1) ඕඩියන්ස් එක බ්‍රෝඩ් වෙන තරමට රීච් වැඩි වෙනවා මොකද එතකොට කොස්ට් එක අඩු වෙන නිසා. ඒ වගේම ඕඩියන්ස් එක නැරෝ වුනාම කොස්ට් එක වැඩියි හැබැයි හරිම අයට ඇඩ්ස් පෙන්නනවා. රීච් වැඩි වුනයි කියලත් වැඩක් නෑ හරි අයට ඇඩ්ස් පෙන්න්නනෙ නැත්තං. ඉතින් මේ දෙක හරියට බැලන්ස් කරගෙන ඕඩියන්ස් එක සිලෙක්ට් කරගන්න.
2) පුලුවන් නම් ටික දවසකට ඇඩ් කැම්පේන් එක වෙන වෙන ටාගටඩ් ඕඩියන්ස් තුන හතරකට පෙන්නලා රිසල්ට්ස් බලන්න. සති දෙකකින් විතර එතනින් හොදම ඕඩියන්ස් එක ඉන්න කැම්පේන් විතරක් දිගටම රන් කරන්න.
3) කැම්පේන්ස් රන් කරන්න කලින් ෆේස්බුක් පේජ් එකේ හොද පෝස්ට්ස් පහක්වත් දාලා, ඕගනික් ක්‍රමවලින් හරි බූස් කරලා හරි ඒවටත් පොඩි හරි එන්ගේජ්මන්ට් එකක් අර ගන්න.
4) ඇඩ්ස් බලපු සහ වෙබ්සයිට් එකට ගිය අය ආයි ටාගට් කරලා ඇඩ්ස් පෙන්නන්න (Sales Funnels) -
https://blog.hubspot.com/sales/facebook-sales-funnel
5) අපි සිලෙක්ට් කරපු ඕඩියන් එකෙනුත් අපේ ඇඩ්ස් හරියටම පෙන්නන්නේ කාටද කියලා ෆේස්බුක් එකට ඉගෙනගන්න සතියක දෙකක වගේ කාලයක් යනවා (learning phase). කැම්පේන් එකට ලීඩ්ස් හෝ සේල්ස් ඉක්මනට ආවොත් මේක ඉක්මන් වෙනවා. ඉතින් එතකං කැම්පේන්ස් රන් කරන්න.
6) කොහොමත් ඇඩ්ස් පෙන්නන්නෙ අපි සිලෙක්ට් කරන රටට විතරයි. හැබැයි පේජ් එකේ පබ්ලිශ් කරලා තියෙන ඇඩ්ස් ඕන කෙනෙක්ට පෙන්නනවා. ඔයාට "සිංහලු" පේජ් එකට ඇවිල්ලා ඇඩ්ස් බලන එකත් නවත්තන්න ඕන නම් පේජ් එක ලංකාවට බ්ලොක් කරන්න - facebook.com/help/778445532225441