Beginners guide to නලීන් ද සිල්වා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙරදිග බටහිර කියල නැති බෙදිල්ලක් හදනවලු :P විද්‍යාවට පෙරදිගින් එකතු වුන හරිහමං ප්‍රවාදයක් කියන්නකො :P ඇයි විද්‍යාවට පෙරදිග බටහිර බේදයක් නැත්තං විද්‍යාවෙ අලුතෙන්ම හිතල හදන ප්‍රවාද ඔක්කොම බටහිර සංස්කෘතීන්වල හැදුන විද්‍යාඥයො අතින්ම ඉදිරිපත් වෙන්නෙ ? විද්‍යාවට පෙරදිග බටහිර කියල භේදයක් නැත්තං එතකොට පෙරදිගින් බිහිවුන දැනුමත් විද්‍යාත්මකද ? :P ජ්‍යෝතිශය විද්‍යාත්මකද ඒ කියන්නෙ :P ජ්‍යෝතිර්වේදියො කියන ඒව උපහාසයට ලක් කරණ අය විද්‍යාවෙන් කාලගුණේ ගැන අනාවැකි කියනව කියල දන්නෑ :P ඒකයි ඒ එකක් වැරදිච්චි ගමං උපහාසයට ලක් කරන්නෙ :P ඕනෙම අනාවැකියක් කියන්න පුලුවන් යම් සම්භාවිතාවකට යටත්ව. බටහිර විද්‍යාවෙ තමා deterministic universe එකක් ගැන කතා කරන්නෙ. ඒකත් දැන් ක්වොන්ටම් භෞතික විද්‍යාවත් එක්ක බැහැගෙන යනව. ජ්‍යෝතිශයෙ කොහෙද අනාගතය deterministic කෝණයෙන් දකින්නෙ ? හරි නං අපහාස උපහාස වලට ලක් වෙන්න ඕනෙ විශ්වයම deterministic කියල අරගෙන අනාවැකි කියල වරදින කාලගුණ විද්‍යාව නේද ? :P ඒව පේන්නෑ :D

    ඇයි මේ ප්‍රවාද කියල විශේෂ කෑල්ලක් තෝරගෙන ඒකෙන් බෙදන්නේ. ඉන්ද්‍රිය පහෙන් දැනුම ගන්නවා කියන්නේ ප්‍රවාද හදන එක විතරද. ඒක විශේෂ අවස්තාවක් විතරයි ඒවා හැදුවේ නෑ කියල අනික් මිනිස්සු කරන ඒවා විද්‍යාව නෙවෙයිද. අර ලෝක ඉතිහාසේම මිනිස්සු සුළු ප්‍රමාණයක් දායක වෙච්ච විශේෂ කාරණාවක් අල්ලගෙන උන් ඔක්කොම වගේ බටහිර නිසා විද්‍යාව බටහිරලු.

    උන් හැදිච්ච සංස්කෘතියේ බලපෑමක් හින්ද නෙවේ උන්ට සල්ලි තියෙන නිසා පහසුකම් තියෙන නිසා, උන්ගේ අධ්‍යාපන ක්‍රමේ දියුණුකම නිසා, උන් දැනුම පෙට්ටගන් වල හංගගෙන ඉන්නේ නැතුව අනික් අය එක්ක බෙදාගන්න නිසා උන් සට සට ගාල ඉස්සරහට යනව අලුතින් දේවල් හොයාගන්නවා. උන් ආරම්භය ගත්තා කියල, අනික් අයට වඩා සාර්ථකව ඒ වැඩේ කරගෙන යනව කියල ඒක උන්ගේ බූදලයක් වෙන්නේ නෑ නෙ. සොයාගැනීම් උන්ගේ වෙන්න පුළුවන්, හැබැයි හොයන ක්‍රමේ උන්ගේ වෙන්නේ නෑ. මේක හරියට මීටර් සීය දුවල රන් පදක්කම් ගත්ත හැමෝම වගේ කළු අය හින්දා ලෝකේ දිවීම කළු උන්ට අයිති එකක්ය, අපිත් දිව්වොත් අපි කළු උන් කොපි කරා වෙනවා බලපල්ලා රන් පදක්කම් ඔක්කොම කළු උන්ගේ අපිට එකක්වත් නෑ වගේ කතාවක් නෙ :baffled: අපිට උසේන් බෝල්ට් තරං දුවන්න බැරි උනාට අපිත් දිවිල්ලක් තමා කරන්නේ. හරකෙක් පස්සෙන් පැන්නුවොත් අපිට බෝල්ට් තරං වේගෙන් දුවන්න බෑ කියල බඩගාලා හරියන්නේ නෑ අපිට පුළුවන් ප්‍රමාණෙන් දුවන්නයි තියෙන්නේ.

    පෙරදිගින් ඉස්සර මිනිස්සු හොයාගත්ත දැනුමත් විද්‍යාත්මක තමා කවුද නෑ කියන්නේ. :baffled: ජ්‍යෝතිෂ්‍යත් ඒවා හොයාගත්ත කාලේට සාපේක්ෂව මිනිස්සුන්ට සාපේක්ෂව විද්යාත්මකයි. අහවල් ග්‍රහයා අහවල් තැන ඉන්නකොට මෙහෙම උනා එහෙනං අර ග්‍රහයාගේ බලපෑමක් ඇති කියල ඒ මිනිස්සු තමන්ට පුළුවන් විදිහට හැකියාව අනුව නිගමනේකට ආවා ඒකෙ වැරද්දක් නෑ. ඒක කොච්චර හරිද වැරදිද කියල ප්‍රතිපල අනුව පස්සේ පේනකොට නෑ කලින් ආපු නිගමනේ වැරදියි මම එක සිද්දියකට මේක ගලපල තියෙන්නේ අවස්ථා සීයක් විතර ගත්තම එහෙම වෙන්නේ නෑ කියල පෙනුණාම අරක වෙනස් කරගන්න ඕනේ. එහෙම නොකර අරකම අල්ලගෙන නෑ නෑ හරි හරි කිය කිය ඉන්න එක තමා වැරදි. දැන් බටහිර උන් හොයාගත්ත ඒවා අනන්ත පස්සේ නෑ කියල ඔප්පු වෙන්නේ, කවුරුත් පරණ එක අල්ලන් මැරෙන්න හදන්නේ නෑ නෙ එහෙම අල්ලන් ඉන්න උන්ට තමා හිනාවෙන්නේ. දැන් ඔය පොලව පැතලියි කියල කියන උන්ට හිනාවෙන්නේ උපහාස් කරන්නේ ඒ පරණ එක අල්ලන් ඉන්න හින්දනේ. සුද්දෙක් උනා කියල බටහිර එකෙක් උනා කියල ඌ පොලව පැතලියි කීවොත් හිනාවෙන්නේ නැද්ද මිනිස්සු :baffled: බටහිර ලෝකේ පොලව පැතලියි කියන උන්ට වෙච්ච දේට සමාන දෙයක් තමා පෙරදිග ලෝකේ ජ්‍යෝතිෂ්‍යට වෙලා තියෙන්නේ. අරකම අල්ලගෙන පුස්කොලපොත් ටික කටපාඩන් කරගෙන ඒකම කිය කිය ඉන්නවා ඉතින් වරදිනවා, වැරදුනාම වැරැද්ද පිළිගන්නේ නැතුව රටේ නැති හේතු කියනවා මිනිස්සු හිනාවෙනවා.

    කාලගුණ දෙපාර්තමේන්තුවත් මිනිස්සුන්ට විහිළුවක් වෙනවා වැස්ස කියන දවසට පායනකොට. උන් ඒක ගණන් ගන්නේ නැතුව දිගටම නෑ නෑ මේක හරි කිය හිටියොත් උන් විහිලුවක් වෙනවා. ඔය ඕනේ තරං මිනිස්සු හිනඋනේ පහුගිය කාලේ ඒවා මතක නැද්ද. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: BenMacTavish

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේන් මේකටත් උත්තර දෙන්නකො. කටුස්සට අනුව බුදු හාමුදුරුවො සංසාරය ගැන දැනගත්තෙ කොහොමද ? කර්ම කර්මඵල ගැන දැනගත්තෙ කොහොමද ? ඒව ගැන ඒ කාලෙ මිනිස්සු පරීක්ශා කලාද ? පරීක්ශා කලා නං කොහොමද ? කර්මය කර්ඵලය ඇත්තද ? නැත්තං බුදු හාමුදුරුවො බොරු කියලද ? :P

    තමන් දැක්ක, ඉගෙනගත්ත දේවලුයි ඉන්දියාවේ ඒ වෙද්දී තිබුන අනික් අදහසුයි දාල ඒකට තමන්ගේ මතය දාල දේශනා කරපු බවයි මගේ හැඟීම :yes: පස්සේ කාලවල අතින් පයින් දාලත් තියෙනවා අපේ අයියල ඇතිවෙන්න. ජාතක කතා වගේ ඒවා පස්සේ කාලෙක කට්ටිය ලියපුවා නෙවේ නං බුදුහාමුදුරුවෝ කටින්ම කිවා නං මම හාවෙක් වෙලා හිටියා වඳුරෙක් වෙලා හිටියා කියල, ඔව් බොරු තමා කියල තියෙන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමීකරණ කතාවෙත් වචන හරඹයක්නෙ බං දාල තියෙන්නෙ. ඔය කතාව ම එහෙනං උසේන් බෝල්ට් කිව්වොත් මම දුවල දින්නෙ කකුල් දෙකයි පොලොවයි අතර තියෙන ඝර්ශණ බලෙං කියල ඒකත් බොරු වෙන්න එපැයි. උඹට එහෙම කියන්න හිතක්වත් පහල වෙන්නෑනෙ :baffled: රමනූජන් විතරක් කිව්ව පලියට දෙවියන් මාර්ගයෙන් දැනුම ලබාගන්න පුලුවන් කියලද දැන් කියල තියෙන්නෙ ? ගානට එක පෝස්ට් එකක කියපු එක වාක්‍යයක් අල්ලං ඒක විහිලුවක් කියල පෙන්නන්න වෙන සිද්ධියකට සමාන කරනව :baffled:

