හෙළයෙක්;16588376 said:අපිට ලෝකෙ ඉන්න ඔක්කොම එකම මතයකට ගේන්න බෑනෙ.
ඔව් මේ ළගදි හාමුදුරු කෙනෙක් බණට කිව්වා ලෝකය ටිකෙන් ටික යන්නේ මෘග සංඥාව පහළ වෙන යුගයට කියලයි. මේ ලෝකය යන්නේ ඒ පැත්තට එතකොට ධාර්මික ලෙස හැසිරෙන මිනිස්සු යන්නේ උඩුගම් බලා. උඩුගම් බලා යන එක හැමෝටම කරන්න බෑ, උඩුගම් බලා යන මිනිස්සුන්ට විවිධ කම්කටොලු වලට මුහුණ දෙන්න වෙනවා ඒ වගේම ඒ ගමන අසිරුයි නමුත් ඒක තමයි හරි මාර්ගය. කවුරු මොනවා කිව්ව්ත්, කවුරු මොනවා කරත් අපි යා යුත්තේ ඒ මගයි.
ඒ වගේම බුදු දහමේ විස්තර වෙනවා
දසකුසල කම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති. ඒ කියන්නේ එන්න එන්න දස අකුසල් කිරිම වැඩි වීමයි.
මෘග සංඥාව කියන්නේ මිනිස්සු තිරිසන් සතුන්ගේ ගණයට වැටීමයි.
තිරිසන් සතුන්ගේ ගණයට වැටෙනවා කියන්නේ පාලනයක් නැති කම, සංවර කමක්, හික්මීමක් නැති කම, කය මනස පිනවීමට ඇති ඇල්ම (රාගය වගේ) එතකොට ද්වේශ සහගත සිතුවිලි පහළ වීම සහා ඒවා වැඩිවීම, අන් අය ගැන නොතැකීම, යුධ කෝලහල ගැටුම් වැඩීවීම, මිනිස්සුන්ට ගෞරව කිරිම, පිදිය යුත්තන් පීදීම නැතිවීම. මේ ගතිය උපරිම මට්ටමට ආවම ඒක මෘග සංඥාව ලෙස හැදින්වෙනවා.
දැනටම මෘග සංඥාව යම් මට්ටමකට පහළ වෙච්ච සෙට් එකක් ඉන්නවා එළකිරියේ පවා සමාජයේ වුනත් ඔහොමයි නමුත් සමස්ථයක් වශයෙන් මේක වෙන්න ගොඩාක් කාලයක් යනවා.
...ඌට බනින්න එපා...මේ එලකිරියෙ තියෙන ෆේක් ගොඩේ හැටියට අනිත් උන්ව සැක කරන එක අහන්නත් දෙයක්ද?









uth mawa dannawa

