Avengers: Endgame - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,737
    3,427
    113
    Avengers: Endgame - Exclusive සිංහල Review [Scene by Scene]

    s4xYG3e.jpg


    2019 අප්‍රේල් මස 26 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ වූ Avengers: Endgame movie එක ලංකාවේ අපිටනම් බලන්න ලැබුනේ මැයි 3 වනදායි. Avengers: Infinity War event එකට සම්බන්ධ වන් මේ movie අධ්‍යක්ෂණය කරන්නෙත් Infinity War අධ්‍යක්ෂණය කල Joe Russo සහ Anthony Russo යි. රංගනයෙන් Robert Downey, Chris Hemsworth, Scarlett Johansson, Jeremy Renner, Don Cheadle, Paul Rudd, Brie Larson, Karen Gillan, Danai Gurira වැනි අය දායක වෙයි. 8.7 ක IMDb අගයක් (MCU චිත්‍රපටයක ඉහලම අගය) ලබාගෙන ඇති මෙය Top 250 Rated Movies වල 18 වැනි ස්ථානයද හිමි කරගෙන තියෙනවා. 94% ක rottentomatoes මීටරය කැරකිලා තියනවා. Marvel Cinematic Universe හි 22 වන නිර්මාණය වන මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක පමණ budjet එකකින් නිර්මාණය වී Box Office අදායම් වාර්තා සියල්ලම වගේ බිද හෙලීමට සමත් වුනා. මෙය බිද හෙලු Box Office වාර්තා ගණන 35 කි. ඒ අතර ප්‍රධාන වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,792 ක් සමගින් ලොව වැඩිම අදායමක් ඉපයූ අංක 1 movie එක වීමයි. ඒ2009 Avatar තබා තිබු අදයම් වාර්තාව පසු කර යාමන්. පැය 3යි විනාඩියක කාලයක් ( MCU චිත්‍රපටයක වැඩිම runtime එකක් තියන චිත්‍රපටය) පූරා දිග හැරෙන මේ කතාව MCU එකේ සැම movie එකක් වගේම එකට සම්බන්ධ වන movie එකක් වෙයි. තවමත් මේ Infinity Saga storyline එක ගැන දැනුමක් හෝ මතකයක් නැතිනම් රිවිව් එක කියවන්න කලින් මේ storyline එකේ සාරාංශයක් මේකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු සිදුවීමෙන් සිදුවීමට හැම දෙයක් ගැනම කතා කරන්න.


    CxskDVU.jpg


    නිවාස අඩස්සියේ ඉන්න Clint Barton දුවට archery train එකක් ලබා දෙනවා. මෙතනදී Clint මුළු පවුලම Thanos ගේ snap එකට එහෙමත් නැතිනම් Decimation එකට හසු වෙනවා.

    IW එකේදී අපි නොදැක්ක එකම Avenger, Clint මේ විදියට නිවාස අඩස්සියේ ඉන්න හේතුව සිවිල් වෝ සිදුවීම කියල අපිට හිතාගන්න පුළුවන් Clint කකුලේ සවි කරලා තියන Tracker එකෙන්. මේ විදියම Tracker එකක් තමයි Scott ට හයි කරලා තිබුනෙත්. Clint ගේ දුව වන Lila මෙතන ඇද සිටින ටී ෂට් එකේ දකින්න පුළුවන් avengers ලගේ symbols. Clint මෙතනදී Lila ට Hawkeye විදියටත් ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම Lila ගේ චරිතය රග දක්වන්නේ Ava Russo යි. ඒ මෙහි අධ්‍යක්ෂකයෙකු වන Joe Russo ගේ දියණියයි. මෙතන Laura සහ දරුවන් තිදෙනා Clint ට අහිමි වෙනවා වගේම කොමික් වලදීත් Clint ට මුළු පවූලම අහිමි වෙනවා. ඒ Black Widow විසින් මෙහෙයවන black ops කණ්ඩායමක් අතින්.


    60VW7b1.jpg


    snap එකෙන් සති තුකට පමණ පසු space එකේදී Tony සහ Nebula, Benatar තුල සිරවී සිටිනවා

    Intro එකේදී අපි වෙනද දකින Intro එකට වඩා වෙනස් දෙයක් දකින්න පුළුවන්. ඒතමයි snap එකට හසු වුන චරිත කිසිවක් මේ Intro එකේ දකින්න ලැබෙන්නේ නෑ.


    8jnzBvF.jpg


    Tony, Mark L හි helmet එක හරහා Pepper Potts ට තමා අවසන් මොහෙතේ පසුවන බව පණිවිඩයක් තබනවා

    මෙතන සිදුවීම හරියටම snap එකෙන් දවස් 22 කට පස්සේ. 22 කිව්වම තවත් එකක් මතක් වුනාද ඔව් MCU එකේ Avengers Endgame කියන්නේ 22 වෙනි movie එකයි.


    PNmhoYL.jpg


    නමුත් මෙතනට එන Captain Marvel විසින් Tony සහ Nebula බේරාගෙන Benatar එකද සමග පෘතුවියේ New Avengers Facility වෙත පැමිණෙනවා

    Captain Marvel, Benatar එක පිහිටි තැන සොයා ගන්න පුළුවන් විදිය තමයි Potts ට Tony ගේ message එක ලැබී ඇති බවත් ඒ පණිවිඩය ඔස්සේ Benatar පිහිටි ස්ථානය Rocket සොයාගෙන ඇති බවත් Captain Marvel post credit scene එකේ Avengers Facility වලට එන Captain Marvel,ඒ සදහා උදව් කිරීමට කැමති වී ඇති බවයි.


    EIae841.jpg


    එහිදී Tony හා Nebula හට Natasha Romanoff, Bruce Banner, James Rhodes, Rocket Raccoon, Pepper Potts සහ Steve Rogers හමු වෙනවා. Tony තමාට Spider-Man ව බේරාගැනීමට නොහැකි වූ බව Steve ට පවසනවා

    මෙතනදී Captain Marvel දැක්කම කව්රුත් පුදුම වෙන්නේ නෑ. එකට හේතුව ඔවුන් කලින් Captain Marvel ව මුණ ගැහිලා තියන නිසායි . Captain Marvel post credit scene එක මේකේ නොතිබුනත් ඒ සිදුවීම වෙලා තියෙනවා.


    dns4AZW.jpg


    Natasha snap එකෙන් අහිමි වූ අය ගැන සහ ලෝකයේ දැන් පවතින තත්වය ගැන සටනහනක් ඉදිරිපත් කරනවා. Tony මෙතැනදී කියනවා තමා අවරුදු ගානකට කලින් මේ දේ හීනයක් විදියට දැක්කා කියලත් මේ සියල්ලගේම වැරැද්ද තමන් ඇතුළු Avengers ලා එකට නොසිටීම බවත් කියනවා.

    Captain Marvel රිවිව් එක කියවපු අයට මතක ඇති මේ වෙද්දී Avengers කණ්ඩායමේ නායකයා වෙන්නේ Natasha යි.


    jn8cbup.jpg


    Carol Danvers, Thanos මරා දැමීමට යාමට සුදානම් වන විට Nebula පවසනවා Thanos සිටින ස්ථානය ගැන. ඒ වගේම ඔවුන් දැන් ගන්නවා දවස් දෙකකට කලින් Thanos, Infinity Stones භාවිත කර ඇති බවත් එය පාවිච්චි කර නැති වූ ජනගහණය නැවත ගෙන්විය හැකි බවත්.


    PiSnVcW.jpg


    ඔවුන් සුදානම් වෙනවා Thanos සොයා යාමට. ඒවගේම Captain Marvel කලින් සටන් වල නොහිටින්න හේතුවන් ඇයගේ කටින්ම දැන ගන්න පුළුවන් වෙනවා.


    jOg8J6U.jpg


    ඒ අනුව Tony හැර අනෙක් සියලු දෙනා අලුත් වැඩියා කල Benatar එකෙන් Thanos සිටින ග්‍රහලෝකය වෙත ලගා වෙනවා.

    ඔවුන් මෙතනට ලගා වෙන්නේ Jump Points එකක් හරහායි. space-ships වලට පමණයි fast travel කරන්න පුළුවන් මේ Jump Points වලින්. අපි මේ Jump Points මිට කලින් Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2, Captain Marvel යන movie වල දැකල තිබුනා.


    9JLOXnv.jpg


    Captain Marvel ප්‍රථමයෙන් ගොස ග්‍රහලෝකය පරික්ෂා කර ඇවිත් පවසනවා එහි Thanos පමණක් ඇති බව.

    Thanos තම කාර්ය නිම කල දවසක ජිවත් වීමට යොදා ගත් මේ planet එක මෙහි අධ්‍යක්ෂකවරුන් හදුන්වන්නේ Titan 2 විදියටයි. මේකට The Garden කියලත් හදුන්වනවා. මේ planet එක විදියට වෙල්යායක් සහිත ප්‍රදේශය රුගත කිරීම් කරලා තියෙන්නේ පිලිපිනයේයි.


    1g24s5F.jpg


    Captain Marvel ඇතුළු පිරිස තනොස් ට පහර දී තනොස් ගේ අත ගලවා දැමුවත් Infinity Gauntlet එකෙහි Stones නොමැති බව තේරුම් ගන්නවා.Thanos පවසනවා තමා Stones මගින් ඉල්ලක්කය සම්පුර්ණ කරගත් පසු එය විනශ කර දැමු බව

    Thanos කියන්නේ මේ stones විනාශ කරන්න stones ම යොදා ගත් බව. ඒ කියන්නේ Thanos තවත් snap එකක් කර තිබෙනවා. මේ වගේම Farmer කෙනෙක් විදියට අපට Thanos කොමික් වලදීත් හමුවෙනවා.


    tNAXMAB.jpg


    Stormbreaker එක මගින් Thor පහරක් එල්ල කර Thanos ව මරා දමනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,737
    3,427
    113

    SVG8KcR.jpg


    වසර 5කට පස්සේ පාලුවට ගිය New York නගරය


    Az4xIGZ.jpg


    Steve සහභාගී වෙලා සිටිනවා group theropy season එකකට

    මේ theropy season අපි සුවිශේෂී දෙදෙනෙක් දකිනවා එක්කෙන් තම Joe Russo. Infinity War එකේ මාධ්‍ය සාකච්චාවකදී Russo brothers ලා විහිළුවෙන් සදහන් කළා ඔවුන්ගෙන් Anthony Russo snap එකට හසු වුන බව. ඉතින් snap එකෙන් බේරුන Joe Russo අපිට දකින්න පුළුවන් මෙතනදී. මෙතන අපිට දකින්න පුළුවන අනිත් සුවිශේෂී කෙන් තම මෙතනදී Joe Russo ගෙන් ප්‍රශනයක් අහන කෙනා 'what about you?' කියා. ඒ Jim Starlin. ඔහු තමයි කොමික් ලොවේදී Thanos චරිතයේ නිරමතෘවරයා.


