Awesome Camping @ Reverstan / Riverstone
with Little bit fear
*This thread will take few moments to load..*
දුම්බර මිටියාවත පැත්තේ... සුන්දර ගම්මානෙක උන්නේ... ඉස්සර ඇහුන සිංදුවක්..ඉතිං ඒ සුන්දරත්වය රැගෙන එන සුන්දර දෙයක් තමා නකල්ස් කදු යාය..නකල්ස් කියන්නේ කදු කීපයක එකතුවක්....මහනුවර සිට මාතලේ දිස්ත්‍රික්කය පුරා රැගෙන යන මේ කදු යායේ රිවර්ස්ටන් කියන්නේ ගොඩාක්ම ලස්සන ප්‍රදේශයක්..ගොඩක් දුෂ්කර ප්‍රදේශයක් වුනාට සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නෑ, සුන්දරත්වයෙන් පමනක් නෙවේ, ජීව විද්‍යාත්මක අගයෙන් ද මෙහි වටිනාකම කියා නිම කරන්න බෑ,..මීදුමෙන් වට වෙන කදු පන්තියද, ඇගේ හිරිගඩු පිපෙන සීතල සමග සුළග ගෙන එන්නේ අමුතුම චමත් කාරයක්..
මුහූදු මට්ටමේ සිට අඩි 6109 වැඩි උසක් මෙම කදු වලට තියන බව තමයි ආරංචි...
මේ අපේ පුංචි දූපතේ ලස්සන නැත්තේ කොතනද නේද?
....................
Trip info
ලංකාවේ ලස්සන බලන්න ගොඩක් අය ආසයි..ඒ වගේම තමා ගොඩක් අයට නිවාඩු නෑ...ඒ වගේම නවාතැන් පහසුකම්...
You just need 2 days off at Weekend..
මේ සංචාරයෙදී ඔයාලට ඕන වෙන්නේ සති අන්ත සෙනසුරාදා ඉරිද නිවාඩුවක්..නවාතැන් පහසුකම් ඕන වෙන්නේ නෑ
කූඩාරමක් තියනව නම්..එහෙම නැත්නම් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට කතා කරල ඉලුක්කුඹුර බංගලාව වෙන්කර ගන්නත් පුලුවන් ..
(වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල 0112866631-632)
...................................................
Colombo > Mathale > Rattota > Reverstan , pathana
Mathale > Rattota
Rattota > Reverstan , pathana
came back on same route
From Colombo to Rattota by Public Transport
* You can find public buses from MATHALE to RATTOTA by 15min to 15min
From Rattota hired van
(Jayantha - 0771759895 . very good person and for best price and very helpful..i recomend if you are going there just hire his van and go with him)
කූඩාරමක් ගෙනියනව නම් ඔයාලට කෑම්පින් කරන්න පුලුවන්...හැබැයි වනජීවී එකෙන් අහල තමා තැනක් හොයා ගන්න වෙන්නේ..අපිට නම් ගමේ කෙනෙක් තමා තැනක් හොයල දුන්නේ..පවුලක් යනව නම් ඉලුක්කුඹුරේ බංගලාවක් තියනව..ඒකේ නවතින්න පුලුවන්..

if you are going as a family you can reacave a place from wild life department by calling 0112866631..As we wanted to do camping we found the place by asking villeger
වතුර බෝතලයක් අනිවාර්යයෙන්ම ගෙනියන්න...
(water Bottle)
ඊට අමතරව සීතලින් ආරක්ෂා වීම සදහා අවශ්ය සියලුම දේ ගෙනියන්න..
(weather is cool there..so bring jacket)
සැහැල්ලු, ක්ෂනික අහාර ගෙනියන්න..උයන පිහින බඩු බාහිරාදිය
(fast foods and al the sfuff that need for cook)
හදිසි වැසි වැටෙන නිසා ඒවයෙන් ආරක්ෂා වීමට වැහිකබා ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදයි , සහ කූඩාරම
(Rain coat and Tent )
පොලිතින් භාවිතය අවම කරන්න
(Reduce the using of Polythene)
* මීදුම වෙලාවට පරිස්සමෙන්
* යන්න තියන පාරෙන් පිට පනින්න එපා..පාරක් හදල තියෙන්නේ ඒක භාවිත කරන්න..
* සතුන්ගෙන් ප්‍රවෙසම් වෙන්න .. කූඩැල්ලොත් ඕන හැටියට ඉන්නව
* කැලෑවේ තිබෙන ලස්සන මල්, ශාක කඩන්න එපා..ඒව එතනම තියෙන්න අරින්න..ගෙදරට ගෙන්න හදන්න එපා..
* මෙම පරිසර පද්දතිය ලෝක උරුමයකි...එහි කිසිම දේකට කිසිම අයුරින් හානියක් නොකිරීමටත්, පොලිතීන් ආදී අපද්‍රව්‍ය නිසි තැන් වලින් බැහැර කිරීමටත් වග බලා ගන්න
මේය අපේ උරුමයකි..අපේ අභිමානයකි...මෙය අපට විතරක් පොදු දෙයක් නොවේ...අපේ අනාගත පරපුර සදහා රැක ගැනීම ඔබේත් මගේත් යුතු කමකි
........
සංචාරය පටන් ගමු.........
ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)

සංචාරය සදහා සහභාගී වු අපේ Elakiri Traveler Team එකේ අය
......................
මී මුරේ කෑම්පින් කලාට පස්සේ කෑම්පින් කරන්න තිබ්බ ආසාව වැඩි උනත්, දින සති, මාස ගෙවිල ඒ අදහස කල් ගියා..කොහොමෙන් කොහොම් හරි ඉතිං මේ ළගදි ඒ ආසාව ආයේ ඇවිත් කෑම්පින් එකක් කරමු කියල අයිඩියා එක ඔලුවට ආව ගමන් මට මතක් උනේ රිවර්ස්ටන් පැත්ත..ඒ එක්කම මාතලේ පැත්තේ ඉන්න අපේ චමිත් ගෙන් ඇහුවම කිව්වු, හරි මචං යං කියල..කොහොමි කොහොම හරි බදාදා දවසක ගමන ගැන කතා වෙලා සිකුරාදා රෑ යන්න පිටත් උනා..
පටා- ජේ.කේ.. 3.30 ඉන්ට්‍රසිටි ට්‍රෙන් එක තියනව..අල්ල ගත්තොත් ගොඩ..
මං- මචං මං තාම ට්‍රේනින් එකේ..ඉවර උන ගමන් මං අදිනව සිං ගාල
පටා- දිලුම එනව කිව්වුඅ 3 වෙද්දි..
මං- එල..චම්ත් එනව කිවුව ඒ ටයිම් වෙද්දි..
ඔන්න ඔහොමයි ගමන යන දවසේ කතා උනේ යමු කියල..
මේ සංචාරයේදී අපිට අපේ , චාමික සහ බොල්ට්, නික් සහ අලුත බැදපු අපේ පෙරා නැති අඩු පාඩුව නම් හොදටම දැනුනා.. වෙන කාටවත් කියන්නත් බැරි අපිට ටෙන්ට් එකේ ඉඩ ප්‍රශ්නෙකුත් තිබ්බා
කොහොම හරි වෙලාව එද්දි අපි කට්ටියම කොටුව ස්ටේශන් එකට සෙට් උනා
අපේ වෙලාව හොද කමට කොච්චියේ සීට් එකක් වත් ඉතුරු වෙලා තිබ්බේ නෑ..උදේ කෝල් කලාම හවස ඇවිත් ගන්න පුලුවන් කිවුව විශ්වසෙට තමා අපි ගියේ..ඉතිං අපේ ලක් එක ඉහලින්ම තිබ්බ නිසා අපි 4.30ට යන කොච්චියට ටිකක් අරන් ස්ටේශන් එක ඇතුලට ගියා
කොහොම හරි වෙලාව 4 .10 වගේ වෙද්දි දුම්රිය අවා..සති අන්තය නිසා සෑහෙන සෙනගක් හිටියා..ෆුල් ට්‍රයි එක දීල අපිත් සීට් 2ක් අල්ල ගත්ත යාන්තමට වගේ
4.35 වෙද්දි මහනුවර දක්වා දිවෙන අපේ දුමිරිය සුපුරුදු ගමන් ඇරඹුවා...පොල්ගහවෙලට යනකල් නම් පුදුම සෙනගක් හිට්යේ..
