Ban Facbook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Ban Facbook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??

    Ban Facebook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??





    ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??
    අනේ අපි බයවෙයි....

    ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත.

    තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්‍රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.

    tor1.png


    Tor ජාලය යනු කුමක්ද

    Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.
    tor-large.jpg

    Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද

    Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.

    Tor.png


    ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?

    නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.


    ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.




    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    උපුටා ගත්තේ .....

    http://upullive.blogspot.com/2014/02/wallapatta.html#.UwTeq8575yU

    images
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕකනම් දන්නවා
    ඒත් එතකොට ෆෝන් වලින් එන උන්ට කෙල වෙනව නේද?

    iPhone/Android ඇප් එකක් නම් තියනවා ඒ වුනාට FB ඇප් එකෙන් යන්න බැරි වෙයි, ඒ වුනාට ඒකටත් විසදුමක් තියනවා tor එකෙන් කරන්නේ socks proxy එකක් විදියට act කරන එක ඕනෙ නම් සේරම නෙට්වරක් ට්‍රැෆික් ඒ proxy එකෙන් යනන් කියලා කන්ෆිගර් කරලා ඇප් වුනත් වැඩකරන විදියට හදන්න පුලුවන්(ඇන්ඩ්‍රොයිඩ් වල පමණි), හැබැයි ios වල නම් jail break කරන්නෙ නැතුව කරගන්න බැරිවෙයි.