    WsZ6rrm.jpg


    මේ අතර San Farancisco වල ගබඩාවක් ඉදලා Ant-Man, Luis ගේ වැන් එකේ Quantum Tunnel එක හරහා Quantum Realm එකෙන් එලිය පැමිණෙනවා

    මෙතන සිටින security guard අපි කව්රුත් හදුනන ජනප්‍රිය චරිතයක් වන Ken Jeong යි. ඔහු මෙතන කියවන්නේ J. G. Ballard ගේ short stories එකතුවක් වන Terminal Beach නම් පොතයි. එහි End-Game නම් කතාවක්ද ඇතුලත් වී තියෙනවා.


    21mFHyR.jpg


    ඒ වගේම Scott දැනගන්න්නවා ලොකු ව්‍යවසනයක් සිදු වී ඇති බව. ඒ වගේම මෙයින් තමාද නැති වී ඇති බව දැන ගන්නවා.

    මෙතන wall එකේ දකින නැති වූ අයගේ නම් අතරින් රැසක්ම Marvel Studios එකට සම්බන්ධ පුද්ගලයින් එහෙමත් නැතිනම් කාර්ය මණ්ඩලයේ නම්. මේ නම් ම අපිට MCU movies වල credits වලත් දකින්න පුළුවන්


    SkO5LFG.jpg


    ගෙදර පැමිණෙන Scott හට තම දියණිය Cassie හමු වෙනවා. Scott තේරුම් ගන්නවා තමා Quantum Realm එක තුල අවරුදු ගණනාවක් සිර වී සිටි බව.


    xGMdqg2.jpg


    Decimation එකෙන් පසු විශ්වයේ සිදුවන දේ ගැන සොයා බලන්න Avengers Facility හිදී Natasha හමුවෙන Nebula, Okoye, Danvers, Rhodes සහ Rocket ඔවුන් සොයා බලන ප්‍රදේශ වල තොරතුරු ලබා දෙනවා.

    Okoye සදහන් කරනවා අප්‍රිකානු මුහුදු යට සිදු වුන කම්පනයක් පිලිබදව. බොහෝ විට මෙය Namor සදහා refferance එකක් වෙන්න පුළුවන්. මිට කලින් Iron Man 2 එකෙත් , AOU එකෙත් Wakanda වලට refferance මේ විදියටම සදහන් වුන. ඒ වගේම Natasha, Decimation එකෙන් පස්සේ Clint සිදු කරන හැම දේම සොයා බලන බව මෙතනදී දැන ගන්න පුළුවන් වුන.


    NcYYtoG.jpg


    Natasha හමු වෙන Steve කියනවා මුළු ලෝකයම දැන් කාලයට හුරු වෙලා තිබෙන නිසා ඔවුන්ද අලුත් ජීවතයක් පටන් ගත වුතු බව.

    මොවුන් දෙදෙනාගේ මිතුරුකම අපි MCU එක පුරාවටම දැක්ක දෙයක්. Peggy ගේ මරණයට Natasha, London වලට ආව අවස්ථාවක් තිබුනා Steve වෙනුවෙන්ම.ඒ වගේම සිවිල් වෝ එකේදිත් අවසානයේ Steve පැත්ත ගත්තා.


    tt5z6Is.jpg


    මේ අවස්ථාවේ Avengers Facility හි ආරක්ෂක කැමරා හරහා Scott සම්බන්ධ වෙනවා.


    OyTakHL.jpg


    Scott පැහැදිලි කරනවා තමන් Quantum Realm තුල සිර වී සිටයේ පිටත ලෝකයට අවරුදු 5ක් වුනාට ඔහුට එයට ගත වුනේ පැය 5ක් පමණ බවත්

    Ant-Man and the Wasp එකේදී Janet මේ ගැන සදහන් කරලා තියනවා. ඒ තමයි Quantum Realm තුල කාලය යම් ප්‍රදේශ වල කාලය පිටත ලෝකයට වඩා වෙනස් බව. නමුත් Ant-Man and the Wasp එකේ Janet අවරුදු 30ක්ම Quantum Realm තුල සිරවී සිටියා . ඒ කියන්නේ Quantum Realm තුල සහ පිටත ලෝකයේ කාලය සමාන වුන. Janet කලින් Quantum Realm වල සමහර ප්‍රදේශ වල කාලය වෙනස් කියලා අදහස් කලේ මෙන්න මේ නිසයි.


    TZJLZhS.jpg


    ඒ වගේම Quantum Realm මගින් වෙනත් කාලයකට යා හැකි බවත් එය පාලනය කරන දෙයක් නිර්මාණය කලහොත් Decimation එකට පෙර කාලයට යා හැකි බව Scott පවසනවා.


    WuVMfvs.jpg


    ඔවුන් යනවා Tony හමු වීමට මේ සදහා උදව් ලබා ගැනීමට

    මෙතනදී අපිට දකින්න පුළුවන් Morgan Stark. Tony ගේ දුව. Infinity War එකේදී Tony Potts ට කියනවා තමා දැකපු හීනයක් ගැන. එහිදී Tony තමාට දරුවෙක් සිටි බවත් නම Morgan බවත් සදහන් කළා. ඉතින් ඒ දේ ඒ විදියටම සිද්ද වෙලා තියනවා. මේ Morgan නම කොමික් වලට සම්බන්ධ වෙන හැටි අපි Infinity War review එකේදී කතා කළා. නමුත් පොඩි මතක් කිරීමක් කරන්නම්. Morgan Stak කොමික් වලදී වෙන්නේ Tony ගේ cousin කෙනෙක් විදියටයි. ඒ වගේම අපි MCU පුරවට දැක්ක Ancient One, Ghost, Mar-Vell වගේ චරිත වල ගැහැණු පිරිමි මාරුව මෙතදිත් සිදු වෙනවා. ඒ කොමික් වල Morgan Stark යනු පිරිමි කෙනෙක් නිසයි.


    ZptYXou.jpg


    නමුත් Tony ඔවුන්ගේ යෝජනාව ප්‍රතිෂේප කරනවා. Tony කියන්නේ එය අවදානම් බවත් විය නොහැකි දෙයක් බවත්. Scott මෙතනදී ඔවුන්ගේ මේ මෙහෙයුමට නමක් යොදනවා Time Heist කියලා.


    pDyKIK7.jpg


    පසුව Steve, Natasha සහ Scott, Hulk ව හමු වෙනවා. Hulk කැමති වෙනවා ඔවුන්ට උදව් කිරීමට

    Hulk සහ Banner ව merge වුන කෙනෙක් විදියට අපිට මෙතනදී Professor Hulk ව දැක ගන්න පුළුවන්. ඉතින් The Incredible Hulk ගේ ඉදන් Professor Hulk දක්වා පරිණාමනය වුන Hulk කෙනෙක් තමයි දැන් ඉන්නේ. මේ සදහා Banner නැවතත් Gamma Radiation පරීක්ෂණයක් කරලයි තියෙන්නේ. මෙතන Hulk සමග Photo එකක් ගැනීමට එන ළමයින් තිදෙනාගෙන් එක අයෙක් අපිට කලින් Captain America The Winter Soldie එකේදිත් දකින්න පුළුවන් වුන. ඒ Steve, museum එකේදී ඔහු දෙස බලා සිටි ලමයි. ඒ Russo ගේ Nephew කෙනෙක්ද වෙනවා.


    irFuNIv.jpg


    Tony දකිනවා Peter සමග ඉන්න පින්තුරයක්. මෙයින් Tony ගේ හිත වෙනස් වෙනවා.


    GvKFCwP.jpg


    Tony, Model එකක් නිර්මාණය කරනවා Quantum Realm තුල කාල තරණයට

    Model එක 99.987% ක් සාර්ථකව නිම කරන්න Tony ට හැකි වෙනවා. මේ අගය ඇයි වැදගත් වෙන්නේ කියලා ඉස්සහට කියන්නම්.


    0IURVtF.jpg


    Tony සහ Mogan ගේ සංවාදයක් ඇති වෙනවා.

    දූ පිය සම්බන්ධ තාවය MCU එක පුරාවටම දැක්ක සුවිශේෂී දෙයක්. MCU එකට සම්බන්ධ වුන සැම ගැහැණු චරිතයක් වගේම තම පියා සම්බන්ධතාවය විශේෂයෙන් ඉස්මතු වෙලා තිබුන. ඉතින් මේ ගොන්නට තවත් දෙන්නක් ඇතුළු වෙලා තියෙනවා. මෙතනදී Mogan පවසන්නේ Tony ට 3000 ක් ආදරෙයි කියල. ඒ ඇය දන්නා වැඩිම ඉලක්කම නිසයි. ඒ වගේම මේ I Love you 3000 පිටපතට ඇවිත් තියෙන්නේ Robert Downey Jr. හරහායි. ඒ ඔහුගේ පුත් Avri Roel Downey ඔහුට ඒ ආකාරයෙන් පවසන නිසා.


    osIALVS.jpg


    Potts හට Tony පවසනවා තමන් කාල තරණයට කල හැකි විදියක් සොයා ගත් බව.

