පෙරදිග බටහිර කියල නැති බෙදිල්ලක් හදනවලුවිද්යාවට පෙරදිගින් එකතු වුන හරිහමං ප්‍රවාදයක් කියන්නකො
ඇයි විද්‍යාවට පෙරදිග බටහිර බේදයක් නැත්තං විද්‍යාවෙ අලුතෙන්ම හිතල හදන ප්‍රවාද ඔක්කොම බටහිර සංස්කෘතීන්වල හැදුන විද්‍යාඥයො අතින්ම ඉදිරිපත් වෙන්නෙ ? විද්‍යාවට පෙරදිග බටහිර කියල භේදයක් නැත්තං එතකොට පෙරදිගින් බිහිවුන දැනුමත් විද්‍යාත්මකද ?
ජ්‍යෝතිශය විද්‍යාත්මකද ඒ කියන්නෙ
ජ්‍යෝතිර්වේදියො කියන ඒව උපහාසයට ලක් කරණ අය විද්‍යාවෙන් කාලගුණේ ගැන අනාවැකි කියනව කියල දන්නෑ
ඒකයි ඒ එකක් වැරදිච්චි ගමං උපහාසයට ලක් කරන්නෙ
ඕනෙම අනාවැකියක් කියන්න පුලුවන් යම් සම්භාවිතාවකට යටත්ව. බටහිර විද්‍යාවෙ තමා deterministic universe එකක් ගැන කතා කරන්නෙ. ඒකත් දැන් ක්වොන්ටම් භෞතික විද්‍යාවත් එක්ක බැහැගෙන යනව. ජ්‍යෝතිශයෙ කොහෙද අනාගතය deterministic කෝණයෙන් දකින්නෙ ? හරි නං අපහාස උපහාස වලට ලක් වෙන්න ඕනෙ විශ්වයම deterministic කියල අරගෙන අනාවැකි කියල වරදින කාලගුණ විද්‍යාව නේද ?
ඒව පේන්නෑ
![]()
ඇයි මේ ප්‍රවාද කියල විශේෂ කෑල්ලක් තෝරගෙන ඒකෙන් බෙදන්නේ. ඉන්ද්රිය පහෙන් දැනුම ගන්නවා කියන්නේ ප්‍රවාද හදන එක විතරද. ඒක විශේෂ අවස්තාවක් විතරයි ඒවා හැදුවේ නෑ කියල අනික් මිනිස්සු කරන ඒවා විද්‍යාව නෙවෙයිද. අර ලෝක ඉතිහාසේම මිනිස්සු සුළු ප්‍රමාණයක් දායක වෙච්ච විශේෂ කාරණාවක් අල්ලගෙන උන් ඔක්කොම වගේ බටහිර නිසා විද්‍යාව බටහිරලු.
උන් හැදිච්ච සංස්කෘතියේ බලපෑමක් හින්ද නෙවේ උන්ට සල්ලි තියෙන නිසා පහසුකම් තියෙන නිසා, උන්ගේ අධ්‍යාපන ක්‍රමේ දියුණුකම නිසා, උන් දැනුම පෙට්ටගන් වල හංගගෙන ඉන්නේ නැතුව අනික් අය එක්ක බෙදාගන්න නිසා උන් සට සට ගාල ඉස්සරහට යනව අලුතින් දේවල් හොයාගන්නවා. උන් ආරම්භය ගත්තා කියල, අනික් අයට වඩා සාර්ථකව ඒ වැඩේ කරගෙන යනව කියල ඒක උන්ගේ බූදලයක් වෙන්නේ නෑ නෙ. සොයාගැනීම් උන්ගේ වෙන්න පුළුවන්, හැබැයි හොයන ක්‍රමේ උන්ගේ වෙන්නේ නෑ. මේක හරියට මීටර් සීය දුවල රන් පදක්කම් ගත්ත හැමෝම වගේ කළු අය හින්දා ලෝකේ දිවීම කළු උන්ට අයිති එකක්ය, අපිත් දිව්වොත් අපි කළු උන් කොපි කරා වෙනවා බලපල්ලා රන් පදක්කම් ඔක්කොම කළු උන්ගේ අපිට එකක්වත් නෑ වගේ කතාවක් නෙ
අපිට උසේන් බෝල්ට් තරං දුවන්න බැරි උනාට අපිත් දිවිල්ලක් තමා කරන්නේ. හරකෙක් පස්සෙන් පැන්නුවොත් අපිට බෝල්ට් තරං වේගෙන් දුවන්න බෑ කියල බඩගාලා හරියන්නේ නෑ අපිට පුළුවන් ප්‍රමාණෙන් දුවන්නයි තියෙන්නේ. පෙරදිගින් ඉස්සර මිනිස්සු හොයාගත්ත දැනුමත් විද්‍යාත්මක තමා කවුද නෑ කියන්නේ.
ජ්‍යෝතිෂ්‍යත් ඒවා හොයාගත්ත කාලේට සාපේක්ෂව මිනිස්සුන්ට සාපේක්ෂව විද්යාත්මකයි. අහවල් ග්‍රහයා අහවල් තැන ඉන්නකොට මෙහෙම උනා එහෙනං අර ග්‍රහයාගේ බලපෑමක් ඇති කියල ඒ මිනිස්සු තමන්ට පුළුවන් විදිහට හැකියාව අනුව නිගමනේකට ආවා ඒකෙ වැරද්දක් නෑ. ඒක කොච්චර හරිද වැරදිද කියල ප්‍රතිපල අනුව පස්සේ පේනකොට නෑ කලින් ආපු නිගමනේ වැරදියි මම එක සිද්දියකට මේක ගලපල තියෙන්නේ අවස්ථා සීයක් විතර ගත්තම එහෙම වෙන්නේ නෑ කියල පෙනුණාම අරක වෙනස් කරගන්න ඕනේ. එහෙම නොකර අරකම අල්ලගෙන නෑ නෑ හරි හරි කිය කිය ඉන්න එක තමා වැරදි. දැන් බටහිර උන් හොයාගත්ත ඒවා අනන්ත පස්සේ නෑ කියල ඔප්පු වෙන්නේ, කවුරුත් පරණ එක අල්ලන් මැරෙන්න හදන්නේ නෑ නෙ එහෙම අල්ලන් ඉන්න උන්ට තමා හිනාවෙන්නේ. දැන් ඔය පොලව පැතලියි කියල කියන උන්ට හිනාවෙන්නේ උපහාස් කරන්නේ ඒ පරණ එක අල්ලන් ඉන්න හින්දනේ. සුද්දෙක් උනා කියල බටහිර එකෙක් උනා කියල ඌ පොලව පැතලියි කීවොත් හිනාවෙන්නේ නැද්ද මිනිස්සු
බටහිර ලෝකේ පොලව පැතලියි කියන උන්ට වෙච්ච දේට සමාන දෙයක් තමා පෙරදිග ලෝකේ ජ්‍යෝතිෂ්‍යට වෙලා තියෙන්නේ. අරකම අල්ලගෙන පුස්කොලපොත් ටික කටපාඩන් කරගෙන ඒකම කිය කිය ඉන්නවා ඉතින් වරදිනවා, වැරදුනාම වැරැද්ද පිළිගන්නේ නැතුව රටේ නැති හේතු කියනවා මිනිස්සු හිනාවෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුවත් මිනිස්සුන්ට විහිළුවක් වෙනවා වැස්ස කියන දවසට පායනකොට. උන් ඒක ගණන් ගන්නේ නැතුව දිගටම නෑ නෑ මේක හරි කිය හිටියොත් උන් විහිලුවක් වෙනවා. ඔය ඕනේ තරං මිනිස්සු හිනඋනේ පහුගිය කාලේ ඒවා මතක නැද්ද.
Last edited:
විද්‍යාවට පෙරදිගින් එකතු වුන හරිහමං ප්‍රවාදයක් කියන්නකො
පස්සේ කාලවල අතින් පයින් දාලත් තියෙනවා අපේ අයියල ඇතිවෙන්න. ජාතක කතා වගේ ඒවා පස්සේ කාලෙක කට්ටිය ලියපුවා නෙවේ නං බුදුහාමුදුරුවෝ කටින්ම කිවා නං මම හාවෙක් වෙලා හිටියා වඳුරෙක් වෙලා හිටියා කියල, ඔව් බොරු තමා කියල තියෙන්නේ.
ඉස්සෙල්ල cognitive biases ගැන හොයල බලන්න. 
අපි නෙවේ බුදුහාමුදුරුවෝ වෙන්න ඇති. නිකන් ගිහින් මනුස්සයෙක්ට කිව්වොත් මේක තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ එහෙම එකක් ගැන හිතාගන්න පුලුවන්ද කියල පෙරදිග බටහිර වෙනසක් නෑ උට ඒක පුරුදු නෑ පිස්සු හැදේවි ඕවා කල්පනා කරලා
අඩුම ගානෙ ගුරුත්වාකර්ශණේට අනුව ගුරුත්වාකර්ශණේ ඇතිවෙන විදිහවත් අහනවද ?