මට නම් හිතෙන්නේ බන් මුන් ගහන්නේ International Cricket නිසා යම් මට්ටමකට decency එකක් තියෙන්න ඕන. Timeout සිද්දිය උනත් wicket එකකදී celebration එකකදී වගේ කලාට අවුලක් නෑ . මේක මේ දිනපු වෙලාවේ ඉදන් cup එක උස්සනකල් හැමවෙලේම මෙහෙක් කරගෙන ඔක්කොම එක්ක ඔරලෝසු පෙන්නන්න ගියාම එක නිකන් හෙන අඩුකුලේ ෆීලින් එකක් බලන් ඉන්න උන්ට දැනෙන්නේ. ඉස්සර අර්ජුනගේ කාලෙත්, පස්සේ සංගල/ මහේලලගේ කලේ වෙනකන් අපේ ටීම් එක යම් කිසි ලෙවෙල් එකකට තත්වේ තියාගෙන හිටිය.(ඩිලා ගේ අර නො බෝල් සීන් එක වගේ ඒවා නිසා චාටර් උනා පස්සේ )
අනික ඒ කාලේ ඉදපු උන්ට මිට වැඩ හික්මීමක් තිබ්බ මට හිතෙන විදියට (ටිකක් උගත් නිසාත් වෙන්න ඇති). අර්ජුනගේ කලේ ගමු . ගොඩක් උන්ට MOM උනාම බය නැතිව ඉංග්‍රීසි කතාකරගන්න පුළුවන් කම උනත් තිබ්බ. බලපන්කො, මෙන්ඩ, වනිය කතාකරන ඒවා. අහන් ඉන්න මොකද්ද වගේ.
දැන් උබල කියයි, ඉන්රිසි කතාකරන්න බැරි එක ලැජ්ජාවක් නෙවෙයි, උන් ක්‍රිකට් ගහනව නම් එච්චරයි බ්ලාහ් බ්ලාහ්.
යකෝ උන්ට කරන්න තියෙන්නේ ක්‍රිකට් ගහන එක විතරයි. අනික් දවස්වල උන් ට කරන්න තියෙන්නේ, ප්‍රක්ටිස් යන එකයි, ජිම් යන එකයි නෙහ් . දවසකට පැය දෙකක් වෙන් කරලා spoken English ටිකක් හදාගනිල්ලකෝ අඩුගානේ ජාමේ බේරගන්න කතාකරන්නවත්.
ලොකු කතන්දර, මහලොකු grammar ඕනේ නෑ. අඩුගානේ තමන්ට කියන්න ඕන දේ අනික් එකාට තේරෙන විදියට කියාගන්න තිබ්බ නම් ඇති.
බලපන්, ඉන්දියාවේ හැම පොඩි එකාටම හොදට කතාකරගන්න පුළුවන්. අපේ උන් තමයි අවරුදු 5-6 ටීම් එකේ ඉදලත් කතාකරන්න ගියාම නවීඩ් වාස් කාරය මයික් එක අරන් එනකල් ලොල් ලොල් ගාන්නේ.
මගේ අදහස නම් international Cricket ගහනව කියන්නේ, ප්‍රැක්ටිස් කරලා ගිහින් මැච් එක විතරක් ගහල එන එක නෙවෙයි. tournament එකකදී මැච් එක දිනුවත්, පැරදුනත්, ground එක ඇතුලේ වගේම එලියේත් සංයමයක් තියෙන්න ඕනේ. රටක් නියෝජනය කරනවා කියල මතක තියාගෙන ඩිසන්ට් පිට හැසිරෙන්න ඕනේ. උබලගේ අදහස වෙනස් ඇති. මම කිව්වේ මගේ එක
මමත් ඔයටිකම උඩ හරියෙ කිව්වා.
අපෙ ටීම් එකට ලොකු රෙස්පෙක්ට් එකක් තිබ්බා ලොකෙ මොකද අපි ආගියු කරන්නෙ නැහැ අම්පයර්ස් ලා එක්කවත් වෙන ප්ලෙයර්ස් ලා එක්ක වත්.
එකම එක අවස්ථාවක් මතකයි දිල්ශාන් ද කොහෙද කින්ඩියක් දැම්මා ඉන්දියන් ටීම් එකත් එක්ක මැච් එකකදි .
අන්න ඒක ඇරුණහම වෙන කිසි තැනක අපෙ උන් ඔය මෝඩ ආතල් ගත්තෙ නැහැ.
ක්ලාස් එක තියෙන්න ඔනි මොනවා කිව්වත් .
ක්ලාස් එක පෙන්වන්න ඔනි .
මුරලිලාට ,ජයසූරියලාට, සංගලාට ක්‍රිකට් ලෝකෙ අපෙ රටෙ වගෙම අනික් රටවල් වලත් මිනිස්සු ගරු කරන්නෙ ඒ විනය තිබ්බ නිසා.
පෞද්ගලික ජීවිතෙ වෙන වෙන දෙවල් වෙන්න ඇති නමුත් ක්‍රිකට් වල විනය රැක්කා ඒ අය.
මාලිංග ගැන ලොකු රෙස්පෙක්ට් එකක් හිතෙන්නෙ නැහැ නෙ වැඩිය ,හේතුව පොරත් රස්තියාදු ටයිප් එකටනෙ හැසිරුනෙ ලංකාවෙදි .
මචං ෆොන්ට් එකෙ කලර් එක ලයිට් කරපන් පැහැදිලි මදි .