මම ආණ්ඩුවෙන් දීපු එකක් පාවිච්චි කරනවා
2015 පෙබරවාරි විතර ගත්ත එකක් 30000ක් දුවලා දැනට
අදත් කොළඹ ගිහින් ආවේ රත්නපුරේ ඉදන්
කොහොමත් මාසෙකට සර්විස් එකක් කරන්න සෙට් වෙනවා ද
දැන් දැන් මාසෙකට 3000 පන්නලා දුවනවා
මෙහෙමයි කතන්දරේ
ඉස්සර ආපු ඩිස්කවරි එකතරම් බැලන්ස් නෑ
උපරිම අසූව තමා
ඊට වඩා යනකොට බයික් එක වීසි වෙන්න බලනවා
(මම 120ට ගිහින් තියනවා )
පෙට්‍රල් උපරිම කරන්නේ 55ක් විතර තමා
බයික් එකට එන ටයර් දෙක වැඩක් නෑ
මං අලුතින්ම දෙකක් දැම්මා
පස්සට 100/90/17 දාගන්න
නැත්නම් බැලන්ස් එක අඩුයි
ප්ලස්ර් පරණ මොඩල් හැන්ඩ්ල් එකක් දාගන්න
එන හැන්ඩ්ල් එකට බයික් එක බැලන්ස් නෑ
මොන ටයර් එක දැම්මත් බ්රෙක් කරනකොට පස්ස වීසි කරනවා (බර අඩු නිසාද මන්දා)
පරණ ඩිස්කවරි 135 ඩිස්ක්බ්රේක් එකක් අරගනින්න සුපිරි බඩු
පට්ට බැලන්ස් යන්නත් දෙයියා වගේ