    Potts ට මෙය හොද ආරංචියක් විදියට දැනුනු නැති විදිය මුහුනෙන්ම තේරුම් ගන්න පුළුවන්. Potts ට මුල සිටම ඕන වුනේ Tony Stark මිසක් Iron Man නොවේ. ඒ ගැන කලින් movies කීපයකම තේරුම් ගන්න පුළුවන් වුන. නමුත් මේ දී නිසා අහිමි වූ ජිවිත මිලියන ගණන් නැවත ලබා ගත හැකි නිසා Potts එකට අකමැත්තෙන් වුනත් කැමති වෙනවා.


    mX8DfLJ.jpg


    Hulk ගේ උපරිමෙන් ඔවුන් උත්සහ කරනවා කාල තරණය කිරීමට. නමුත් එය සාර්ථක වෙන්නේ නෑ. එහි ප්‍රතිපලය වෙන්නේ Scott එකම කාලය වයස අඩු වැඩි වීම පමණයි.


    8MHZ8mi.jpg


    බලාපොරොත්තු රහිතව සිටින Steve හමු වීමට පැමිණෙන Tony තම කාල අවකාශ GPS tracker එකක් නිර්මාණය කල බවත් එයින් Quantum Realm එක තුලින් කාල තරණ කල හැකි බවත් පවසනවා. ඒවගේම Tony, Captain America Sheild එක නැවත Steve හට ලබා දෙනවා.

    සාමානයෙන් අපි Time Travel movies වල දකින්නේ Time Machine එකකින් කාලය හරහා ගමන් කරනවා. නමුත් මෙහෙදී ටිකක් පුළුල් විදියටයි මේ Time Travel එක සිදු වෙන්නේ. ඒ සදහා Tony නිර්මාණය කරන මේ GPS tracker එක, Quantum Realm එක, Quantum Realm Tunel එක, Quantum Realm suit එක, Pym Particles මේ හැම සාධකයක්ම අවශ්‍ය වෙනවා.


    lLklQrK.jpg


    මේ සදහා කණ්ඩායම නැවත එකතු වීමට පටන ගන්නවා. ඒ අනුව Nebula,Rocket සහ Rhodes, Avengers Facility වෙත පැමිණෙනවා


    peC3JNv.jpg


    Hulk සහ Rocket පිටත් වෙනවා Thor කැදවාගෙන ඒමට


    y6SMABP.jpg


    Norway හි Tønsberg වලට පැමිණෙන මොවුනට Valkyrie ව හමු වෙනවා.

    කොමික් වලදී New Asgard පෘතුවියේ නැවත පිහිටවූ කතාව අපි Thor Ragnarok Review එකේදිත් කතා වුනා. හැබැයි කොමික් වල මෙය බිහි කරන්නේ New York වලයි. මෙහිදී අපිට දකින්න පුළුවන් වෙන්නේ නොර්වේ වල Tonsberg නම් ගම්මනයෙයි. මේ Tonsberg එක Asgardians ලට අලුත් ස්ථානයක් නෙවේ. ඒ ක්‍රි.පූ 905 වන සියවසේ Frost Giants (Loki ගේ වර්ගයා) සහ Asgardians අතර සටන ඇති වුයේ මේ ගම්මනයෙදියි . ඒවගේම Odin විසින් පසු කාලීනව Tesseract එක මේ ගම්ම්නයේ පල්ලියක සගවන අතර දෙවන ලෝක යුධ සමයේ Johann Schmidt එහෙමත් නැතිනම් Red Skull මේ පල්ලියෙන් Tesseract එක පැහැර ගන්නවා . Thor සහ Loki ට Odin අවසන් වරට හමුවන්නෙත් නොර්වේ වලදී. මතක ඇති Thor Ragnarok එකේදී Asgard විනාශ වුන පසු Odin කියනවා 'Asgard is not a place. This could be Asgard' මේ නිසා Thor සිතන්න ඇති New Asgard මෙහි නිර්මාණය කරන්න. ඉතින් මේ නිසා ඒ ගම්ම්නයම වෙන්න පුළුවන්.


    HRisjhn.jpg


    Thor ගේ කුඩා නිවසේදී Hulk සහ Rocket හමුවෙනවා Thor ව හමුවෙන අතර Thor කැමති වෙනවා ඔවුන්ට උදව් කිරීමට

    Thor ව අපිට මෙතනදී දකින්න පුළුවන් වෙන්නේ ගොඩක්ම වෙනස් විදියට. Thor පහු ගිය අවරුදු 5 ටම තමාගේ සෞඛ්‍ය ගැන පොඩ්ඩක්වත් හිතලා නෑ වගේ. විශ්වයේ භාගයක්ම මිය ගිය හේතුවට සම්පුර්ණ වැරැද්ද තමන්ටම පටවගෙනයි Thor ඉන්නේ. Thor: Ragnarok එකේදී අපි අන්තිමට දැකපු Korgසහ Miek අපිට මෙතනදී දකින්න පුළුවන්. ඔවුන් Fortnite ක්‍රීඩා කරමිනුයි ඉන්නේ. 2023 දී ඔවුන් මේ ක්‍රීඩා කරන්නේ Fortnite 2 වෙන්නත් පුළුවන්. මතක ඇති මේ game එකටම තමයි මිට අවරුද්දකට විතර කලින් Thanos සම්බන්ධ කලේ.


    CJJdWBO.jpg


    Tokyo වලදී Ronin, Yakuza සාමාජිකයින් අතර සටනක් ඇති වෙනවා

    කොමික් වලදී Clint ව හදුන්වන තවත් නමක් තමයි Ronin කියන්නේ.එත් මේ movie එකේ Clint ව ඒ නමින් හැදින්වුනේනම් නෑ. Yakuza සංවිධානය MCU එකේ මිට කලින් Iron Fist එකේදී දකින්න ලැබුනා. එහිදී Iron Fist හා මේ සංවිධානයේ සාමාජිකයින් අතර සටනක්ද ඇති වුන., ඒ වගේම Daredevil සහ Agents of S.H.I.E.L.D. වලදී මේ සංවිධානය ගැන සදහන් වුන. ඉතින් Clint විසින් මෙතන මරා දමන්නේ මේ සංවිධානයේ ප්‍රධානියයි. කොහොම නමුත් අපට Ronin ව අපට 2021 දී පැමිණීමට නියමිත Disney + වලින් විකාශනය වීමට නියමිත Hawkeye TV Series එකේදී දැකගන්න පුළුවන්.


    S6cFSTd.jpg


    මෙතනට පැමිණෙන Natasha, Ronin ට පවසනවා තම අහිමි වූ පවුල නැවත ගෙන්වීමේ හැකියාවක් තිබෙන බව.


    BLZSswI.jpg


    Thor පැමිණෙනවා Avengers Facility වෙත, Tony සහ Rocket, Quantum Tunnel එකක් නිර්මාණය කරනවා.


    7U3YWfq.jpg


    Scott සුදානම් වෙනවා Advanced Tech Suit එක මගින් Quantum Tunnel එකෙන් කාල තරණය පරික්ෂා කිරීමට. නමුත් Scott වෙනුවට Clint කැමති වෙනවා ඒ සදහා


    kilLaiz.jpg


    Quantum Tunnel එකෙන් කාල තරණය කරන Clint පැමිණෙනවා ඔහුගේ නිවසට. එහිදී ඔහු දැන ගන්නවා තමන්ගේ පවුලේ අය ජිවත් වන බවත්

    Endgame එකේ යොදා ගන්න alternate realities Time Travel concept සිදු වෙන්නේ මෙහෙමයි. අපි කාලය හරහා ආපස්සට ගොස් Original reality එකට හානි වෙන විදියට තීරණයක් ගත්තොත් එයින් අලුත් reality එකක් නිර්මාණය වෙනවා. එකෙන් Original reality එකට කිසිම හානියක් වෙන්නේ නැ. උදාහරණයක් විදියට මෙතන සදහන් වුන Rhodes ගේ යෝජනාව ගත්තොත්, අතීතයට ගොස් Baby Thanos ව මරා දැමුවොත් එතනින් alternate reality එකක් නිර්මාණය වෙනවා Thanos ජිවත් නොවන. Hulk කියන විදියට කිව්වොත් “changing the past doesn't change the future.” මෙ විදියට Original reality එකෙන්ම Baby Thanos මරනවානම් Thanos කල දේවල් වල Time Travel කල කෙනාගේ මතකන් වලට මොකද වෙන්නේ. නිකන්ම මැකිලා යනවද. පිළිගන්න අමාරුයි නේද. මේ grandfather paradox theory එකට අනුව Avengers ලා අතීතයට ගොස baby Thanos ව මරා දමනවා, ඒ කියන්නේ Thanos 2018 කාලයේ ජිවත් වෙන්නේ නැ. Thanos ජීවත් වෙන්නේ නෑ කියන්නේ Infinity War event එකක්වත් Snap එකක්වත් සිදු වෙන්නේ නෑ. Snap සිදු වෙන්නේ නෑ කියන්නේ Avengers ල දන්නේ නෑ Thanos ගැනවත් අතීතයට ගොස් Baby Thanos ව මරන්නවත්. Baby Thanos මැරෙන්නේ නෑ කියන්නේ Snap එක සිදු වෙනවා. කාල රාමුවක හිර වීමක් වෙනවා මේ තියරියට අනුව. මේකයි Hulk කියන්නේ if you time travel to the past, that past becomes your future. And your former present becomes the past. Which can't now be changed by your new future”. මේ විදියට Baby Thanos මරලා අයෙත් වර්තමයට ආවනම් කියන්න වෙන්නේ Back to the future is a bunch of bullshit කියලා තමා.


    3B6f8Cf.jpg


    නැවත පැමිණෙන Clint කියනවා එය සාර්ථක බව.


    qJgMno3.jpg


    Stones 6 පිහිටි අතීතයේ ස්ථාන වලට ගොස් රැගෙන ඒමට ඔවුන් සැලසුම් කරනවා


    iEjgC8Z.jpg


    ඒ අනුව Thor පැහැදිලි කරනවා Reality Stone එක ගැනත් Power Stone එක ගැන Rocket පැහැදිලි කරනවා


    Gn9ukjp.jpg


    Nebula Soul Stone එක පිහිටි ස්ථානයත් Time Stone එක තිබෙන ස්ථානය ගැන Natasha, Hulk සහ Steve සාකච්චා කරනවා

    මෙතනදී Soul Stone එක වෙනුවෙන් තමන් ආදරය කරන කෙනෙකුගේ ජිවිතයක් බිලි වෙන්න ඕනි කියල Nebula දන්නේ නෑ. මොකද Nebula හිතන්නේ Thanos මේ planet එකේදී Gamora ව මරා දමා ඇති බවයි. ඒ වගේම මෙතන කිසිම කෙනෙක් දන්නෙත් නෑ Doctor Strange බලයන් හිමි වුන කාලය ගැන. ඔවුන් සිතන්නේ 2012 දීත් Doctor Strange, Time Stone එක ආරක්ෂා කරගෙන ඇති කියලයි.