    දැනටම හදල තියෙන ඒවගෙ අසාමාන්‍ය බවක් නැත්තෙ උඹ අසාමාන්‍ය නැති වෙන විදිහටමනෙ බලන්නෙ :lol: ඉස්සෙල්ල cognitive biases ගැන හොයල බලන්න. :yes: මිනිස්සු ගාව තියෙන biases තොගයත් එක්ක ඔය විද්‍යාවෙ යොදාගන්න පරීක්ශණ කරන ක්‍රමවේදය වගේ යාන්ත්‍රික ක්‍රමවේදයක් නැතුව සිංහල වෙදකමේ එහෙම මේ තියෙන තරම් බෙහෙත් තොගයක් වගාවෙදි පාවිච්චි කරනව තරම් කෙම් ක්‍රම නිර්මාණය වෙන්න බෑ. කෙම් ක්‍රම එහෙම මෙලෝ විදිහකට වැඩ කරන්නැති ඒව පිරිල දහස් ගානක් අතරින් කනා පාරවල් වැදිල හරියන ඒව තියෙන්න ඕනෙ. එහෙම වෙන හින්ද තමා බටහිර විද්‍යාවෙ හැම පරීක්ශණ ප්‍රතිඵලයක්ම යාන්ත්‍රිකව නිරූපණය කරල ක්‍රමයට සාර්ථක අසාර්ථක භාවය නිගමනය කරන්නෙ. ඒ සේරම සංසන්දනය කරල බලන්න. දැන් ඉස්සෙල්ල ඇහුව කෝ ඉස්සර මිනිස්සු යුරේනස්ල නෙප්චූන්ල ප්ලූටෝලව දැනං හිටියෙ නෑනෙ කියල. ඒකට මොකද කියන්නෙ ? කොහොමද ප්ලූටෝ ගැන විස්තර තියෙන්නෙ ? ඒවගෙ කිසිම අසාමාන්‍ය බවක් නැද්ද ? රමනූජන් සාධන නැතුව අහසින් වැටෙන්න වගේ සූත්‍ර ඉදිරිපත් කරපු එක අසාමාන්‍ය නැද්ද ?

    ප්‍රවාද නිර්මාණයකිං තොරව දැනුම ලබාගැනීමක් තියෙනවද ? දැනුම ලබාගැනීම කියන වචනෙම වැරදියි. එතනම කියවෙන්නෙ තමාගෙන් තොරව වාස්තවිකව පවතින දැනුමක් ගැන. එහෙම දැනුමක් නෑ. අපි කරන්නෙ දැනුම නිර්මාණයක් හෝ කවුරුන් හෝ නිර්මාණය කරපු දැනුමක් ලබාගැනීමක්. ඒ ලබාගන්නෙත් අපේ විදිහට අපි නිර්මාණය කරගෙන. බටහිර විද්‍යාවෙ වාස්තවිකත්වයක් ගැන කතා කලාට උඹයි මායි ගුරුත්වාකර්ශණේ තේරුම් අරං තියෙන්නෙවත් එක විදිහට නෙමේ. දෙන්නගෙ ගුරුත්වාකර්ශණයන් දෙවිදිහක්. 10ගත්තොත් 10විදිහක්.

    ප්‍රවාද නිර්මාණය වෙන්න සල්ලි පහසුකම් තියෙන්න ඕනෙද ? එතකොට අයින්ස්ටයින් එහෙම සාපේක්ශතාවාදය ඉදිරිපත් කරන්න ඇත්තෙ තඩි ලැබ් එකක වෙන්න ඇති ? ප්‍රවාද හදන්න ඕනෙ කඩදාසියි ලියන්න පෑනුයි. උන්ට පහසුකම් තිබිල නං ප්‍රවාද නිර්මාණය වෙන්නෙ ඇයි ලංකාවෙන් බටහිර රටවල ගිහිං ඉන්න විද්‍යාඥයො අතින් ප්‍රවාද නිර්මාණය වෙන්නැත්තෙ ? ඒගොල්ලොත් කරන්නෙ බටහිර විද්‍යාඥයො නිර්මාණය කරල තියෙන සුසමාදර්ශයෙ ඉඳන් ඒවගෙ ගැටලු විසඳන එකනෙ.

    විද්‍යාව බටහිර වෙන්නෙ ඇයි කියල තේරුම් ගන්න Jeremy Lent ලියපු Patterning Insticnt හොයාගෙන කියවන්න. සමස්තය කොටස් වලට කඩල විශ්ලේෂණය කරන්න පටං ගත්තෙ කව්ද, ද්වීකෝටික න්‍යායෙන් සොබාදහම පැහැදිලි කරන්න පටං ගත්තෙ කව්ද, සොබාදහම නිශ්චිත නීති කිහිපයකට යටත්ව හැසිරෙන යාන්ත්‍රික පද්ධතියක් විදිහට දකින දැක්ම ආවෙ මොන සංස්කෘතිවලිංද, සීමිත නීති කිහිපයකිං සියල්ල පැහැදිලි කල හැකියි කියන දැක්ම ආවෙ මොන සංස්කෘතියෙන්ද, සොබාදහම පැහැදිලි කරන්න යොදාගන්න ඕනෙ වියුක්ත ප්‍රවාදයි කියන දැක්ම ආවෙ මොන සංස්කෘතියෙන්ද, නිර්මාණය කරපු වියුක්ත ප්‍රවාදය හරියි කියල දැනගන්නෙ කොහොමද කියල දැනගන්න ඕනෙ ක්‍රමේ ආවෙ මොන සංස්කෘතියෙන්ද, සියල්ල දකින්න ඕනෙ රේඛියව පටං අරං අවසානයක් දක්වා කියන දැක්ම ආවෙ මොන සංස්කෘතියෙන්ද කියල මේ සේරම ඉතිහාසයේ ඉඳන් විස්තර කරනව. විද්‍යාව බටහිර නෙමේ කියනවනං උඹ කියන්නෙ ඔය ඔක්කොම ලෝකෙ හැම සංස්කෘතියකම තිබ්බ, හැම සංස්කෘතියකම මිනිස්සු ලෝකය දකින්නෙ එකම විදිහට කියන අවුරුදු ගානක් පරණ බටහිර කතන්දරේමනෙ. මං දාපු සුනාමිය ගැන ත්‍රෙඩ් එක බලන්න. දැන් බටහිර විද්‍යාඥයොම පිලිගන්නව සංස්කෘතියෙන් සංස්කෘතියට මිනිස්සු ලෝකය දකින විදිහ වෙනස් වෙනව කියල. බටහිර විද්‍යාව සමස්තය කොටස් වලට කඩල කොටස් වල ගුණ අධ්‍යයනය කරද්දි කොටස් වලට කැඩීමෙන් තොරව සමස්තය දකින සංස්කෘති තියෙනව කියල. කොටින්ම සිංහල බෞද්ධ චින්තනේ බටහිර විද්‍යාවට පදනමක් වෙන ද්වීකෝටික න්‍යායවවත් නෑ. අපි ලෝකය දකින්නෙ චතුස්කෝටික න්‍යායකිං. මේ වෙනස් කම් එකක්වත් පේන්නැද්ද විද්‍යාව බටහිර නෙමේ කියන්නෙ ? අඩුම ගානෙ චතුස්කෝටික න්‍යාය වගේ න්‍යායක් බුදු දහමෙ තියෙන්නෙ කොහොමදවත් කියල පැහැදිලි කිරීමක් කලෑකිද ? උඹ කියල තියෙන විදිහට බුදු හාමුදුරුවොත් සිදුහත් කුමාරයට උගන්නපු ගුරුවරුත් සේරම කලේ ලෝකය දැකල ඒ දකින දේ ගැන දැනුම නිර්මාණය කලා නං චතුස්කෝටික න්‍යායක් නිර්මාණය වෙන්නෙ කොහොමද ? අපි එදිනෙදා ලෝකෙ දකින දේවල් වල ද්වීකෝටිකයට එපිටින් යන එක සංසිද්ධියක් තියෙනවනං පෙන්නපංකො ? චතුස්කෝටික න්‍යායක් අවශ්‍ය වුනේ දියුණු කරපු මනසින් දකින දේවල් සියල්ල ද්වීකෝටිකයට එකඟ නොවීම නිසා.

    ජ්‍යෝතිශය එක එක මනුස්සයට ග්‍රහ පිහිටීම අනුව වෙච්චි දේවල් ගැන බලල හදල කියනවනං අබ සරණයි. පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතල බලපං එහෙම දෙයක් කරන්න පුලුවන්ද කියල. ඉපදෙන වෙලාවට වැදගත්කමක් ලැබෙන්නෙත් ජ්‍යෝතිශය නිසා. නැත්තං මිනිස්සුන්ට ඉපදෙන වෙලාවවත් අදාල නෑ. එහෙම එකේ උඹ කියනව ජ්‍යෝතිශය නිර්මාණය වුනේ වෙච්චි දේවල් දිහා බලල රටා හොයල කියල. ඉපදෙන වෙලාව ගැන සටහන් තියාගන්නත් ජ්‍යෝතිශය තියෙන්න එපැයි යකෝ :lol: එහෙම නැතුව මිනිස්සු නිකං ආතල් එකට වගේ ඉපදෙන වෙලාව ගැන සටහන් තියාගෙන කියල තමා කියන්න වෙන්නෙ :lol:

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හේතුවාදියො එහෙම අභියෝග කරන්නෑනෙ :P ඒ ඇයි දන්නෑ නේ ? :P අඩුම ගානෙ කාලගුණ වාර්තා හරියන ප්‍රතිශතේවත් ගණනය කරල ඒ ප්‍රමාණෙටවත් සාර්ථක වෙන්න අනාවැකි කියන්න කියල ඔය එක්කෙනෙක්වත් අභියෝග කරනවද ? :lol: 70%ක් නිවැරදි වෙන්න ඕනෙලු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමීකරණ කතාවෙත් වචන හරඹයක්නෙ බං දාල තියෙන්නෙ. ඔය කතාව ම එහෙනං උසේන් බෝල්ට් කිව්වොත් මම දුවල දින්නෙ කකුල් දෙකයි පොලොවයි අතර තියෙන ඝර්ශණ බලෙං කියල ඒකත් බොරු වෙන්න එපැයි. උඹට එහෙම කියන්න හිතක්වත් පහල වෙන්නෑනෙ :baffled: රමනූජන් විතරක් කිව්ව පලියට දෙවියන් මාර්ගයෙන් දැනුම ලබාගන්න පුලුවන් කියලද දැන් කියල තියෙන්නෙ ? ගානට එක පෝස්ට් එකක කියපු එක වාක්‍යයක් අල්ලං ඒක විහිලුවක් කියල පෙන්නන්න වෙන සිද්ධියකට සමාන කරනව :baffled:

    ඒකත් බොරු කියල අපිට හිතන්න වෙනවා ලෝකේ ඉන්න අනික් හැමෝම වෙන විදිහකට දුවනවනං. එහෙම නෑ නෙ හැමෝම දුවන විදිහට තමා ඌත් දුවනව කියන්නේ. කාටවත් කියන්න බෑ රාමනුජන් බොරු කියනවා කියල. උට සාපේක්ෂව ඌ ඇත්ත කියනව ඇති අපි ඒක බලන විදිහ අනුව අපිටනෙ ඒක බොරු කියල හිතෙන්නේ අනික් ඒ වගේ සිද්දි වලට සාපේක්ෂව බලනකොට. උඹ කියනවනං නෑ නෑ ඒ වගේ අසාමාන්‍ය ඒවා වෙන්න පුළුවන් කියල අර කලින් කියපු මුහම්මද්ට කුරානේ හම්බුනා එක ඒ වගේම අසාමාන්‍ය දේවල් වලටත් උඹල ඒ වටිනාකම දෙන්න එපැයි කෝ එහෙම නෑ නෙ. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයි ලව් දිස් ත්‍රෙඩ්. කම්මැලිකමේ කියවන්න දෙයක් නැතුව ඉන්නේ මීටින්ග්වල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැනටම හදල තියෙන ඒවගෙ අසාමාන්‍ය බවක් නැත්තෙ උඹ අසාමාන්‍ය නැති වෙන විදිහටමනෙ බලන්නෙ :lol: ඉස්සෙල්ල cognitive biases ගැන හොයල බලන්න. :yes: මිනිස්සු ගාව තියෙන biases තොගයත් එක්ක ඔය විද්‍යාවෙ යොදාගන්න පරීක්ශණ කරන ක්‍රමවේදය වගේ යාන්ත්‍රික ක්‍රමවේදයක් නැතුව සිංහල වෙදකමේ එහෙම මේ තියෙන තරම් බෙහෙත් තොගයක් වගාවෙදි පාවිච්චි කරනව තරම් කෙම් ක්‍රම නිර්මාණය වෙන්න බෑ. කෙම් ක්‍රම එහෙම මෙලෝ විදිහකට වැඩ කරන්නැති ඒව පිරිල දහස් ගානක් අතරින් කනා පාරවල් වැදිල හරියන ඒව තියෙන්න ඕනෙ. එහෙම වෙන හින්ද තමා බටහිර විද්‍යාවෙ හැම පරීක්ශණ ප්‍රතිඵලයක්ම යාන්ත්‍රිකව නිරූපණය කරල ක්‍රමයට සාර්ථක අසාර්ථක භාවය නිගමනය කරන්නෙ. ඒ සේරම සංසන්දනය කරල බලන්න. දැන් ඉස්සෙල්ල ඇහුව කෝ ඉස්සර මිනිස්සු යුරේනස්ල නෙප්චූන්ල ප්ලූටෝලව දැනං හිටියෙ නෑනෙ කියල. ඒකට මොකද කියන්නෙ ? කොහොමද ප්ලූටෝ ගැන විස්තර තියෙන්නෙ ? ඒවගෙ කිසිම අසාමාන්‍ය බවක් නැද්ද ? රමනූජන් සාධන නැතුව අහසින් වැටෙන්න වගේ සූත්‍ර ඉදිරිපත් කරපු එක අසාමාන්‍ය නැද්ද ?

    ආයෙත් කලින් එකමයි "වෙන්න බෑ" කියල උඹට හිතෙනවා ඒ හින්ද දෙයියෝ දුන්නලු. :baffled: ඔහොම බලෙන් ලේබල් ගහන්නේ කොහොමද කියපන්කො. හරිනන් ඕවට කියන්න ඕනේ "හොයාගත්ත විදිහ නොදන්නා" ඒවා කියල. එහෙම නෑ කෙලින්ම තමන්ගේ බාස්කට් එකට දාගන්නවා ආ අරක දෙයියෝ දීල තමා කියල. අසාමාන්‍ය දෙයක් දැක්කද අන්න දාගත්තා බාස්කට් එකට ගැහුවා ලේබල් එක දෙයියෝ දුන්න කියල. :baffled:

    ප්ලුටෝ නෑ නේන්නං කේන්දරේ, වෙන කොහෙවත් තිබුනා කියල ඒක ජ්‍යෝතිෂයට පුට්ටු කරලා හරියන්නේ නෑ නෙ. ජ්‍යෝතිෂ්‍ය නෙ මනස දියුණු කරලා ගත්ත කිවේ. වෙන තැනක තිබුනත් ඒකට දෙයියෝ දුන්නා කියල බලෙන් ලේබල් ගහන්න බෑ ඔහොම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රවාද නිර්මාණයකිං තොරව දැනුම ලබාගැනීමක් තියෙනවද ? දැනුම ලබාගැනීම කියන වචනෙම වැරදියි. එතනම කියවෙන්නෙ තමාගෙන් තොරව වාස්තවිකව පවතින දැනුමක් ගැන. එහෙම දැනුමක් නෑ. අපි කරන්නෙ දැනුම නිර්මාණයක් හෝ කවුරුන් හෝ නිර්මාණය කරපු දැනුමක් ලබාගැනීමක්. ඒ ලබාගන්නෙත් අපේ විදිහට අපි නිර්මාණය කරගෙන. බටහිර විද්‍යාවෙ වාස්තවිකත්වයක් ගැන කතා කලාට උඹයි මායි ගුරුත්වාකර්ශණේ තේරුම් අරං තියෙන්නෙවත් එක විදිහට නෙමේ. දෙන්නගෙ ගුරුත්වාකර්ශණයන් දෙවිදිහක්. 10ගත්තොත් 10විදිහක්.

    ප්‍රවාද නිර්මාණය වෙන්න සල්ලි පහසුකම් තියෙන්න ඕනෙද ? එතකොට අයින්ස්ටයින් එහෙම සාපේක්ශතාවාදය ඉදිරිපත් කරන්න ඇත්තෙ තඩි ලැබ් එකක වෙන්න ඇති ? ප්‍රවාද හදන්න ඕනෙ කඩදාසියි ලියන්න පෑනුයි. උන්ට පහසුකම් තිබිල නං ප්‍රවාද නිර්මාණය වෙන්නෙ ඇයි ලංකාවෙන් බටහිර රටවල ගිහිං ඉන්න විද්‍යාඥයො අතින් ප්‍රවාද නිර්මාණය වෙන්නැත්තෙ ? ඒගොල්ලොත් කරන්නෙ බටහිර විද්‍යාඥයො නිර්මාණය කරල තියෙන සුසමාදර්ශයෙ ඉඳන් ඒවගෙ ගැටලු විසඳන එකනෙ.

    දැනුම ලබාගැනීම වැරදි කියල අනික්අතට ආය අනික් අය නිර්මාණය කරපු දැනුම ලබාගන්නවලු. අපේ විදිහට තමා අපි දැනුම නිර්මාණය කරන්නේ ඒක හරි :yes: එහෙමයි කියල හැමෝටම එකඟ වෙන්න බැරිකමක් නෑ පොදු කාරණාවලදී.

    අනිවාර්යෙන් පහසුකන් තියෙන්න ඕනේ නැතුව නිකන් ඕවා කරන්න හිතෙන්නේ නෑ නෙ. අයින්ස්ටයින් මුලික දැනුම නැතුව පසුබිම නැතුවද ඕවා හැදුවේ නිකන් ඉන්න ගමන් හිතිලා :baffled: උට වෙලාව තියෙන්නේ ඕනේ, මුලික අධ්‍යාපනේ තියෙන්න ඕනේ. නිකන් කඩදාසියකුයි පෑනකුයි තිබුනම ඇතිනං බටහිර ඉන්න හැම එකාම ප්‍රවාද හදන්න එපැයි එහෙම නෑ නෙ. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විද්‍යාව බටහිර වෙන්නෙ ඇයි කියල තේරුම් ගන්න Jeremy Lent ලියපු Patterning Insticnt හොයාගෙන කියවන්න. සමස්තය කොටස් වලට කඩල විශ්ලේෂණය කරන්න පටං ගත්තෙ කව්ද, ද්වීකෝටික න්‍යායෙන් සොබාදහම පැහැදිලි කරන්න පටං ගත්තෙ කව්ද, සොබාදහම නිශ්චිත නීති කිහිපයකට යටත්ව හැසිරෙන යාන්ත්‍රික පද්ධතියක් විදිහට දකින දැක්ම ආවෙ මොන සංස්කෘතිවලිංද, සීමිත නීති කිහිපයකිං සියල්ල පැහැදිලි කල හැකියි කියන දැක්ම ආවෙ මොන සංස්කෘතියෙන්ද, සොබාදහම පැහැදිලි කරන්න යොදාගන්න ඕනෙ වියුක්ත ප්‍රවාදයි කියන දැක්ම ආවෙ මොන සංස්කෘතියෙන්ද, නිර්මාණය කරපු වියුක්ත ප්‍රවාදය හරියි කියල දැනගන්නෙ කොහොමද කියල දැනගන්න ඕනෙ ක්‍රමේ ආවෙ මොන සංස්කෘතියෙන්ද, සියල්ල දකින්න ඕනෙ රේඛියව පටං අරං අවසානයක් දක්වා කියන දැක්ම ආවෙ මොන සංස්කෘතියෙන්ද කියල මේ සේරම ඉතිහාසයේ ඉඳන් විස්තර කරනව. විද්‍යාව බටහිර නෙමේ කියනවනං උඹ කියන්නෙ ඔය ඔක්කොම ලෝකෙ හැම සංස්කෘතියකම තිබ්බ, හැම සංස්කෘතියකම මිනිස්සු ලෝකය දකින්නෙ එකම විදිහට කියන අවුරුදු ගානක් පරණ බටහිර කතන්දරේමනෙ. මං දාපු සුනාමිය ගැන ත්‍රෙඩ් එක බලන්න. දැන් බටහිර විද්‍යාඥයොම පිලිගන්නව සංස්කෘතියෙන් සංස්කෘතියට මිනිස්සු ලෝකය දකින විදිහ වෙනස් වෙනව කියල. බටහිර විද්‍යාව සමස්තය කොටස් වලට කඩල කොටස් වල ගුණ අධ්‍යයනය කරද්දි කොටස් වලට කැඩීමෙන් තොරව සමස්තය දකින සංස්කෘති තියෙනව කියල. කොටින්ම සිංහල බෞද්ධ චින්තනේ බටහිර විද්‍යාවට පදනමක් වෙන ද්වීකෝටික න්‍යායවවත් නෑ. අපි ලෝකය දකින්නෙ චතුස්කෝටික න්‍යායකිං. මේ වෙනස් කම් එකක්වත් පේන්නැද්ද විද්‍යාව බටහිර නෙමේ කියන්නෙ ? අඩුම ගානෙ චතුස්කෝටික න්‍යාය වගේ න්‍යායක් බුදු දහමෙ තියෙන්නෙ කොහොමදවත් කියල පැහැදිලි කිරීමක් කලෑකිද ? උඹ කියල තියෙන විදිහට බුදු හාමුදුරුවොත් සිදුහත් කුමාරයට උගන්නපු ගුරුවරුත් සේරම කලේ ලෝකය දැකල ඒ දකින දේ ගැන දැනුම නිර්මාණය කලා නං චතුස්කෝටික න්‍යායක් නිර්මාණය වෙන්නෙ කොහොමද ? අපි එදිනෙදා ලෝකෙ දකින දේවල් වල ද්වීකෝටිකයට එපිටින් යන එක සංසිද්ධියක් තියෙනවනං පෙන්නපංකො ? චතුස්කෝටික න්‍යායක් අවශ්‍ය වුනේ දියුණු කරපු මනසින් දකින දේවල් සියල්ල ද්වීකෝටිකයට එකඟ නොවීම නිසා.
    .

    ඔය පොත් කියවන්න බෑ අර එදා දුන්න ආතර් සී ක්ලාක් ගේ ඒවාවත් කියෙව්වේ නෑ ඒවා දැන් කොහෙද දන්නෙත් නෑ මට ඉංගිරිසිත් බෑ වැඩිය :baffled: හැම සංස්කෘතියකම මිනිස්සු ලෝකේ දකින්නේ වෙනස් විදිහට තමා සංස්කෘතියේ නෙවේ එක එක තනි මනුස්සයත් වෙනස් විදිහට දකින්නේ. මම කිවේ හැමෝම දැනුම ගත්තේ එක විදිහට ඉන්ද්‍රිය පහ පාවිච්චි කරලා අත්දැකීම් වලින් ඉගෙනගෙන මිසක් වෙන මැජික් වලින් නෙවේ කියල.

    "අපි ලෝකය දකින්නෙ චතුස්කෝටික න්‍යායකිං" මොන බොරුද මේ :no: අපි නෙවේ බුදුහාමුදුරුවෝ වෙන්න ඇති. නිකන් ගිහින් මනුස්සයෙක්ට කිව්වොත් මේක තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ එහෙම එකක් ගැන හිතාගන්න පුලුවන්ද කියල පෙරදිග බටහිර වෙනසක් නෑ උට ඒක පුරුදු නෑ පිස්සු හැදේවි ඕවා කල්පනා කරලා :yes: බුද්ධාගමේ ආය ඉපදෙන්නේ මමත් නෙවේ වෙන කෙනෙකුත් නෙවේ කියද්දී නෑ නෑ ඒ මම තමා කියල හිතාගෙන තමා මිනිස්සු සාදුකාර දෙන්නේ. මේ මම තමා දිවය ලෝකේ යන්නෙ කියල හිතාගෙන පින් කරන්නේ, කාටවත් ඔය ඇති නැති ඒවා තේරෙන්නේ නෑ. මොකෝ හැමෝම පුරුදු වෙලා තියෙන්නේ ඒ මිනිස්සු එදිනෙදා දකින ලෝකේ හැටියට හිතන්න. කොටින්ම මම කියල කෙනෙක් නෑ කියන එකවත් ඔය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ හරියට පන්සිල් පද පහත් අමාරුවෙන් මතක තියාගෙන ඉන්නේ. එහෙව් එකේ මොන චතුස්කෝටික චින්තනද. බුද්ධාගමේ ඒ අදහස තිබුන පලියට හරි බුදුහාමුදුරුවෝ පෙරදිග රටක හිටිය පලියට පලියට මුළු පෙරදිගම නැත්තන් මුළු සිංහලු ඔක්කොම ඒ විදිහටයි හිතල තියෙන්නේ, මුළු පෙරදිග හරි සිංහල හරි චින්තනෙම එහෙමයි ගොඩනැගිලා තියෙන්න බෑ. ඒක එක විශේෂ කෙනෙක්ගේ අදහසක් විතරයි. ආයෙත් අර නැති ලේබල් ගැහිල්ලක් ඔය තියෙන්නේ. ඒකට බුදුහාමුදුරුවන්ගේ චින්තනේ කියන්න. නැතුව මුළු පෙරදිගටම ඒ ලේබල් එක ගහල පෙරදිග බටහිර වැටවල් ගහන්න ඒවා පාවිච්චි කරන්න එපා.

    බුදුහාමුදුරුවෝ අලුත් දෙයක් නිර්මාණය කරේ කල්පනා කරන්න මොලයක් කියල එකක් තියෙන නිසා. අයින්ස්ටයින් එහෙනං කොහොමද රටේ නැති අවකාශ කාල වක්‍ර කතාවක් හදාගත්තේ ඒක දෙයියෝ දුන්නේ නෑ නෙ. එහෙනං අයින්ස්ටයින්ට ඒ අදහස් පහල උන හැටි ගැනත් පැහැදිලි කිරීමක් නෑ නෙ. මොකෝ එදිනෙදා ජීවිතේදී අයින්ස්ටයින්ට අවකාශේ වක්‍ර වෙලා පෙනුනේ නෑ නෙ. ඒකට තමා හිතන්න මොලයක් තියෙන්නේ, විශේෂ අය වෙනස් විදිහට ලෝකේ දැකල වෙනස් අදහස් කියනවා. අයින්ස්ටයින්ට අරවගේ අදහසක් කියන්න පුළුවන් නං බුදුහාමුදුරුවන්ට බැරිවෙන්න හේතුවක් නෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජ්‍යෝතිශය එක එක මනුස්සයට ග්‍රහ පිහිටීම අනුව වෙච්චි දේවල් ගැන බලල හදල කියනවනං අබ සරණයි. පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතල බලපං එහෙම දෙයක් කරන්න පුලුවන්ද කියල. ඉපදෙන වෙලාවට වැදගත්කමක් ලැබෙන්නෙත් ජ්‍යෝතිශය නිසා. නැත්තං මිනිස්සුන්ට ඉපදෙන වෙලාවවත් අදාල නෑ. එහෙම එකේ උඹ කියනව ජ්‍යෝතිශය නිර්මාණය වුනේ වෙච්චි දේවල් දිහා බලල රටා හොයල කියල. ඉපදෙන වෙලාව ගැන සටහන් තියාගන්නත් ජ්‍යෝතිශය තියෙන්න එපැයි යකෝ :lol: එහෙම නැතුව මිනිස්සු නිකං ආතල් එකට වගේ ඉපදෙන වෙලාව ගැන සටහන් තියාගෙන කියල තමා කියන්න වෙන්නෙ :lol:

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හේතුවාදියො එහෙම අභියෝග කරන්නෑනෙ :P ඒ ඇයි දන්නෑ නේ ? :P අඩුම ගානෙ කාලගුණ වාර්තා හරියන ප්‍රතිශතේවත් ගණනය කරල ඒ ප්‍රමාණෙටවත් සාර්ථක වෙන්න අනාවැකි කියන්න කියල ඔය එක්කෙනෙක්වත් අභියෝග කරනවද ? :lol: 70%ක් නිවැරදි වෙන්න ඕනෙලු.

    උපන් වෙලාවක් කොහෙද බන් ඉස්සර ලියල තියාගත්තේ මොකෝ ඔරලෝසු තිබුනද ඒ කාලේ විනාඩියට බලන්න. වැස්ස කාලේ ඉපදුන එකා, අස්වැන්න කපන කාලේ ඉපදිච්ච එකා කියල මුලින් හිටියේ. දැන් උන් නෙ බොරුවට විනාඩියට වෙලාව අහන්නේ ඉස්සර ඔය මොකුත් නෑ. ඒකයි වවාගෙන කනවා කියන්නේ. මුල් කාලේ ඔය විනාඩියට පලාපල කිවේ නෑ ග්‍රහයෝ යන විදිහට පරිසරේ වෙනස්කන් බලල සමහර කාල හොඳ සරුසාර කාල කිව්වා. සමහර කාලවල අස්වනු මැරෙනවා ලෙඩ එනවා. ග්‍රහයෝ බලන එකා දන්නවා හරියටම ඕවා එන කාලේ රටාව අනුව කැලැන්ඩරේ ඌ ගාවනේ. පරිසරේ ගැන කියන එකාට මොකෝ මිනිස්සු ගැනත් කියන්න බැරි කියල ඔන්න ඒ පාර මිනිස්සුත් අහන්න ගන්නවා. අහද්දී උට විශේෂ වෙච්ච වෙලාවක් නෑ ඉතින් උපන්න මාසේ අහනවා. මතක මිනිස්සු අහද්දී මම ගඟ උතුරපු මාසේ, අස්වැන්න කපපු මාසේ ඉපදුනේ කියනවා ගොඩක් උන් දන්නේ නෑ එහෙම කාලයක්. එහෙනං කියන්න විදිහක් නෑ කියනවා. ඌ එක මතක තියාගෙන ඉඳල උගේ ළමය ඉපදෙද්දී ගිහින් අහනවා මූ ගිය පෝයට ඉපදුනේ එහෙනං මූ ගැන කියන්න කියල. ඌත් ඉතින් වහින කාලේ උන් සුබයි නියං කාලේ උන් අසුබයි වගේ එකක් කියනවා පොඩියට. ග්‍රහයෝ මොකක්හරි විශේෂ පිහිටීමකට ආපුවම අන්න අරු කියනවා මෙන් සුබ කාලයක් විශේෂ පිහිටීමක් කියලා. ඒ කාලේ ඉපදෙන උන්ගේ අම්මල මතක තියාගන්නවා මූ ඉපදුනේ අහවල් කාලේ කියල. උන් ලොකු උනාම වැඩ පෙන්නනකොට අර අහවල් විශේෂ වෙලාවේ ඉපදුන එකානේ ඔය කියනවා කටින් කට යනව. ඕක දෙපැත්තටම අරුන් අහනවා මූ කියනවා දෙක කරගෙන යනකොට ඕන්න හරියන ඒවා එනවා වරදින ඒවා එනවා මූ ඒවා අනුව ඊළඟ උන්ටත් කියනව ගුරාගෙන් ගෝලයා ඉගෙනගන්නවා ඔහොම වවාගෙන වවාගෙන ඕවා යන්නෙ. මේ දැන් කාලේ මෙච්චර අතේ පත්තු වෙන බොරු කියලත් හොඳට ඉන්න එකේ ඒ කාලේ කිසි ගින්නක් නෑ නිකන් කරන්න පුළුවන් බිස්නස් එකනේ. ඔහොම අවුරුදු දාස් ගානක් කියන්නේ හොඳටම වවන්න පුළුවන් ඕන එකක්. මෙච්චර අනාවැකි වරදින්නේ ඒකනේ කිසි සම්බන්ධයක් නැති දෙකක් ගලපන්න හදන්නේ.

    දැන් බලපන්කො ලොතරැයි වාසනා, රැකියා ස්ථානේ උසස්වීම්, විදේශ ගමන්, වෙන එකක් තියා රටවල්වලටත් කේන්දර හදල පලාපල කියන්නේ :baffled: උඹ කියන්නේ ඕවත් සෘෂිවරු ලියල තිබුන කියලද පොත්වල. ඒවා කොහෙන්ද ආවේ. වවාගෙන කාල ඉල්ලුම අනුව. අර පරිණාමය වගේ තමා. තනි සයිල සතා අන්තිමට හිතාගන්න බෑ මෙහෙම හැදුනේ කොහොමද කියල.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකත් බොරු කියල අපිට හිතන්න වෙනවා ලෝකේ ඉන්න අනික් හැමෝම වෙන විදිහකට දුවනවනං. එහෙම නෑ නෙ හැමෝම දුවන විදිහට තමා ඌත් දුවනව කියන්නේ. කාටවත් කියන්න බෑ රාමනුජන් බොරු කියනවා කියල. උට සාපේක්ෂව ඌ ඇත්ත කියනව ඇති අපි ඒක බලන විදිහ අනුව අපිටනෙ ඒක බොරු කියල හිතෙන්නේ අනික් ඒ වගේ සිද්දි වලට සාපේක්ෂව බලනකොට. උඹ කියනවනං නෑ නෑ ඒ වගේ අසාමාන්‍ය ඒවා වෙන්න පුළුවන් කියල අර කලින් කියපු මුහම්මද්ට කුරානේ හම්බුනා එක ඒ වගේම අසාමාන්‍ය දේවල් වලටත් උඹල ඒ වටිනාකම දෙන්න එපැයි කෝ එහෙම නෑ නෙ. :baffled:

    ආයෙත් කලින් එකමයි "වෙන්න බෑ" කියල උඹට හිතෙනවා ඒ හින්ද දෙයියෝ දුන්නලු. :baffled: ඔහොම බලෙන් ලේබල් ගහන්නේ කොහොමද කියපන්කො. හරිනන් ඕවට කියන්න ඕනේ "හොයාගත්ත විදිහ නොදන්නා" ඒවා කියල. එහෙම නෑ කෙලින්ම තමන්ගේ බාස්කට් එකට දාගන්නවා ආ අරක දෙයියෝ දීල තමා කියල. අසාමාන්‍ය දෙයක් දැක්කද අන්න දාගත්තා බාස්කට් එකට ගැහුවා ලේබල් එක දෙයියෝ දුන්න කියල. :baffled:

    ප්ලුටෝ නෑ නේන්නං කේන්දරේ, වෙන කොහෙවත් තිබුනා කියල ඒක ජ්‍යෝතිෂයට පුට්ටු කරලා හරියන්නේ නෑ නෙ. ජ්‍යෝතිෂ්‍ය නෙ මනස දියුණු කරලා ගත්ත කිවේ. වෙන තැනක තිබුනත් ඒකට දෙයියෝ දුන්නා කියල බලෙන් ලේබල් ගහන්න බෑ ඔහොම.

    හොයාගත්තු විදිහ දන්නෑ කියල උඹ ලේබල් ගහන්නෙ උඹ නිරාගමික අදහන්නෙ විද්‍යාව විද්‍යාවට අනුව මනස දියුණු කරල දැනුම ලබාගැනීමක් නැති නිසානෙ. උඹ මලාට අහනවද a+0=0 වෙනව කියල හොයාගත්තෙ කොහොමද කියල ? :baffled: a=b=c නං a=c වෙනව කියල හොයාගත්තෙ කොහොමද කියල ? :rolleyes: අඩුම ගානෙ ගුරුත්වාකර්ශණේට අනුව ගුරුත්වාකර්ශණේ ඇතිවෙන විදිහවත් අහනවද ? :P ඒව උඹලට self evident සත්‍යය :lol: ඇයි විද්‍යාඥයො ගණිතඥයො කියල තියෙනවනෙ. උඹලගෙ විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො. ඒ නිසා බටහිර විද්‍යාඥයො හොයාගත්ත කියල කියන දේවල් ප්‍රශ්න කිරීමකිං තොරව පිළිගන්නව. දැන් කියයි නෑ එක විශයක් ගැන වුනත් විද්‍යාඥයො අතරෙ මතබේද තියෙනවනෙ එතකොට හැම විද්‍යාඥයම කියන දේවල් පිළිගන්නෑනෙ එතකොට විද්‍යාඥයො විඥ්ඥුන් නෙමේනෙ කියල :baffled: ඒත් උඹල විද්‍යාඥයො බහුතරය එකඟ වෙන කරුණු වලදි ඒ කරුණු වල නිරවද්‍යතාවය හොයන්න යන්නෑ. හොයල වැඩකුත් නෑ. විද්‍යාඥයො බහුතරය එකඟ වෙන කරුණ නිවැරදියි. ඒ නිසා ඒව ඇත්ත කියල පිළිගන්නව.

    උඹලට විද්‍යාඥයො වගේ තමා බෞද්ධයන්ට විඥ්ඥුන් බුදු හාමුදුරුවො. ත්‍රිපිඨකේ තියෙනව මනස දියුණු කරල දැනුම ලබාගන්න පුලුවන් කියල. ත්‍රිපිඨකේ තියෙනව මනස දියුණු කරල දැනුම ලබාගත්ත කියල.

    ප්ලූටෝ කොහෙ හරි තියෙනවනෙ. දැන් උඹට අනුව ඒවගෙ කොහොමද ඇහැට පේන්නැති ග්‍රහවස්තු ගැන තියෙන්නෙ ? කොහොමද රාහු කේතුගෙ පිහිටීම් හරියට පුරෝකථනය කරල තියෙන්නෙ ? රාහු කේතු කියන්නෙ කොහොමත් ඇහැට පේන පිහිටීම් දෙකක් නෙමේ. පෘථිවියට සාපේක්ශ ඉරෙයි හඳෙයි චලිතයන් කැපෙන තැන්. ඒක ටෙලස්කෝප් නෙමේ අන්වීක්ශෙකින්වත් පේන්නෑ. ඒ වුනාට රාහු කේතු පිහිටීම් හරියට පුරෝකථනය කරල සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ පුරෝකථනය කරල තියෙනව. ඒවටත් පැහැදිලි කිරීම අහස බලල කියලද ? සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇතිවෙන රටාව බැලුවාම අච්චර කාලෙකට පස්සෙ තව එකක් වෙනවාමයි කියන්න පුලුවන් සරල රටාවක් පේනවද ?

    දැනුම ලබාගැනීම වැරදි කියල අනික්අතට ආය අනික් අය නිර්මාණය කරපු දැනුම ලබාගන්නවලු. අපේ විදිහට තමා අපි දැනුම නිර්මාණය කරන්නේ ඒක හරි :yes: එහෙමයි කියල හැමෝටම එකඟ වෙන්න බැරිකමක් නෑ පොදු කාරණාවලදී.

    අනිවාර්යෙන් පහසුකන් තියෙන්න ඕනේ නැතුව නිකන් ඕවා කරන්න හිතෙන්නේ නෑ නෙ. අයින්ස්ටයින් මුලික දැනුම නැතුව පසුබිම නැතුවද ඕවා හැදුවේ නිකන් ඉන්න ගමන් හිතිලා :baffled: උට වෙලාව තියෙන්නේ ඕනේ, මුලික අධ්‍යාපනේ තියෙන්න ඕනේ. නිකන් කඩදාසියකුයි පෑනකුයි තිබුනම ඇතිනං බටහිර ඉන්න හැම එකාම ප්‍රවාද හදන්න එපැයි එහෙම නෑ නෙ. :baffled:

    දැන් එතකොට උඹ කියන්නෙ ලංකාවෙන් විද්‍යාඥයො වෙන අයට මූලික දැනුම නෑ කියලද ? මූලික අධ්‍යාපනය නෑ කියලද ? :lol: මේක නිකං ගැලවෙන්න කියපු නතාවක් :lol: සිංහල බෞද්ධ සංස්කෘතියෙ හැදුන අයට බටහිර සංස්කෘතියෙ තරම් වියුක්තව හිතන්න පුරුදු කෙරෙන්නෙ නෑ. ඒකයි ප්‍රවාද නිර්මාණය කරන්න බැරි. පෙරදිග සංස්කෘතීන් වල වියුක්තව හිතන්න පුරුදු කරන්නෙ නෑ වගේ දේවල් බටහිර මනෝ විද්‍යාත්මක පරීක්ශණ කරන විද්‍යාඥයොත් පිළිගන්නව :lol: උඹට පිලිගන්න බෑ :lol: අර සුනාමි ත්‍රෙඩ් එක බලපං :lol: ඒකෙ බටහිරයන්ම කියනව විද්‍යාවෙ වගේ සමස්තය කොටස් වලට කඩල විශ්ලේෂණය කිරීමක් පෙරදිග උන් කරන්නෙ නෑ කියල :rolleyes:

    ඔය පොත් කියවන්න බෑ අර එදා දුන්න ආතර් සී ක්ලාක් ගේ ඒවාවත් කියෙව්වේ නෑ ඒවා දැන් කොහෙද දන්නෙත් නෑ මට ඉංගිරිසිත් බෑ වැඩිය :baffled: හැම සංස්කෘතියකම මිනිස්සු ලෝකේ දකින්නේ වෙනස් විදිහට තමා සංස්කෘතියේ නෙවේ එක එක තනි මනුස්සයත් වෙනස් විදිහට දකින්නේ. මම කිවේ හැමෝම දැනුම ගත්තේ එක විදිහට ඉන්ද්‍රිය පහ පාවිච්චි කරලා අත්දැකීම් වලින් ඉගෙනගෙන මිසක් වෙන මැජික් වලින් නෙවේ කියල.

    "අපි ලෝකය දකින්නෙ චතුස්කෝටික න්‍යායකිං" මොන බොරුද මේ :no: අපි නෙවේ බුදුහාමුදුරුවෝ වෙන්න ඇති. නිකන් ගිහින් මනුස්සයෙක්ට කිව්වොත් මේක තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ එහෙම එකක් ගැන හිතාගන්න පුලුවන්ද කියල පෙරදිග බටහිර වෙනසක් නෑ උට ඒක පුරුදු නෑ පිස්සු හැදේවි ඕවා කල්පනා කරලා :yes: බුද්ධාගමේ ආය ඉපදෙන්නේ මමත් නෙවේ වෙන කෙනෙකුත් නෙවේ කියද්දී නෑ නෑ ඒ මම තමා කියල හිතාගෙන තමා මිනිස්සු සාදුකාර දෙන්නේ. මේ මම තමා දිවය ලෝකේ යන්නෙ කියල හිතාගෙන පින් කරන්නේ, කාටවත් ඔය ඇති නැති ඒවා තේරෙන්නේ නෑ. මොකෝ හැමෝම පුරුදු වෙලා තියෙන්නේ ඒ මිනිස්සු එදිනෙදා දකින ලෝකේ හැටියට හිතන්න. කොටින්ම මම කියල කෙනෙක් නෑ කියන එකවත් ඔය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ හරියට පන්සිල් පද පහත් අමාරුවෙන් මතක තියාගෙන ඉන්නේ. එහෙව් එකේ මොන චතුස්කෝටික චින්තනද. බුද්ධාගමේ ඒ අදහස තිබුන පලියට හරි බුදුහාමුදුරුවෝ පෙරදිග රටක හිටිය පලියට පලියට මුළු පෙරදිගම නැත්තන් මුළු සිංහලු ඔක්කොම ඒ විදිහටයි හිතල තියෙන්නේ, මුළු පෙරදිග හරි සිංහල හරි චින්තනෙම එහෙමයි ගොඩනැගිලා තියෙන්න බෑ. ඒක එක විශේෂ කෙනෙක්ගේ අදහසක් විතරයි. ආයෙත් අර නැති ලේබල් ගැහිල්ලක් ඔය තියෙන්නේ. ඒකට බුදුහාමුදුරුවන්ගේ චින්තනේ කියන්න. නැතුව මුළු පෙරදිගටම ඒ ලේබල් එක ගහල පෙරදිග බටහිර වැටවල් ගහන්න ඒවා පාවිච්චි කරන්න එපා.

    බුදුහාමුදුරුවෝ අලුත් දෙයක් නිර්මාණය කරේ කල්පනා කරන්න මොලයක් කියල එකක් තියෙන නිසා. අයින්ස්ටයින් එහෙනං කොහොමද රටේ නැති අවකාශ කාල වක්‍ර කතාවක් හදාගත්තේ ඒක දෙයියෝ දුන්නේ නෑ නෙ. එහෙනං අයින්ස්ටයින්ට ඒ අදහස් පහල උන හැටි ගැනත් පැහැදිලි කිරීමක් නෑ නෙ. මොකෝ එදිනෙදා ජීවිතේදී අයින්ස්ටයින්ට අවකාශේ වක්‍ර වෙලා පෙනුනේ නෑ නෙ. ඒකට තමා හිතන්න මොලයක් තියෙන්නේ, විශේෂ අය වෙනස් විදිහට ලෝකේ දැකල වෙනස් අදහස් කියනවා. අයින්ස්ටයින්ට අරවගේ අදහසක් කියන්න පුළුවන් නං බුදුහාමුදුරුවන්ට බැරිවෙන්න හේතුවක් නෑ නෙ.

    ලෝකෙ ද්වීකෝටිකව දකින්න පුරුදු කලේ බටහිර අධ්‍යාපනය. දැන් උඹට අනුව බුදු හාමුදුරුවො ලෝකය චතුස්කෝටිකව දැක්ක. උඹම කියනව මේ ලෝකෙ අපි අත්දකින දේවල් ද්වීකෝටික න්‍යායට එකඟයි කියල. ඒ කියන්නෙ උඹම කියල අපි මේ ලෝකෙ අත්දකින දේවල් වලට එහා ගිය යමක් බුදු හාමුදුරුවන්ට ගෝචර වුනා කියල :lol: නැත්තං බුදු හාමුදුරුවො චතුස්කෝටික න්‍යායක් ඈඳගත්තෙ මොකටද.

    අයින්ස්ටයින් අවකාශ-කාල වක්‍රතාවක් ගත්තෙ සියලු නිරීක්ශකයන්ට ආලෝකයේ වේගය පේන්නෙ එකම විදිහට කියල අරගෙන සමීකරණ නිර්මාණය කරපුවාම එන ප්‍රතිඵල පැහැදිලි කරන්න කතන්දරයක් විදිහට විතරයි. එහෙනං උඹට අනුව බුදුහාමුදුරුවොත් ඒ වගේ මූලික උපකල්පනයක් මත පදනම් වෙලා ප්‍රතිඵල අපෝහණය කරල :lol: බම්බුව :lol: ප්‍රතිඵල අපෝහණය කරනව තියා පෙරදිග සංස්කෘතියෙ සියලු සිදුවීම් ආලෝකයේ වේගයේ නිරපේක්ශතාවය වගේ මූලික සංසිද්ධි කිහිපෙකට උෟනනය කරන ඌනිත වාදයවත් තිබ්බෙ නෑ :lol: බුදු දහමෙ නිරීක්ශකයන් දෙදෙනෙකුට කාලය ගලනව දැනෙන්නෙ වෙනස් වේග වලිං කියල බුදු හාමුදුරුවො කිව්වෙ මනසට ප්‍රත්‍යක්ශ කරගෙන මිසක් ප්‍රතිඵල අපෝහනයකිං නෙමේ. බුදු දහමෙ ඒක තේරුම් ගන්නවත් අවකාශ-කාල වක්‍රතාවක් ඇදල අරං නෑ. :rolleyes: නැතුව අයින්ස්ටයින්ට පෙනිච්ච කෙහෙම්මලක් නෙමේ අයින්ස්ටයින් කිව්වෙ.

    උපන් වෙලාවක් කොහෙද බන් ඉස්සර ලියල තියාගත්තේ මොකෝ ඔරලෝසු තිබුනද ඒ කාලේ විනාඩියට බලන්න. වැස්ස කාලේ ඉපදුන එකා, අස්වැන්න කපන කාලේ ඉපදිච්ච එකා කියල මුලින් හිටියේ. දැන් උන් නෙ බොරුවට විනාඩියට වෙලාව අහන්නේ ඉස්සර ඔය මොකුත් නෑ. ඒකයි වවාගෙන කනවා කියන්නේ. මුල් කාලේ ඔය විනාඩියට පලාපල කිවේ නෑ ග්‍රහයෝ යන විදිහට පරිසරේ වෙනස්කන් බලල සමහර කාල හොඳ සරුසාර කාල කිව්වා. සමහර කාලවල අස්වනු මැරෙනවා ලෙඩ එනවා. ග්‍රහයෝ බලන එකා දන්නවා හරියටම ඕවා එන කාලේ රටාව අනුව කැලැන්ඩරේ ඌ ගාවනේ. පරිසරේ ගැන කියන එකාට මොකෝ මිනිස්සු ගැනත් කියන්න බැරි කියල ඔන්න ඒ පාර මිනිස්සුත් අහන්න ගන්නවා. අහද්දී උට විශේෂ වෙච්ච වෙලාවක් නෑ ඉතින් උපන්න මාසේ අහනවා. මතක මිනිස්සු අහද්දී මම ගඟ උතුරපු මාසේ, අස්වැන්න කපපු මාසේ ඉපදුනේ කියනවා ගොඩක් උන් දන්නේ නෑ එහෙම කාලයක්. එහෙනං කියන්න විදිහක් නෑ කියනවා. ඌ එක මතක තියාගෙන ඉඳල උගේ ළමය ඉපදෙද්දී ගිහින් අහනවා මූ ගිය පෝයට ඉපදුනේ එහෙනං මූ ගැන කියන්න කියල. ඌත් ඉතින් වහින කාලේ උන් සුබයි නියං කාලේ උන් අසුබයි වගේ එකක් කියනවා පොඩියට. ග්‍රහයෝ මොකක්හරි විශේෂ පිහිටීමකට ආපුවම අන්න අරු කියනවා මෙන් සුබ කාලයක් විශේෂ පිහිටීමක් කියලා. ඒ කාලේ ඉපදෙන උන්ගේ අම්මල මතක තියාගන්නවා මූ ඉපදුනේ අහවල් කාලේ කියල. උන් ලොකු උනාම වැඩ පෙන්නනකොට අර අහවල් විශේෂ වෙලාවේ ඉපදුන එකානේ ඔය කියනවා කටින් කට යනව. ඕක දෙපැත්තටම අරුන් අහනවා මූ කියනවා දෙක කරගෙන යනකොට ඕන්න හරියන ඒවා එනවා වරදින ඒවා එනවා මූ ඒවා අනුව ඊළඟ උන්ටත් කියනව ගුරාගෙන් ගෝලයා ඉගෙනගන්නවා ඔහොම වවාගෙන වවාගෙන ඕවා යන්නෙ. මේ දැන් කාලේ මෙච්චර අතේ පත්තු වෙන බොරු කියලත් හොඳට ඉන්න එකේ ඒ කාලේ කිසි ගින්නක් නෑ නිකන් කරන්න පුළුවන් බිස්නස් එකනේ. ඔහොම අවුරුදු දාස් ගානක් කියන්නේ හොඳටම වවන්න පුළුවන් ඕන එකක්. මෙච්චර අනාවැකි වරදින්නේ ඒකනේ කිසි සම්බන්ධයක් නැති දෙකක් ගලපන්න හදන්නේ.

    දැන් බලපන්කො ලොතරැයි වාසනා, රැකියා ස්ථානේ උසස්වීම්, විදේශ ගමන්, වෙන එකක් තියා රටවල්වලටත් කේන්දර හදල පලාපල කියන්නේ :baffled: උඹ කියන්නේ ඕවත් සෘෂිවරු ලියල තිබුන කියලද පොත්වල. ඒවා කොහෙන්ද ආවේ. වවාගෙන කාල ඉල්ලුම අනුව. අර පරිණාමය වගේ තමා. තනි සයිල සතා අන්තිමට හිතාගන්න බෑ මෙහෙම හැදුනේ කොහොමද කියල.

    ඒක නේන්නං කිව්වෙ උපන් වෙලාවක් නැතුව කොහොමද ජ්‍යෝතිශයක් හැදෙන්නෙ කියල :lol: ජ්‍යෝතිශය හදල තියෙන්නෙ උපන් වෙලාවන් ගැන මිනිස්සු උනන්දු වෙන්න කලිං මනස දියුණු කරල ග්‍රහ පිහිටීම් අනුව ඉපදුන ඉපදෙන්න ඉන්න අයට මේ මේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනව දැකල ඒ සහසම්බන්ධය (correlation) පාවිච්චි කරල ජීවිතේ ගැන පුරෝකථනය කරන්න. උඹ ඔය කියන විදිහට ඔහොම එක එක්කෙනාට හිතිල කටින් කට ජ්‍යෝතිශේ ආව නං මෙලහට ජ්‍යෝතිශේ අච්චාරුවක් වෙලා හැම ග්‍රහ පිහිටීමකටම හැම දෙයක්ම වෙනව කියල කියන්න පුලුවන් වෙන ගානට ජ්‍යෝතිශය ඇනිල තියෙන්න ඕනෙ :lol: එතකොට එකෙක්ටවත් හිතුන්නැද්ද ගිය මාසෙ වැස්ස නිසා තමා අපේ උන්දැ වහලෙන් වැටුනෙ කියල ? :lol: සතියකට කලිං මහ සද්දෙට අකුණු 10ක් ගැහුව වැහි දවසක ඉපදුන අපේ එකී ලිඳ ගාව වැටිල කකුල උලුක් වුනා. වැහි දවස් වල ඉපදෙන උන්ට මහ සද්දෙට අකුණු 10ක් ගැහුවට පස්සෙ අපලයි කියල ? :lol: උඹ කියන විදිහට ජ්‍යෝතිශය හැදුන නං ඔය වගේ දේවල් ඕනෙ තරම් ජ්‍යෝතිශයට එකතු වෙලා තියෙන්න ඕනෙ :rolleyes: එහෙම ඇති නේ ? :P ඒක තමා කිව්වෙ මිනිස්සුන්ට තියෙන cognitive biases තොගෙත් එක්ක පරම්පරා ගානක් තිස්සෙ මිනිස්සුන්ට දකින්න ලැබෙන දේවල් වලිං ජ්‍යෝතිශයවත් පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රවත් බිහිවෙන්න විදිහක් නෑ කියල. ජ්‍යෝතිශය බිහිවුන විදිහ අසංගත නොවී පැහැදිලි කෙරෙන එකම විදිහ මනස දියුණු කරල දැකපු රටා ඇසුරින් නිර්මාණය කරපු බව විතරයි. මනස දියුණු කරපු සෘශිවරු කිව්ව කියලම තියෙනවත් එක්ක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොයාගත්තු විදිහ දන්නෑ කියල උඹ ලේබල් ගහන්නෙ උඹ නිරාගමික අදහන්නෙ විද්‍යාව විද්‍යාවට අනුව මනස දියුණු කරල දැනුම ලබාගැනීමක් නැති නිසානෙ. උඹ මලාට අහනවද a+0=0 වෙනව කියල හොයාගත්තෙ කොහොමද කියල ? :baffled: a=b=c නං a=c වෙනව කියල හොයාගත්තෙ කොහොමද කියල ? :rolleyes: අඩුම ගානෙ ගුරුත්වාකර්ශණේට අනුව ගුරුත්වාකර්ශණේ ඇතිවෙන විදිහවත් අහනවද ? :P ඒව උඹලට self evident සත්‍යය :lol: ඇයි විද්‍යාඥයො ගණිතඥයො කියල තියෙනවනෙ. උඹලගෙ විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො. ඒ නිසා බටහිර විද්‍යාඥයො හොයාගත්ත කියල කියන දේවල් ප්‍රශ්න කිරීමකිං තොරව පිළිගන්නව. දැන් කියයි නෑ එක විශයක් ගැන වුනත් විද්‍යාඥයො අතරෙ මතබේද තියෙනවනෙ එතකොට හැම විද්‍යාඥයම කියන දේවල් පිළිගන්නෑනෙ එතකොට විද්‍යාඥයො විඥ්ඥුන් නෙමේනෙ කියල :baffled: ඒත් උඹල විද්‍යාඥයො බහුතරය එකඟ වෙන කරුණු වලදි ඒ කරුණු වල නිරවද්‍යතාවය හොයන්න යන්නෑ. හොයල වැඩකුත් නෑ. විද්‍යාඥයො බහුතරය එකඟ වෙන කරුණ නිවැරදියි. ඒ නිසා ඒව ඇත්ත කියල පිළිගන්නව.

    උඹලට විද්‍යාඥයො වගේ තමා බෞද්ධයන්ට විඥ්ඥුන් බුදු හාමුදුරුවො. ත්‍රිපිඨකේ තියෙනව මනස දියුණු කරල දැනුම ලබාගන්න පුලුවන් කියල. ත්‍රිපිඨකේ තියෙනව මනස දියුණු කරල දැනුම ලබාගත්ත කියල.

    ප්ලූටෝ කොහෙ හරි තියෙනවනෙ. දැන් උඹට අනුව ඒවගෙ කොහොමද ඇහැට පේන්නැති ග්‍රහවස්තු ගැන තියෙන්නෙ ? කොහොමද රාහු කේතුගෙ පිහිටීම් හරියට පුරෝකථනය කරල තියෙන්නෙ ? රාහු කේතු කියන්නෙ කොහොමත් ඇහැට පේන පිහිටීම් දෙකක් නෙමේ. පෘථිවියට සාපේක්ශ ඉරෙයි හඳෙයි චලිතයන් කැපෙන තැන්. ඒක ටෙලස්කෝප් නෙමේ අන්වීක්ශෙකින්වත් පේන්නෑ. ඒ වුනාට රාහු කේතු පිහිටීම් හරියට පුරෝකථනය කරල සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ පුරෝකථනය කරල තියෙනව. ඒවටත් පැහැදිලි කිරීම අහස බලල කියලද ? සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇතිවෙන රටාව බැලුවාම අච්චර කාලෙකට පස්සෙ තව එකක් වෙනවාමයි කියන්න පුලුවන් සරල රටාවක් පේනවද ?

    a+0=a වෙන්නේ කොහොමද අහන්න ගණිතය කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක්නේ බන් නැතුව පොලවේ තිබිලා හාරලා ගොඩගත්තා එකක්යැ හොයාගත්තා කියන්න. එහෙනං එකට පස්සේ දෙක එන්නේ මොකෝ ඇයි හතර නොවෙන්නේ කියලත් අහපන්කෝ, මාර්ග සංඥා වල මොකෝ ඉස්පිරිතාලෙට කුරුසේ තියෙන්නේ ඇයි මලක් නැත්තේ කියලත් අහපන්කෝ :baffled: මිනිස්සු හදාගෙන සම්මත කරලා පාවිච්චි කරන කෘතීම සිස්ටම් එකකයි බාහිර පරිසරේ තිබිල නිරීක්ෂණය කරලා විස්තර කරන්න උත්සහ කරන සිස්ටම් එකකයි වෙනස තෙරුන් ගනින් ඉස්සෙල්ල. ගුරුත්වාකර්ශනේ ඇතිවෙන විදිහ කවුරුත් දන්නේ නෑ තමා අහල වැඩකුත් නෑ කාටවත් කියන්නත් බෑ. වස්තු හැසිරෙන විදිහ විතරයි කියන්නේ තියරියෙන් ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නේ. :baffled: අපි ඉගෙනගන්නේ නිව්ටන් කියන මනුස්සය හදපු ගුරුත්වාකර්ෂණ තියරිය මිසක් ඇත්තටම වස්තු එහෙම වෙන්නේ ඇයි කියල කියන පරම සත්‍ය නෙවේ නෙ. අදාළ වැඩේ වෙනවනං එච්චරයි ආය වෙන විදිහ මොකටද. අනිත් එක තනි මනුස්සයෙක් කියන දේකට හම්බෙන වටිනාකමයි මිනිස්සු සමුහයක් එකතුවෙලා වාද විවාද කරලා හොයාගන්න දේකට දෙන වටිනාකමයි එකද කියල කියපන්කො. බහුතරය එකඟ වෙනවා නං පිලිගන්නව තමා ඒකනේ තියෙන හොඳම උත්තරේ. තියෙන හොඳම උත්තරේ පිළිගන්නේ නැතුව වෙන මොකක්ද කරන්න කියන්නේ. උඹ සෙනග මැදට ගිහින් පාරක් ඇහුවම වැඩිදෙනා කියන පාරේ නෙවේද උඹ යන්නෙ. ඒක විස්වාස කරන එක මෝඩකමක්ද :baffled: විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො නෙවේ විඥ්ඥුන් මම වගේම ඉන්න අනික් ඇස් කන් තියෙන මිනිස්සු. මම පාරක් අහද්දී වැඩි දෙනා කියන පාරේ යනවා වගේම තමා විද්‍යාවෙන් සොයාගැනීමක් කරාමත් වැඩි දෙනා කියන දේ විස්වාස කරන්නේ. ඒකට බටහිර පෙරදිග බේදයක් නෑ.

    කිව්වා නං කෝ කේන්දරේ තියෙන්න එපයි. කේන්දරේ නැති එකනේ මම කිවේ. අනික් අහුමුලු වල තිබුනද නැද්ද මම දන්නවයැ තියෙනවනං ඒක හොයාගත්ත විදිහක් ඇති. දැන් කාලේ ඉන්න උන්ට හොයන්න පුළුවන් නං මොකෝ ඒ කාලේ හිටියෙත් මිනිස්සුනේ. ඒ ක්‍රමේ නොදන්න නිසා මැජික් වලින් හොයාගත්තා කියල හරියනවය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් එතකොට උඹ කියන්නෙ ලංකාවෙන් විද්‍යාඥයො වෙන අයට මූලික දැනුම නෑ කියලද ? මූලික අධ්‍යාපනය නෑ කියලද ? :lol: මේක නිකං ගැලවෙන්න කියපු නතාවක් :lol: සිංහල බෞද්ධ සංස්කෘතියෙ හැදුන අයට බටහිර සංස්කෘතියෙ තරම් වියුක්තව හිතන්න පුරුදු කෙරෙන්නෙ නෑ. ඒකයි ප්‍රවාද නිර්මාණය කරන්න බැරි. පෙරදිග සංස්කෘතීන් වල වියුක්තව හිතන්න පුරුදු කරන්නෙ නෑ වගේ දේවල් බටහිර මනෝ විද්‍යාත්මක පරීක්ශණ කරන විද්‍යාඥයොත් පිළිගන්නව :lol: උඹට පිලිගන්න බෑ :lol: අර සුනාමි ත්‍රෙඩ් එක බලපං :lol: ඒකෙ බටහිරයන්ම කියනව විද්‍යාවෙ වගේ සමස්තය කොටස් වලට කඩල විශ්ලේෂණය කිරීමක් පෙරදිග උන් කරන්නෙ නෑ කියල :rolleyes:

    මුලික දැනුම තිබුනම පුළුවන් නං කෝ බටහිර ඉන්න පාර අතුගාන එකාගේ ඉඳන් ප්‍රවාද හදන්න එපැයි කෝ හදනවද :baffled: දැන් ඉපදෙන ඔක්කොම බෞද්ධ සංස්කෘතිය ඇතුලේ හැදෙනවලු මොන පිස්සුද. මෙහෙ ඇති සංස්කෘතියක් නෑ උන් සුද්දන්ටත් වඩා බටහිරයි එහෙනං කෝ උනුත් හදන්න එපැයි. පෙරදිග සංස්කෘති වල වියුක්තව හිතන්න බැරිලු එහෙනං නිවන වගේ සංකල්ප ගැන කියන්නේ කොහොමද ඒවා ගැන රුප මවාගෙනද :baffled: බටහිරයෙක් කීව කියල ඒක පිළිගන්න මට පිස්සු නෑ මම කිවනේ ඔය බෙදීම මා ගාව නෑ කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    WhiteWalker;22659363[SIZE="4" said:
    ලෝකෙ ද්වීකෝටිකව දකින්න පුරුදු කලේ බටහිර අධ්‍යාපනය. දැන් උඹට අනුව බුදු හාමුදුරුවො ලෝකය චතුස්කෝටිකව දැක්ක. උඹම කියනව මේ ලෝකෙ අපි අත්දකින දේවල් ද්වීකෝටික න්‍යායට එකඟයි කියල. ඒ කියන්නෙ උඹම කියල අපි මේ ලෝකෙ අත්දකින දේවල් වලට එහා ගිය යමක් බුදු හාමුදුරුවන්ට ගෝචර වුනා කියල :lol: නැත්තං බුදු හාමුදුරුවො චතුස්කෝටික න්‍යායක් ඈඳගත්තෙ මොකටද.

    අයින්ස්ටයින් අවකාශ-කාල වක්‍රතාවක් ගත්තෙ සියලු නිරීක්ශකයන්ට ආලෝකයේ වේගය පේන්නෙ එකම විදිහට කියල අරගෙන සමීකරණ නිර්මාණය කරපුවාම එන ප්‍රතිඵල පැහැදිලි කරන්න කතන්දරයක් විදිහට විතරයි. එහෙනං උඹට අනුව බුදුහාමුදුරුවොත් ඒ වගේ මූලික උපකල්පනයක් මත පදනම් වෙලා ප්‍රතිඵල අපෝහණය කරල :lol: බම්බුව :lol: ප්‍රතිඵල අපෝහණය කරනව තියා පෙරදිග සංස්කෘතියෙ සියලු සිදුවීම් ආලෝකයේ වේගයේ නිරපේක්ශතාවය වගේ මූලික සංසිද්ධි කිහිපෙකට උෟනනය කරන ඌනිත වාදයවත් තිබ්බෙ නෑ :lol: බුදු දහමෙ නිරීක්ශකයන් දෙදෙනෙකුට කාලය ගලනව දැනෙන්නෙ වෙනස් වේග වලිං කියල බුදු හාමුදුරුවො කිව්වෙ මනසට ප්‍රත්‍යක්ශ කරගෙන මිසක් ප්‍රතිඵල අපෝහනයකිං නෙමේ. බුදු දහමෙ ඒක තේරුම් ගන්නවත් අවකාශ-කාල වක්‍රතාවක් ඇදල අරං නෑ. :rolleyes: නැතුව අයින්ස්ටයින්ට පෙනිච්ච කෙහෙම්මලක් නෙමේ අයින්ස්ටයින් කිව්වෙ.[/SIZE]

    මේ ලෝකේ අත්දකින දේවල්වලට එහා දෙයක් බුදුහාමුදුරුවෝ කිව තමා මිනිස්සුන්ට මොලයක් කියල එකක් තියෙන්නේ ඒකනෙ අපි දකින දේවල් වලට එහා දේවල් හිතන්න. නැත්තන් දකින දේ විතරක් අරගෙන් අකිසි දෙයක් කරන්න වෙන්නේ නෑ. අයින්ස්ටයින් කතන්දරයක් තමා හැදුවේ ඉතින් උට ඒක හිතන්න පහලවුනේ කොහොමද දෙයියෝ දුන්නද කොලේක ලියල නෑ නෙ. උට පෙනුනෙත් නෑ එහෙනං කොහොමද උට ඒක හිතුනේ. දැන් උඹ කියන විදිහට පේන්නේ නැති අත්දකිනේ නැති දේවල් එහෙම හිතෙන්න බෑනේ මිනිස්සුන්ට. :baffled: එක්කෙනෙක්ට එහෙම දෙයක් නිකන් හිතෙන්න බෑ කියල ඒක පැහැදිලි කරන්න එහෙනං එයාට මැජික් බලයක් තිබුනා කියල කියනවා හැබැයි අනික් එකාට නිකන්ම හිතිලා :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නේන්නං කිව්වෙ උපන් වෙලාවක් නැතුව කොහොමද ජ්‍යෝතිශයක් හැදෙන්නෙ කියල :lol: ජ්‍යෝතිශය හදල තියෙන්නෙ උපන් වෙලාවන් ගැන මිනිස්සු උනන්දු වෙන්න කලිං මනස දියුණු කරල ග්‍රහ පිහිටීම් අනුව ඉපදුන ඉපදෙන්න ඉන්න අයට මේ මේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනව දැකල ඒ සහසම්බන්ධය (correlation) පාවිච්චි කරල ජීවිතේ ගැන පුරෝකථනය කරන්න. උඹ ඔය කියන විදිහට ඔහොම එක එක්කෙනාට හිතිල කටින් කට ජ්‍යෝතිශේ ආව නං මෙලහට ජ්‍යෝතිශේ අච්චාරුවක් වෙලා හැම ග්‍රහ පිහිටීමකටම හැම දෙයක්ම වෙනව කියල කියන්න පුලුවන් වෙන ගානට ජ්‍යෝතිශය ඇනිල තියෙන්න ඕනෙ :lol: එතකොට එකෙක්ටවත් හිතුන්නැද්ද ගිය මාසෙ වැස්ස නිසා තමා අපේ උන්දැ වහලෙන් වැටුනෙ කියල ? :lol: සතියකට කලිං මහ සද්දෙට අකුණු 10ක් ගැහුව වැහි දවසක ඉපදුන අපේ එකී ලිඳ ගාව වැටිල කකුල උලුක් වුනා. වැහි දවස් වල ඉපදෙන උන්ට මහ සද්දෙට අකුණු 10ක් ගැහුවට පස්සෙ අපලයි කියල ? :lol: උඹ කියන විදිහට ජ්‍යෝතිශය හැදුන නං ඔය වගේ දේවල් ඕනෙ තරම් ජ්‍යෝතිශයට එකතු වෙලා තියෙන්න ඕනෙ :rolleyes: එහෙම ඇති නේ ? :P ඒක තමා කිව්වෙ මිනිස්සුන්ට තියෙන cognitive biases තොගෙත් එක්ක පරම්පරා ගානක් තිස්සෙ මිනිස්සුන්ට දකින්න ලැබෙන දේවල් වලිං ජ්‍යෝතිශයවත් පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රවත් බිහිවෙන්න විදිහක් නෑ කියල. ජ්‍යෝතිශය බිහිවුන විදිහ අසංගත නොවී පැහැදිලි කෙරෙන එකම විදිහ මනස දියුණු කරල දැකපු රටා ඇසුරින් නිර්මාණය කරපු බව විතරයි. මනස දියුණු කරපු සෘශිවරු කිව්ව කියලම තියෙනවත් එක්ක.

    උපන් වෙලාව මොකටද බන් ජ්‍යෝතිෂ්‍ය හැදෙන්න, මුල් කාලේ තිබුන සාස්තර කිවිල්ලේ උපන් වෙලාවක් කියල එකක් තිබුනෙ නෑ කියල කිවේ එකනේ මම, ආසන්නව සෘතු වලට, මාස ගානට, පෝයට කියපු එක ටික ටික ඉල්ලුමට අනුව උපන් වෙලාව ආසන්න දිනයට පැයට වගේ ආවේ. නැත්තන් විනාඩියට වෙලාව බලන විදිහක් අවුරුදු දාස් ගානකට කලින් තිබුනෙ නෑ නෙ.

    "උඹ ඔය කියන විදිහට ඔහොම එක එක්කෙනාට හිතිල කටින් කට ජ්‍යෝතිශේ ආව නං මෙලහට ජ්‍යෝතිශේ අච්චාරුවක් වෙලා හැම ග්‍රහ පිහිටීමකටම හැම දෙයක්ම වෙනව කියල කියන්න පුලුවන් වෙන ගානට ජ්‍යෝතිශය ඇනිල තියෙන්න ඕනෙ" ඉතින් ඒක නේන්න්න මේ වෙලා තියෙන්නේ :D කියන කියන එක වරදිනවා එකෙක් එකක් කියනවා තව එකෙක් තව එකක් කියනවා ඔය ඇනිලා නේන්නං තියෙන්නේ.

    "උඹ කියන විදිහට ජ්‍යෝතිශය හැදුන නං ඔය වගේ දේවල් ඕනෙ තරම් ජ්‍යෝතිශයට එකතු වෙලා තියෙන්න ඕනෙ" ඒ වගේ වැස්ස අකුණු වගේ දේවල් සම්බන්ධ වෙලා නැත්තේ එකක් ඒවට රටාවක් නැති නිසා. ග්‍රහයෝ එහෙම නෙවේ යන විදිහ නිරීක්ෂණය කරලා රටාව හොයාගන්න පුලුවන්. අනික වැස්ස අකුණු සාමාන්‍ය මිනිස්සුන්ට පේනවා ග්‍රහයෝ නිකන් මිනිස්සුන්ට පේන්නේ නෑ. පේනකොට මේකේ කිසි සම්බන්ධයක් නෑ මහා මෝඩ කතාවක් මේ කියල වැඩිකල් යන්න කලින් තේරෙනවා. ග්‍රහයෝ නොපෙනෙන උනාම අර නොපෙනෙන දෙයියෝ වගේ මිනිස්සු විස්වාස කරනවා. ඇහැට පේන්න තියෙන දේට වඩා ඇහැට නොපෙනෙන ඈත තියෙන දේට මිනිස්සු බයයි. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම ඉපදුනේ උදේ 8.22ට

    වෙලාව වැරදිලා මම ඉපදුනේ හරියටම 8.21ට හරි 8.23ට හරි නං, කේ්නදරේ ලොකු වෙනසක් වෙනවද?