BBS අලුත් පොතක් පෙරළයි

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,537
    113
    BBS අලුත් පොතක් පෙරළයි

    ජනාධිපතිවරණය ආසන්නවත්ම දැඩි ලෙස කැළඹීමට ලක්වී සිටින බොදු බල සේනා සංවිධානය විශේෂ මහා සමුළුවක් හෙට (04)කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට සූදානම් වේ.

    ශ්‍රිලනිපයේ මහාලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් ජාතික හෙළ උරුමය පක්ෂය පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමත් සමග තම සංවිධානය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සම්පූර්ණ සහයෝගය පළකරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් එහි මහලේකම් ඥාණසාර හිමියන් ප්‍රකාශ කළේය.

    එම ප්‍රකාශයත් සමඟ එතෙක් ආණ්ඩුව සමඟ නාමිකව කටයුතු කළ මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ප්‍රාදේශීය නායකයන්ගෙන් මෙන්ම සාමාජිකයින්ගෙන් දැඩි බලපෑමක් එල්ල විය. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වීමත් සමග දැඩි ලෙස කලබල වූ රාජපක්ෂ පිලේ ප්‍රධානීන් මුස්ලිම් කොංග්‍රසයට පොරොන්දු දී ඇත්තේ බොදු බල සේනා සංවිධානය තමන්ට සහයෝගය නොදක්වන බවත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව සමුළුවක් පවත්වා ප්‍රකාශයට පත්කරවන බවත්ය. ඒ අනුව හදිසියේම මෙම සමුළුව හෙට පැවැත්වීමට සූදානම් කර තිබේ.

    පසුගිය මාස කිහිපය තුළ අවස්ථා දෙකකදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙන්ම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී බොදු බල සේනා සංවිධානය සමුළු පැවැත්වූ අතර කිසිදු නිශ්චිත තීරණයක් ඒ හරහා නොගත්තේය. මේ ආකාරයට සමුළු පවත්වන එකම සංවිධානය බොදු බල සේනා සංවිධානය බවත් මේ වනවිට එම සංවිධානය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


    - LankaTruth
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මේ පාර BBS එකටත් CTB වල තමයි මිනිස්සු ගේන්න වෙන්නෙ :D

    දැන් ඉතින් ම්නිස්සු යයිද?
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක සම්පූර්ණ බොරුවක්

    100% වගකීමෙන් කියන්නේ

    10377260_843306055689423_5792757734526900260_n.jpg



    10348440_377211519107092_1211006841097151192_n.jpg

     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම මේක ගැන ඊයේ දැනුවත් කරා.බොදු බලය ඇතුලේ දැන් මරා ගන්නවා.මොකද මහින්දට සපෝට් කරන්න එකේ ඉන්න බහුතරය කැමති නෑ.අනිත් එක බොදු බලයට මාසිකව සල්ලි දෙන අය ඒවා සේරම කැන්සල් කරලා.දුන්න සල්ලිත් ඉල්ලගෙන මිනිස්සු පෝලිමේ එනවා.ඒකේ ඉන්න නායක සාදුලාට ෆෝන් එක ඕන් කරගෙන ඉන්න බැරි තත්වයක්.මොකඩ්ද මව් පිය ගුණ කියමින් කෝල් එනවා.මේක නිසා මෙයාලා විපක්ෂයට එන්න හදනවා.නමුත් විපක්ෂය දුවන්නේ මුස්ලිම් දෙමල ක්‍රිස්තියන් චන්ද වලින්.මේ චන්ද ලක්ෂ තිහක් නැති කරගන්න බෑ මේ චන්ද ලක්ෂ දෙක තුනකට.විපක්ෂය මෙයාලව ගත්තොත් විපක්ෂෙට අබසරණ තමයි.