Best of Free

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට

    මාත් හිතුවා mega thread එකක් පටන් ගත්තනම් හොඳයි කියල මේකේ මම දාන්න බලාපොරොත්තු වෙන්නේ නොමිලේ ලබාගත හැකි හොඳම මෘදුකාංග ටිකක්. මේවා freeware වුනාට ඉතින් සල්ලි දීලා download කරගන්න පුළුවන් premium version තියනවා හොඳේ.

    ගොඩක් ඒවා මම දැනුත් පාවිච්චි කරන softwares ඔයාලගෙනුත් ගොඩක් අය මේවා ගැන දන්නවා ඇති ඒවුනාට නොදන්නා අයට දැනගන්න සහ thread එක සම්පූර්ණ වෙන්න මම ප්‍රසිද්ධ softwares ටිකකුත් මේකට දාල තියනවා.

    හරි එහෙනම් වැඩි කතා නැතිව පටන් ගමු. පළවෙනියටම දෙන්නම් ඔය hacking පැත්තට ආස අයට හොඳ software එකක් hacking කිව්වට ඉතින් මේක පාවිච්චි කරලා ඔය ලංකාවේ තහනම් වෙබ් අඩවි වලට යන්නත් පුළුවන් ඕනෙනම්. :P:P

    software එකේ නම Cyber Ghost

    cyberghost-anonym.png


    හැම දෙනාම ඔය වැඩ කරන්න ආස වුනාට තමන්ගේ වැඩ දිහා රහසේ කවුරුහරි බලාගෙන ඉන්නවට කැමති නැතුව ඇතිනේ එක නිසා ඔයාල මොනවා හරි අන්තර් ජංජාලේ කරන දේවල් රහසේ කරගෙන යන්න නැත්තම් අඩි සලකුණු නැතුව ජංජාලේ පුරා ඇවිදින්න මේක use කරන්න පුළුවන්. ඔයාල දන්නේ නැති වුනාට ගොඩක් වෙබ් අඩවි තමන්ගේ වෙබ් අඩවියට එන යන අය කරන දේවල් වල සටහන් තියාගන්නවා. ඔයාලගේ pc එකට private ip address එකක් තියනවා නම් එකෙන් ඔයාලගේ නම, වයස සහ phone no එක වුනත් දැනගන්න පුළුවන් :oo::oo:. ඒවුනාට ඉතින් ලංකාවේ නම් ඔහොම සල්ලි දීලා ip addresses ගන්නේ ගොඩක් companies විතරයිනේ ඒක අපිට වැදගත් නෑ.:nerd:

    cyberghost-servermap.png


    මේකේ ඉන්න ඔක්කොටම අත්දැකීම් ඇති download sites (filestube, mega share ඔය ගොඩක් තියෙන්නේ) වලින් files download කරනකොට download fail වුනොත් යම් කිසි කාල සීමාවක් බලාගෙන ඉන්න වෙනවා කියල මේ software එක use කරනවානම් fail වුනත් ඊළඟ තත්පරයෙදීම නැවත පටන් ගන්න පුළුවන්.:rolleyes:
    හරි එහෙනම් ඔයාල තමන්ගේ අන්තර්ජාල සම්බන්දතාවය dial කරනකොට automatically ip address එකක් dns server එකෙන් assign වෙනවා කියල දන්නවනේ ඔයාලා manually private ip address එකක් දාල තිබ්බත් නැවත connection එක dial කරන කොට එක වෙනස් වෙනවා (සල්ලි දීලා එක වෙන් කරගෙන නැත්තම්) හැබැයි මේක ඕනෙම කෙනෙකුට බලාගන්න පුළුවන් cyber ghost user කෙනෙකුට මේ ip එක තවත් user කෙනෙක් එක්ක share කර ගන්න පුළුවන් එතකොට වෙන් වෙන් වශයෙන් තමන් කරපු දේවල් තුන් වෙනි පාර්ශවයකට දැනගන්න බැරි වෙනවා.:growl::growl:

    cyberghost-serverlist.png


    මේක web browsers වලින් Mozilla Firefox, Opera, Internet Explorer, Google Chrome messengers
    වලින් ICQ, MSN Messenger, Skype, etc., download clients වලින් (HTTP, FTP, BitTorrent, etc. සහ games WoW, CS:S, etc වලට පාවිච්චි කරන්න පුළුවන්. බය වෙන්න එපා speed එකට නම් කිසිම හානියක් නෑ :)
    පාවිච්චිය අමාරු නෑ..
    මේක download කරගෙන install කරලා cyber ghost site එකේ user account එකක් හදාගන්න ඕනේ ඊට පස්සේ ඉතින් තමන් කැමති service එකකට මේකෙන් සම්බන්ද වෙන්න පුළුවන්.

    මේ තියෙන්නේ Cyber ghost Official site ඒක

    මම විස්තර සහ images ඔක්කොම ගත්තේ ඔය site එකෙන්

    ඊළඟට
    මේකත් ගොඩක් වැදගත් software එකක් නම තමා doPdf
    මේකෙන් වෙන්නේ ඔයාලගේ pc එකේ virtual printer එකක් හදාගන්නවා මේ printer එකෙන් ඔයාලගේ ඕනෙම document එකක් image එකක් pdf file විදිහට පහසුවෙන් සහ ඉක්මනට convert කර ගන්න පුළුවන්
    මේ තියෙන්නේ support කරන file types
    DOC, DOCX, DJVU, XLS, XLSX, XPS, PPT, PPTX, DOT, EML, VSD, PUB, PUBX, MPP, WPD, OpenOffice, DWG, HTML, TXT, PNG, JPEG, GIF, TIFF
    හැබැයි මේකෙන් අනිත් ඒවා වගේ watermark, banners, stamps වදින්නේ නෑ :):)

    කරන්න තියෙන්නේ මෙහෙමයි ඔයාලගේ document viewer එකෙන් අවශ්‍ය document එක open කර ගන්න පස්සේ print button (ctrl+p) එක press කරලා printer එක විදිහට doPdf virtual printer එක select කරන්න

    free-pdf-converter.jpg


    මේ තියෙන්නේ download links




    කට්ටිය එහෙනම් අදහස් දාල යන්න වෙලාව තියන විදිහට අනිත් ඒවත් දාන්නම්

    මේ tread එකේ පලවන soft wares වලට වඩා හොඳ ඒවා ඔයාලා දන්නවනම් ඒවා ගැන කොටලා යන්න අමතක කරන්නත් එපා.

    අමතක වුනා කියන්න මම එළකිරි එකේ posts 500 කොටලා තියනවා 500 වෙනි එකට තමා මේක දැම්මේ..
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නියමයි මචන් මටනම් අඩි සලකුනු මක මකා යන්න ජංජාල සයිට් නෑ ඒත් තියන අයට වැදගත්