Bank Loan එකේ fixed rate සම්බන්දව ගැටළුවක්

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Bank Loan එකේ fixed rate සම්බන්දව ගැටළුවක්

    මචන් මන් DFCC bank එකෙන් housing loan එකක් අරන් තියෙනවා 15 years වලට. වාරිකය සෙට් වෙන්නේ 53000. අපි ඔය loan එක ගද්දි එතන ඕක handle කරන කෙනාට කිවුවේ fixed rate දාන්න කියල (14%). වැඩේ ලස්සනට ගියා. දැන් මාස 2ක ඉදන් ගාණ 57000ක් එනවා. ඕක ගිය මාසේ ආපුවම අහන්නන් කියල හිටියට අමතක උනා. මන් දැන් බැංකුවට කතා කලාම උන් කිවුවේ මගේ proposal එකේ තියෙන්නේ 2 years වෙනකන් විතරලු fixed rate ඊට පස්සේ floating ලු (Now 15.2%) . මන් ඊට පස්සේ බැංකුවට ගිහින් ඇහුවා හරි මට මේක fixed rate එකට හදල දෙන්න පුලුවන්ද කියල. එතකොට කිවුවා කිසිම බන්කුවක් fixed rate එකට අවුරුදු 15
    දෙන් නෑ කියල. ඒ වුනාට මචන් තාත්ත loan දාල තියෙනවා මහජන බැංකුවේ ඒවා අවුරුදු ගානක් වෙලත් fixed rate යන්නේ
    අනිත් බැංකුවල කොහොමද සීන් එක ?
    මේකට කරන්න තියෙන විසදුම මොකද්ද?

    මට මේක fee එකක් නැතුව BOC වගේ එකකට මාරු කරගන්න පුලුවන්ග්ද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ ලෝන් ගන්න කෙනා විතරක් නෙමේ බැංකුවෙ ඉන්න එවුන්වත් terms & condition ගැන හරි අවබෝදයක් නෑ. අපේ අම්ම ලෝන් එකක් ගන්න ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් අහපු හැම වෙලාවකම උන් අඹරුනා. ලෝන් එක අරගන ඉවර උනාටත් පස්සෙ එක එක දේවල් වලට සයින් කරන්නයි id කොපි නැති වෙලා කියපුවම දෙන්නයි උනා. උන් හිස් කොළ වලට සයින් කරලත් ඉල්ලුවා. අම්ම දුන්නෙ නෑ. උඹලගේ තාත්තා හරියට වැඩේ රික්වෙස්ට් කරලා කරන්න ඇති. බෑන්ක් එකේ එවුන් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අවුරුදු දෙකකට විතරක් රේට්ස් ෆික්ස් කරලා දෙන්න ඇති.