    I9oxkJN.jpg


    ඒ අනුව Stones නැවත රැගෙන ඒමට කණ්ඩායම් 3කින් සමන්විත Avengers ල කාල තරණයට සුදානම් වෙනවා. 6 Stones,3 Teams, 1 Shot

    Quantum Suit එකේ Helmet වල වෙනසකට තියෙන්නේ Rhodes ගේ විතරයි. මේකට හේතුව තමයි Rhodes ගේ Quantum Suit එකට ඇතුලෙන් තියන්නේ War Machine suit එක නිසා.


    Zrc2S4O.jpg


    Avengers ල Quantum Tunnel එක මගින් අතීතයට ගමන් කරනවා

    Quantum Tunnel එක කියන්නේ Time Travel Machine එකක් නෙවේ. ඒක හරියට Original reality එකේ portal එකක් වගේ එකක්. Tony නිර්මාණය කරන anchor watch එක හරහායි අතිතය locations වලට යන්නේ. ගොඩක් අය මේක පටලවගන්නවා. කලින් සදහන් කළා වගේ මේ කාල තරණයට සාධක කීපයක්ම බලපානවා. හැබැයි මේ කාල තරණයට අවශ්‍ය අත්‍යාවශ්‍යම සාධක දෙක තමයි Time Travel GPS tracker එකයි Pym Particle එකයි
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,737
    3,427
    113

    HzMLDt8.jpg


    Hulk, Tony, Steve සහ Scott 2012 කාලයට පැමිණෙනවා New York සටනට . Hulk Time Stone එකද, Steve Mind Stone එකද Tony සහ Scott Space Stone එකද ලබා ගැනීමට බෙදී යනවා.


    KYRXTPl.jpg


    New York Sanctum වලට පැමිණෙන Hulk ට එතනදී Ancient One මුණ ගැහෙනවා

    2012 New York සටනේ නොදැක්ක පැත්තක් අපිට දකින්න පුළුවන්. ඒ Avengers ලට අමතරව Chitauri හමුදාවට එරෙහිව Ancient One ද New York Sanctum තුල සිට සටන කර ඇති බවයි. මේ කාලය වෙනකොටත් Ancient One, Doctor Strange ගැන දැන ගෙන ඉදලයි තියෙන්නේ. (Hydra නියෝජතයින් වගේ)


    Zr6cq0A.jpg


    Hulk,Ancient One ගෙන් Stone එක පැහැර ගන්න උත්සහ කලත් පහරක් එල්ල කරන Ancient One, Hulk ගෙන් Banner ව Astral Dimension තුලට යවනවා.

    Astral Dimension එක ගැන අපි කලින් review කීපයකම කතා කළා මතක ඇති. මේ Astral Dimension එකට ඇතුළු වුන තවත් පුද්ගලයෙක් විදියට Banner පත් වෙනවා. මීට පෙර මේ Astral Dimension එක තුලට Doctor Strange,Ancient One, Black Panther සහ Killmonger ඇතුළු වී තිබෙනවා.


    qFE8bqI.jpg


    2013 දී Asgard වලට පැමිණෙන Thor එහිදී ඔහුගේ මව Frigga සහ Jane ව දකිනවා


    jbRo1Vr.jpg


    2014 කාලයේ Morag වල Temple Vault වලට පැමිණෙන Nebula, War Machine, Natasha, Clint එතනදී Power සහ Soul Stones සදහා බෙදී යනවා.


    F5RVKdm.jpg


    Natasha සහ Clint, Soul Stone එක ලබා ගැනීමට Vormir වලට පිටත් වන අතර Nebula සහ War Machine, Peter Quill පැමිණෙන තුරු බලා සිටිනවා


    arP2zAu.jpg


    මේ 2014 කාලයෙම ජිවත් වන Nebula සහ Gamora, Thanos ව මුණ ගැහෙනවා

    2014 කාලය වෙනකොටත් Original reality එකෙ Thanos ව අපිට හරියට දකින්න ලැබුනේ නෑ. මේ නිසා අපි දන්නේ නෑ Thanos පාවිච්චි කල ආයුධ පවා. Thanos මෙතනදී රැගෙන එන ආයුධය Double Edged Sword. සමහර අය මේක Infinity Sword කියලත් හදුන්වනවා. නමුත් ඒක වැරදි . කොමික් වලදිවත් Thanos මෙහෙම ආයුධයක් පාවිච්චි කරලා නෑ.


    SjRUHLj.jpg


    Stark Tower එකේ Loki අල්ල ගත පසු Avengers ල සිටින ස්ථානයට Iron Man සහ Ant-Man පැමිණෙනවා.

    Loki, Captain America ගේ illusion එකක් වුන පලවෙනි අවස්ථාව මේක නෙවේ. මිට කලින් Thor:The Dark World එකේදීත් අපි දැකල තිබුන.


    QWJ6Ytr.jpg


    ඔවුන් දකිනවා Tesseract(Space Stone) එක සහ Scepter(Mind Stone) එක, ඒ අනුව Ant-Man 2012 Tony ගේ ඇග තුලට ඇතුළු වෙනවා.

    Avengers ලා සතුව තිබුන Scepter එක Age of Ultron වලදී Hydra සතුවයි තිබුනේ. මේක කොහොමද Hydra අතට ගියේ කියලා movie එකක සදහන් වුනේ නෑ. මෙතැනදී S.H.I.E.L.D. නියෝජිත, රහස්‍ය Hydra සාමාජිකයින් අතට පත් වීමෙන් අපිට ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. නමුත් මේ සාමාජිකයින් හරහා Scepter එක Hydra අතට පත් වුනා කියන සාධකය අයින් කරන්න වෙනවා Avengers: Age of Ultron Prelude - This Scepter'd Isle කියන කොමික් එක නිසා. මේ කොමික් එක MCU එකට අයත් කොමික් එකක්. එකේ සදහන් වෙනවා, S.H.I.E.L.D. යට‍තේ තිබුන Scepter එක Mark Smith නම් රහස් Hydra සාමාජිකයෙක් S.H.I.E.L.D. භාරයෙන් පැහැර ගෙන Hydra වෙත ගෙනත් දුන් බව.


    fwDqJv8.jpg


    elevator එක තුලට එන Captain America, රහස්‍ය Hydra සාමාජිකයන් වන Rumlow සහ Sitwell යන S.H.I.E.L.D. නියෝජිතකයන්ගෙන් Scepter එක ලබා ගන්නවා.

    මේ වගේම elevator සිදුවීමක් තිබුන Captain America The Winter Soldier එකේදිත් . නමුත් මෙතන ඒ දේ සිදු වුනේ නෑ. Captain Americaට පුළුවන් වුන ලේසියෙන් Scepter එක Hydra agents ගෙන් ලබා ගැනීමට. මොකද අනාගතයෙ Captain America දන්නවා මොවුන් Hydra නියෝජිතයින් බව. ඒ වගේම මෙතනදී කියන 'Hail Hydra' අපිට කොමික් වලදිත් දකින්න ලැබුනා එක් අවස්ථාවකදී.


    25X6Stk.jpg


    Stark Tower පහල මාලයේ Alexander Pierce සමග ඇති වෙන ආරවුල නිසා Loki Tesseract එක සමග එතනින් පලා යනවා

    Tesseract එක අරන් යන Tony මෙතනදී සදහන් කරනවා බඩට මොන හරි දාගන්න street එකේදී හමු වෙමු කියල. මේ ඉතින් වෙන කොහෙවත් නෙවේ Shawarma Palace එකයි. අපි The Avengers credit scene එකේදී දැක්කෙත් මේ restaurant එකයි.


    mrnWmPM.jpg


    Scepter එක රැගෙන එන Captain America හට 14 වන මහලේදී 2012 Captain America හමුවෙනවා


    Lv6jm9i.jpg


    ඔවුන් අතර සටනක් ඇති වෙන අතර Scepter එක මගින් 2012 Captain America සිහි නැති කිරීමට Captain America ට හැකි වෙනවා.

    මේ reality එකෙම Steve ට Original reality එකේ Steve හමු වෙනවා. මෙතැනදී බාකි ජිවතුන් අතර කියලා Steve දැන ගන්නවා. Original reality එකට වඩා අවරුදු දෙකක් කලින්. ඒ වගේම මෙතන Original reality එකේ Captain America ට වඩා 2012 Captain America ශක්තිමත් බවයි පෙන්නේ. Captain America ගේ ඇගේ තියන Super Soldier Serum එක මේකට හේතු වෙන්න පුළුවන්.


    y8dPf4a.jpg


    මේ අතර Ancient One, ට පැහැදිලි කරනවා Stone එක ලබා දුන්නොත් reality එකට වන හානිය ගැන

    මෙතනදීත් අපිට මේ alternate realities ගැන අදහස් ගන්න පුළුවන්. Ancient One කියනවා "The Infinity Stones create what you experience as the flow of time. Remove one of the stones, and that flow splits. Now this may benefit your reality. But my new one." මෙතන your කියලා අදහස් කරන්නේ Original reality එකයි. ඒ වගේම my new one කියලා අදහස් කරන්නේ තත්පර කීපයකට පෙර ඔවුන් නිර්මාණය කල alternate reality එකයි. Stones 6 න් එක stone එකක් වෙන reality එකකට ගියොත් වෙන විනාශය ගැන Ancient One සදහන් කරනවා. මේ විදියට stone එකක් ඉවත් වුනොත් reality විශාල වශයෙන් නිර්මාණය විය හැකි බවත් සදහන් කරනවා.Hulk කියනවා stone එක ඔවුන්ගේ දේට යොදාගෙන ඒ වෙලාවටම නැවත ලබා දුන්නොත් ගැටළුවක් නොමැති වන බව


    6rf5sXH.jpg


    Banner පොරොන්දු වෙනවා Stone එක නැවතත් තුබූ වෙලාවේ තිබු ස්ථානයටම ගෙනවිත් දෙන බව.


    IgBwh5D.jpg


    Doctor Strange මේ Stone එක Thanos ට දී ඇත්තේ මොනයම් හෝ හේතුවක් මත බව තේරුම් ගන්න Ancient One, Time Stone එක Banner හට ලබා දෙනවා.

    yUZ9JY4.jpg


    2014 Nebula ගේ මතකයෙන් Thanos දැන ගන්නවා Avengers ලගේ සැලැස්ම ගැන සියලුම දේවල්

    Doctor Strange Infinity War event එක තුලදී Endgame event එක දැක්ක. මෙතනදී එකේ අනිත් පැත්ත සිදු වෙනවා. Thanos, Endgame event එක තුලදී Infinity War event එක දකිනවා.


    Cs29uqX.jpg


    Asgard වලදී Thor ට තම මව හමු වෙනවා. එහිදී Thor මව තේරුම් ගන්නවා Thor අනාගතයෙන් පැමිනි බව. ඒවගේම Rocket,Jane Foster ගේ ඇග තුල ඇති Aether (Reality Stone) එක ලබා ගැනීමට උත්සහ කරනවා

    Thor මෙතනදී තම මව හමුවුනත් මෙහි මුල් පිටපතේ සදහන් වෙලා තිබිලා තියෙන්නේ Thor ට Jane ව හමුවීමක්.


    OV10dNz.jpg


    Aether එක ලබාගෙන පැමිණ Rocket, Thor සමග පලායාමට පෙර Mjølnir එකද ලබා ගැනීමට Thor ට හැකි වෙනවා.

    Rocket පසු පස හබා යන Asgard ආරක්ෂකයින් Rocket ව හදුන්වන්නේ rabbit විදියටට්ය්. මතක ඇති Thor, Infinity War එකේ Rocket හැදින්වුයෙත් ඒ නමින්මයි. Asgard වල rabbit ලා ඉන්නවනම් ඒ Rocket ගේ ස්වරුපයට සමාන වෙන්න ඕනි.


    OWnANfs.jpg


    Temple Vault වලට එන Peter Quill ට පැහැර දී අගුලු අරින ආයුධය ගැනීමට Nebula සහ War Machine ට හැකි වෙනවා


    kT4otNd.jpg


    Temple Vault එකෙන් Orb (Power Stone) එක ලබා ගන්නා Nebula සහ War Machine එතනින් පිටත් වුවත් පිටත් වීමට හැකි වෙන්නේ War Machineට පමණයි.


    YlB9A4A.jpg


    Nebula දැන ගන්නවා Thanos 2014 Nebula ගෙන් සියල්ල දැන ගත් බවත් ඇය පසු පස හබා එන බවත්


    mcl5qus.jpg


    Tesseract එක සහ තවත් Pym Particles එකම ස්ථානයකින් ගැනීමට හැකි ස්ථානයක් තිබෙන බව පවසන Tony,Captain America සමග 1970 කාලයට ගමන් කරනවා. New Jersey වල Camp Lehigh වලට


    H0RFE45.jpg


    Camp Lehigh වලට පැමිණෙන Tony සහ Steve බෙදී යනවා Tesseract එක සහ Pym Particles ලබා ගැනීමට

    Camp Lehigh එකත් අපි MCU movies දකින්න ලැබුණු ස්ථානයක්. Steve මුල්ම හමුදා පුහුණුව ලැබුවේ මෙහිදී . ඒ වගේම Captain America The Winter Soldier එකේ Captain America සහ Black Widow මේ Camp Lehigh පැමිණ Arnim Zola එක මගින් S.H.I.E.L.D.,HYDRA රහසත් හෙළි කරගන්නවා
    Legend Stan Lee ගේ අවසාන MCU cameo එක දකින්න පුළුවන්. කෙවින් එක සාකච්චාවකදී සදහන් කළා Stan Lee ගේ අන්තිම cameo Endgame වේවි කියල. Stan Lee ගේ වාහනේ දකින්න පුළුවන් sticker එකක් Nuff Said කියල. Spiderman සමග Stan Lee ගේ තවත් cameo එකක(Spider-Man 3 එකේ) අපිට ඒ වචනේ Stan Lee ගේ කටින්ම අහන්න ලැබුණා


    a43LBxq.jpg


    Tesseract එක ලබා ගන්න Tony හට එතනදී තම පියා වන Howard Stark හමු වෙනවා.

    Howard මෙහෙදී සොයාගෙන එන්නේ Arnim Zola යි. ඔහු ඒ වෙනකොට SHIELD ලෙස කටයුතු කරත් Hydra නියෝජිතයෙක්. Tony මෙතනදී තම පියාට තමාව හදුන්වල දෙන්නේ පියාගේ සහ බිරිදගේ නම් එකතු කරලා Howard Potts විදියටයි. MCU එකේ Movies වලින් TV Series වලට ගිය characters අපි ඕන තරම් දැකල තියනවා Carter, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538045676354210/"]Coulson[/URL], Lady Sif වගේ. නමුත් Agent Carter එකේ එන Jarvis අපිට දකින්න පුළුවන් වෙන්නේ TV Series character එකක් Movie එකක් එක්ක crossover වන පලවෙනි character එක විදියටයි.


    TyOohvA.jpg


    Pym Particles සොරකම් කර නැවත පැමිණන Steve දකිනවා, Peggy Carter

    කොමික් වලදී Ant-Man භාවිත කරන Ant-Man helmet එක Hank Pym ගේ Lab එකේ දී අපිට දකින්න පුළුවන්. බොහෝ විට මේ helmet එක Hank Pym,Ant-Man ලෙස 1970 ගණන් වල භාවිතා කරන්න ඇති.


    UxBJbE7.jpg


    Nebula ව අල්ලා ගන්න 2014 Nebula, Nebulaගෙන් Time Travel GPS tracker එකත් Pym Particle එකත් ලබා ගෙන එය Thanos හට ලබා දෙන 2014 Nebula අනාගත Nebula ලෙස යාමට සුදානම් වෙනවා


    bpKhY74.jpg


    Vormir වලට එන Clint හා Natasha, Red Skull හමු වෙනවා

    Red Skull මීට කලින් මෙතනට පැමිණි සියලුම දෙනවා හැදින්වුයේ පියාගේ හිමිකමෙන්. නමුත් Clint ව හදුන්වන්නේ Son of Edith ලෙසයි. ඒ Clint ගේ මවගේ නමයි. කොමික් වලදී Clint ගේ පියා වෙන්නේ Harold Barton යි. ඔහු බේබද්දෙක්. ඔහු වෙනුවෙන් Clint ට කිසිම ගෞරවයක් තිබුනේ නෑ. සමහර විට MCU එකත් Clint ගේ මේ ජිවිතයට සමාන වෙන්න පුළුවන්. මේ නිසායි Red Skull පියා වෙනුවට මවගේ හිමිකමෙන් Clint ව හදුන්වන්නේ


    6MrpMN7.jpg


    Clint වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යග කරන Natasha, Soul Stone එක වෙනුවෙන් මිය යනවා.

    Natasha කියන්නේ Clint ට සහ ඔහුගේ පවුලට හිතවත්ම කෙනෙක් වගේම හොදම සගයයි. MCU එක පුරාවටම මොවුන් දෙදෙනාගේන් අපි ඒ දේ දැක්ක. Avengers Age of Ultron එකෙත් මතක ඇති Clint ගේ පුද්ගලික ජීවිතය ගැන රහස දැනගෙන හිටියේ Natasha විතරයි. Natasha, S.H.I.E.L.D. වලට සම්බන්ධ වෙන්න කලින් රුසුයානු ඔත්තුකරියක්. ඒ කාලේ S.H.I.E.L.D. නායක Fury ට ඕනි වෙනවා Natasha ව ඝාතනය කරන්න.මේ සදහා ඔහු යොදවන්නේ Clint වයි. නමුත් මේ මෙහෙයුමදී Clint ඇය ව ඝාතනය කරනවා වෙනුවට යහමගට අරන් S.H.I.E.L.D. වලට සම්බන්ධ කරනවා. එදායින් පටන් ගත්ත මේ සම්බන්ධය අවසාන මොහොත වෙනතෙක්ම වෙනස් නොවී තිබුන.


    zqoWedJ.jpg


    ඒ සමගම Clint හට Soul Stone එක හිමි වෙනවා
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,737
    3,427
    113

    Igs30I4.jpg


    Stones සමග Natasha නොමැතිව Avengers ලා නැවත පැමිණෙනවා.


    leDP4j4.jpg


    අහිමි වූ Natasha වෙනුවෙන් ඇගේ ජිවිත පරිත්‍යාගයට වටිනාකමක් දීමට Avengers ල තීරණය කරනවා කාර්ය නිම කිරීමට

    Soul Stone එක නිසා මිය ගිය අයෙකු නැවත ගෙන්වන්න බෑ. Red Skull මේ ගැන පැහැදිලිවම සදහන් කරනවා. මොන විදියකින් හරි බිලි වුන කෙනාව නැවත ගෙන අවොත් Soul Stone එකේ බලය අහිමි වෙනවා ඔවුන්ට.


