ඔය කෝස් එක අවුරුදු 6ක කොස් එකක්. හයක් කිව්වට 6 1/2-7ක් වගේ කාලයක් යනවා අවුට් වෙන්න. (කෙල්ල සෙකන්ඩ් ෂයි, තර්ඩ් ශයි නං පොඩ්ඩක් හිතලා බලපන්)
ගවර්මන්ට් ජොබ් එක හම්බවෙන්න තව කාලයක් බලං ඉන්න වෙනවා. 2016 අන්තිම වෙනකොට ජොබ් නැති උන් හත්සිය ගාණක් හිටියා. උන්ගෙන් හයසිය ගානකට ජොබ් හෙට අනිද්දා හම්බ වෙනවා. ආණ්ඩුවේ ජොබ් එක මාණ්ඩලික ශ්‍රේණියේ වරප්‍රසාද තියන එකක්.(ඒ කියන්නේ දළ වශයෙන් ලක්ෂයක විතර වැටුපක් තියනවා. 20,000$ක කාර් පර්මිට් එකක් හම්බ වෙනවා)
(ඒක ගැනත් පොඩ්ඩක් හිතපන්)
පහුගිය කාලේ ටුවරිසම් දියුණු වෙච්ච සීන් එකත් එක්ක හොස්පිටලිටි සෙක්ටර් එකේ ආයුර්වේද වලට හොද ඉල්ලුමක් තියනවා. දැන් අවුට් වෙන ගොඩක් වුන් මේ සීන් එකට සෙට් වෙනවා. (කඩ්ඩ සුපිරි නං හොද හොටෙල් එකකට සෙට් වෙන්න පුළුවන්.)
එහෙමත් නැත්තං බියුට් කෙයා පැත්තට සෙට් වෙන්න චාන්ස් එකක් තියනවා.(ලින්ක්, නේචර්ස් සික්‍රට් වගේ ඒවට)
ඕක කරලා ගොඩ ගියපු උන් ඕනෑතරම් ඉන්නවා.
වැඩි විස්තර ඕනෙනං PM එකක් දාපන්.
ජය