ඔක්කොටම මහන්සියි
රඹුක්කනදී..
මෙතන ඉදන් කෝච්චිය ටිකක් මන්දගාමීව තමා ගියේ.එ වගේම දැන ගන්න ලැබුන ඉස්සරහින් ගිය කෝච්චියකට කෙල්ලෙක් පැනලා කියල..ඒකෙන් අපේ වාසනව තවත් වැඩි කරමින් අපේ ගමනේ වෙලාව තවත් වැඩි කලා.

දුම්රියේ අපේ මැදිරිය Class 3
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය පහු කරලා ටිකක් දුර ගියාට පස්සේ දුම්රිය එක පාරටම නැවතුනා
ටික වෙලාවක් තිබුනා..වටේම කලුවරයි...මොකක් වෙලාද කියල හිතා ගන්න බෑ..ටිකක් වෙලා ගියාම ඉස්සර හිට්ය මිනිස්සු කියන්න ගත්ත කෝච්චිය පීලි පැනල කියල,..මහ රෑ මේ වගේ තැනක පීලි පැනපුවාම දැනන සතුට.
.අපේ ලක් එක එදා නම් මාරයි 
දැන් මොකද කරන්නේ..බැහැල ඊළග ස්ටේශන් එකට පයින් යන්න කිවුව එතන ඉන්දන් නුවරට කෝච්චියක් දාල ඇති කියල..ඒකට කි.මී 3ක් විතර දුරයි...ටෙන්ට් එකත් උස්සන්, කූඩැල්ලොත් පිරිච්ච පාරක, ලාවට තියන ටෝච් එලියෙන් අපි මහ රෑ රේල් හයික් එකක් කලා...
එක පාරටම මෙහෙම දෙයක් උනාම අසරණ උන මිනිස්සු..
මෙන්න මෙහෙමයි එන්ජින් එක පීලි පැනල තිබ්බේ
හොද වෙලාවට කොහෙ ගියත් මල්ලේ ටෝච් එකක් දාන යන අපේ චමිතය නිසා අපිට ටෝච් එලියක් නම් හම්බුනා...මෙතන භයානකම සිද්දිය තාමා දකුනු පැත්තෙන් තියෙන්නේ හෙල..ඒ නිසා අපි රේල් පාරෙම ගමන් කරන්න ඕන
අපි යන අතර මගදි පරා කියල අයිය කෙනෙක් සෙට් උනා..අපිට ට්‍රිප් ගැන ගොඩක් දේවල් කියල දෙනව වගේම දවසක එයාලගේ ගෙදර එන්න කියලත් කට්ටියටම අරාධනා කලා...පරාට ගොඩක් ස්තූති.
රෑ ජාමේ බිං ගෙයක් ඇතුලෙන්
10.30 විතර එද්දි අපිට යානතමින් මහනුවර ළගාවෙන්න පුලුවන් උනා..අපි එද්දි අපේ ජාස ස්ටෙසන් එකේ ඇන ගනන් කර කර හිට්ය
නුවරින් අන්තිම සී.ටී.බී බස් එක මාතලේට රෑ 11ට..අපේ වාසනව රජයපු එදා අපිට අවසාන බස් එකත් අල්ල ගන්න පුලුවන් උනා
රෑ 12 වෙද්දි මාතලේට අපි ගොඩ බැස්ස...අපේ කිඩෝ ආව මාතලේට අපිව ගන්න..එදා රෑ අපි හිට්යේ කිඩෝලගේ ගෙදර...අපි වෙනුවෙන් සංග්‍රහ කරපු කිඩෝලගේ අම්ම ඇතුලු පවුලේ සැමට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන...රෑ 1ට,2ට වගේ අපි නිදාගන්න ගියේ පහුවදා ලොකු ගමනක් යන්න තියන නිසා..
ඒ පහුවදා රෑ නිදා ගනන් තැන මොකක් වෙයිද කියල අපි කාටවත් අදහසක් තිබ්බේ නෑ..ඒ වගේම ඒවගේම ඒ ගැන ලොකු ආසවකින් හිට්යේ...

.............................

- ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)
Mathale > Rattota
Rattota > Reverstan , pathana
came back on same route
- කොහොමද යන්නේ? (Transport)
From Colombo to Rattota by Public Transport
* You can find public buses from MATHALE to RATTOTA by 15min to 15min
From Rattota hired van
(Jayantha - 0771759895 . very good person and for best price and very helpful..i recomend if you are going there just hire his van and go with him)
- නවාතැන්? (Accommodation)
කූඩාරමක් ගෙනියනව නම් ඔයාලට කෑම්පින් කරන්න පුලුවන්...හැබැයි වනජීවී එකෙන් අහල තමා තැනක් හොයා ගන්න වෙන්නේ..අපිට නම් ගමේ කෙනෙක් තමා තැනක් හොයල දුන්නේ..පවුලක් යනව නම් ඉලුක්කුඹුරේ බංගලාවක් තියනව..ඒකේ නවතින්න පුලුවන්..
(වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල 0112866631-632)
if you are going as a family you can reacave a place from wild life department by calling 0112866631..As we wanted to do camping we found the place by asking villeger
- ගෙනියන්න ඕන මොනවද (what should we bring with us)?
වතුර බෝතලයක් අනිවාර්යයෙන්ම ගෙනියන්න...
(water Bottle)
ඊට අමතරව සීතලින් ආරක්ෂා වීම සදහා අවශ්ය සියලුම දේ ගෙනියන්න..
(weather is cool there..so bring jacket)
සැහැල්ලු, ක්ෂනික අහාර ගෙනියන්න..උයන පිහින බඩු බාහිරාදිය
(fast foods and al the sfuff that need for cook)
හදිසි වැසි වැටෙන නිසා ඒවයෙන් ආරක්ෂා වීමට වැහිකබා ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදයි , සහ කූඩාරම
(Rain coat and Tent )
පොලිතින් භාවිතය අවම කරන්න
(Reduce the using of Polythene)
- විශේෂ (Special Note)
* මීදුම වෙලාවට පරිස්සමෙන්
* යන්න තියන පාරෙන් පිට පනින්න එපා..පාරක් හදල තියෙන්නේ ඒක භාවිත කරන්න..
* සතුන්ගෙන් ප්‍රවෙසම් වෙන්න .. කූඩැල්ලොත් ඕන හැටියට ඉන්නව
* කැලෑවේ තිබෙන ලස්සන මල්, ශාක කඩන්න එපා..ඒව එතනම තියෙන්න අරින්න..ගෙදරට ගෙන්න හදන්න එපා..
* මෙම පරිසර පද්දතිය ලෝක උරුමයකි...එහි කිසිම දේකට කිසිම අයුරින් හානියක් නොකිරීමටත්, පොලිතීන් ආදී අපද්‍රව්‍ය නිසි තැන් වලින් බැහැර කිරීමටත් වග බලා ගන්න
මේය අපේ උරුමයකි..අපේ අභිමානයකි...මෙය අපට විතරක් පොදු දෙයක් නොවේ...අපේ අනාගත පරපුර සදහා රැක ගැනීම ඔබේත් මගේත් යුතු කමකි
........
