බුම්ප්
@kasun_kbp මොකවත් නිව්ස් නැද්ද මේක ගැන
මං උගේ නමක් ගමක් වත් දන්නේ නෑ බං හරියට.
පොර රත්නපුරේ මැණික් බිස්නස් කරන එවුන්ව අන්දලා තම්බින්ට මැණික් මහා පරිමානෙන් විකුණනවා අහලා තියෙනවා.
LEN Article eka.
ඉංග්‍රීසි අකුරක් බැරි ආචාර්ය රේඩියෝ තාඹුගල තක්කඩියා ගේ 'අවුරා' ජාලය..
ඒ ආචාර්ය විරංජිත් තාඹුගල නම් අයෙකි. මොහු රේඩියෝ තාඹුගල නමින් හැඳින්වූ රාජාංගන ප්‍රදේශයේ සිටි රේඩියෝ අලුත්වැඩියා කරන්නෙකි.
හිටි හැටියේ මොහු කෝටි ප්‍රකෝටිපතියකු වූ අයුරුත් දේශීය වෙදෙක් හා ආචාර්යවරයකු වූ අයුරුත් පුදුම සහගතය.
'අවුරා ලංකා ඖෂධ සමාගම' , 'අවුරා සවුන්ඩ්ස්', 'අවුරා ස්පෝට්ස්' යනුවෙන් හැඳින්වෙන ව්‍යාපාර කිහිපයක් පෙන්නුම් කළත් මොහු කිසිදු ව්‍යාපාරයකට බදු නොගෙවයි. ටැක්ස් ෆයිල් එකක් හෝ නොමැත. ඉංග්‍රීසි වචනයක් හෝ කතා කිරීමට නොහැකි මොහු 'අවුරා ජෙම්ස්' නමින් මැණික් ගල් වෙළෙඳාමකුත් මේ අතර කරයි.
මොහුගේ ව්‍යාපාරවල අගසව්වා වනුයේ කලක් ජපානයේ සිට වාහන කොටස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වුණු අවිස්සාවේල්ලේ ඉසුරු මදනායක නමැත්තෙකි.
තාඹුගල හිටි ගමන් කරළියට එන්නේ මහ පරිමාණයෙන් උතුරුමැද කෝමාරිකා වැවීමේ ව්‍යාපෘතියක් මගිනි.
තාඹුගල, එස්.එම්.චන්ද්‍රසේන සහ බැසිල්..
මොහුට මේ සඳහා සහාය ලැබෙන්නේ හිටපු වනජීවී ඇමති එස්.එම්.චන්ද්‍රසේන ය. මොහු හා එක්ව තාඹුගල අනුරාධපුරයේ වන ඉඩම් අක්කර ගණනක් කෝමාරිකා වැවීමට කියමින් බද්දට ගත්තේය. ඇතැම් ඉඩම් බලහත්කාරයෙන් පවරාගෙන ඇත.
මේ අතර බැසිල් රාජපක්ෂ සමග මිත්‍ර වූ තාඹුගල බැසිල් මුදල් ඇමති ලෙස කටයුතු කළ පසුගිය වසරේ ඔහු ලවා කැබිනට් පත්‍රිකාවක් දමා අනුමැතිය ලබාගෙන නොච්චියාගමින් අක්කර 2000 ක් හා අනුරාධපුරයෙන් අක්කර ලක්ෂයක් කෝමාරිකා වැවීම සඳහා බද්දට ලබා ගත්තේය.මේ වෙනුවෙන් බැසිල්ට ලක්ෂ 100 ක් ලබා දී ඇති බව වාර්තා වේ.
මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 183 ක් ආයෝජකයන්ගෙන් ලැබෙන බවත් ඇමරිකානු ඩොලර් මිලියන 300ක් මූලික ආයෝජනයක් ලෙස ලැබෙන බවත් ගැසට් පත්‍රයේ සඳහන් විය.
කළු සල්ලි සුදුකරන තාඹුගල තක්කඩියා..
මෙය මුළුමනින්ම යමෙකුගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපෘතියක් ලෙස පෙනෙන්නට තිබුණු අතර වසරක් ගතවීත් අනුරාධපුරයේ තැන් තැන් වල කැලෑ ඉඩම් හෙළි පෙහෙළි කිරීම හා බෝඩ් ලෑලි ගැසීමත් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීමත් හැරුණු විට වවන ලද කෝමාරිකාවක් නොමැත. පරිසරවේදීන්වත් හඬක් නොගනන්නේ ඔවුනුත් මුදලට ගෙන ඇති නිසාය.
වසරේ වැඩි කාලයක් ඩුබායිහි වසන තාඹුගල මෙම හිස් ඉඩම් පෙන්වා ඇමරිකාවේ හා ඩුබායිහි ආයෝජකයන්ගෙන් මුදල් ලබා ගනියි.
අවුරා සවුන්ඩ්ස් මගින් තාඹුගල රට වටා නොමිලේ සංගීත සංදර්ශන පවත්වන තාඹුගල බ්ලැක් ලේබල් විස්කි සමග ඒවාට එන ගායක ගායිකාවන්ට පාටිද දමයි.
මේ තක්කඩියා දැන් ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීගයේ දඹුල්ල කණ්ඩායම කෝටි ගණනකට මිළදී ගෙන තිබේ.
සුඛෝපභෝගී යාන වාහන රැසකට හිමිකම් කියන මේ පුද්ගලයා ගමන් බිමන් යන්නේ හැඩි දැඩි ආරක්ෂකයන් පිරිවරාගෙනය.
කළු සල්ලි සුදු කෙරෙන ප්‍රිමියර් ලීගයේ මොහු කණ්ඩායමක් මිළදී ගත්තේ කෙසේද යන්න සොයා බැලීම ක්‍රීඩා ඇමතිවරයාගේ වගකීමකි.