ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පදවාගෙන ගිය කැබ් රථයක් ඊයේ (31) අනතුරකට ලක් වුණා.
මෙම අනතුර සිදුවූ අවස්ථාවේ විජිත හේරත් මහතා බීමත්ව සිටි බව සඳහන් වූ පුවත් සමාජ ජාල වෙබ් අඩවි හරහා දිගින් දිගටම ප්‍රචාරය වුණා.
මේ සම්බන්ධයෙන් හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් ද කළා. එහිදී ඔහු කියා සිටියේ එම අනතුර සිදුවූ අවස්ථාවේදී තමා මත්පැන් පානය කර නොසිටි බවයි.
කෙසේ වෙතත් අධිකරණයට අද (01) ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වුයේ හේරත් මහතාගේ මුවින් මත්පැන් ගඳ වහනය වීමක් පමණක් සිදු වූ බවයි.
ඒ අනුව හේරත් මහතා අද (01) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ මුවින් මත්පැන් ගඳ වහනය වූ පමණින් බීමත්ව රිය පැදවූ බව කියන චෝදනාව යටතේ නඩුවක් ඉදිරියට ගෙනයා නොහැකි බවයි.
එබැවින් ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
එහිදී අපරික්ෂාකාරී රිය ධාවනය, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේ.
මීට අමතරව මෙම අනතුර හේතුවෙන් අලාභ හානි වූ දුරකතන කණුව වෙනුවෙන් රුපියල් 17,400 ක මුදලක් ගෙවීමට ද හේරත් මහතා එකඟ වුණා.
- See more at: http://offair.nethfm.com/article/39533#sthash.t5xXxeRk.dpuf
biwwama tawa kohenda ban gada enna ona?



hari den biwwema ne kiyamuko, ehenam kohomada katen gada awe, mu ekko merenna giya bebaddektawat katin husma dila beraganna ati, nettam bebaddek ekka kollo gahannawat yanna ati,
wena monada katen nobi arakku gada enna hetu kiyahalla balanna




