයි☺️.

Arduino ගැන ඉස්සෙල්ල කතාකරපු පෝස්ට් එක බැලුවේ නැත්තං ඉස්සෙල්ලා ඒක බලල ඉන්න. මොකද basics ගැන ලියපු ඔයලාට වැදගත් වෙන කරුණු තියෙන්න පුලුවන් ඒ ලිපිය තුල.

https://make.lk/arduino-මුල-සිට/

කලින් ලිපිය කියවන්න ඇති කියලා මම විශ්වාස කරනවා.එහෙනම් මේ ලිපියෙන් බලමු Arduino board එකේ pin ටික හදුනා ගැනීම ගැන.

main-qimg-dafbd900e49a766040b9a69d8c08c3cd-c.jpeg


මුලින්ම reset button එක ලග ඉදන් පටන් ගන්නම්.

Reset button
reset button එකක් තියෙන්නේ අපි ලියපු program එකක් arduino board එකේ run වෙද්දි ඒක නැවත මුල් පිහිටුමේ සිට ක්‍රියාත්මක කරන්නයි. ඒ කියන්නේ program එක reset කරන්න මේ button එක පාවිච්චි කරනවා.

Ground pins
Ground pin එක හෙවත් GND pin එක පාවිච්චි කරන්නේ board එකේ ඍණ අග්‍රය විදිහටයි. සාමාන්‍යයෙන් uno board එක්කට Ground pin දෙකක් එනවා ඒවා එකක් Digital pin පැත්තෙයි අනෙක් එක Analog pin පැත්තෙ තියෙනවා.

Digital pins
0 ඉදන් 13 තියෙන pin ටික digital pins කියලා හදුන්වනවා.මෙතන pin 14ක් තිබුනට 1 හා 0 pin වලින් සමහර module වල data receive සහ transmission වලට පාවිච්චි කරනවා.මේවාගෙන් 0 හා 1 ලෙස දත්ත ලැබේ.ඉලක්කම් ලග ඇති ~ සලකුණ මගින් PWM pins හදුනාගන්න පුලුවන් සහ මේ pins වලින් 0 සිට 256 පරාසය තුල දත්ත ලැබේ.

Microcontroller
මෙය ආර්ඩුඊනෝ පුවරුවේ වැදගත්ම කොටසක් සහ තව ලිපියකින් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා☺️.

Analog pins
A0 සිට A5 දක්වා ඇති pins Analog pins විදියට පාවිච්චි කරනවා.මේ pins සියල්ලම භාවිතා කල හැකි අතර 0 සිට 1024 අගය පරාසය තුල දත්ත ලබාගැනීමට පුලුවන්. •°• මෙම pins මගින් ඉතා නිවැරැදිව දත්ත මැන ගත හැක.

3.3 v හා 5v pins
ආර්ඩුඊනෝ පුවරුව තුල ධන අග්‍රය ලෙස ක්‍රියා කරයි.

External power
මෙමගින්ද Arduino board එකට විදුලිය ලබා දිය හැක.

USB
අප පරිගණකය තුල ලියනා arduino sript එක මේ port එකෙන් upload කල හැක සහ මෙමගින්ද පුවරුවට අවශ්‍ය ධාරාව ලබා දිය හැක.(max -: 40mA)

එහෙනම් තවත් post එකකින් හමු වෙමු☺️👋

Source -: https://make.lk/arduino-board-එකේ-pin-හදුනාගැනීම-arduino-basics/
 
Last edited:

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    0 1 පින්ස් අවුලක් නැතුව ඩිජිටල් පින් විදිහට පාවිච්චි කරන්න පුලුවන් serial port එකට assign කරල නැත්නම්
     

    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    0 1 පින්ස් අවුලක් නැතුව ඩිජිටල් පින් විදිහට පාවිච්චි කරන්න පුලුවන් serial port එකට assign කරල නැත්නම්

    Thanks for the correction