සංචාරය පටන් ගමු.........
ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)
Colombo > Mathale > Rattota > Reverstan , pathana
සංචාරය සදහා සහභාගී වු අපේ Elakiri Traveler Team එකේ අය
......................
මී මුරේ කෑම්පින් කලාට පස්සේ කෑම්පින් කරන්න තිබ්බ ආසාව වැඩි උනත්, දින සති, මාස ගෙවිල ඒ අදහස කල් ගියා..කොහොමෙන් කොහොම් හරි ඉතිං මේ ළගදි ඒ ආසාව ආයේ ඇවිත් කෑම්පින් එකක් කරමු කියල අයිඩියා එක ඔලුවට ආව ගමන් මට මතක් උනේ රිවර්ස්ටන් පැත්ත..ඒ එක්කම මාතලේ පැත්තේ ඉන්න අපේ චමිත් ගෙන් ඇහුවම කිව්වු, හරි මචං යං කියල..කොහොමි කොහොම හරි බදාදා දවසක ගමන ගැන කතා වෙලා සිකුරාදා රෑ යන්න පිටත් උනා..
පටා- ජේ.කේ.. 3.30 ඉන්ට්‍රසිටි ට්‍රෙන් එක තියනව..අල්ල ගත්තොත් ගොඩ..
මං- මචං මං තාම ට්‍රේනින් එකේ..ඉවර උන ගමන් මං අදිනව සිං ගාල
පටා- දිලුම එනව කිව්වුඅ 3 වෙද්දි..
මං- එල..චම්ත් එනව කිවුව ඒ ටයිම් වෙද්දි..
ඔන්න ඔහොමයි ගමන යන දවසේ කතා උනේ යමු කියල..
මේ සංචාරයේදී අපිට අපේ , චාමික සහ බොල්ට්, නික් සහ අලුත බැදපු අපේ පෙරා නැති අඩු පාඩුව නම් හොදටම දැනුනා.. වෙන කාටවත් කියන්නත් බැරි අපිට ටෙන්ට් එකේ ඉඩ ප්‍රශ්නෙකුත් තිබ්බා
කොහොම හරි වෙලාව එද්දි අපි කට්ටියම කොටුව ස්ටේශන් එකට සෙට් උනා
අපේ වෙලාව හොද කමට කොච්චියේ සීට් එකක් වත් ඉතුරු වෙලා තිබ්බේ නෑ..උදේ කෝල් කලාම හවස ඇවිත් ගන්න පුලුවන් කිවුව විශ්වසෙට තමා අපි ගියේ..ඉතිං අපේ ලක් එක ඉහලින්ම තිබ්බ නිසා අපි 4.30ට යන කොච්චියට ටිකක් අරන් ස්ටේශන් එක ඇතුලට ගියා
කොහොම හරි වෙලාව 4 .10 වගේ වෙද්දි දුම්රිය අවා..සති අන්තය නිසා සෑහෙන සෙනගක් හිටියා..ෆුල් ට්‍රයි එක දීල අපිත් සීට් 2ක් අල්ල ගත්ත යාන්තමට වගේ
4.35 වෙද්දි මහනුවර දක්වා දිවෙන අපේ දුමිරිය සුපුරුදු ගමන් ඇරඹුවා...පොල්ගහවෙලට යනකල් නම් පුදුම සෙනගක් හිට්යේ..
ඔක්කොටම මහන්සියි
රඹුක්කනදී..
මෙතන ඉදන් කෝච්චිය ටිකක් මන්දගාමීව තමා ගියේ.එ වගේම දැන ගන්න ලැබුන ඉස්සරහින් ගිය කෝච්චියකට කෙල්ලෙක් පැනලා කියල..ඒකෙන් අපේ වාසනව තවත් වැඩි කරමින් අපේ ගමනේ වෙලාව තවත් වැඩි කලා.

