1996දි මමත් සෑහෙන පොඩියි .එත් ගෙදර කට්ටිය අර බෝතල් විසි කරනකොට කතා කරපු හැටි එහෙම මතකයි .පස්සේ කාලේක ඒකේ රිපිට් බලනකොට තමයි ඒ මැච් එක කොහොම මැච් එකක්ද කියල තේරුනේ
සනත්ගේ 189 මැච් එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. අපි ඒ ටුර්නමන්ට් එකේ කලින් මැච් ඔක්කොම දිනලා තිබ්බේ .මුරලි ඉන්දියාවට එරෙහිව කලින් මැච් එකක විකට් 7කුත් ගත්තා. ඒත් ෆයිනල් එකේ මුලින් විකට් ටිකක් ගියා.සන්ගා ඇවිත් සැහෙන ඇල්ලුවා.අපි ඕවර් 25ට ගහලා තිබ්බේ මතක හැටියට 106යි.මම මාරම අප්සට් ගිහින් හිටියේ කලින් ඔක්කොම මැච් දිනලා මේක පරාද වෙයි කියලා.ඒත් ඊට පස්සේ ඕවර් 35වගෙ තමයි සනා මුලින්ම 6ක් ගැහුවේ.ඕවර් 40 වෙනකොට 200 ගැහුවා.අන්තිම ඕවර් ටිකේ සනත් පට්ටම නෙලිලක් නෙලුවේ . සනත් අවුට්වුනේ ගන්ගුලිගේ වයිඩ් එකකට ඉස්සරහට පැනලා .එතකොට ඕවර් 2ක් විතර ඉතුරුවෙලත් තිබ්බා.සනත් පැවිලියන් එකට ගියේ ඇස්වල කදුලු පිහදදා .
කපුවගේ මුල්කාලේ මැච් එක තමයි.(ඉන්දියාවට ගහපු එක තමයි මම අන්තිමට කලින් දාලා තියෙන්නේ )ඒ කාලේ ඕස්ට්‍රේලියාවට ගහනවා කියන එක කරන්න බැරි දෙයක් වෙලා තිබ්බ කාලයක්. කපුවා කලින් මැච්වල ලෝකු දෙයක් කලෙත් නෑ.(ඒ කාලේ ලන්කාවේ 19 පහල වර්ල්ඩ් කප් එකත් තිබ්බා.ඉතින් 19 අඩු මෙයාව ඕස්ට්‍රේලියාවට ගෙන්නුවේ ඇයි කියලා කමෙන්ටේටර්ස්ලාත් කතාකර තිබ්බේ ).එත් මෙන්න ෆයිනල් එකේදි පොර ඒ කාලේ ලෝකේ භයානකම බෝලර් වුන බ්‍රෙට් ලීට ඇප නැතිවෙන්න ගැහුවා. ඩිල්ෂානුත් පිට්ටනියෙන් එලියට යන්න 6ක් ගැහුවා.
2004 Asia Cup Final එක මැච් එකේ නමින් නම් මතක නෑ.ඒක කියනකොට මතක් වුනේ 90ගනන්වල වගේ ඒසියා කප් ෆයිනල් එකක් ඉන්දියාවත් එක්ක.සනත් මුල් බෝලෙන්ම අවුට්වුනා .එත් අර්ජුන ඇවිත්00ක් ගහලා මැච් එක ගොඩ දැම්මා
2005 IOC Cup එකේමද අර සනත් ඉන්ජර්ඩ් වෙලා එලියට ගිහින පස්සෙ අන්තිමට ඇවිත් ඉන්ජරිය පිටින් සෙල්ලම් කරලා දිල්හාර ලොකුහෙට්ටිගේයි මහරුෆ් එක්ක එකතුවෙලා මැච් එක ගොඩ දැම්මේ
?
2004 Asia Cup Final එක ඇරෙන්න අනිත් ඔක්කොම ඔයා කියලා තියෙන මැච් ටික මතකයි