Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු ද&a

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු ද&a

    Auto gear වාහන දැන් කොච්චර තිබෙනවද කියනවනම් ඇතැම්විට manual වහනයක් හරියාකාරව clutch balance කරලා එලවන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකත් සැහෙන්න  අමාරු දෙයක්. මොකද දැන් auto gear වාහන ඒ තරමට ජනප්‍රියයි, සමහරුන් manual එකක් එලවල තියෙන්නේ රියදුරු බලපත්‍රය ගන්න විතරයි. ඒ කොහොම උනත් තාක්ෂණයක් එක්ක ඉස්සහරට යද්දී තව ටික කාලෙකින් clutch එක ඉවත්වෙලා යන එක අනිවාර්යෙන් සිද්ධවෙන දෙයක්. ඒ tiptronic, හා pedal shifters වල ජනප්‍රියතාවයත් එක්ක. නමුත් කොළඹ වැනි වාහන තදබදය අධික ස්ථානයකටනම් තෙල් වැඩකිරීම අඩු උනත් හරියන්නේ auto gear වහනයක් තමයි. මොකද නැතිනම් හොද traffic එකක manual gear වහනයක් එක්ක හිරවුනාම ගෙදර ඇවිත් වම්කකුලේ තෙල් ගාගන්න වෙනවනේ. හරි කොහොම උනත් auto gear වාහන එලවන පුද්ගලයින් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කරන්න හිතුවා. ඔබ මේ දේවල් පුරුද්දක් විදිහට කරනවානම් අනිවාර්යෙන් එක අත්හරින්න මොකද වාහනයට එක හොඳ නැහැ

    කිසිම අවස්ථාවක පල්ලමක ගමන්කරන විට neutral  (N) කරන්න එපා. නවීන වාහන බොහොමයක් ස්වයන්ක්‍රියව ඉන්ධ සැපයුම  පලල්ම් වලදී කපාහරින අතර neutral කිරීමෙන් කිසිදු විශාල ඉන්ධන ඉතුරුවක් වන්නේ නැ. අනික් අතට රෝද සම්පුර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත් වන නිසා පාලනය අපහසු වනවා මෙන්ම තිරිංග වැඩිපුර යෙදීමට සිදුවන නිසා brake bind වෙන්නවුවත් පුළුවන්.
    මෝටර් රථය rivers කිරීමට හෝ rivers කර ඉදිරියට ගමන්කරවීමට ගියරමාරු කිරීමට පෙර වාහනය සම්පුර්ණයෙන්ම නතර වන තුරු සිටින්න.  brake කරලා slow වෙද්දී gear එක මාරු කරන්න එපා. මොකද එතකොට brake වල වැඩේ වෙන්නේ gear box එකෙන්.
    accelerate කරල rpm එක වැඩි අගයක තියෙද්දී  D එකට, නැතිනම් driving gear එකට දාන්න එපා, gear එකට මුලින් දාලා accelerate කරන්න. මොකද ඔබ පදවන්නේ manual gear එකක් නොවයි. ඒවගේම  wheel spin දාන්න යන්න එපා, ඒවා කරන්න manual එකක් ගන්න.
    red light එකකදී, නැතිනම් තාවකාලික නැවතුමකදී P නැතිනම් parking එකට දාන්න ඉක්මන් වන්න එපා, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න brake කරගෙනම ඉන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් Parking එකට දාන්න
    Parking gear එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න, නැතිනම් එහි ඇති locking mechanism වලට හනිසිදුවිය හැකියි.
    මේ වැනි දේවල් සිදුකිරීමෙන් හැකිතාක් වලකින්න, මොකද මේවා වාහනයට හොඳනැහැ, වාහනයට හොඳනැහැ කියන්නේ ඔබගේ සාක්කුවටත් හොඳ නැහැ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    real_men_use_three_pedals_hoodie_dark.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ela ela !

    dan ithin auto awalin licence gannath puluwan neh
    manual nam nath wena ekak naha machoo racing car nisa
    eth auto manual dual boot enawa !

    uba kiwwa katha aththa math athal ekata neural parak gahuwa nugegoda flyover eka pallame anula eka pathtthata ammata siri wahanaya k damma break ahanne naha neh mamama break pedal eka abune naha gal gediyak wela ikshanikayen aya N ekata damma mama hithuwa happuna thamu awakata GF banna banillak aya yanne naha kiwwa oyath ekka lol

    dan ithin auto awala break allan hitiyahama engine eka anthara wela aya on wenawa neh eth ithin hybrid wala engine on/off wena turn ganan wadi nisaa engine eka wast wenawa lu neh oil ehema ikmanin change karanna wenawa neh , mara caude 14 + rep digatama danuma beda gamu elz !