    88h98O9.jpg


    Tony, Stones 6 එකතු කල Nano Gauntlet එකක් නිර්මාණය කරනවා

    nano-technology එක භාවිත කරපූ මේ Gauntlet එක නිරමනය කරන්න Tony Stark, Hulk සහ Rocket තුන්දෙනාගේම දායකත්වය ලැබුණා කියලා හිතන්න පුළුවන් මේ දර්ශනයෙන්ම.


    xzu51tt.jpg


    නිර්මාණය කල Gauntlet එකෙන් Snap එක සිදු කිරීමට Hulk සුදානම් වෙනවා

    Snap එක කරද්දී ඒ කරන කෙනේගේ සිතුවිල්ලටයි එහි ප්‍රතිපලය ලබා ගන්න පුළුවන්. Tony මෙතනදී පැහැදිලිවම Hulk ට කියනවා Snap එක කරද්දී සිතුවිල්ල කොහොමද වෙන්න ඕනි කියල. Hulk ට කලින් snap එක කිරීමට සුදානම් වෙන Thor ගෙන් දැකගන්න පුළුවන් අවුරුදු ගනාවක් පුරාවට ඔහුට තිබුන වේදනාව කොහොම එකක්කද කියලා.


    l4dhzL7.jpg


    මේ අතර 2014 සිටි Nebula, Quantum Tunnel එක ක්‍රියාත්මක කරනවා. ඒ අනුව 2014 Thanos ගේ යානාව Quantum Tunnel එක හරහා පැමිණෙනවා


    f7abj25.jpg


    Blip එක සිදු කිරීමට Hulk සමත් වෙනවා


    ZuEZxVr.jpg


    Blip එකෙන් පස්සේ Hulk සිහිසුන්ව වැටෙන අතර ඔවුන් තේරුම් ගන්නවා සියලු දේ නැවත යථා තත්වයට පත් වූ බව

    Thanos විශ්වයෙන් භාගයක් ඉවත් කිරීම Snap එක විදියටත්. ඒ අය Hulk නැවත ගෙන්වීම Blip එක ලෙසත් හැදින්වෙනවා. මේ Blip වචනය අපට හමුවෙන්නේ Spider-Man: Far from Home එකෙනුයි. Thanos ගේ Snap එක undo කිරීමට එහෙමත් නැත්නම් එකෙන් අහිමි වූ අය නැවත ගෙන්වීමට මේ Blip එක නිසා හැකි වෙනවා. නමුත් Hulk Blip එක සිදු කල අතට හානි වෙනවා. Kevin Feige සදහන් කළා Hulk ගේ අතට වුන මේ හානිය permanent කියලා.


    P2NkQc1.jpg


    මේ අවස්ථාවේම Thanos ගේ යානාවෙන් Avengers Facility වෙත දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා.

    මෙය තිරරචන කල Christopher Markus සහ Stephen McFee, SDCC එකේදී සදහන් කළා මේ අවසන් සටන 2014 කාලය සිදුකිරීමට සැලසුම් කර සිටි බව. 2014 Thanos සහ ඒ කාලයේ Avengers ලා සමග සටනින් පසු Thanos නැවත වර්තමානයට පැමිණෙන අවස්ථාවක් විදියටයි එය තිබිලා තියෙන්නේ. නමුත් ඔවුන් පසුව තීරණය කරලා තියෙනවා මේ අවසන් සටන වර්තමාන කාලයේ සිදු කිරීමට. ඒ වගේම වර්තමානයට පැමිණෙන Thanos 2014 දී Avengers ලාව පරාජය කර Captain America ගේ හිස ගෙනවිත් වර්තමානේ Captain America ගේ පාමුලට විසි කරන සිදුව්වීමකුත් සටහන් වෙලා තිබු නමුත් එය පිටපතෙන් ඉවත් කර තිබෙනවා.


    atkQQou.jpg


    කඩා වැටුණු Avengers Facility හි Hulk,War Machine,Ant-Man සහ Rocket සිරවෙන අතර Hawkeye, Stones සමග Iron Gauntlet සොයා ගන්නවා


    7mBFQri.jpg


    මෙතනට පහර දීමට පැමිණෙන Outriders සමග සටන් කර බේරීමට Hawkeye ට හැකි වෙනවා


    di0rYWV.jpg


    Gamora තේරුම් ගන්නවා Thanos ගැන. ඇය Nebula සමග එකතු වී Thanos ට එරෙහිව සටන් කිරීමට සුදානම් වෙනවා


    xfjdjjl.jpg


    Iron Man, Captain America සහ Thor සුදානම් වෙනවා Thanos සමග සටන් කිරීමට

    Thor පළමු වරට මේ movie එකේ Thor ගේ suit එකෙන් දකින්න පුළුවන් වෙන්නේ මෙතනදී. ඒ වගේම මේ තුන්දෙනාට සටනකට එකට එකතු වෙන්නේ Avengers Age of Ultron සිදුවීමෙන් පසු පළමු වතාවටයි.


    sT2P6qY.jpg


    Thanos සහ Iron Man, Captain America, Thor අතර සටනක් ඇති වෙනවා

    Thor සහ Iron Man ඉස්සෙලම හමුවුන තැන ඇති වුන සටන , එහිදී Thor ගේ Thunder ප්‍රහාරයක් නිසා Iron Suit එකේ බලය 400% කින් වැඩි වුනා. ඒ වගේම Iron Man 2 එකේදී Whiplash ගේ energy whips ප්‍රහාරයෙන් Iron Suit එක විනාශ වුනා . ඉතින් මේ දෙකම සම්බන්ධ කර ඉන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියේ Capabilitie එකක් Tony නිර්මාණය කරනවා Mark 85 එකෙන්. අපි මෙතැනදී දැක්ක Thor ගේ Thunder බලය මගින් Iron Man එල්ල කරන ප්‍රහාරය ඒ Capabilitie එකයි.


    Af94JoE.jpg


    Hawkeye ගෙන Gauntlet එක ලබා ගන්න 2014 Nebula, Gamora ව මැරීමට උත්සහ කිරීම නිසා වර්තමානේ Nebula විසින් මරා දමනවා

    ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් ආපු තව තැනක්. හැබැයි මේ concept එක ගැන දැනටමත් දන්න නිසා දැන්නම් ප්‍රශ්නයක් වෙන්න බෑ කොහෙත්ම. 2014 Nebula ඉන්නේ alternate reality එකක නිසා original reality එකේ Gamora ට බලපෑමක් ඇති වෙන්නේ නෑ.


    DoVHX3g.jpg


    Thanos සමග සටන දිගටම පවතින අවස්ථාවේ Thanos විසින් Thor මරා දැමීමට යන විට Captain America විසන් Mjølnir එක ඔසවා එකෙන් Thanos ට පහර දෙනවා

    කොමික් වලදීත් Captain America Thor ගේ Mjølnir ඉසවපු අවස්ථා තිබිලා තියෙනවා . Captain Americaට අමතරව කොමික් වලදී එසවපු අය තව ඕන තරම් ඉන්නවා. නමුත් MCU එකේ ඉන්නේ කීපදෙනයි. ඒ Odin, Hela, Vision, Captain America වගේ අය. කොමික් වල උස්වපු අයගෙන් MCU එකේ ඉන්නේ තව කීපදෙනෙකුත් ඉන්නවා. ඒ Jane Foster, Black Widow, Hulk, Loki වගේ අය මේ අයගෙන් Hulk සහ Loki, Mjølnir එක එසවීමට උත්සහ කලත් සාර්ථක වුනේ නෑ. Jane Foster අවසථාවක් හිමි වුනේ නෑ. නමුත් Black Widow හට අවස්ථාවක් හිමි වුනත් ඇය ඒක ප්‍රතිෂේප කළා Avengers Age of Ultron එකේදී. සමහර විට Black Widow හට එතනදී Mjølnir එක එසවීමට හැකියාව තිබෙන්න ඇති.
    මේ අවස්ථාවේම Captain America ත් උත්සහල කළා Mjølnir එක එසවීමට නමුත් එතනදී Mjølnir එක පොඩ්ඩක් සෙලවුනා පමණයි. මෙහි අධ්‍යක්ෂකවරුන් කියන විදියට Captain America හට එතනදී Mjølnir එක එසවීමට හැකියාව තිබිලා තියනවා. නමුත් ඒ මොහෙතේ Thor අපහසුතාවයට පත් වෙයි යයි සිත ඔසවා නෑ. නමුත් Thor ඒ ගැන දැනගෙන ඉදලත් තියෙනවා. මේ නිසයි Thor කියන්නේ 'I Knew It' කියලා.


    fnC0P6D.jpg


    Thanos සහ Captain America අතර සටනක් ඇති වෙන අතර මෙහිදී Thanosගේ දරුණු පහරවල් වලට Captain America ලක් වෙනවා

    බිදී ගිය Captain America ගේ Sheild එක දැක්කම AOU එකේ Tony ගේ විෂන් එක මතක් වුනා නේද. සමහර විට ඒ විෂන් එක වගේම Endgame event එකත් ඉවර වෙන්න ඇති ඕන තරම් Doctor Strange දැකපු alternate realities වල. ඒ වගේම Thanos විසින් Captain America ගේ Sheild එක විනාශ කරපු අවස්ථාවක් කොමික් වලදීත් සිදු වෙලා තියෙනවා


    QdV8oft.jpg


    පසුව Thanos තම මුළු හමුදාවම Sanctuary II එක තුලින් කැදවනවා.

    මේ Army එකට, Black Order (Ebony Maw, Cull Obsidian, Proxima Midnight, Corvus Glaive) , Chitauri හමුදාව, Outriders හමුදාව, Sakaarans හමුදාවද අයත්.


    Ki2rnnu.jpg


    මේ මොහෙත් Captain America ගේ සටනට එකතු වනවා Sling Ring Portal එකක් මගින් එන Black Panther, Shuri සහ Okoye

    'Hey cap on your left' මතක ඇති Steve සහ Sam ගේ මුල්ම හමුවීම මේ වගේ සිදුවීමක් Captain America The Winter Soldier ආරම්භයේදී.


    EeXP9JI.jpg


    ඒ සමාගම Sling Ring Portal සියගණන් නිර්මාණය වී M'Baku ඇතුළු Wakanda හමුදාවත්, Falcon, Doctor Strange, Scarlet Witch, Spider-Man, Drax, Groot, Wasp, Star-Lord, Mantis, Winter Soldier,Rescue Armor එකෙන් එන Pepper Potts,Valkyrie,Korg, Wong ඇතුළු Masters of the Mystic Arts කණ්ඩායම , Dora Milaje කණ්ඩායම , Ravagers කණ්ඩායම සහ Asgardians ල Captain America ගේ සටනට එකතු වෙනවා

    මෙතැන අපිට Wasp ගේ වම්පසින් ලාවට දකින්න පුළුවන් Ravagers ලත් සමග පැමිණෙන Howard the Duck. Howard the Duck කලින් Guardians of the Galaxy (post credit scene එකේ) සහ Guardians of the Galaxy Vol. 2 එකේදිත් දකින්න ලැබුණා. Howard the Duck කියන්නේ Marvel සතුව ඉන්න තවත් ජනප්‍රිය චරිතයක්. ඔවුන් movies පවා නිර්මාණය කර තිබිණා මේ චරිතය මගින්. Avengers Infinity War එකටත් මේ චරිතය ඇතුලත් කිරීමට සිතාගෙන සිටියත් පසුව එය ඉවත් කර Endgame එක සදහා Howard the Duck යොදාගෙන තිබුනා. එයත් අවසානම මොහෙතේ. ඒ වන විට Endgame එකේ Trailers 2ක්ම නිකුත් වී අවසන්.
    අපි මෙච්චර කල් Avengers movies බැලුවට කොමික් වල ආව original Avengers ලා ( Iron Man, Thor, Hulk, Ant-Man සහ the Wasp) අපට ඉස්සෙලම සහ අන්තිමට දකින්න පුළුවන් මේ movie එකෙන් විතරයි. ඒ වගේම ඒ පලවෙනි issue එකේ villain වුනෙත් Loki

    1DW60IN.jpg


    ඒවගේම ගොඩනැගිල්ලේ සිර වූ සිටි Hulk, War Machine, Rocket, Giant-Man සමග ඔවුන්ට එකතු වෙනවා


    1ciGQCK.jpg


    "Avengers Assemble"


    p2aJzt9.jpg


    Thanos ගේ හමුදාව සහ Avengers අතර සටන ආරම්භ වෙනවා


    0BISI71.jpg


    Spider-Man සහ Giant-Man එකතුව Cull Obsidian ව මරා දැමීමත් සමග Tony සහ Peter නැවත හමු වෙනවා

    Tony මෙච්චර දුරක් එන්න මුලිකවම හේතු වුනේ Peter යි. Tony හැම වෙලාවේම හිතුවේ Peter හට කරදරයක් වුනොත් එය තමන් පිටින් යන බවයි. ඒ ගැන Tony කීපවතාවක්ම කියලා තියනවා. විශේෂයෙන්ම Tony, Peter ගෙන් suit එක නැවත ඉල්ලපු වෙලාවෙත්. Space එකේ ඉදන් පෘතුවියට ආපු වෙලේ Tony, Steve ට මුලින්ම කියන්නෙත් I lost the Kid කියලයි.


    p6teIn3.jpg


    Star-Lord හට 2014 Gamora ද හමු වෙනවා


    6Q8E9kp.jpg


    Luis ගේ van එකෙ Quantum Tunnel එකෙන් Stones නැවත ගෙන යාමට ඔවුන් තීරණය කරනවා

    මතක ඇති Ant Man and the Wasp එකේ Scott, Captain America කැප් ලෙස හදුන්වපු වෙලාවේ Hope උපහාසයට වගේ හිනා වුනා. නමුත් මෙතැනදී Scott ටත් කලින් Hope,Captain America ට කැප් ලෙස ආමන්ත්‍රණය කරනවා.


    H4AM08Z.jpg


    Scarlet Witch සහ Thanos අතර සටනක් ඇති වෙන අතර ඉන් පරාජය විය හැකි නිසා Thanos Sanctuary II මගින් ප්‍රහාර එල්ල කරන්න නියෝග කරනවා

    Activate instant kill. අපි Homecoming එකේදී දැක්කේ මේක Peter හැක් කරපු suit එකේ තිබුන දෙයක් විදියට. නමුත් Iron Spider Armor එකේ මෙය Capabilitie එකක් විදියට තියන බව පැහැදිලි වෙනවා.


    PDxaEJ6.jpg


    දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන Sanctuary II එක සහමුලින්ම විනාශ කිරීමට එතනට එන Captain Marvel ට හැකි වෙනවා

    Captain Marvel ගේ තියන Powers අනුව මේ වගේ Ship එකක් විනාශ කරන එක පුදුම දෙයක් නෙවේ. අපි Captain Marvel movie එකෙත් දැක්ක Captain Marvel මේ විදියටම Ships විනාශ කරනවා . Doctor Strange මෙතනට ගලා ගෙන එන වතුර පාරක් වළක්වනවා. Strange මේ දී දකින විදියෙන්ම කියන්න පුළුවන් ඔහු දැක්ක realities වල මේ වතුර පාර නිසා කිප වතාවක්ම ඔවුන් පරාජය වෙලා තියනවා කියලා.


    OI23JFy.jpg


    Spider-Man ලග තිබෙන Gauntlet එක Captain Marvel ලබා ගැනීමත් සමග එය Quantum Tunnel එක වෙත රැගෙන යාම ආරක්ෂා කිරීමට කණ්ඩායමක් එකතු වෙනවා

    මේ කණ්ඩායම කොමික් වලදී හදුන්වන්නේ A-Force විදියටට්යි. කොමික් වලදිනම් මේ කණ්ඩායමට She-Hulk, Thor (Battlerealm වල), Nico (Runaways TV series එකේ) වගේ අය සම්බන්ධ වුනා Captain Marvel සමග.


    gjaDfXM.jpg


    නමුත් Captain Marvel එය Quantum Tunnel වෙත රැගෙන යාමට පෙර Thanos Sword එක මගින් Quantum Tunnel එක විනාශ කරනවා


    a5fM0av.jpg


    විසි වූ Gauntlet එක ගෙන Thanos snap එක සිදු කිරීමට ගියත් එය කීප සැරයක්ම වළක්වෙනවා


    n6k9YV2.jpg


    අවසානයේ Stones ටික ලබා ගන්න Iron Man, Iron Man Armor එකෙන්ම නිර්මාණය වන Gauntlet එකකින් snap එක සිදු කරනවා.

    මේ වගේම් අවස්ථාවක් අපිට කොමික් වලදීත් දකින්න ලැබිලා තියෙනවා . නමුත් එතනදී Iron Man පලදින්නේ Infinity Gauntlet එකයි. මෙතන Iron Man ගේ සිතුවිල්ල අතීතයෙන් ආව සියල්ල විනාශ කර දැමීම වෙන්න බෑ. මොකද මේ snap එකෙන් Gamora බේරෙන නිසා. එහෙනම් Tony ගේ සිතුවිල්ල වෙන්නේ ඔවුන්ට එරෙහිව සටන් කල සියලු දෙනා විනාශ කර දැමීම හෝ Thanos සහ ඔහුට පක්ෂපාති හමුදාව විනාශ කර දැමීමයි. ඒ වගේම Strange, Iron Man ව තත්පර කීපයකට නවත්වනවා. ඒ Thanos, Captain Marvel ට පහරක් එල්ල කරන්න ගලවා ගත් Power Stone එක නැවත Gauntlet එකට දමාගන්නාකම්.මොකද මෙයයි එකම අවස්ථාව 14,000,605 න්. මේ Gauntlet එකත් Nano Gauntlet එකක් නිසායි තමගේ Nano Iron Man Armor එකට Stones ටික ලේසියෙන්ම ඇතුලත් කරගන්න පුළුවන් වෙන්නේ.
    මතක ඇති Infinity War එකෙදී Thanos ගේ snap එකෙන් පස්සේ Thanos Soulworld එකේදී කුඩා Gamora හමුවුන අවස්ථාවක්. මෙතනදීත් Tony Soulworld එකේදී තම දියණිය හමුවුන අවස්ථාවක් තිබිල තියෙනවා. එහිදී Tony, Mogan ගෙන සමව ඉල්ලා තියෙනවා ඇයව අත්හැර යාම ගැන. එත් මේ scene එක movie එකෙන් අයින් කරලා තියෙනවා. අධ්‍යක්ෂකවරුන් කියන්නේ මේ scene එක audience එකට පැටලිලිසහගත එක්ක වෙයි කියල හිතලා අයින් කලා කියලයි.


    xtv4ziO.jpg


    එයින් Thanos සහ මුළු හමුදාවම ඔවුගේ යාන සමගම අළු වී යනවා

    කොහොම නමුත් Strange දැකපු realities 14,000,605 න් ඔවුන් ජය ගන්න එකම reality එකෙනුත් snap එකෙන් හැර සටනකින් Thanos ව පරාජය කරන්න Avengers ලට ලැබුනේ නෑ.


    ScAVpXB.jpg


    Infinity Stones සියල්ලේම බලය දරාගත් නොහැකි වූ Iron Man නොහොත් Tony Stark මිය යනවා

    පිටපතේ ආකාරයට මේ අවස්ථාවේදී Potts හා Peter හට වචන ස්වල්පයක් කතා කරන අවස්ථාවක් තිබී ඇති නමුත් RDJ ඊට එකග වෙලා නෑ. මේ නිසා ඔහුව අවශ්‍ය විදියට එය රූ ගත කිරීම් සිදු කරලා තියෙනවා.

     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,737
    3,427
    113
    QEAHGAO.jpg


    Clint හට අහිමි වූ දුව සහ පවුල නැවත හිමි වෙනවා. Peter හට ඔහුගේ යහළුවන් හමු වෙනවා


    smzgpC2.jpg


    Tony, Time Travel කරන්න කලින් දවසේ තබපු පණිවිඩයක් සමග Tony ගේ අවමංගල්‍ය සිදු වෙනවා

    මෙතන පිට දකින්න පුළුවන් නුහුරුදු එක චරිතයක් පමණයි. ඒ Harley යි. Iron Man 3 එකේදී Tony හට උදව් වුන පොඩි කොලුවා. අපිට අනාගතයේදී Iron Man ව දකින්න පුලුවන්නම් ඒ මොහුගෙන් Iron Lad විදියට. තරුණ වියේ Cassie Lang වත් අපි කලින් දැක්ක නිසා මේ Young Avengers ලට referance එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී Happy Hogan, Nick Fury, Maria Hill, Thaddeus Ross, May Parker සහ Pym ලත් දැකගන්න පුළුවන්.
    Tony මෙතන Morgan හට තබන hologram message එක ('....I Love You 3000') ආකාරයෙන්ම Tony ගේ පියා Howard, Tony හට message එකක් ('....Always will be my greatest creation is you') තබා තිබුන අවස්ථාවක් දකින්න පුළුවන් වුනා Iron Man 2 එකේදී. Proof that Tony Stark has a heart මේ Arc Reacter එක ගැන තිය ඉතිහාසය අවරුදු 10ක ටත් වැඩි. Iron Man පළමු movie එකේ Tony destroy කරන්න කියල දෙන Arc Reacter එකෙන් Potts මේ සමරු පලකය නිර්මාණය කර Tony හට ලබා දෙනවා. කාලයක් තිස්සේ Tony ලග තිබුන මෙය අන්තිම වතාවට මෙතැනදී දකින්න ලැබුනා.
    Tony, Afghanistan වලින් පැන අවට පස්සේ Happy ගෙන් ඉස්සෙලම ඉල්ලනේ cheeseburger එකක්. Mogan මෙතනදී cheeseburger එකක් ඉල්ලන එකෙන් Happy ට මතක් වෙන්න ඇති ඒ සිදුවීම.


    EcyURu0.jpg


    Thor, Valkyrie ව New Asgard හි රැජිණ ලෙස පත් කර Guardians of the Galaxy සමග එකතු වෙනවා

    The Asgardians of the Galaxy කණ්ඩායම කොමික් වලදී Asgard විසින් බිහි කරන කණ්ඩායමක් වෙනවා. ඒ Infinity Countdown සිදුවීමෙන් පසු Galaxy එක ආරක්ෂා කිරීම සදහායි. ඉතින් Endgame සිදුවීමත් කොමික් වල Infinity Countdown සිදුවීමට සමානකම් තියෙන නිසා මෙය ඉදිරියේදී සිදු විය හැකියි. James Gunn ගේ තිර රචනයෙන් James Gunn ගේම අධ්‍යක්ෂයනයෙන් අපිට Guardians of the Galaxy තුන්වන කොටස බලා ගන්න පුළුවන් Thor ත් එක්ක. බොහෝ විට 2021 දී වගේ. ඒ වගේම කොමික් වල Mjølnir එක එසවූ තවත් අලුත් චරිතයක්ද මේ movie එකේ ඉන්නවා කියලයි කියන්නේ. ඒ Beta Ray Bill.


    KhGH7QC.jpg


    අලුත් Quantum Tunnel එකකින් Stones නැවත අතීතයට රැගෙන යාමට Steve සුදානම් වෙනවා

    2012 New York reality එක, 2014 Space reality එක, 2014 Asgard reality, 1970 Camp Lehigh reality යන reality හතරේම Stones ලබා ගත් අය realityඑකෙන් time travel කරනවත් සමගම Steve ඒ reality එකට පැමිණෙනවා ඒ reality එකේ අයිතිය තිබුන Stone එකත් රැගෙන. Steve මේ stone අරන් එන වෙලාව අඩු හෝ වැඩි වුනානම් තව තවත් reality නිර්මාණය වෙන්න තිබුනා. මේ නිසයි Hulk මෙතනදී යන්න කලින්ම කියන්නේ, “Remember. You have to return the stones at the exact moment you got them. Or you're gonna open up a bunch of nasty alternative realities.” කියලා .
    Steve යන්න කලින් Bucky සමග ඇතිවන ඩයලොග් එකම ('Don't do anything stupid till I get back.How could I? You're taking all the stupid with you') Captain America The First Avenger එකෙ ඔවුනොවුන් අතර ඇතිවුන ඩයලොග් එකක්මයි.


    0BLfEL9.jpg


    Steve පිටත් වීමත් සමග Quantum Tunnel එකෙන් නැවත නොඑන Steve ඒ අසල බංකුවක දකින්න ලැබෙනවා

    Stone ටික නැවත තැන්පත් කරන Steve තීරණය කරනවා Peggy සමග ජිවත් වෙන්න. alternate reality එකක ජීවිතය ගත කරන Steve නැවතත් තමන්ගේ Original reality එකට පැමිණෙනවා. සමහර විට Peggy මිය ගිය පසු හෝ alternate reality එකේ Steve අවදි වුනාම විය හැකි. මෙතනදී එන ප්‍රශ්නය කොහොමද Steve, alternate reality එකෙන් Original reality එකට ආවේ කියන එක. Steve ට ආයෙත් Original reality එකට එන්න පුළුවන් මොකද Camp Lehigh එකෙන් ගත්ත Pym Particles දෙකක් වැඩි පුර තියන නිසා. (Pym Particle යොදාගන්න පුළුවන් 1 way trip එකකට). එත් එහෙම වුනොත් Quantum Tunnel එක හරහායි එන්න ඕනි. නමුත් Steve ආවේ එහෙම නෙවේ. Tony ගේ Time Space wrist watch එකෙන් GPS එක track කරලයි Original reality එකෙන් අයින් වෙන තැනටයි නැවත පැමිණෙන්නේ . Quantum Tunnel එකයි Steve හිටිය bench එකයි අතර වැඩි දුරක් නෑ. Steve නැවත පැමිණියා අවරුදු ගණනාවක් ගත කරලා. (For him? As long as he needs, For us, five seconds) නමුත් නැවත පැමිණෙන ස්ථනය වෙනස් වුණා GPS එක tracker එකෙන්. මතක ඇති කලින් කිව්වා Tony මේ හදන Model එක සාර්ථක වෙන්නේ 99.987% ක්. මේ නිසා පිටත්වුන තැනටම නැවත එන්න සම්භාවිතාවක් නැති වෙන්නත් අවස්ථා අල්පයක් හෝ තියෙනවා.
    Endgame Time Travel concept එක ගොඩක් දෙනෙක්ට පැටලිලිසහගත එකක් වුනා අනිවාර්යෙන්ම . මොකද අපි කලින් අත්විදලා තිබුන Time Travel concept වලට වඩා හත් පසින්ම වෙනස් concept එකක් තමයි මෙතන සිදු වුනේ. ඉතින් අපිට මේ concept එක ඔලුවට ගන්නනම් අනික් සියලුම Time Travel concept ඔලුවෙන් අයින් කරලා ඉන්න වෙනවා. මෙතන වෙන්නේ Quantum Physics වලය අනුව alternate realities Time Travel concept එකයි. Marvel Cinematic Universe එකේදී මේ concept එක ගැන කියවෙන multiverse කීප අවස්ථාවකදීම සදහන් වුනා. මේක හදුනවලා දුන්නේ Doctor Strange එකෙනුයි. Ancient One එක අවස්තාවක සදහන් කරනවා,"This universe is only one of an infinite number. Who are you in this vast multiverse, Mr. Strange?" ඒ වගේම AMATW එකේදිත් Foster විසින් මේ alternate realities ගැන සදහනක් කලා. Avengers: Infinity War එකේදී Doctor Strange මේ alternate realities 14000605 අනාගතය දුටු බව සදහන් වුණා. මේ Original reality එකෙන් හැදුන alternate reality ගැන තව අදහසක් ගන්න පුළුවන් දළ සටහනක් නිර්මාණය කරලා තියෙනවා. මේ Link එකට ගිහින් ඒ photo එකෙන් තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. Endgame එකෙන් alternate reality හයක් නිර්මාණය වුනත් ඔතන තියන දළ සටහනේ තියෙන්නේ පහයි. Clint අතීතයට ගිහින් ගෙදරින් glove එකක් අරන් එමෙන් නිර්මාණය වුන reality එක දළ සටහනට දැම්මේ නෑ එතැනදී එක පොඩි කාලයක් ගත වුන නිසා. නමුත් එතනදිත් reality එකක් නිර්මාණය වුන බව ඔලුවේ තියා ගත්තනම් හරි.


    6WqSSjT.jpg


    Steve තම shield එක සහ Captain America නාමය Sam හට පිරි නමන අතර ඔහු ගත කල ජීවිතය රහසක් විදියටම තිය ගැනීමට කටයුතු කරනවා..

    කොමික් වල මෙතැන් ඉන්න දෙන්නම Captain America නාමයට හිමිකම් කියනවා , Bucky සහ Sam. මෙතනදී Steve, Captain America කම Sam ට ලබා දෙන්නේ එයට නියම සුදුස්ස විදියටයි.
    මෙතන වාදයන වන ගීතය ' It's Been a Long, Long Time' අපිට MCU එකේ තවත් තැනක අහන්න ලැබුන. ඒ තමයි Captain America The Winter Soldie එකේ Steve ගෙදරට එන වෙලාවේ Fury නිවාස ඇතුලේ සිටින විට යන ගීතයයි. මේ ගීතය නිර්මාණය වී යොදා ගෙන ඇත්තේ 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වී නිවාස බලා එන රණවිරුවන් සදහායි. අපි මෙතැනදී දකින අවසන් ජවනිකවත් ඒ හා සමාන අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්,

    MCU එකේ අපිට ලැබෙන සුපුරුදු post credit scene එකක්වත් අපිට දකින්න ලැබෙන්නේ නෑ මේ movie එකේ. Russo කියන විදියට මෙයින් Infinity Saga storyline එක අවසාන වන නිසායි post credit දකින්න නැත්තේ කියල. post credit scene එකක් වෙනුවට අපිට Iron Man පළමු Armor එක නිර්මාණය කිරීමේදී ඇතිවෙන ශබ්දයක් අහන්න ලැබෙනවා. Iron Man ට උපහාරයක් විදියට ඒ ශබ්දය යොදා ගත්ත යයි සැලකෙන්නේ. Infinity War එකට හොද sequel එකක් විදියට Endgame movie එක MCU එකේ අනිත් හැම movie එකටම වඩා ගොඩක් ඉදිරියෙන් තිබුන. Timeline එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති නොවන්න අවරුදු ගණන් සදහන් කරලා තිබුන. හැබැයි මේ event එකත් එක්ක MCU Timeline එක වර්තමානය 2023 වගේ කාලයකට ඇදන් ගියා. එහෙමනම් අපිට ඉස්සරහට එන Movies 2023 කාලයෙන් පස්සේ කාලයට අයත් ඒවාද. ඒගැන කියන්නම් දැන්ම කල් වැඩි. MCUSL එකේ රේටින්ග් එක 10/10 යි. Marvel Cinematic Universe එකේ පළමු Wave එක The Infinity Saga මේ විදියට නිමා වෙන්න තිබුනත් Phase Four වල පලවෙනි movie එක වුන Spider-Man: Far From Home movie එක Phase Three වල අවසාන movie එක කරන්න Marvel Studios මෑතකදී තීරණය කරලා තියෙනවා. එසේ වුනොත් Infinity Saga අවසන් movie එක වෙන්නේ එයයි. Spider-Man: Far From Home movie එකේ රිවිව් එකෙන් හමුවෙමු ආයෙත්.
     
    • Love
    Reactions: praveenKF