මචං මේ තැන මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
![]()
ඔය තියෙන්නෙ මචං OLD DUTCH HOSPITAL එක..තියෙන්නෙ කොළඹ TWIN TOWERS ඉස්සරහ...ඕක ඕලන්ද කාලේ හදපු රෝහලක් ...පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පාවිච්චි කරල තියෙනවා ආයුධ ගබඩාවක් විදියට ....පස්සේ 83 ජූලි කලබලෙන් පස්සේ ඕක සම්පුර්ණයෙන්ම කඩල දාල අලුතින් කොටුව පොලිසිය හදන්නයි ලැස්ති වෙලා තියෙන්නෙ....මේක දැකපු ලංකාවේ ප්‍රවීණ ARCHITECT කෙනෙක් වන ඈශ්ලි ඩි වොස් මහතා සහ තවත් දෙන්නෙක් එකතු වෙලා මේක බේරාගෙන තියෙනව....පසුව එතුමා මේක පැරණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය ආරක්ෂා වෙන විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රතිසංස්කරණය කරා.....
අද මේක සුපිරි අවන්හල් සහ කඩසාප්පු සහිත SHOPPING MALL එකක්....හැබැයි ඕන කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්
ඇත්තටම ගෝටාභය රාජපක්ෂ නාගරික සංවර්ධන ලේකම් උනාට පස්සේ දැන් කොළඹ හුගක් වැඩ පිළිවෙලට කරන්න උත්සාහ කරනවා...අපි ඒක අගය කරන්න ඕන...ආණ්ඩුවේ මටනම් ඒ මනුස්සය විතරයි දැනට විශ්වාස කෙනෙකුට ඉන්නෙ....



