Aru Ta LTTE Eka Hodai lu

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,752
    9,449
    113
    “එල්.ටී.ටී.ඊ. ය විනයගරුක හමුදාවක්” – දරුස්මාන් (මූන්) වාර්තාව

    එල්.ටී.ටී.ඊ.ය ලොව ඉතාමත් විනයගරුක හමුදාවක් බව බෑන්කී මූන් විසින් ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කර ඇති මරුසුකී දරුස්මාන්ගේ වාර්තාවේ 26 වැනි පිටුවේ සඳහන් කර තිබේ. මෙම විනය ගරුක හමුදාව විසින් පසුගිය කාලයේ දහස් ගණනින් ම්ලේච්ඡ ඝාතනයන් සිදු කරනු ලැබීය. 1985 වසරේ මැයි මස 15 වැනිදා එනම්, පොසොන් පෝදා කොටි ශී‍්‍ර මහා බෝධියට එල්ල කළ ප‍්‍රහාරයකින් සිල් සමාදන්ව සිටි 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එමෙන්ම 1987 වසරේ අපේ‍්‍රල් 18 වැනිදා හබරන – ති‍්‍රකුණාමල මාර්ගයේදී බස් රථ 3 කට එල්ල කළ ප‍්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව සියය ඉක්මවයි.
    1987 වසරේ අපේ‍්‍රල් 22 වැනිදා පිටකොටුවේ පිපිරී ගිය බෝම්බය එල්.ටී.ටී.ඊ.යේ තවත් මිලේච්ඡ කි‍්‍රයාවකි. ඉන් නොනැවතුණු එල්.ටී.ටී.ඊ.ය 1987 ජුනි මස 03 වැනිදා අරංතලාවේදී සාමනේර භික්ෂූන් වහන්සේලා 29 දෙනෙකු කපා කොටා ඝාතනය කර තිබිණි. 1989 අගෝස්තු 14 වැනිදා එරාවූර් නගරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 117 කි. සිංහල වැසියන් පමණක් නොව මුස්ලිම් වැසියන් ද ඝාතනය කර එල්.ටී.ටී.ඊ.ය සිය ම්ලේච්ඡත්වය රටට ම හෙළි කළේ 1989 අගෝස්තු මස 06 වැනිදා මඩකලපුවේදී මුස්ලිම් වැසියන් 105 දෙනෙකු ඝාතනය කිරීමත් සමගය. ඊට අමතරව 1989 වසරේ අගෝස්තු මස 06 වැනිදා කාත්තන්කුඩියට එල්ල කළ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 140 දෙනෙකු මියගියේය. යාපනයේ නගරාධිපති ඇල්ෆ‍්‍රඞ් දොරේඅප්පා මරා දැමීම, යාල්දේවී දුම්රිය බෝම්බ පිපිරිම, ඇතුලූ ඝාතන රැසක් පසුගිය තිස් වසර තුළ එල්.ටී.ටී.ඊ.ය විසින් මෙරට සිදු කරනු ලැබූහ.
    තත්වය එසේ වෙතත් බෑන් කී මුන් උපදෙස් ලබාගන්නා කමිටු වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ.ය විනය ගරුක හමුදාවකි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,752
    9,449
    113
    40384_1166181250683_1712482217_315414_6190302_n.jpg
     
    • Like
    Reactions: GAC

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37