Become a Manager.. 70,000/=+ salary!!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මට මේක ලියන්න මතක් උනේ අපේ අංගුලිමාල සහෝදරය දාපු ත්‍රෙඩ් එක දැක්කම.. නොබලපු අය ඉන්නවනම් ඒකත් බලලම ඉන්න.. LINK

    KALAMANAKARUVAKU LESA NAVA LOVATA PIVISENNA......
    jathyantharaya pura vihidi athi GRANTON GROUP ayathanayehi purappadu sadaha divaine sama predashayakinma puhunu kara badava gamin kere...puhunuven pasu 50000/= vadi adayamak..
    # dina 180 ka puhunuva nomilaye..
    #puhunu kalaya thula 12000/= - 15000/= athara dimana
    #dakshayanta videsh sanchara....
    *administrator
    *supervisor
    *crew manager
    *assistant manager
    o/l ho a/l (onama ansayakin) peni siti vayasa au 18-29th athara puhunu/nupuhunu ayadumkaruvan

    ඉතින් ඔන්න මමත් ජොබ් වේකන්සිස් බලබල ඉන්නකොට පත්තරේ පුරා දාල තිබුණ මැනේජර් වේකන්සිස් තියනව.. O/L විතරක් පාස් අය එන්න.. රු. 70,000 ඉක්මවූ වැටුප් කියල..හ්ම්ම් ඉතින් දැකපු ගමන් තේරුණා මගඩියක් තමයි.. බලමු කියල ගැහුව කෝල් එකක්.. ගත්ත ගමන් කිව්ව හෙට ඉන්ටවිව් තියනව ගාල්ලට එන්න කියල.. මම එහෙමම ඒකෙ තිබුණ රත්නපුරේ නම්බර් එකකට කෝල් කලා.. ඒ ගනිපු එකා කියනව එහෙම ඉන්ටවිව් එකක් හෙට නෑ.. cv එකක් එවන්න කියල..
    ඕන එකක් කියල ඒපාර ආයිත් ගාල්ලට කතාකරල කිව්ව හෙට එන්නම් කියල.. දැන් උන්ගෙ හෙන බටර් පාර.. මමත් අහුවෙලා වගේ ටෝක දුන්න :P
    ඊටපස්සෙ උන්ගෙ කියපු විස්තර බලල නෙට් එකේ සර්ච් කලා එහෙම කම්පනි එකක් තියද කියල.. තියනව..
    Name: Granton group
    Origin: Canada
    Sector: Advertising, Marketing and Direct sales
    Websites: http://www.thegrantongroup.com/
    http://www.grantonsrilanka.com/