දුම්රියේ අපේ මැදිරිය Class 3
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය පහු කරලා ටිකක් දුර ගියාට පස්සේ දුම්රිය එක පාරටම නැවතුනා
ටික වෙලාවක් තිබුනා..වටේම කලුවරයි...මොකක් වෙලාද කියල හිතා ගන්න බෑ..ටිකක් වෙලා ගියාම ඉස්සර හිට්ය මිනිස්සු කියන්න ගත්ත කෝච්චිය පීලි පැනල කියල,..මහ රෑ මේ වගේ තැනක පීලි පැනපුවාම දැනන සතුට.
.අපේ ලක් එක එදා නම් මාරයි 
දැන් මොකද කරන්නේ..බැහැල ඊළග ස්ටේශන් එකට පයින් යන්න කිවුව එතන ඉන්දන් නුවරට කෝච්චියක් දාල ඇති කියල..ඒකට කි.මී 3ක් විතර දුරයි...ටෙන්ට් එකත් උස්සන්, කූඩැල්ලොත් පිරිච්ච පාරක, ලාවට තියන ටෝච් එලියෙන් අපි මහ රෑ රේල් හයික් එකක් කලා...
එක පාරටම මෙහෙම දෙයක් උනාම අසරණ උන මිනිස්සු..
මෙන්න මෙහෙමයි එන්ජින් එක පීලි පැනල තිබ්බේ
හොද වෙලාවට කොහෙ ගියත් මල්ලේ ටෝච් එකක් දාන යන අපේ චමිතය නිසා අපිට ටෝච් එලියක් නම් හම්බුනා...මෙතන භයානකම සිද්දිය තාමා දකුනු පැත්තෙන් තියෙන්නේ හෙල..ඒ නිසා අපි රේල් පාරෙම ගමන් කරන්න ඕන
අපි යන අතර මගදි පරා කියල අයිය කෙනෙක් සෙට් උනා..අපිට ට්‍රිප් ගැන ගොඩක් දේවල් කියල දෙනව වගේම දවසක එයාලගේ ගෙදර එන්න කියලත් කට්ටියටම අරාධනා කලා...පරාට ගොඩක් ස්තූති.
රෑ ජාමේ බිං ගෙයක් ඇතුලෙන්
10.30 විතර එද්දි අපිට යානතමින් මහනුවර ළගාවෙන්න පුලුවන් උනා..අපි එද්දි අපේ ජාස ස්ටෙසන් එකේ ඇන ගනන් කර කර හිට්ය

නුවරින් අන්තිම සී.ටී.බී බස් එක මාතලේට රෑ 11ට..අපේ වාසනව රජයපු එදා අපිට අවසාන බස් එකත් අල්ල ගන්න පුලුවන් උනා

රෑ 12 වෙද්දි මාතලේට අපි ගොඩ බැස්ස...අපේ කිඩෝ ආව මාතලේට අපිව ගන්න..එදා රෑ අපි හිට්යේ කිඩෝලගේ ගෙදර...අපි වෙනුවෙන් සංග්‍රහ කරපු කිඩෝලගේ අම්ම ඇතුලු පවුලේ සැමට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන...රෑ 1ට,2ට වගේ අපි නිදාගන්න ගියේ පහුවදා ලොකු ගමනක් යන්න තියන නිසා..
ඒ පහුවදා රෑ නිදා ගනන් තැන මොකක් වෙයිද කියල අපි කාටවත් අදහසක් තිබ්බේ නෑ..ඒ වගේම ඒවගේම ඒ ගැන ලොකු ආසවකින් හිට්යේ...

.............................
Last edited:

අපේ කිඩෝ පුදුම ආසවෙන් හිට්යේ..
this
.අපිට ඉතිං අකමැත්තෙන් උනත් ඒ වෙලාවට කියවෙන එකම වචනේ "කාලකන්නි" කියල තමයි..