හැක් කරලා නෙවි බං, ඒටීඑම් කාඩ් ස්කිමර්ස් දාලා කාඩ් වල විස්තර කොපි කරගෙන අලුත් කාඩ් හදලා ඒවයින් සල්ලි අරන්. NTB, sampath, NSB, Commercial ඒටීඑම් කීපයකින් කාඩ් කොපි කරලාලු.
හොඳම වැඩේ දැනට තමන් ගාව තියෙන්නෙ පරණ විදියෙ මැග්නටික් කාඩ් එකක් නම් ඒක චිප් එක හරි NFC හරි තියෙන එකකට මාරු කරගන්න එක. මොකද තවම ලංකාවෙ ඇතුලෙ කොපි කරලා තියෙන්නෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ්. ඒ කියන්නෙ කලුපාට තීරුව තියෙන කාඩ්. තව ටික දවසක් යද්දි ලංකාව ඇතුලෙ මැග්නටික් ස්ට්‍රයිප් තියෙන කාඩ් පාවිච්චිය නවත්තාවි මහබැංකු නියෝගයකින්.
ඊට පස්සෙ චිප් කාඩ් එහෙම කොපි කරන්න ගන්න ටික කාලයක් යාවි.
මොනවා වුනත් කාඩ් එක දාලා ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දි පොඩ්ඩක් පරික්ෂාකාරී වුනානම් හරි. සාමාන්‍යයෙන් බැංකුවක ඒටීඑම් වර්ග කීපයයි පාවිච්චි වෙන්නෙ. අනික අපි වුනත් සල්ලි ගන්න නිතරම පාවිච්චි කරන්නෙ ඒටීඑම් කීපයයි. ඒ නිසා හොඳම දේ තමන් සලලි ගන්න කාඩ් එක දාද්දි වෙනදට වඩා වෙනසක් දැනෙනවානම් කාඩ් කට වෙනස් විදියට පේනවා නම් පොඩ්ඩක් පරික්ෂාකාරී වෙන එක.