    තව හොඳට විස්තර සේරම හොයාගෙන ගියා ඊළඟ දවසෙ බලන්න මේ මගඩිය මොකක්ද කියල..
    උණවටුන ටවුන් එකේම ගාලු පාර අයිනෙ බිල්ඩිමක උඩ තට්ටුවෙ පොඩියට DS MAX කියල ගහල තිබුණ.. කෙල්ලො දෙන්නෙකුත් ගෙදරට අඳින කලිසම් පිටින් එලියෙ වාඩිවෙලා හිටිය.. පොට් එක දැක්ක ගමන් තේරුණා මේකනම් ගමේ අනාථයො අල්ලන්න කරන ජාවාරමක් කියල..
    ඕන එකක් කියල ඇතුලට යන්න හදනකොටම අර කෙල්ලෙක් හිනාවෙලා ඇහුව ඉන්ටවිව් එකටද කියල.. ඔව් කිව්වම වාඩිවෙන්න කියල ඇතුලෙ හිටපු කෙල්ලෙකුට කථාකලා.. ඒකිනම් කළු කෝට් එකක් එහෙම දාල වැදගත් විදියට ආවෙ..
    ඒ පාර මගෙන් cv එකත් අරගෙන ඇතුළට කතාකලාම යන්න කියල කිව්ව..
    විනාඩි 15කින් විතර කථාකලා..
    මමත් දෙන්නම් කියල ගියා.. හහා මෙන්න ඉන්නව ජෙන්ට ගහල කොල්ලෙක් වාඩිවෙලා.. ගියපු ගමන් පැණි හිනාවක් දාල විස්තරේ පටන් ගත්ත..
    මමත් මෝඩය වගේ හා හා කිය කිය අහන් හිටිය..
    දැන් ඉතින් කියනව.. මිනිහ දැන් අවුරුදු 3ක් කලින් මෙතනට ආවෙ.. මම ආව වගෙම කිසිම දෙයක් දන්නෙ නැතිව ආවෙ.. ඒත් බලන්න දැන් එයා එයාගෙම ඔෆිස් එකේ මැනේජර්.. මාසෙකට 1lakh පැනල ගන්නව.. කම්පනි hierarchy එකයි එනම් මනම්.. දිගටම කියනව..
    ඉස්සෙල්ලම 6 month training period එකක් තියනව.. එයින් පස්සෙ junior supervisor, supervisor, assistant manager, manager විදියට උඩට යන්න පුළුවන්..
    එහෙම කියනකොට මම ඇහුව දැන් එතකොට ඔය මොනව කරන්නත් මෙතන සේල් කරන product එක මොකක්ද කියල..
    ඔන්න ඒපාර බළල මල්ලෙන් පැන්න.. මිනිහ කියනව අපි මෙතන product sale කරන්නෙ නෑ.. ඔයාලට training period එකේ විතරක් පුහුණු වෙන්න resource material එකක් විදියට පොඩි පොඩි අයිටම්ස් customersල අතරට ගෙනියන්න දෙනව කියල.. මම ඇහුව එතකොට මේ කම්පනි එක revenue එකක් ගන්නෙ කොහොමද කියල.. මූ කියනව අපි advertising and marketing company එකක් නිසා revenue එක එන්නෙ ADs වලින් කියල :lol:
    මම ඇහුව එතකොට මේ කොල්ලො කෙල්ලො ගෙවල් ගානෙ යවල කරන සේල් වලින් ඔයාල හම්බ කරන්නෙ නැත්ද කියල.. එතකොට කියනව.. නෑ එහෙම ගෙවල් ගානෙ යවන්නෙ එයාලගෙ customer handling skills, managerial decision making knowledge measure කරන්න කියල :lol:
    මම කිව්ව.. මැනේජර් කෙනෙක් වෙන්නනම් පාරවල් ගානෙ බඩු විකුණල හරියනවද.. ඒකට management ඉගන ගන්න ඕනනෙ කියල.. මේ යකා ඒපාර කියනව.. ඔව් ඒකතමයි ඔය sliit, NIBM ගිහින් බොරුවට අවුරුදු ගණන් සල්ලි නාස්ති කරනව වගේ නෙමෙයි අපි එක්ක ජොයින් උනොත් මාස 6න් මැනේජර් කෙනෙක් වෙනව කියල..
    දැන්නම් මට ඉවසල ඇතිවෙලා.. හ්ම්ම් හිටපන් කියල කියන්න පටන් ගත්ත..
    මම කිව්ව මම මෙතනට එන්න කලින් මේ කම්පනි එකගැන සේරම දැනගෙන ආවෙ.. ඔයාල අදායම් ලබන්නෙ direct marketing and sales කරල පොඩි පොඩි බඩු ගෙවල් ගානෙ විකුණල.. ඒක මෙහෙ විතරක් නෙමෙයි canada, USA, bulgaria, bahrain, bangladesh වගේ ගොඩක් රටවල් වල ඔයාල කරනව..
    නිකන් මිනිස්සු රවට්ටන්න එපා.. O/L විතරක් පාස් කෙනෙක්ව multinational company එකක මැනේජර් post එකකට දාන්න කලින් කොච්චර දේවල් එයා ඉගන ගන්න ඕනෙද.. blah blah මිනිහට එපා වෙනකන් කිව්ව ;)
    ඒපාර මිනිහ කියනව.. හරි හරි ඔයාට හිතෙනවනම් ඔයාට field training එකක් නැතිව මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කියල මෙන්න මම නැගිටිනව.. මේ දැන් ඉඳන් මේ පුටුවෙ වාඩිවෙලා වැඩකරන්න කියල :rofl::rofl:
    මම ඉතින් හිනාව තදකරන්ම කිව්ව.. නෑ නෑ ඕන නෑ.. මමත් management කරලනම් තියනව.. project management, business management, leadership ඒ වගේ දේවල් තියනව කියලවත් අහල තියද.. නැත්නම් දැන්වත් ගිහින් ඉගන ගන්න කියල..
    ඒත් මිනිහෙක් ඒ වගේ බලුවෙනව දැකල නෑ.. මේ යකා ආයිත් අර මුලින් කියපු වට්ටෝරුවම කියල කියනව.. අපේ training period එකේදි theory classes කරනව.. ඒ වෙලාවට ඔය සේරම කියල දේවි කියල..
    මම ඕන නෑ මහත්මය මගේ cv එක දෙන්න කියල ඒකත් අරන් එන්න හදනකොට මිනිහ කියනව ඔයාට පස්සෙ පසුතැවිලි වෙන්න වෙයි මේ වගේ චාන්ස් එකක් දාල ගිය නිසා කියල.. මම ok කියල එහෙමම ආව.. එත්දි අර reception කෙල්ල අහනව කවද ඉඳන්ද වැඩට එන්නෙ කියල.. මම ආයිත් එන්නෙ නෑ කියාගෙනම ආව :lol::lol:

    btw මේකෙන් මම බලාපොරොත්තු උනේ මේ වගේ වංචාවලට අහුවෙන්න එපා කියල හැමෝටම කියන්නයි.. ඔයාලගෙ නංගිල මල්ලිල ඉන්නවනම් කවදාවත් මේවගේ හොර යක්කුන්ට අහුවෙන්න දෙන්න එපා..
    මුන් මේ නම් සේරගෙන්ම ඔපරේට් වෙනව..
    Granton
    DS MAX
    Innovage
    Optimo

    මේ තියෙන්නෙ උන්ගෙ සාම්පල් ඇඩ්.. මේ වගේ නෙමෙයි ඉරිද පත්තර පිරෙන්න දාල තියෙන්නෙ මුන් :dull::dull:


    http://ikman.lk/en/management-trainee-matara-1
    http://ikman.lk/en/management-trainee-matara
    http://ikman.lk/en/management-vacancies-kurunegala

    BUMP කරන්න අනිත් අයටත් බලන්න :):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1599263
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචෝ උඹ ගිය port එක තියෙන්නේ අපේ ගෙවල් හරියෙම තමයි :yes: අපිනම් දන්නවා මගඩිය මොකක්ද කියලා. ගොඩක් දුර පළාත් වල කෙල්ලෝ කොල්ලෝ තමයි ඔතන training එකට ඇවිත් හිටියේ, :( පව් ඉතින් උන් උදේ පාන්දර අර ලොකු බැග් එකත් අරන් ඇවිදින්න පටන් ගත්තහම හවස් වෙනකම්ම ඇවිදිනවා, අර දෙනවා කියන 12000/= - 15000/= අතර ගාන දෙන්නෙත් daily target cover කලොත් විතරයි, :angry: අපිනම් පාරේදී හම්බ උනාම හරි ගෙදරට ආවහම හරි සිද්දිය තේරුම් කරලා දෙනවා එත් සමහරු අහනවා සමහරු නැ. :no: :no:
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    Bump saho...
    mamath giya eka paarak ooka mokakda kiyala balanna..Ja-ela peththe...
    ethanath thibbe DS-MAX kiyala..
    paw ban Ethana Weda karana ewun..
    Mamanam inrerview indala ethanata apu okkoma set ekath aragenamai gedara giye..
    kattiyata Pattama Mala Math ekka...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එක එක ගස් බල්ලන්ට අත නොපා ජීවත් වෙන්න ඕනේනම් ඉගෙනගන්න කාලේ අනික් බහුබූත පැත්තහ තියලා හොදට ඉගෙනගනිල්ලා නංගියේ මල්ලියේ​