Becon හදමු

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Becon හදමු​

    dsc02382sm.jpg

    ඔන්න මචන්ලා, මම පොඩි වෑඩක් කලා මේ ටිකේ. වෑඩේ හරි ගිය නිසා අපේ එල කිරි එකේ කොල්ලො සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුනා.

    මම හදුවේ බේකන්. කඩේ නම් මාර ගනන්. මම හිතන්නේ කිලෝ එකක් රුපියල් 1800/= විතර වෙනවා. :baffled::baffled::baffled: එත් ඒට වඩා රසට මේක හදන්න පුලුවන්. යන්නේ රුපියල් 500/= විතර. පිස්සු හදෙනවා නේද?? :D:D:D

    අවශ්‍ය දේවල්.

    01. උරැ මස් කිලෝ 01
    02. ලුනු මේස හැදි 02
    03. දුබුරු සීනි මේස හැදි 01
    04. කුඩු කරගත් කුරැදු කැබැල්ලක්
    (කැමති නම් ගයින්ඩ් කර ගත් බේ ලිව් 02, චොප් කරගත් සුදු ලූණු බික් 2-3ක්)

    ඔන්න එහෙනම් අපි වඩෙ පටන් ගමු. මේකට ඔනා හොද උරු මස් කෑල්ලක්. (හැබැයි මම ගත්ත කෑල්ල එච්චරම හොද නැ...) මස් කෑල්ල තොර ගන්න එක තමයි වඩාත්ම වෙන්නෙ. මෙකට ගන්න ඔනා උරාගේ බඩ හරියේ අට කටු නෑති කල්ලක්. බඩ පත කිව්වාම මස් කඩ කාරයෝ දන්නවා.


    dsc02303e.jpg


    මේක තමා මම ගත්ත කෑල්ල....



    dsc02305c.jpg


    දැන් මෙක හොදට හොදලා පිරිසිදු කරගෙන මේ විදියට තෙත බෙරෙන්න තියන්න.


    dsc02308u.jpg


    දැන් ලුනු, දුබුරු සීනි, කුරැදු කුඩු අවශ්‍ය නම් සුදු ලූණු,ගයින්ඩ් කර ගත් බේ ලිව් හොදින් කලවම් කරන්න. (මම නම් ගත්තේ ලුණු, සීනී හා කුරැදු කුඩු පමණයි)


    dsc02310su.jpg


    දැන් ඉහත මිශණය මස් කැබැල්ලේ හොදින් තවරා සුලං නොයන භාජනයකට දමන්න.


    dsc02315l.jpg

    දැන් පියන හොදින් වසා ශිතකරනයේ පහල තට්ටුවේ දින 08-10 අතර කාළයක් තියන්න ඔනා.



    dsc02359a.jpg


    සෑම දිනකම භාජනයේ එකතුවන වතුර ඉවත් තරලා මස් කැබැල්ල උඩ, යට දාන්න. දිනපතා මස් කෑල්ල මෙහෙම කරන්නේ හොදින් සීසන් වීම සදහායි.


    dsc02366m.jpg


    දින 8 කට හො 10 කට පසු මස් කැබැල්ල දුන් ගස්සන්න ඔනා. එක කරන්න මම භාවිතා කලේ BBQ Grill එක. හැබැයි මම මෙතන පොල් කටු අගුරැ තමයි ගත්තේ.


    dsc02367b.jpg

    මේ විදියට පැය 1 1/2 ක් ව්තර පියනකින් වසා තියන්න ඹනා. හැබැයි මම පියනකින් වහලා තියන පොටෝ එකක් ගන්න බැරැ උනා :P:P:P


    dsc02370x.jpg

    පැය 1 1/2 කට පසු.


    dsc02372b.jpg

    දැන් මේ විදියට උඩ හම ඉවත්කර ගන්න.​


    dsc02376gg.jpg

    දැන් හොදට කැපෙන පිහියක් භාවිතා කරලා හීනි පෙති කපා ගන්න.


    dsc02381x.jpg

    මේ වාගේ....



    dsc02382sm.jpg

    මම නම් එවෙලේම 2ක් බැද්දා... ඇත්තටම මාර රසයි. :D

    ඔන්න එහෙනම් ඔයාලත් හදලා බලන්න. පාටි එකකට නම් මරැ. වැඩේ හොද නම් බම්ප් එකක් දාන්න. අනිත් අයටත් බලන්න. :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උබට ජරාවක් වගේ පේනවනම් එකට සොරි මචෝ..... වෙන නුලකට සෙට් වෙයන්...
    අප්පිරියයි බන් දකිද්දී එකයි.:sorry: