Blogger-වලටත්-Skype-Emoticons

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Blogger වලටත් Skype Emoticons

    කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ Emoticons තේරෙන විදියට කිව්වොත් අර හිනාවෙන මූහුණු.
    emoticon-0102-bigsmile.gif
    emoticon-0110-tongueout.gif
    emoticon-0116-evilgrin.gif
    emoticon-0140-rofl.gif
    බ්ලොග් ලියන ගොඩක් අය මේ emoticons පාවිච්චි කරනවා. ඒත් සමහර අය නං පාවිච්චි කරන්නෙ නෑ. මම දැකලා තියෙනවා සමහර බ්ලොග් කමෙන්ට්ස් වලදී මේ emoticons වැඩ කරන්නෙ නෑ
    emoticon-0104-surprised.gif
    . ඒ වෙනුවට පේන්නේ : ), : D ආදි සංකේතය විතරයි. ඉතින් මේ සේරම අවුල් නිරවුල් කරගෙන yahoo emoticons වෙනුවට ලස්සන Skype emoticons තමන්ගේ බ්ලොගයට දාගන්නෙ කොහොමද කියලා බලමු.


    මමත් මේක කළේ නෙට් එකේ තිබුණු දේවල් වලින් හොයාගත්ත ක්‍රම වලටයි. සමහර විට මීට වඩා ලේසි ක්‍රම සහ ‍විධි තියෙන්න පුළුවන්. මමත් මේක කරලා තියෙන්නෙ කළුවා මාරපන ගියා වගේද දන්නෑ
    emoticon-0110-tongueout.gif
    . එහෙම ලේසි විදියක් තියෙනව නං මාවත් පොඩ්ඩක් දැනුවත් කරන්න. මට ඉස්සෙල්ලාම ඕනේ වුනේ Skype emoticons ටික කමෙන්ට්ස් වලට විතරක් ගන්න. කමෙන්ට් වලට emoticons ගන්න පොඩි script කෑල්ලක් හොයාගත්තා. මේ තියෙන්නේ ඒක.





    <script src='http://sites.google.com/site/angga123site/smiley.txt' type='text/javascript'/>


    මේක බ්ලොග් එකේ edit html ගිහිල්ලා </body> එකට කලින් දැම්මම බ්ලොග් එකේ කමෙන්ට්ස් වලට yahoo emo වැඩකරනවා. වැඩේ ෆිනිෂ්
    emoticon-0105-wink.gif
    .

    දැන් ඊලඟ වැඩේ. ඇත්තටම yahoo emo වලට වඩා skype emo ලස්සනයි
    emoticon-0100-smile.gif
    . ඉතින් දැන් මේ yahoo වෙනුවට skype emo දාන්නේ කොහොමද බලමු. කලින් script එකේ smiley.txt ෆයිල් එක අරගෙන බැලුවොත් ඒකේ තියෙන්නේ yahoo emoticons වලට address. ඉතින් yahoo emoticons address වෙනුවට skype emo address දැම්මොත් කමෙන්ට්ස් වල පේන්න ඕනේ skype emo. පස්සේ මම Skype emoticons ටිකක් බාලා direct link ගන්න පුළුවන් තැනකට අප්ලොඩ් කරපු කළා. උදා :- Fileden ඉතින් yahoo emoticons address වෙනුවට මම අප් කරපු skype emoticons address ටික දාලා ඒ .txt ෆයිල් එකත් මම fileden වලටම අප්කරලා ලින්ක් එක අර script එකට දැම්මා. පස්සේ බ්ලොග් එකේ තීම් එකේ edit html ගිහිල්ලා </body> එකට කලින් script එක දාලා save කලා. දැන් කමෙන්ට්ස් වලට skype emoticons වැඩ. හරිම සරළයි.

    emoticon-0100-smile.gif
    emoticon-0100-smile.gif
    emoticon-0100-smile.gif
    emoticon-0100-smile.gif
    emoticon-0100-smile.gif


    ඉතින් මම සේරම skype emoticons upload කලේ නෑ. ඉතින් සමහර yahoo emoticons ත් එහෙම්මම තියෙනවා. තමන්ට skype emoticons විතරක්ම ඕනේ නං ඉස්සෙල්ලාම මේ skype emoticons ටික බාලා direct link ගන්න පුළුවන් තැනකට සේරම අප්ලෝඩ් කරන්න. පස්සේ ඒ skype emoticons address වලින් yahoo emoticons address replace කරලා ඒක අර script එකට දාලා බ්ලොග් එකට ඇතුළු කරන්න. ඒත් කරන්න කම්මැලි නං මේ පහළ script එක බ්ලොග් එකට දාන්න. එතකොට skype emoticons ‍එයි.



    <script src='http://www.fileden.com/files/2009/8/19/2548276/smiley2.txt' type='text/javascript'/>

    දැන් කමෙන්ට්ස් වලට විතරක් skype emoticons තිබ්ලා මදි. පෝස්ට් වලටත් ඕනෑ නං Firefox පාවිච්චි කරන්න වෙනවා. ඉස්සෙල්ලාම මේ Add-ons එක දාගන්න. පස්සේ මේ ලින්ක් එක උඩ කොටලා script එක install කර ගන්න. දැන් බ්ලොගයේ edit html ගිහිල්ලා ]]></b:skin> හොයා ගන්න. පස්සේ

    img.emoticon {
    padding: 0;
    margin: 0;
    border: 0;
    }

    මේ කෑල්ල කොපිකරලා ]]></b:skin> එකට උඩින් පේස්ට් කරන්න. දැන් New Post එකක් කරන්න ගියාම skype emoticons ටිකයි yahoo emoticons ටිකයි දෙකම එනවා.


    ඕන එකක් තෝරලා පෝස්ට් එකට ඇඩ් කරන්න පුළුවන්. හෆෝයි හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි වුනා. බයිලයක් වගේද මන්දා..
    emoticon-0104-surprised.gif


    ප.ලි.

    පෝස්ට් වලට emo එ‍න්නෙ නැත්නං මේ විදියට කරලා බලන්න. ඉස්සෙල්ලාම මේ script එක
    බාලා unzip කරලා C: එකට වගේ දා‍ගන්න. පස්සේ Firefox වල file://c:\yahooiconforblogger.user.js එන්ටර් කරන්න. පස්සේ script එක හරියට install වෙයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ.