Attension for Pawsi

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    උඹලට මේව කිව්වට තේරෙන්නේ නෑ බන්.මම නිකන් කේන්දර බලනවට හුඟක් කේන්දර බිස්නස් කාරයෝ කැමති නෑ.මේව ලියන ඒවා බලල මට පොඩ්ඩක් හරි වැරදුනොත් ඒකට හූ කියල පාච්චල් කරන්ඩ අම්බානක බලාගෙන ඉන්නේ.දැන් මම හිතන්නේ කේන්දරයක් බලන්ඩම රු 600ක් ගන්නවද කොහෙදෝ සාමාන්‍ය කේන්දර බලන බිස්නස්කාරයෙකුත්.උන් කැමති නෑ කවුරු හරි නිකන් බ්ලනවට.නිකන් බලන එකෙක් හිටියොත් උගේ අඩුවක් බලල ඒකට මඩක් ගහල ගේමක් දීල බිස්නස් එක ගොඩදා ගන්ඩ තමයි උන් බලන්නේ.මිනිස්සුන්ගේ දුක විකුණන් කන කාලකන්නි.ඔය ඉන්නේ නාකි පැන්ෂන් ගත්තයින් පස්සේ කීයක් හරි හොයාගන්ඩයි කියල කේන්දර බලන්ඩ දඟලන.උනුත් ඔය බිස්නස් කාරයන්ගේ එක කොටසක්.මිනිහෙක් සන්තෝසෙන් දෙනදෙයක් ගත්තට ඒකේ වරදක් නෑ.

    නමුත් මම කියනේ මේකයි මට එහෙම එකපාර කේන්දර ගොඩක් බලන්ඩ බෑ.මම කේන්දරයක් අතට ගත්තහම ඒක චාර්ට් කීපයකට දාල බලන්ඩ ඕනේ.ඊට පස්සෙයි තීරණයක් ගන්නේ.සමහර අසුබ දේවල් කේන්දරවල දැක්කම ඒක මේවගේ ඔන්ලයින් මාධ්‍යක ටයිප් කරල එවන්ඩ බෑ.ඒවා මනුස්සයෙකුට කියන විදිහක් පිළිවෙලක් තියෙනව.සමහර දේවල් ටයිප් කරල එවන එක ඕනකමින්ම අමතක කලහම ඕක දකින වෙන කවුරු හරි ජ්‍යෝතිෂ්‍ය දන්න එකෙක් හිතනව අනේ මුගේ කේන්දර බැලිල්ල කියල.ඒක එක අතකින් සාධාරණයි.ඒ හින්ද මම ගැන වරදවා වටහා ගන්ඩ එපා මුගේ ලොකු කම හරි ෂෝ එක හරි විතර්යි කියල.

    ඉඳල හිටල උත්තර ටයිප් කරල එවන්ඩ පුලුවන් ස්යිස් එකේ අප්සට් කේන්දරයක් දැක්කොත් උත්තර ලියනව ඇරෙන්ඩ මට ඊට වඩා දෙයක් කරන්ඩ අමාරුයි.සමාවන්න.
    :confused:

    haiyooo machan uba koheda. uba kiyana ewa ganatama hari, machan ube udaw oni me welawe godak. mata ube email address eka ewanna :no: