ඇස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි ප්‍රබල මාධ්‍යකි.දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි.
නිරෝගීමත් නෙත් සඟලක් සඳහා ඇස් හොඳින් ආරක්ෂා කර ගත යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග 76කි.
අක්ෂි රෝග හේතු
* අව්වේ සිට ආ විගස දිය නෑම
* ඉතා දුර තිබෙන වස්තූන් දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම
* ඉතා සියුම් වස්තූන් දෙස අපහසුවෙන් බලා සිටීම
* නිදි විපර්යාසය හෙවත් දහවල නිදා ගැනීම හා රෑ නිදි වැරීම
* දුම්, දුහුවිලි ඇති ස්ථානවල නිතර සිටීම
* ද්‍රව අධික ආහාර නිතර නිතර රාත්‍රියට ගැනීම
* අධික ලෙස මත්පැන් පානය
* කදුළු වේගය වැළැක්වීම
* මල, මුත්‍රා වේග වැළැක්වීම
* වමන වේගය වැළැක්වීම හා වැඩිපුර වමනය
* ඍතු විපර්යාසය
* ප්‍රමිතියෙන් තොර අව් කණ්ණාඩි පැළඳීම
* ප්‍රමිතියෙන් තොර සිවි කාච පැළඳීම
* ළඟ සිට රූපවාහිනිය නැරඹීම
* නිතර කම්පියුටර් තිරය මත හිදගෙන සිටීම
ඉහත සඳහන් හේතුවලින් වැළකී සිටීමෙන් ඔබටත් නිරෝගී දීප්තිමත් නෙත් සගලක් උරුම කරගත හැක.
නිරෝගීමත් නෙත් සගලකට ප්‍රතිකාර
* පිපිඤ්ඤා පෙති හෝ අල පෙති දෑසමත තබා සිටීම
* කෝමාරිකා මදය දෑසමත තබා සිටීම
* තේ කොළ මන්ඩිවලින් පොට්ටනි දෙකක් සාදා දෑසමත තබා සිටීම
නිරෝගීමත් නෙත් සගලකට ව්‍යායාම
* ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් වාර 10 බැගින් බැලීම
* වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 බැගින් දෙපස බැලීම
* වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 බැගින් ඇස කරකවමින් බැලීම




