මෙහෙමයි, තාම ufo ගැන මිනිස්සු කියන ගොඩක් දේවල් වලට පදනම් වෙන්නේ කාලගුණික සංසිද්ධි, ආකාශ වස්තු, සැලසුම් කරලා ගොතන බොරු වගේ දේවල්. ඒත් ඔය එකකින් වත් පැහැදිලි කරන්න බැරි සිද්ධි තියෙනවනේ. රොස්වෙල් සිද්ධිය, තුන්ගුස්කා සිද්ධිය වගේ ඒවා. කොටින්ම මේ ත්‍රෙඩ් එකේ කියවෙන සිද්ධි වල ජීවී කොට්ඨාස දැකපු බවට, යානා ගොඩබස්සපු බවට මිනිස්සු ඇහින් දැකල කරපු විස්තර පවා තියෙනවනේ. ඉතින් පුතේ, ඕව වෙන්නේ කොහොමද කියන එකයි මටත් තියෙන ප්‍රශ්නේ.
හැබැයි එක තියරියක් තියෙනවා ඔය වගේ සිද්ධි ගොඩක් එක එක රටවල දේශපාලන අවශ්‍යතා වලට ප්ලාන්ට් කරපුව කියල. සීත යුද්ධ සමයේදී ඇමරිකාව සහ සෝවියට් දේශය ඔය වගේ සිද්ධි අල්ලාගෙන මානසික මෙහෙයුම් දියත් කරලා තියෙනවා කියලයි කිව්වේ. උදාහරණයක් හැටියට රොස්වෙල් සිද්ධිය ගත්තොත් එක්කෝ එක සෝවියට් දේශය ඇමරිකාව මානසිකව කළඹන්න කරපු දෙයක් වෙන්නත් පුළුවනි; එහෙම නැතිනම් ඇත්තටම ඇමරිකාව විසින්ම කරපු දෙයක් වෙන්නත් පුළුවනි. මොකද, ඒලියන්ලව තම භාරයට ගත්තට පස්සේ ඔවුන්ගේ දියුණු තාක්ෂනය තමන් සතුව තියෙනවා කියන හැගීම දීල සෝවියට් දේශය වගේ රටවල් තිගැස්මකට ලක් කරවන්න පුළුවන්නේ. සමහර විට මේ සිද්ධි රහසක් වගේ තියාගන්න හදනවා කියන එක නාට්ටියක් වෙන්නත් පුළුවන්.
සිම්බාබ්වේ සිද්ධිය කියද්දීත් මට මතක් වුනේ ඔය කලාපයේ තියෙන දකුණු අප්‍රිකාව ගැන. දකුණු අප්‍රිකාව කියන්නෙත් මීට අවුරුදු 20,30 කට කලින් කලාපීය දේශපාලන අභිලාශ තිබිච්ච රටක්. ඔවුන් න්‍යෂ්ටික පර්යේෂණ පවා කරපු රටක් හැටියටයි පිළිගැනෙන්නේ. මට මතකයක් තියෙනවා ඔය අසල්වැසි මුහුදක සිද්ධ වෙලා තියනවයි කියන ලොකු පිපිරීමක් වාර්තා වුනත් (
Wikipedia link) ඒ ගැන කිසිම පාර්ශවයක් වගකීම භාර අරගෙන නැහැ. එක එක්කෙනා විවිධ රටවල් ඔය ගැන සැක කළා. දකුණු අප්‍රිකාවත් ඔතනදි න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරන්නැති කියලත් මතයක් තියෙනවා.