BBS අලුත් පොතක් පෙරළයි
ජනාධිපතිවරණය ආසන්නවත්ම දැඩි ලෙස කැළඹීමට ලක්වී සිටින බොදු බල සේනා සංවිධානය විශේෂ මහා සමුළුවක් හෙට (04)කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට සූදානම් වේ.
ශ්‍රිලනිපයේ මහාලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් ජාතික හෙළ උරුමය පක්ෂය පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමත් සමග තම සංවිධානය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සම්පූර්ණ සහයෝගය පළකරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් එහි මහලේකම් ඥාණසාර හිමියන් ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයත් සමඟ එතෙක් ආණ්ඩුව සමඟ නාමිකව කටයුතු කළ මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ප්‍රාදේශීය නායකයන්ගෙන් මෙන්ම සාමාජිකයින්ගෙන් දැඩි බලපෑමක් එල්ල විය. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වීමත් සමග දැඩි ලෙස කලබල වූ රාජපක්ෂ පිලේ ප්‍රධානීන් මුස්ලිම් කොංග්‍රසයට පොරොන්දු දී ඇත්තේ බොදු බල සේනා සංවිධානය තමන්ට සහයෝගය නොදක්වන බවත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව සමුළුවක් පවත්වා ප්‍රකාශයට පත්කරවන බවත්ය. ඒ අනුව හදිසියේම මෙම සමුළුව හෙට පැවැත්වීමට සූදානම් කර තිබේ.
පසුගිය මාස කිහිපය තුළ අවස්ථා දෙකකදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙන්ම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී බොදු බල සේනා සංවිධානය සමුළු පැවැත්වූ අතර කිසිදු නිශ්චිත තීරණයක් ඒ හරහා නොගත්තේය. මේ ආකාරයට සමුළු පවත්වන එකම සංවිධානය බොදු බල සේනා සංවිධානය බවත් මේ වනවිට එම සංවිධානය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
- LankaTruth