නෑ කියන්නෙ නෑ තමා. ඊනියා විද්‍යාව බිහිවෙන්න කලිං ගොඩක් සංස්කෘතීන් වල ඔය ක්‍රම වලට දැනුම ලබාගත්ත. අපිත් දෙවියො කියන්නෙ බුදු හාමුදුරුවො හිටපු කාලෙ සංස්කෘතියට සාපේක්ශව ඒ ප්‍රාණීන්ව හඳුන්වපු විදිහ දෙවියො කියල නිසා. දැනට ගැලපෙන විදිහට කියනව නං ඔය කියන්නෙ වෙනම ජීවීන් කොට්ඨාශයක් ගැන. අපි වගේ පදාර්ථමය නොවෙන. ඉතිං ඒ ප්‍රාණීන් එක එක විදිහට මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්. මිනිස්සු එක එක විදිහට තෙරුම් ගන්න පුලුවන්. මුහම්මද් නබි කුරාණෙ ලිව්වෙ එහෙමද නැද්ද කියන්න දන්නෑ. ඒ වුනත් අපි දෙවියො කියල හඳුන්වන පිරිසත් එක්ක අනික් සංස්කෘතීන් වල මිනිස්සුත් සම්බන්ධ වෙලා දැනුම අරං තියෙනව. අනික දෙවියො කියන්නෙත් සියල්ලොම් බෞද්ධ දෙවිවරු නෙමේ. දෙවියො අතරක් විවිධ විශ්වාස තියෙනව. ඉතිං ඒ දෙවිවරු තම තමන්ගෙ විශ්වාස පිළිගන්න මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙනව.