BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Sherlock holmes aluth pothath awilla, kohomada danna! :baffled:

    Dan chandana mendisge translations hari nane.. :dull:


    secmzOW.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sherlock holmes aluth pothath awilla, kohomada danna! :baffled:

    Dan chandana mendisge translations hari nane.. :dull:


    secmzOW.png

    ඔය රහසිගත ලිපිගොණු කියලා ආපු ඒවා සර්. ආතර් කොනන් ඩොයිල්ගේ පොත් නෙවෙයිනේද.
    ඩොයිල් මැරිලා අවුරුදු ගානක් වෙන කතුවරු ෂර්ලොක් හෝම්ස් ජීවත් කෙරෙව්වා නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Sherlock holmes aluth pothath awilla, kohomada danna! :baffled:

    Dan chandana mendisge translations hari nane.. :dull:


    secmzOW.png

    ඔය රහසිගත ලිපිගොණු කියලා ආපු ඒවා සර්. ආතර් කොනන් ඩොයිල්ගේ පොත් නෙවෙයිනේද.
    ඩොයිල් මැරිලා අවුරුදු ගානක් වෙන කතුවරු ෂර්ලොක් හෝම්ස් ජීවත් කෙරෙව්වා නේ

    දෙන්නටම එක පාර උත්තරයක් දාන්නම්.........
    ඔව් සහ නැ...
    රහසිගත ලිපිගොනු කියන්නෙ වෙනත් කතුවරු හොම්ස් සම්බන්ද කරලා ලිවිව පොත් සහ චන්දන මෙන්ඩිස් ලියන කතා...හුගක්ම ප්‍ර්සිද්ද කතා වලට හොම්ස් ව ඔබ්බලා ලියනවා..එක හරියට දැන් කාලෙ පරන ෆිල්ම් රිමෙක් කරනවා වගේ තමා...ජෙකිල් සහ හයිඩ්,ඩ්‍රැකියුලා වගෙ පොත් වලින් ඩොයිලි ලියපු දිර්ග කතා වලට එකතුවක් දෙන්න හදන්නෙ....එවා සාර්තක නැ..මොකද එ කතා මුලදිම හිතාගන්න පුලුවන් අවසානෙ මොකද වෙන්නෙ කියලා..අනික වොට්සන් තැන් තැන් වල කියලා තියෙනවා නෙ එක එක අපරාදකාරයො ගැන..ඉතින් එවායින් හොම්ස් ජිවත් කරවන්න කරන අසාර්ථක උත්සාහයක් කියන්න පුලුවන්..එත් අපි එයාලගෙ උත්සාහය අගය කරන්න ඔනි..මොකද කියවන අපිට අපො මේක වැඩක් නැ මේක අපිටත් ලෙසි කියලා හිතුවට එක එහෙම නැ...පොතක් ලියන එක ලෙසි වැඩක් නෙමෙයි...ඊටත් වඩා ලොකෙ ජනප්‍රියම චරිතයක් අලලා ලියන එක තව අමාරුයි:D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොත් ප්‍රදර්ශනේ තියෙන පොත්සෙට් එකේ නමුයි, කතුවරයයි, පබ්ලිෂයි, ගානයි දාලා database එකක් තිබ්බනම් මරු නේද
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අම්මො මම ආයෙ පොස්ට් දාන්නෙ නැ..ඊයෙ අර මහදැනමුත්තා කිවිවා මම ත්‍රෙඩ් එකක පොස්ට් එකක් දාලා ත්‍රෙඩ් හයිජැක් කරනවා ලු.අන්තිමට ත්‍රෙඩ් එක දාපු කෙනා අනාත වෙනවාලු..:yes::yes:

    අපි දෙන්නගෙ වෙනසකට තියෙන්නෙ ඔයා හයිජැක් කරනවා මම හයි නැතුව නිකන්ම ජැක් කරනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Swarna-Pusthaka-Award-Logo.jpg




    පොත් ලයිස්තුවක් අතැතිව ගියොත් තෝරා ගන්න ගොඩක් ලේසි වෙයි. නමුත් හොඳ පොත් කොහොමද දැනගන්නේ කියන එකත් ප්‍රශ්ණයක්.

    2009 සිට 2017 දක්වා රාජ්‍ය සාහිත්ය සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් එමෙන්ම ස්වර්ණ පුස්තක සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් මේ ලයිස්තුවේ තියෙනවා. නිර්ණායක හරියටම හරි නැති වෙන්න පුලුවනි. නමුත් අඩුම තරමින් යම් කිසි තෝරා ගැනීමකට ලක්වූ පොත් නිසා වැදගත් වේවි කියා හිතනවා.

    2009 රාජ්‍ය සාහිත්ය සම්මානිත සහ නිර්දේශිත පොත්
    නිර්දේශිත නවකතා

    හොඳම නවකතාව - පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක
    බොරතෙල්බ - ටුවන්ගල රාහුල හිමි
    අන්ධකාර තාරකාව - කරුණාදාස සූරියආරච්චි
    එපුර රජ වූ ඇය - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
    සත්‍යකාම - කැත්ලින් ජයවර්ධන

    සම්මානිත පොත්

    හොඳම නවකතාව - පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක
    හොඳම කෙටි කතා සංග්‍රහය - ආචාරි සීයා දුටු දිදුලන සිහිනය - පියල් කාරියවසම්
    හොඳම කාව්‍ය සංග්‍රහ මාරියාව - අජිත් තිලකසේන සහ මගේ කොළඹට හඳ පායයි - එරික් ඉලෙයප්පආරච්චි
    හොඳම පරිවර්තන නවකතාව - ඔබ්ලමෝව් - ආනන්ද අමරසිරි
    හොඳම කෙටිකතා සංග්‍රහය (පරිවර්තන) - සොඳුරු සිතුවම් - චන්දන මෙන්ඩිස්
    හොඳම ගීත සංග්‍රහය - විසිතුරුය රෑ අහස - මහාචාර්ය සුනිල් ආරියරත්න
    හොඳම නාට්‍ය ග්‍රන්ථය (පරිවර්තන) - චරන්දාස් සහ චරන්දාස් හොරා - පරාක්‍රම නිරිඇල්ල
    හොඳම ළමා සාහිත්‍ය කෘතිය - රජ ගොනා - අරිසෙන් අහුබුදු
    හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය - නිධාන කැලේ අභිරහස - දිනේෂ් ගුණතිලක සමරවික්රම
    හොඳම විවිධ විෂය ශාස්ත්‍රය කෘතිය - ලග්ගල ජනවහර - කේ.බී. මානෑව, බුදුසමය හා පාප සංකල්පය - ගැමුණුපුර සෝමවංශ හිමි
    හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථය (පරිවර්තන) ක්‍රිස්ටීන් ස්පිට්ල්ගේ මතක සටහන් - ප්‍රේමචන්ද්‍ර අල්විස්,

    2009 ස්වර්ණ පුස්තක සම්මානිත සහ නිර්දේශිත නවකතා

    හොඳම නවකතාව - පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක
    බොරතෙල්බ - ටුවන්ගල රාහුල හිමි
    අන්ධකාර තාරකාව - කරුණාදාස සූරියආරච්චි
    එපුර රජ වූ ඇය - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
    සත්‍යකාම - කැත්ලින් ජයවර්ධන

    2010 රාජ්‍ය සාහිත්ය සම්මානිත පොත්

    හොඳම නවකතාව - කන්දක් සේමා - සුමිත්‍රා රාහුබද්ධ
    හොඳම යොවුන් නවකතාව - සොර නැව බිල්වුණු සුනාමිය - රංජිත් ධර්මකීර්ති
    හොඳම කෙටිකතා සංග්‍රහය - මුවා මැරූ සලටන් - නිශ්ශංක විජේමාන්න
    හොඳම පරිවර්තන නවකතාව - ජොආනා - බිඳීගිය ඉරාකයේ කුර්ද් ජාතික පෙම්වතියගේ කතාව - කුමාර සිරිවර්ධන
    හොඳම කාව්‍ය සංග්‍රහය - රැය කරා ගමන - නන්දන වීරසිංහ
    හොඳම ගීත සාහිත්‍ය කෘතිය - වසත් කාලය - රවි සිරිවර්ධන
    හොඳම ළමා සාහිත්‍ය කෘතිය - එකමුතු ගීතය - ඩී. සුභාෂිණි ගොඩගේ
    හොඳම ස්වතන්ත්‍ර විවිධ විෂය (ශාස්ත්‍රීය) - ලේකම් මිටි විමර්ශනය - ආචාර්ය එච්. ඒ. පී. අභයවර්ධන
    හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය ග්‍රන්ථය - සුදු රෙදි හොරු - ජයලත් මනෝරත්න
    හොඳම පරිවර්තන කෙටිකතා සංග්රහය - මගේ පුංචි කුමරිය - අනිල් පෙරේරා

    හොඳම පරිවර්තන ශාස්ත්‍රීය කෘතිය සඳහා ත්‍යාග හා සම්මාන තුනකි.
    1. වැද්දෝ - චන්ද්‍ර ශ්‍රී රණසිංහ
    2. සාහිත්‍ය විචාර රචනා - මහාචාර්ය ඒ. වී. සුරවීර
    3. සිංහල ගී කාව්‍ය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ බලපෑම - මහාචාර්ය රෝහිණී පරණවිතාන
    හොඳම පරිවර්තන නාට්‍ය කෘතිය යුර්පිඩීස්ගේ ඇල්කීස්ටිස් - ආචාර්ය චන්දිමා එස්. එස්. එම්. වික්‍රමසිංහ

    2010 ස්වර්ණ පුස්තක සම්මානිත සහ නිර්දේශිත නවකතා

    හොඳම නවකතාව - කන්දක් සේමා - සුමිත්‍රා රාහුබද්ද
    ගති වියමනක්ච - න්ද්‍රා ජයතුංග
    මාගම් සෝලිය - සුමිත් නානායක්කාර
    බුද්ධදාසි - සුනේත්‍රා රාජකරුණානායක
    කළු දෝංකාරය - කරුණාදාස සූරියආරච්චි
    දුටිමි නෙතිත් කසුප් නිරින්ද - රයානි ඒකනායක
    කළු - තාරකා වාසලමුදලිආරච්චි
    වලා යටින් මිහිමඬලට - මහින්ද රත්නායක
    දෙදහස් විසිහයේ මහල්ලා - උපාලි උබයසේකර
    ස්වාජනා - තිලක් ජයරත්න
    අපේ රාලලාගේ දේශය - සෝමවීර සේනානායක
    පරමානන්දය - සරත් විජේසූරිය
    භවාන්තරය - ටෙනිසන් පෙරේරා
    රෝසමාලි - ශමෙල් ජයකොඩි

    2011 රාජ්‍ය සාහිත්ය සම්මානිත පොත්

    හොඳම නවකතා ජයතිලක කම්මැල්ලවීර - චුම්බන කන්ද, සුනේත‍්‍රා රාජකරුණානායක - කවිකඳුර
    හොඳම ස්වතන්ත‍්‍ර කෙටි කතා සංග‍්‍රහය - සිරදඬුවම - අභයවංශ දේවප‍්‍රිය
    හොඳම කාව්‍ය සංග‍්‍රහය - හිරුත් හිම පියල්ලක - මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල
    හොඳම සිංහල ළමා සාහිත්‍ය කෘතිය - පරණ තොප්පිය - - පියල් උදය සමරවීර
    හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය- සේමියානු කාන්තාව- මහාචාර්ය මර්ලින් පීරිස්
    හොඳම පරිවර්තිත කෙටි කතා සංග‍්‍රහය-මුතු ඇටය - චන්දන මෙන්ඩිස්
    හොඳම පරිවර්තන නවකතාව- අභිරහස් - ආනන්ද අමරසිරි
    හොඳම පරිවර්තිත ශ‍්‍රාස්ත‍්‍රිය කෘතිය-සත්ව සහ ශාක විහේෂයන්ගේ සම්භවය-පසන් කොඩිකාර
    හොඳම ස්වතන්ත‍්‍ර ශාස්ත‍්‍රීය කෘතිය-සීගිරිය-මහාචාර්ය සිරිගුණසිංහ
    හොඳම යොවුන් නව කතාව-එයා හරි අපූරු ළමයෙක්පි - යදාස වැලිකන්න
    හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍ය ග‍්‍රන්ථය-ජගන්මා-කේ.බී. හේරත්
    හොඳම ළමා සාහිත්‍ය කෘතිය (ඉංග‍්‍රීසි) ද ඩියෝබියන්ඩි ප‍්‍රින්ස්-සිබිල් වෙත්තසිංහ

    2011 ස්වර්ණ පුස්තක සම්මානිත සහ නිර්දේශිත නවකතා

    සක්කාරං - චම්මින්ද වෙලගෙදර
    කවිකඳුර - සුනේත්‍රා රාජකරුණානායක
    චුම්බන කන්ද – ජයතිලක කම්මැල්ලවීර
    සමාරෝපණය – චන්ද්‍රසිරි පල්ලියගුරු
    දඟර තරප්පුව - සුනන්ද මහේන්ද්ර
    ලලිත සමය – එරික් ඉලයප්ආරච්චි
    රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා – පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි
    කළුවරයි පුරහඳ – අනුරසිරි හෙට්ටිගේ
    බාබ්ලි – දයා දිසානායක
    මිථ්‍යාදෘෂ්ටිකයා – උපාලි උබයසේකර
    පියාපත් ලද දෝණි - ශමෙල් ජයකොඩි
    ගිරග සසල විය – දර්ශනා ශම්මි විජේතිලක

    2012 රාජ්‍ය සාහිත්ය සම්මානිත පොත්

    හොඳම නවකතාව - නයිගලින් උපන් පුත්‍රයෝ - බටුවංගල රාහුල හිමි
    හොඳම කෙටිකතා සංග්‍රහය - සිංහබාහු එනකන් - අනුරසිරි හෙට්‌ටිගේ
    හොඳම කාව්‍ය සංග්‍රහය - ඇහැළ ඇමතුමකට ඇහැරෙමි - මංජුල වෙඩිවර්ධන
    හොඳම පරිවර්තන නවකතාව - අසම්මත මිනිසකුගේ සටහන් - ආනන්ද අමරසිරි
    හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහය - කන්‍යා සොයුරියකට පෙම් බැඳ - ගුණතිලක මැටියගනේ
    හොඳම පරිවර්තන ශාස්‌ත්‍රීය කෘතිය - මගේ දිවි සැරිය - චූලානන්ද සමරනායක
    හොඳම යොවුන් නවකතාව - කොළඹ ළමයි - අනුරසිරි හෙට්‌ටිගේ
    හොඳම ළමා සාහිත්‍ය කෘතිය - අහස්‌ගමට ගිය පුංචි සිත්තරා - තනුජා එන්. අයගමගේ
    හොඳම ස්‌වතන්ත්‍ර නාට්‍ය කෘතිය - මාඝාත - අශෝක හඳගම
    හොඳම පරිවර්තන නාට්‍ය කෘතිය - පුත්‍ර සමාගම - ප්‍රසන්න විතානගේ
    හොඳම විද්‍යා ප්‍රබන්ධය - මං නිට්‌ටෑවෙක්‌ - මනෝඡ් ප්‍රසන්න රත්නායක

    2013 රාජ්‍ය සාහිත්ය සම්මානිත පොත්

    හොඳම සිංහල නවකථාව - සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
    හොඳම සිංහල කෙටි කතා සංග්රහය - මිත්තණියෝ - පියසීලි විජේමාන්න
    හොඳම සිංහල කාව්‍ය සංග්රහය
    01. ගිරිහිස තරණය - සුහාර්ෂණී ධර්මරත්න
    02. කන්‍යා දියවරට එළඹ - සුනන්ද කරුණාරත්න
    හොඳම සිංහල ගීත සාහිත්‍ය කෘති - නිකිණි වැස්ස - රත්න ශ්‍රී විජේසිංහ
    හොඳම සිංහල යොවුන් නවකතාව - අලි පෑලැස්ස - දිනේෂ් ගුණතිලක සමරවික්රම
    හොඳම සිංහල ළමා සාහිත්‍ය කෘතිය - කිරිහාමි - සිබිල් වෙත්තසිංහ
    හොඳම සිංහල ස්වතන්ත්‍ර විවිධ විෂය(ශාස්ත්‍රීය) කෘතිය - සිංහල ධාතු වංශය - එම්.ඩබ්.විමල් විජේරත්න
    හොඳම සිංහල පරිවර්තන නවකතාව - පේද්රෝ පරාමෝ - ධර්මසේන පතිරාජ
    හොඳම සිංහල පරිවර්තන කෙටිකතා සංග්‍රහය - වීණා වාදකයා - චන්දන මෙන්ඩිස්
    හොඳම සිංහල පරිවර්තන නාට්‍ය කෘතිය - දවස තාම ගෙවුනේ නෑ - එස්.කරුණාරත්න
    හොඳම සිංහල පරිවර්තන ශාස්ත්‍රීය කෘතිය - බුදුරදුන්ගේ පියසටහන් - අභය හේවාවසම්

    2013 ස්වර්ණ පුස්තක සම්මානිත සහ නිර්දේශිත නවකතා

    කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග
    තැප්පාසේම ගිනි - සමරවීර විජේසිංහ
    සෙංකොට්ටං - මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල
    කාල සර්ප - කීර්ති වැලිසර
    අත අත නෑර - සුමිත‍්‍රා රාහුබද්ධ

    2014 රාජ්‍ය සාහිත්ය සම්මානිත පොත්

    හොඳම නවකතාව - කාල නදී ගලා බසී - නෝර්බට් අයගමගේ
    හොඳම කෙටි කතා සංග්‍රහය-කියනු මැන දිවි අරුත -ගුණදාස අමරසේකර
    හොඳම ගීත සාහිත්‍ය කෘතිය -ඉස්සර විදියට සමග කොපර කොපර පිපිඤ්ඤා-අමරසේන කංකානම්ගේ
    හොඳම කාව්‍ය සංග්‍රහය- හැටේ වත්තේ මග්ගලේනා-සෞම්‍ය සඳරුවන් ලියනගේ
    හොඳම ළමා සාහිත්යය
    පළමු කාණ්ඩය-කල්පනාව නැතිවෙලා - සමරකෝන් පතිරාජ
    දෙවැනි කාණ්ඩය- මුහුද සහ දොණි- තනුජා එම් අයගම
    හොඳම විද්‍යා සාහිත්‍ය - මිගුම් සහ තවත් විද්‍යා ප්‍රබන්ධ කතා -ප්‍රේමචන්ද්‍ර රූපසිංහ
    වසරේ හොඳම යොවුන් සිංහල සාහිත්‍ය කෘති - සටනක් මැද සටනක් -ගුණසේකර ගුණසෝම
    පරිවර්තන -නාට්‍යය- හැමෝටම වැරැදිලා - බන්දුල විතානගේ
    හොඳම පරිවර්තන- පද්‍ය - රතු රෝස නිල් රෝස - පරාක්‍රම කොඩිතුවක්කු
    හොඳම නව කතාව පරිවර්තන
    සිංහල - ශ්‍රීමතී -ආනන්ද අමරසිරි
    ඉංග්‍රීසි- කලියුගය - රංග වික්‍රමසිංහ
    හොඳම විශේෂ කෘති - ලංකාවේ ගැමි ජනකතා - චන්ද්‍ර ශ්‍රී රණසිංහ

    2014 ස්වර්ණ පුස්තක සම්මානිත සහ නිර්දේශිත නවකතා

    කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති
    තාරා මගේ දෙව්දුව - නිශ්ශංක විජේමාන්න
    මරියා සිලෝනිකා වස්තුව - පී.බී.ජයසේකර
    කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ
    පාද යාත්‍රා - එරික් ඉලයප්ආරච්චි
    සෞම්‍යා ‍ලෝකය - සුනේත්‍රා රාජකරුණානායක
    ලොවීනා - මොහාන් රාජ් මඩවල
    මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන
    ප්‍රින්ස්ජ - යතිලක කම්මැල්ලවීරගේ
    දණ්ඩ භූමි - ටෙනිසන් පෙරේරාගේ

    2015 රාජ්‍ය සාහිත්ය සම්මානිත සහ නිර්දේශිත පොත්

    විවිධ විෂයක කෘති
    දේශීය සිනමා වංශය - ගාමිණී වේරගම
    මහතලා ජනවහර - කේ.බී.මානෑව
    බලය සහ බලය - චම්පික රණවක
    යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කට් - බන්දුපාල ගුරුගේ
    ළමා සාහිත්‍ය කෘති I
    හුළං අරන් ගිය අත්තටුව - ජානකී සූරියආරච්චි
    උගුල - අරීසෙන් අහුබුදු
    රන් රාළගේ යාළුවා - සිබිල් වෙත්තසිංහ
    ළමා සාහිත්ය කෘති I I
    විකුම්ගේ ලෝකය - ජනකී සූරියආරච්චි
    පොල්පිති හරකා - රත්න ශ්‍රී විජේසිංහ
    සඳමලීට යාළුවෙක් - මැණිකේ නවරත්න
    පරිවර්තන නවකතා
    නොසන්සිඳි මාවත - කුමාර පෙරේරා
    මේ මිනිසෙකු නම් - ගාමිණී වියන්ගොඩ
    යශෝධරා - ආනන්ද අමරසිරි
    පරිවර්තන කෙටිකතා
    ඉන්දියානු ආදර කතා - ජයතිලක කම්මැල්ලවීර
    ආදර කැදැල්ල - චන්දන මෙන්ඩිස්
    වීරයෙකුගේ පාපෝච්චාරණය - ඩිල්මා කුමාරි කොග්ගලගේ
    ආශ්‍රමය සහ තවත් ඉන්දියානු කෙටිකතා - බොබී ජී. බොතේජු
    පරිවර්තන පද්ය
    වැලි සහ පෙණ - මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි
    සුසුම් සුළං වේ සුළඟටම මුසුවෙනා - ඉන්ද්‍රානි රත්නසේකර
    මධුශාලා - ආනන්ද අමරසිරි
    පරිවර්තන නාට්ය
    අසිනමාලි - පූජිත ද මෙල් / නදී කම්මැල්ලවීර
    ඔතෙලෝ - ටෝනි රණසිංහ
    අන්ධකාරයට ගමනක් - සුනේත්‍රා කංකානම්ගේ
    පරිවර්තන විවිධ විෂය - ශාස්ත්‍රීය හා පර්යේෂණ
    රළ - මාලනී ගෝවින්නගේ
    මට මතක ගම - පද්මා ගුණසේකර
    අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය - උදිත අලහකෝන්

    2015 ස්වර්ණ පුස්තක සම්මානිත සහ නිර්දේශිත නවකතා

    රන් කරඬුව - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි විසින් රචිත
    බණ්ඩර මැරූ උන්සේ - සේන තෝරදෙණිය ලියූ
    මහාසාමි - සේපාලි මායාදුන්නේ ලියූ
    බැඳමාරිය - අනුරසිරි හෙට්ටිගේ ලියූ
    තුරු සමුදා - සුමිත්‍රා රාහුබද්ධ ලියූ

    2016 රාජ්‍ය සාහිත්ය සම්මානිත සහ නිර්දේශිත පොත්

    ස්වතන්ත්‍ර කෙටිකතා
    ගම්මිරිස් කාංචනා අමිලානි
    කූඹියා නම් ඩොලැක්ක වාදකයා කමල් පෙරේරා
    දුකින් තැවෙන දන පී.බී.ජයසේකර
    හිරු සදිසි පියවරු වසන්තා නිල්මිණි ඉලේසිංහ
    අහසයි පොළොවයි අබේවංස දේවප්‍රිය
    දිමියා අනුරසිරි හෙට්ටිගේ
    පෙම් සිහින රන්ජිත් ධර්මකීර්ති
    සීරුවෙන් ආපස්සට කරුණා පෙරේරා
    මෝනාලිසාට රැවුලක් එරික් ඉලයප්ආරච්චි
    ප්‍රතිමාවක් සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් ලක්ෂ්මන් කොඩිතුවක්කු
    ස්වතන්ත්‍ර ගීත සංග්‍රහ කෘති
    සිංහලයකු වී ඉපදීමෙන් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
    ඊළඟ වස්සානේ යමුනා මාලනී පෙරේරා
    මල් මාවතේ කුමාරදාස සපුතන්ත්‍රී
    ස්වතන්ත්‍ර නවකතා
    පාටක් නැති පාටක් කරුණා පෙරේරා
    දූල්වල අලංකාරය සුමුදු නිරාගී සෙනවිරත්න
    අසන්ධිමිත්තා සමන් වික්‍රමාරච්චි
    වලාකුළු බැම්ම චන්ද්‍රරත්න බණ්ඩාර
    පරදේසි එරික් ඉලයප්ආරච්චි
    සැප්තැම්බරයේ දිග දවසක් කපිල කුමාර කාලිංග
    අහම්බකාරක ලියනගේ අමරකීර්ති
    හිතුවක්කාරි එච්.බී.ගුණරත්න
    අවලමා සහ ඇහැටුව පී.බී.ජයසේකර
    ස්වතන්ත්‍ර පද්‍ය කෘති
    නැති වුණු දෙවිවරු එරික් ඉලයප්ආරච්චි
    නැණසිලුමිණ නම් උමන්දානන්දය දර්ශන රත්නායක
    නිහඩව ගලන මේ ගඟ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
    මම ද ප්රේමවන්තයෙක්මි විරාජ් කරුණානන්ද
    සුදු වත ඇදි කෙකිනිය සුහර්ෂණී ධර්මරත්න
    සිහින සක්මන ධම්මික බණ්ඩාර
    කාව්‍ය රූපාවාලිය විපුලි නිරෝෂිණී
    එලඹෙන අගෝස්තුව අජිත් තිලකසේන
    සඳගිර පාමුල රත්න ශ්‍රී විජේසිංහ
    තීර්ථය අසබඩ බුද්ධදාස ගලප්පත්ති
    රැය විදිමි ; නොවිදිමි ධනුෂ්ක එදිරිවීර බණ්ඩාර
    එහෙටත් වහින වැහි සඳුන් ප්‍රියංකර විතානගේ
    පරිවර්තන කෙටිකතා
    දුම්රිය සංඥාව එප්පාවල දිනුක මදුෂාන්
    කැදැලි බිදී ගිය පසු උපාලි ලීලාරත්න
    වියරු ආදරය උපාලි කන්නන්ගර
    මුදු හද ඇති ළඳ චන්දන මෙන්ඩිස්
    අවසන් නොවූ කතාබහක් මොහාන් ශ්‍රියන්ත ආරියවංශ
    දුරාචාරය සමරසිංහ ගුණසේකර
    විරාගිනීන් ගේ සැබෑ කතා සහ චෙකොව් ගේ කෙටිකතා ඩබ්.එස්.බණ්ඩාර
    පරිවර්තන නවකතා
    එමා ජී.ඒ.නාලිනි
    ඉස්කෝලෙ මහත්තයා මහා. උපුල් රංජිත් හේවාවිතානගමගේ
    සෙනෙහසේ දෝංකාරය අසෝකා ඇම්.හේරත්
    කඳුකරය දෝංකාර දුනි ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද
    හිරු නැඟෙන රටේ පෙම් පුවතක් සිරිල් චන්ද්‍රෙස්කර ගුණවර්ධන
    හඩන්න ප්‍රියාදර මාතෘ භූමී රාණිසේනාරත්න රාජපක්ෂ
    ඉසිවර වෙදමැදුර ගුණතිලක මැටියගනේ
    මංසලේ සොඳුරිය ඊ.දයානන්ද සිල්වා
    මම ඔබ සොයමි සුමිත්‍රා රාහුබද්ධ
    චයිනමන් දිලීප අබේසේකර
    පරිවර්තන නාට්‍ය කෘති
    ගෝඩ්සේ@ගාන්ධීගකොම් මහා.උපුල් රංජිත් හේවාවිතානගමගේ
    ස්වප්නවාසවදත්තා වෝල්ටර් මාරසිංහ
    ජනතාද්‍රෝහියා විජිත ගුණරත්න
    කුරිරු අඳුර සමන් පුෂ්ප ලියනගේ
    මධු සාදය මර්ලින් පීරිස්
    එව බලව ඊ.එම්.ඩී උපාලි

    පරිවර්තන විවිධ / පරිවර්තන ශාස්ත්‍රීය හා පර්යේෂණ

    සිංහල සමාජයේ කුල ක්‍රමය චන්ද්‍ර ශ්‍රී රණසිංහ
    ෂැංහයිහි ජීවිතය සහ මරණය භද්‍රජි මහනිද ජයතිලක
    අමිල මුතු ඇටය විමලසේන විතානපතිරණ
    දශභූමික සුත්රය පුජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි
    කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය සී. ගැස්ටින් පෙරේරා
    ජීවක ජීවන චාරිකා ඩී.එස්. දයාරත්න
    ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘති
    මේ නිවාඩු කාලයයි සෝමරත්න වෛද්‍යරත්න
    රන් වැල්ලේ ආශ්චර්යය අනුර පද්මසිරි දිසානායක
    දං හිඹුටු අලි සහ පුංචි ළමයි ඒ.බී.ජේ. අත්තනායක
    බංගලා වත්ත ධවල සක්විති තිරනාගම
    අකලට ආ ඉස්කෝලේ ගුණසේකර ගුණසෝම
    සැඟවුනු ලෝකය ආරියනන්ද දොඹවත්ත
    සුව සෙවණට ගිය යසසී හේමා චන්ද්‍රිකා ලියනගේ
    විවිධ විෂයක ග්‍රන්ථ (විද්‍යාව,සමාජ විද්‍යා විමර්ශන )
    අධිකරණ විද්‍යව හා අපරාධ විමර්ශන ආචාර්ය ම.ආ.ජ. මැන්දිස්
    බුදුසමය සහ අපරාධ විද්‍යාව පාතේගම ඤාණිස්සර හිමි
    විවිධ විෂයක ග්‍රන්ථ (කලා ශිල්ප අධ්යයන)
    චෙකොෆ් නාටක අනන්‍යකරණය ආරියරත්න විතාන
    අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ නුවන් නයනජිත් කුමාර
    ශ්‍රී ලාංකේය විකල්ප නාට්‍ය කලාවේ ප්‍රවණතා මංගල සේනානායක
    ලාංකේය සිනමාවේ සුසමාදර්ශ මාරුව හිනිදුම සුනිල් සෙනෙවි
    සුනිල් සාන්ත සුනිල් ආරියරත්න
    විවිධ විෂයක ග්‍රන්ථ (මානව ශාස්ත්‍ර අධ්යයනය )
    බෞද්ධ දර්ශනය තුලින් සදාචාර අධ්‍යාපන ප්‍රවර්ධනය සිල්වි සේනාධීර/එන්.ටී.එස්.ඒ. සෙනාධීර
    ප්‍රත්‍යවේක්ෂණ ලිපි මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
    අනගාරික ධර්මපාලතුමාගේ සමාජ මෙහෙවර සේපාල මායාදුන්නේ
    බුදුවරු සහ බෝසත්වරු මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන
    අප්‍රිකාව මහාචාර්ය දයානන්ද සෝමසුන්දර
    ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය ඩී.එල්. අබේවර්ධන
    ශාස්ත්‍රීය හා පර්යේෂණ
    ප්‍රත්‍යක්ෂය සහ විශ්වාසය එම්.එම්.ජේ.මාරසිංහ
    දකුණු ඉන්දියාවේ ථේරවාදී බුදුදහමේ ව්‍යාප්තිය ආචාර්ය පුජ්‍ය හිඳගල ඤණාධාර හිමි
    බුද්ධිවාදී චින්තනය පූජ්‍ය නාඔටුන්නේ විමලඤාණ හිමි
    මෛත්‍රී බුද්ධ සංකල්පය ජේ.ටී. කරුණාරත්න
    මුවදෙව්දාවත සිරි තිලකසිරි
    පැරණි ශ්‍රී ලාංකේය සමාජය ජ්‍යෙෂ්ඨ මහචාර්ය මහින්ද සෝමතිලක
    පාලිමුක්තනයවිනිච්ජයසංග්‍රහ පූජ්‍ය මඩිහේ සුගත හිමි
    ස්වතන්ත්‍ර නාට්‍ය කෘති
    හිනාවෙලා මිනිත්තුවක් අඛිල සපුමල්
    මට එරෙහිව මම පියල් කාරියවසම්
    ගමේ රාළහාමි රෝහණ බැද්දගේ
    ළමා සාහිත්‍ය – 1 කොටස
    ඉර එළිය තනුජා එන්.අයගම
    බෝනික්කාගේ යාලුවෝ චම්මි ඉරේෂා
    බිංදු දමින්ද්‍රී කෞශල්‍යා කොළඹගේ
    කමල්ගේ හපන්කම් පී.ජයතිලක
    ඈත මෑත අරුණ කීර්ති ගමගේ
    තේක්ක නැන්දා ප්‍රීති රන්දෙනිය
    ශෛලී ප්‍රාර්ථනා සම්මානි විජේසිංහ
    සපත්තු කඩේ පාලිත ලොකුපෝතාගම
    ඈත මෑත අරුණ මාමා
    ළමා සාහිත්‍ය – 11 කොටස
    සඳමාලි සහ පුංචි ගිරා පැටියා චන්ද්‍රසේන කොඩිතුවක්කු
    සපත්තු සීයා සුනීතා විජේතුංග
    පුංචිත්තා නිශානි එරන්දිකා වික්‍රමආරච්චි
    සුමුදුමලී චන්ද්‍රිකා අඹේපිටිය
    කණාමැදිරි සිත්තරා සන්ධ්‍යා කහඳගමගේ
    පායන්න ඉඩ දෙන්න රසිකා නිරංජලා දිසානායක
    පුංචි යහළුවෝ ජේ.ඒ.කුමාරි නේරංජනා
    සුවඳ හමන මල්යායක මැණිකේ නවරත්න
    අපූරු මැණික සහ සීගිරිය ප්‍රියංකා සපරමාදු
    විහාරමහ දේවිය පද්මිණී පෙරේරා


    2016 ස්වර්ණ පුස්තක සම්මානිත සහ නිර්දේශිත නවකතා


    අහම්බකාරක – ලියනගේ අමරකීර්ති
    මාණික්කාවත – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
    කොළඹයා සහ ෂැන්හයියා – සුනේත්‍රා රාජකරුණානායක
    පරදේසි – එරික් ඉලයප්ආරච්චි
    දුල්වල අලංකාරේ – සුමුදු නිරාගී සෙනෙවිරත්න

    2017 ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතා

    සුවඳ සන්නිය - සේපාලි මායාදුන්න
    නිකිණි කලුවර - දීප්ති මංගලා රාජපක්ෂ
    නා ගච්ජති - පද්මිණී සෙනෙවිරත්න
    සප්තපර්නී - සුසන්ත මහඋල්පත
    රැජින - මොහාන් රාජ් මඩවල
    භෂ්මාවශේෂ - චන්ද්රසිරි දොඩන්ගොඩ
    ප්රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි
    අංගනා - ශාන්ති දිසානායක
    ගුරුඩ මුහුර්තය - කීර්ති වැලිසරගේ
    සිය සිය පත් සිය - සුමිත්රා රාහුබද්ද
    හඳ පලුව තනි තරුව - නිශ්ශංක විජේමාන්න
    වණ්ණ දාසී - කත්යානා අමරසිංහ

    2017 ගොඩගේ ජාතික සාහිත්ය සම්මාන නිර්දේශිත කෘති

    ප්රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි
    හඳුන් මල් කඩුල්ල - සේන තෝරදෙණිය
    ඉක්බිතිව ඔහු මරාපීහ - පී. බී. ජයසේකර
    පන්ඩක පුත්ර වස්තුව - අනුරසිරි හෙට්ටිගේ
    ගරුඬ මුහුර්තය - කීර්ති වැලිසරගේ
    අංගනා - ශාන්ති දිසානායක
    මහා කාල - චන්ද්රසිරි පල්ලියගුරු
    නගච්ඡති - පද්මිණී සෙනෙවිරත්න
    සප්තපර්ණි - සුසන්ත මහඋල්පත
    අසබැඳි සබැඳි - හංසිනී ප්රමුදිතා







    භදුජී මහින්ද ජයතිලක මහතාගේ කතාපොත් -- ශංක පොත් ප්‍රකාශන

    "කාල නදි ගලා බසි" - "අප වියපත් වුවද ප්(රේ)මය වියපත් නොවෙි" මෙකි සනාතන සත්‍යය පිළිබිඹු වන කැඩපතකි.

    දළ රළ පෙළ

    කාලාවකාශයේ සිරකරුවා - දමිත නිපුනජිත්

    ඇබේලා - මුදිතා හේරත් පරිවර්තනය

    ශ්‍රී ලංකාවේ යාචකයා - නන්දසේන රත්නපාල

    Copied my post 2017
     
    Last edited:

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔය රහසිගත ලිපිගොණු කියලා ආපු ඒවා සර්. ආතර් කොනන් ඩොයිල්ගේ පොත් නෙවෙයිනේද.
    ඩොයිල් මැරිලා අවුරුදු ගානක් වෙන කතුවරු ෂර්ලොක් හෝම්ස් ජීවත් කෙරෙව්වා නේ

    දෙන්නටම එක පාර උත්තරයක් දාන්නම්.........
    ඔව් සහ නැ...
    රහසිගත ලිපිගොනු කියන්නෙ වෙනත් කතුවරු හොම්ස් සම්බන්ද කරලා ලිවිව පොත් සහ චන්දන මෙන්ඩිස් ලියන කතා...හුගක්ම ප්‍ර්සිද්ද කතා වලට හොම්ස් ව ඔබ්බලා ලියනවා..එක හරියට දැන් කාලෙ පරන ෆිල්ම් රිමෙක් කරනවා වගේ තමා...ජෙකිල් සහ හයිඩ්,ඩ්‍රැකියුලා වගෙ පොත් වලින් ඩොයිලි ලියපු දිර්ග කතා වලට එකතුවක් දෙන්න හදන්නෙ....එවා සාර්තක නැ..මොකද එ කතා මුලදිම හිතාගන්න පුලුවන් අවසානෙ මොකද වෙන්නෙ කියලා..අනික වොට්සන් තැන් තැන් වල කියලා තියෙනවා නෙ එක එක අපරාදකාරයො ගැන..ඉතින් එවායින් හොම්ස් ජිවත් කරවන්න කරන අසාර්ථක උත්සාහයක් කියන්න පුලුවන්..එත් අපි එයාලගෙ උත්සාහය අගය කරන්න ඔනි..මොකද කියවන අපිට අපො මේක වැඩක් නැ මේක අපිටත් ලෙසි කියලා හිතුවට එක එහෙම නැ...පොතක් ලියන එක ලෙසි වැඩක් නෙමෙයි...ඊටත් වඩා ලොකෙ ජනප්‍රියම චරිතයක් අලලා ලියන එක තව අමාරුයි:D:D

    Ow :yes: eth giya awrudu tike chandana mendis liwwa katha nan sarthaka na! :baffled:

    Giya awrudde awa waraduna dadayama kiyawala epa una!
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    පොත් කියවන්න නම් එපා වෙනවා , video නම් බලල ඉගෙන ගන්නවා :)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ow :yes: eth giya awrudu tike chandana mendis liwwa katha nan sarthaka na! :baffled:

    Giya awrudde awa waraduna dadayama kiyawala epa una!

    එක විතරක් නෙමෙයි සුවපහසු නවාතැන කියන එකෙ ඉදන් එන හැම පොතම එපා වෙනවා...
    එ හැම එකකටම සමාන කතාවක් ඔර්ජිනල් කතා 64න් හොයාගන්න පුලුවන්..ඔනිම පරන කතාවක් කියන්න..මම එකෙ පදනම් උන කතාව ඔයාට කියන්නම්...:)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ශර්ලොක් හෝම්ස් විකුනගෙන කන කට්ට්ය දැන් ඉන්නේ..
    පරණ කතා වගේ නම් හරියන්නේ නැහැ අලුත් ඒවා..
    කොලොන්ඩොයිල් කරපු ඒවා විතරයි මම නම් බලන්නේ..
    මගේ ගාව කලෙක්ශන් එකක් තියෙනවා..
    කටපාඩම් වෙන්න බලලා තියෙන්නේ..
    තාම බලනවා